මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, September 7, 2019

මල්ටි කල්චරල් - ( බහු වාර්ගික විවිධත්වය ) - වෛද්‍ය රුවන් එම් ජයතුංග .....රේඩියෝ කෙටිකතා



උදේ නැගිටගත් මා අසල්වැසි ජීන්ට සුභ උදෑසනක් කීවෙමි.  ජීන් සුදු කැනේඩියානු කාන්තාවකි. ඇයගේ මුල් බිම් එංගලන්තයේ ය​.  ඇය පසුගිය වසරේ ලන්ඩනයට ගියාය​. මාගේ වම් අත පැත්තේ ඉන්නා අසල්වැසියන් අයිරීෂ් ජාතිකයන් ය​. ගෘහ මූලිකයා සෙන් පැට්‍රික් දිනයට කොළ පැහැති විශාල  ටොප් හැට් එකක් පැළඳ සිටිනවා මම දැක තිබේ. 

බල්ලා කූඩුවට දමා උදෑසන ආහාර ගත් මා බිරිඳ සමග වාහනයට ගොඩ වෙමි. මුලින්ම ඇයව ඇයගේ කාර්‍යාලයේ බස්සන මා මගේ සේවා ස්ථානයට යමි. බිරිඳ වැඩ කරන්නේ නීතීඥයන් කිහිප දෙනෙකු සමගය. ඉන් එක් නීතීඥයෙක් එස්තෝනියානු ජාතිකයෙකි. ඔහු ඉතා ප්‍රියජනක පුද්ගලයෙකි. රුසියන් වචන කීපයක් ඔහු දනියි. මෙම නීතීඥ කාර්‍යාලයේ ඉංග්‍රීසි ජාතික කෙරී සහ අයිරීෂ් ජාතික ඩන්කන්  නීතීඥයන් ලෙස​ට සේවය කරති. 

ඩොන් මිල්ස් මාවතේ ගමන් කරන මම කෝපි කෝප්පයක් බීමට ටිම් හෝට්න්ස් අවන්හලක ඩ්‍රයිව් තෘ හරහා යමි.

 " මීඩියම් කොෆී ඩබල් ඩබල්" මම කියමි. 


අවන්හලේ කවුළුව අසල සිටින්නේ ලංකාවේ ද්‍රවිඩ තරුණියකි. 1983 සරණාගතයන් ලෙස පැමිනි ඔවුන් ගේ දෙවන පරම්පරාව සමහර විට සිංහල අප කෙරෙහි සතුරු ආකල්පයකින් බලති. නමුත් මේ තරුණිය මට සිනහවකින් සංග්‍රහ කලාය​. 

1983 සරණාගතයන් ගේ දෙවන පරම්පරාවේ සමහර ළමුන් දැන් උතුරු ඇමරිකාවේ විශ්ව විද්‍යාලවල උසස් තනතුරු දරති. කලකට ඉහතදී යෝක් විශ්ව විද්‍යාලයේ පී.එච්.ඩී අපේක්‍ෂිකාවක් වූ ද්‍රවිඩ සිසුවියක් ඇයගේ තීසීසයට මගෙන් අදහස් ද ලබා ගත්තාය​. ඇයගේ තීසීසය පස්චාත්  ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (PTSD) පිළිබඳවද සාකච්චා කෙරෙන්නකි. ඇයට මුලදී මම සිංහල ජාතිකයෙක් නිසා යම් කුකුසක් තිබුනා කියා සිතමි. නමුත් මම ඇයට උපකාර කලෙමි. ලබන වසර වන විට ඇය තම ආචාර්‍ය උපාධිය නිම කරනු ඇත​.

කෝපි කෝප්පය අතට ගත් මා එය වාහනයේ කෝපි රඳවනය තුල බහා ශෙපර්ඩ් වීදිය දක්වා යමි. ශෙපර්ඩ් වීදිය කාර්‍යබහුලය.  කොණ්ඩය කපන මගේ බාබර් ඉන්නේ ශෙපර්ඩ් වීදියේය ​. ඔහු ඉරාන ජාතිකයෙකි. ඔහු තමා පර්සියානුවෙකු බව කියයි. ඉරානය යන වචනයට ඔහු කැමති නැත​.  ඔහුගේ නම රුස්බෙක් ය​. රුස්බෙක් සමරිසියෙකි . ඔහු  ටොරොන්ටෝ හි වාර්ශිකව පවත්වන ගේ ප්‍රයිඩ්  එකට යයි. ඉරානයේ සමරිසියෙකු වීම මරණ දණ්ඩනය ලැබෙන වරදකි. එහෙත් මේ රටේ කිසිවෙකු රුස්බෙක්ව සමරිසියෙකු කියා අවමානයට පත් කරන්නේ  හෝ ඔහුව හෙලා දකින්නේ නැත​. 

ශෙපර්ඩ් වීදිය හරහා ගිය මම බේ විව් මාර්ගයට අවතීර්ණ වෙමි. හැකි ඉක්මනින් යෝක් විශ්ව විද්‍යාලයේ ග්ලෙන්ඩන් කැම්පස් වෙත යාම මගේ අරමුණයි. බේ විව් මාර්ගයේදී චීන තරුණයෙක් අපරික්‍ෂාකාරීව ඔහුගේ මස්ටෑං රථය දැමූ නිසා මගේ පය තිරිංගය වෙත ගියේය​. 

චීනුන්ට ඩ්‍රයිවිං බැරිය කියා කොමඩිකාරයෙකු වූ රසල් පීටර්ස් කියයි. රසල් පීටර්ස් ඉන්දීය සම්භවයක් තිබෙන කැනේඩියානුවෙකි. ඔහුගේ විහිළු වලට මම ප්‍රිය කරමි. නමුත් ඔහුගේ සමහර විහිළු වාර්ගික ඒවාය​. 

 

මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...

මල්ටි කල්චරල්




අද කතා  මල්ටි කල්චරල් - ( බහු වාර්ගික විවිධත්වය )..........සවනට රචනා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග



ලෝකයේ බහු වාර්ගික මිනිස් සමාජයක් අර්බුද අවම ලෙස සහජීවනයෙන් ජීවත්වන අයුරු කැනඩාවේ දී  තමන්  ලැබූ  පෞද්ගලික අත්දැකීම් ඇසුරින් කල අගනා රචනයක් ........

Image result for multicultural faces with canadian flag






 කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .



වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ සම්පුර්ණ කතා එකතුව සදහා  ට්‍රාන්ස් සිල්වේනියා  Transylvania  බ්ලොග් අඩවියට යන්න .

Image result for transylvania blog ruwan m jayathunga

Image result for transylvania blog ruwan m jayathunga


විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්රවීණ ගුවන් විදුලි මාධ්යවේදී වසන්ත ලංකාතිලකයන්ට

Image result for sawana radioImage result for sawana radio

කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූ වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ තවත් කථා 


සීනි සම්බෝලය .......

කන්තෝරුවල කැපිලි කෙටිලි මැද්දේ රාජකාරි විදේශ සංචාරයකට ගිය කාර්මික නිලධාරියාගේ කතාව ......



Image result for multicultural faces

සේයාරූ - අන්තර්ජාලයෙන් - Google Images

               සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි ,

2 comments:

  1. නෑෑෑෑ !!!!!
    කැනඩාව යනු ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්.
    ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ ලොකුම ශක්තිය එහි වසඟකාරී ස්වභාවයයි.
    දොස්තර මහත්තයත් ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට වසඟවෙලා එය අව්ව වැස්ස බඳු ස්වභාවික දෙයක් ලෙස හිතන්න පෙළඹිලා. කැනඩාවේ ප්‍රධා සංස්කෘතිය ඇංග්ලිකන් ක්‍රිස්තියාකි සංස්කෘතියයි. අනෙක් සියළු සංස්කෘති ඊට පහලින්.

    යමෙක් කැනඩාව බහුවාර්ගික රටක් යැයි කියනවා නම් අරාබි රටවල් වුනත් බහු වාර්ගික ලෙස සැලකිය හැකියි.

    ReplyDelete
    Replies
    1. ඔබේ මතයට ස්තුතියි . මේ කතාවේ කිසිම ආගමක් ගැන කතාකරන්නේ නැහැ . ඒ වෙනුවට විවිධ රටවලින් කැනඩාවට සංක්‍රමණය වූ මිනිසුන් එදිනෙදා ජීවිතයේදී කැනඩාවේ මිනිසෙකුට හමුවන ආකාරය අපූරු විදිහකට දකින විදිහ ගැනයි කථා කර තිබෙන්නේ . ඔබ කථාව මුල ඉදන් අගට නිවී හැනහිල්ලේ ඇහුවොත් ඒ බව තේරේවි . මම පෞද්ගලිකව ආගම් සහ දේශපාලනය ගැන මගේ මාධ්‍ය භාවිතය තුල කථා කරන්නේ නැහැ . නැවතත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි .

      Delete