මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

ගීත .....

පුතුගේ අවුරුදු සිහිනය ....

Image result for cn tower

සීඑන් කුළුනේ මුදුනින් ලාවට සද පායලා 
දෙවැට දිගේ එරබදු මල් හිත පතුලේ තෙරපිලා
රබන් සුරල් හඩ වෙනුවට රෙගේ සින්දු කොදුරලා
අවුරුදු ඇත මේ දුරු රට අපේ හිතින් පාවෙලා

කැවුම් කොකිස් රස වෙනුවට කේක් රහට අහුවෙලා
 දිව නැමුනද හිත හැදුණද තවමත් නැහැ තේරිලා
සිරිත් විරිත් හිත ඇතුලේ තවත් සිහින බොදවෙලා
 දුවට පුතුට පෙන්වමි මම අන්තර්ජාලයේ සරා

සීඑන් කුළුනේ මුදුනින් ලාවට සද පායලා .......

අවුරුද්දේ සිත දස අත මතක අතර සැරිසරා
තරුමල් අහසේ නැගලා නේක රටා බිහිකලා
අම්මා තාත්තා වෙනුවෙන් යලිත් මතක පිබිදිලා
 හෙට උදේම කෝල් එකක් ගන්න හිතට බලකලා

සීඑන් කුළුනේ මුදුනින් ලාවට සද පායලා .......

අනුරුද්ධ වැලිගමගේ

No comments:

Post a Comment