මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Sunday, October 14, 2018

හන්තාන පාමුල , අපේ ගෙදර ආ සේකර සහ අපේ බබා බත් කෑ හැටි .......තිලකසිරි ඒකනායක ......රේඩියෝ කෙටිකතාව


මම අම්මා හා තාත්තා බැලීමට ගමේ ගිය මෑත කාලයේ දිනෙක අර බන්දේසිය එල්ලා තිබු බිත්තිය දෙසම බලාගෙන ගෙට ඇතුල් වුනෙමි. එහෙත් බිත්තිය හිස් වී තිබුණ අතර අම්මා කුස්සියේ කුමක්දෝ කරමින් සිටින හඬ ඇසිණි .

මළහිරුගේ අවසන් රැස් දහර සපුගස් මණ්ඩියට හොරෙන් අපේ සාලයට පෙරී ඇවිත් තිබුනෙන් වේවැල් හාන්සි පුටුවේ අමුත්තෙක් වාඩී  වී සිටින බව මට පෙනිණි. ඔහුගේ සාක්කුවේ තිබුන අලුත්ම පාකර් පෑනටද  හිරු රැස් කැරැල්ලක් පතිත වී තිබුනේය. ඔහුගේ අතේ තිබ්බ ත්‍රී රෝස් සිගරැට් පැකට්ටුව නිසා මගේ කුතුහලය තවත් වැඩි විය .

'මම සේකර' ඔහු සිනාසුනේය . 'එනවා කියල ආරංචි වුන නිසා මම පොඩ්ඩක් කතා කරලා යන්න හිටිය' . ඔහු නිරෝගී දසන්පෙල දක්වා ලෙන්ගතුව සිනාසුනේය. මා සිතා සිටියාට වඩා ඔහු තරුණය. කඩවසම්ය.

'වෙන්ඩ  බෑ' . මම මටම කියා ගත්තෙමි .
සේකර කියන්නේ පාකර් පෑන් එපා කියපු දුප්පත් කලකාරයෙක්නේ. අනික සංවේදී මිනිහෙක්නේ . හොඳට බොන්න ඇති. මීට වඩා දිරා ගිහින් ඉන්න එපැයි .

මගේ සිත කියෙව්වාක් මෙන් ඔහු මා ඇමතීය .

'මම ආවේ පණිවිඩයක් කියල යන්න' .
මොකක්ද ? මම ගරුසරු ඇතිව අසීමි .
'අලුත් සේකරලා හොයාගන්න කියල සමාජෙට කියන්න' .

'ඒ වුනාට ඔබ තරම් අව්‍යාජව ලියපු. බෞද්ධ දර්ශනයෙන් පදම්  වෙච්ච  ගැමි කමෙන් මටසිලිටි වෙච්ච විශ්ව සාහිත්‍යයෙන් පෝෂනයවෙච්ච කලාකරුවෙක් ඊට පස්සේ බිහි වුන් නෑනේ'.

ඔහු මහා හඬින්  හිනා වුනේය.

'හිටියා බ්‍රෑන්ඩ් වුන් නෑ . එක්කෝ උන් විසින් විනාශ වුනා නැත්නම් සමාජේ ඒ මිනිස්සුන්ගේ පොඩි අඩුපාඩුවක් ලොකුවට අරන් නොසලකා ඇරියා'.

'ඒත් ඔබට ඉතිහාසේ තියෙන්න ඕනි ප්‍රතිරුපේ?' .

'ඒකට හානියක් වෙන එකක් නෑ පුතා . මම අවංකව මිනිස්සුන්ට ආදරේ කළා . රස අඳුනා ගත්තා .හිතට එන දේ ලිව්වා. මටම තේරෙන විදිහට ඒවායින් බොහොමයක් සෞන්දර්ය අගයෙන් ඉහළයි' .

'ඒ කියලා මම අවුරුදු හතළිහකට පනහකට කලින් ලියපු පසුබිම අරන් අද නිර්මාණය වෙන දේ සංසන්දනය කරන්න යන්න එපා . අලුත් වෙන්න බලන්න' .

'සිගරට් කොලේක පිටිපස්සේ පැන්සල් කොටේකින් ලියන ඒවා විතරක් නෙවෙයි කවි'.

එහෙනම් ?

'බිස්නස් ක්ලාස් මෙනු කාඩ් එකක පිටිපස්සේත් හොඳ කවි ලියවෙන්න පුළුවන්. ඒවත් අතාරින්න එපා'.

මේ කතාව මොන තරම් බරපතලේට මට දනුනාද කියලා කීවොත් ඉක්මනටම තේ එකක් දී සේකර පිටත් කර අරින්නට ඕනෑ  කියා මම හඬ නගා අම්මා ඇමතීමි .

අම්මේ !

චීත්තයෙන් අත්ල පිසලමින් අම්මා කුස්සියේ සිට දිව ආවාය.

' අම්මේ මේ ' මම සේකර වාඩි  වී සිටි තැන අම්මාට පෙන්වීමි.

මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...

University of Peradeniya - Attractions in Sri lanka


අද කතාව තිලකසිත මතක 1

හන්තාන පාමුල , අපේ ගෙදර ආ සේකර සහ අපේ බබා බත් කෑ හැටි 

සවනට රචනා කලේ  තිලකසිරි ඒකනායක 




Image result for thilakasitha


* සේයාරූ - අන්තර්ජාලයෙන් - Google Images

කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .

සම්පුර්ණ කතා එකතුව සදහා තිලකසිත බ්ලොග් අඩවියට යන්න .

http://thilakasitha.blogspot.com

තිලක සිත

Thoughts of Tilakasiri Ekanayaka; thilakasitha@gmail.com. ජීවිත අත්දැකීම් හෝ ඇසූ දුටු දේ අනුසාරයෙන් ලියූ කෙටි කතන්දර එකතුවකි . පුද්ගල නාම,ස්ථාන නාම හා කාල වකවානු බොහෝවිට සත්‍ය ඒවා නොවේ



විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට

Image result for sawana radioImage result for sawana radio


http://sawana.ca

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 Faculty of Arts | University of Peradeniya

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.


16 comments:

  1. ෂහ් මේක මරු වැඩක්නෙ.. කියවපු blog අහන්න ලැබෙන එක අපූරු අත්දැකීමක්...

    අනුරුද්ධ ඇයි blog post වලට මාතෘකා දාන්නැත්තෙ...

    ReplyDelete
    Replies
    1. සෙන්නා මම ඔබේ අදහසට කැමතියි . මගේ තාක්ෂණ දැනුම එතරම් දියුණු නැහැ . මම කැමතියි පුළුවන් නම් රේඩියෝ කෙටිකථා , රූපවාහිනී වැඩසටහන් , කවි , ගීත වගේ ටැබ් බෙදන්න .

      Delete
    2. එහෙම නෙමේ අනුරුද්ධ මම කිව්වේ.. හැම පෝස්ට් එකකටම මාතෘකාවක් දාන්න පුළුවන් පබ්ලිෂ් කරණකොට. එතකොට ඒක බ්ලොග් රෝල් වල පෙන්වනවා.. ඔයාගේ පෝස්ට් වැටෙන්නේ එක නැතුව.. පබ්ලිෂ කරන්න කලින් post title කියන තැන ඒක දැම්මනම් හරි...

      ටැබ් බෙදන එක ගැනනම් මට අදහසක් නෑ...

      Delete
    3. සෙන්නා බොහොම ස්තුතියි ඔබේ උදව්වට . මම සියළු ලිපි වල ශීර්ෂය දැම්මා . දැන් ලස්සන ද බලන්න. ඒ වගේම වර්ගීකරණය කලා . කියවලා අඩුපාඩු ලියන්න .

      Delete
  2. Replies
    1. බොහොම ස්තුතියි . දිගටම කියවන්න . අහන්න , බලන්න . ඔබේ අදහස් ලියන්න .

      Delete
  3. වැඩේ හොදයි. ඒත් මම තාම මේක ඇහුවේ නැහැ. ජය වේවා. ටැබ්ස් බෙදන එක අමාරු කාරියක් නෙමෙයි. පොඩ්ඩක් බ්ලොගර් ඩෑෂ් බෝඩ් සෙටින්ං පැත්තේ රවුමක් ගහන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ උදව්වට . මම සියළු ලිපි වල ශීර්ෂය දැම්මා . දැන් ලස්සන ද බලන්න. ඒ වගේම වර්ගීකරණය කලා . කියවලා අඩුපාඩු ලියන්න .

      Delete
  4. මාගේ බ්ලොග් අඩවියේ තිබු කොමෙන්ටුව ඔස්සේ පැමිණියෙමි. බ්ලොග් අඩවිය ගැන කියා තිබුනත් ඔබේ බෙව් ලින්ක් එක නොතිබිමෙන් සොයාගන්නට අසීරුවුනා. බ්ලොග් සින්ඩිකේටර් වලට දැමිමෙන් වැඩි දෙනෙකුට පිවිසෙන්නට පුලුවනි. ජය වේවා......

    ReplyDelete
  5. බොහොම ස්තුතියි අනුරුද්ධ . මේ වැඩේ හොඳයි. ආයිමත් බ්ලොග් ලියන්න හිතෙනවා .

    ReplyDelete
    Replies
    1. ඔබේ නිර්මාණ වල ඇති අපූරු සහ සජීවී බවයි මෙයට එලිය දුන්නේ . ලංකාවේ ගුවන් විදුලියේ ඇති පහසුකම් තිබුණා නම් සහ පුහුණු ශිල්පීන් හිටියානම් මෙය තවත් සජීවී කරන්න තිබුනා . ඉදිරියේදී ඔබේ තවත් කතා කිහිපයක් කරන්න උත්සාහ කරනවා . ස්තුතියි .

      Delete
  6. බ්ලොග් වලට මෙහෙම පණ දෙන්න පුළුවන් නම් මොනවා කරන්න බැරිද ? මේක ඒතරම් වටිනවා . බොහොම ස්තුතියි !

    ReplyDelete
    Replies
    1. ඔබේ ආරාධනාව එව්වා . අවසර දුන්නොත් කතා 2 ක් විතර කරලා බලන්නම් .

      Delete