මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, January 30, 2021

ටක් .... ටක්.... ටක් .....අනුරුද්ධ වැලිගමගේ......

Cuckoo Clock Sale Wall Clock With Bird Sound Coo Coo Clocks In ...

හිරුද එබෙනවා ටක් ......ටක්... ටක්..

 කුකුළා හඩලයි ටක් .... ටක් ... ටක්...

පාසැල් යන්නට වෙලාව හරි දැන්

 නැගිටින් ළමුනේ ටක් .... ටක් .... ටක්...

 

මුහුණ දොවනවා ටක් ..... ටක් .... ටක්...

 දතුත් මදිනවා ටක්.... ටක්.... ටක්....

විගහට , හනිකට ලෑස්ති වෙන්නකො

අකුරු කරන්නට ටක් .... ටක් .... ටක්..

 

අත හැඩකරනා ටක් ..... ටක් .... ටක්

තත්වය රකිනා ටක් ..... ටක් .... ටක්

රටින් රටට යන අරුමැකි මෙහි හඩ

දිගටම දිගටම ටක් .... ටක්.... ටක් ....

 

බිත්තියේ එල්ලෙයි ටක් .... ටක්.... ටක් .

 හඩදී හඩලයි ටක් ....ටක් ....ටක් ....

හැමටම වෙලාව හරියට කියනා

කවුදැයි කියමුද ටක් .... ටක්.... ටක් .....

 

අනුරුද්ධ වැලිගමගේ 


Polygonal Dial Design Watch For Women's Luxury Fashion - Leather ...

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

 Group of Vintage Alarm Clocks | Cottone Auctions

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.


Saturday, January 23, 2021

කැනඩාව බේරාගන්න කිලෝමීටර් 32 ක් පයින් ඇවිද ගිය වීර කාන්තාව එක්ක නයගරා ආශ්රිත සංචාරක ස්ථාන බලමුද ?

 

නයගරා ඇල්ල වටේ රවුමක් යමු 2.

ඇමෙරිකානු දේශසීමා මායිමේ තියෙන හින්ද නයගරා කලාපය නිතර ඇමෙරිකානු ආක්රමණ වලට ගොදුරු වෙලා තියෙනවා . අතරෙ 1812 වූ යුද්ධය ඉතිහාසගතයි . ඇමෙරිකාවට පරාජය ගෙනදෙමින් බ්රිතාන් පාක්ෂිකයින්ට ජය අත්වූ යුද්ධයේ තීරණාත්මක සාධකයක් ලෙස සැලකෙන්නේ ඇමෙරිකානු ආක්රමණය ගැන තොරතුරු බ්රිතාන් පක්ෂපාති හමුදාවට ලබාදීමට දිවි පරදුවට තබා Laura Secord නම් කාන්තාව පයින්ම ඇවිද ගිය කිලෝමීටර් 32 ක් දුර ගමන. එදා එය එතරම් අගය නොකෙරුණත් පසුකාලීනව ඇගේ මෙහෙවර කැනඩාව සිහිපත් කර තිබෙන්නේ බොහෝ දෑ කරමින් . Laura Secord chocolates නම ජනප්රිය කරන්නටත් හේතු වූ බව කිවයුතුයි .

Laura Secord  නිවහන

Laura Secord වීරවරිය විසූ නිවහන වර්තමානයේ කෞතුකාගාරයක් ලෙස සංරක්ෂණය කර තිබෙනවා . කාලයේ ඇදුම් ඇදගත් නියාමකවරියන් විස්තර ඉදිරිපත් කරන   නිවසේ කාලයේ භාවිතා වූ බඩු මුට්ටු දැකගන්න පුළුවන් . වෙලාවක් තියෙනවා නම් කාලයේ මුද්රණ කටයුතු බලන්න Mackenzie Printery එකටත් ගොඩ වැදෙන්න පුළුවන් .

Old Fort Erie

1812 දී ඉතිහාසය ප්රතිනිර්මාණය කෙරෙන මෙතැන අධ්යාපනික සහ ඉතිහාසගත වටිනාකම හරි ඉහලයි . ගිම්හාන කාලයේදී ගියොත් කාලයේ යුද්ධයක් බලන්නට පුළුවන් හොද බලකොටුවක් විදිහට මේක හදුන්වන්න පුළුවන් .

Butterfly Conservatory

නයගරා උද්හිද උද්යානයේ කොනක ඇති මේ සමනළ සංරක්ෂණාගාරය කවුරුත් ආසකරන අපුරු තැනක් . අත්වල ඇගේ වහන පාට පාට සමනල්ලු එක්ක ඉන්නකොට කාලෙ යනව දැනෙන්නෙත් නැහැ .

Whirlpool Aero Car

1916 දී ඉංජිනේරු Leonardo Torres Quevedo තැනු මේ පැරණි කේබල් කාර් එක නයගරා ගග හරහා හතර වතාවක් ඇමෙරිකානු - කැනඩා දේශසීමා තරණය කරනවා . හැම අවුරුද්දකම අප්රේල් - නොවැම්බර් කාලවලදී මෙය ක්රියාත්මක වෙනවා.

Floral Clock

1950 දී ඉදිකරන ලද මේ සුවිසල් මල් ඔරලෝසුව අඩි 40 වටප්රමාණයකින් යුක්තයි . අවුරුද්දකට දෙවතාවක් පැලවර්ග මාරු කරමින් ඔබට දකින්නට ලැබෙන මෙහි 16,000- 20,000 ක් තරම් විවිධ මල් වර්ග සිටුවා තිබෙනවා . සෑම පැය කාලකට වරක් ලන්ඩන් වෙස්මිනිස්ටර් ඔරලෝසුවේ හඩින් නාදවන මෙය නයගරා ප්රදේශයේදී

බලන්නට වටින තැනක් . නයගරා උද්හිද උද්යානයේ කොනක ඇති මෙහි ඔරලෝසුවේ ක්රියාකාරීත්වය භාරව ඇත්තේ ළගම තියෙන බලාගාරයේ නිලධාරීන් .

Marineland

1961 දී John Holer විසින් පටන් ගත් මේ විනෝද උද්යානය බාල , තරුණ , මැදිවියේ හැමට විවිධ ක්රියාකාරකම් ඇති Theme park  එකක් වන මෙහි Dolphin, Walrus, Sea-lion සංදර්ශනය කදිම එකක්.

Niagara Botanical Garden



නයගරා උද්හිද උද්යානය අවුරුද්දේ එක් එක් කාලවලදී වෙනස් ලස්සනක් ඇති තැනක් . අවුරුදු 100 කට කිට්ටු ඉතිහාසයක් ඇති මෙහි රෝස වර්ග පමණක් 2400 කට වඩා තිබෙනවා .


Niagara On the Lake

මිදි වත්තක , වයින් නිෂ්පාදනාගාරයක, ලැවැන්දරා  මල් වත්තක  කදිම අත්දැකීමක් ලබන්නට නම් නයගරා ඇල්ලේ ඉදන් ටිකක් ඉහලින් තියෙන මේ නගරය කදිම තැනක් .

පොදුවේ ගත්තාම නයගරා ඇල්ල ආශ්රිත ප්රදේශය සැමදා සංචාරකයින්ගෙන් පිරී තිබෙනවා . එහි ප්රධාන වීදිය , Clifton Hill දිවා රෑ සංචාරකයින්ගෙන් අඩුවක් නැහැ . ඉටි රූප කෞතුකාගාර ,Haunted houses, Farris Wheel ඇතුළු විනෝදාත්මක අංග රැසක් එහි තියෙන්නේ Casino,Water park වලට අමතරවයි .

රාත්රියට විවිධ පාටැති විදුලි ආලෝක ධාරා වලින් දියඇල්ල වර්ණවත් වූ විට හරිම හැඩයි . ගිම්හාන සති අන්තවල රාත්රියට ඇති Fireworks හැඩ වැඩි කරනවා . ටිකක් වැඩියෙන් වියදම් කරන්න පුළුවන් නම් ඔබට හෙලිකොප්ටර් චාරිකාවකින් නයගරා ඇල්ලත් අවට අසිරියත් බලන්න පුළුවන් ,

තවත් ගමනකින් ඊළග මාසයේදී හමුවෙමු .

සටහන   අනුරුද්ධ වැලිගමගේ  

සේයා රූ - හෙසදි වැලිගමගේ

                අන්තර්ජාලයෙන්  Google Images

කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2019 නොවැම්බර් කලාපයේ පලවිය .


විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට 

Canadian Minority Media Database | Dasatha


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියිසිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයිසමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි