මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, October 27, 2018

ශාන්ත ලෝරන්ස් ගග දිගේ ප්‍රංශ සංස්කෘතිය සොයා ..........

Image result for old quebec city ferry

ප්රංශයේ සංස්කෘතිය හා  කලාව  ගැන මුළු මහත් ලෝකයේම ඇත්තේ ප්රසාදජනක හැගීමක් . කලාකාමී , විනෝදබර  ප්රංශයට නෑකම් කියන්නේ කැනඩාවේ පැරණි කුවිබෙක් නගරය සහ මොන්ට්රියල් නගරය ඇතුලත් කුබෙක් පලාතයි . වීදි  දිගේ ඇවිද යද්දී , අවන්හලකට ගොස් කෑමක රස විදිද්දී පමණක් නොව කතාබහෙන් පවා ඔව්න් වෙනස් . අප අද කියවන්න යන්නේ කුවිබෙක් පලාත ගැනයි . ලොම් ( Fur) සහ  නව  යටත් විජිත සොයා ප්රංශයෙන් නැව් නැගුණු ජාක් කාටියේ ( Jacques cartier) ශාන්ත  ලෝරන්ස් ගග  දිගේ  පැමිණ ප්රංශ  යටත් විජිතයක් පිහිටවූ බව ඉතිහාසයේ සදහන් .

Image result for jacques cartier

  පසුව දේශීය ගෝත්රික නායකයාගේ පුතා සහ දියණිය  ප්‍රංශ සංචාරයකට කැදවා ගෙන  යාමෙන්  පසු මොන්ට්‍රියල් සහ පැරණි කුවිබෙක් නගරවල ජනාවාස පිහිටුවීමට අවසර  ලැබුණා . සෙබළුන් , පුජකයන් , ගොවියන් සහ ඔවුනට බිරින්දෑවරුන් ලෙසින් ප්‍රංශ ජාතිකයන් මෙහි  පැමිණ තිබෙන්නේ යටත් විජිතය ස්ථාවර කිරීමටයි. 1759 සැප්තැම්බර්  13 වන  දින , අද  පැරණි ක්විබෙක් නගරය  අසල අබ්‍රහිම් මාර්ටින් මහතාගේ ගොවිපොළ බිමේදී විනාඩි 15 කින් නිමාවූ යුද්ධයෙන් ( Battle of the Plain of Abrahims) මේ ප්‍රංශ  කොලනිය බ්‍රිතාන්‍ය පාලනයට නතු වුණා . ඉතිහාසය එසේ කියද්දී අද  පැරණි  කුවිබෙක් නගරය ප්‍රංශයේදී පැරිසිය මෙන් කැනඩාවේ ප්‍රමුඛතම සංචාරක කේන්ද්‍රස්ථානය වෙනවා . මොන්ට්‍රියල් නගරය කැනඩාවේ මුල්ම  බැංකුව වන බෑන්ක් ඔෆ් මොන්ට්‍රියල් (Bank of Montreal) ඇරබි වෙළද නගරය  වෙනවා .



Image result for battle of plains of abraham


පැරිසියේදී අප  දුටු බොහෝ  සමානකම්  අත් දකින්නට  පුළුවන් පැරණි කුවිබෙක් නගරයට අප සහ අපේ ගමන් සගයන් කිහිප වරක්ම ගොස් තිබෙනවා . ශාන්ත ලෝරන්ස් ගගේ අනෙක්  ඉවුරේ පිහිටි ලෙවිස් ( Lewis) නගරයේ  නවාතැන් ගන්නේ  නම් ගග තරණයට පාරුව යොදාගත හැකියි . ලෙවිස් නගරයේ නවාතැන් පැරණි කුවිබෙක් නගරයට වඩා බොහෝ ලාබදායකයි . වරක්  අපේ නවාතැන වුනේ පැරණි කුවිබෙක් නගරයෙන් කිලෝමීටර 30 ක් පමණ උතුරින් වූ ගොවිපොල නිවහනක්.( Farm House) පවුල් කිහිපයක් එක්ව  යන්නේ  නම්  එවැන්නක්   ලාබදායක  මෙන්ම වැඩි  නිදහසක් ලබාදෙනවා .


පැරණි ක්විබෙක් නගරය ( Old Quebec City)






යුනෙස්කෝ  ලෝක  උරුමයක් (UNESCO World Heritage site ) වන  පැරණි  කුවිබෙක්  නගරයේ ප්රධාන සංකේතය එහි වූ අතීත ප්රධාන හෝටලයයි .( Château Frontenac) පැරණි  ප්රංශ ගෘහ  නිර්මාණ  ශිල්පයන්ට අනුව ඉදිවුණු පටු  වීදි දිගේ  ඇවිද යාම  ආස්වාද ජනක අත්දැකීමක් . ගලින් අතුරා ඇති මාවත් දෙපස ඇති  අවන්හල් රාත්රී කාලයට මවන්නේ අසිරිමත් දසුනක් . එළිමහනේ ආහාර ගැනීමටත් , බීර  බී විනෝද වන්නටත් රාත්රී කාලයේදී සමහර වීදි රථවාහන ධාවනයට වසා තැබෙනවා .




සංචාරක කටයුතු සදහා පහසුකම් රැසක් සකසා ඇති මෙහි සංචාරක තොරතුරු මධ්යස්ථානයකට ගොඩ වැදී බොහෝ තොරතුරු නොමිලයේම දැනගන්නටත් , අවශ් නම් නගර සංචාරයකට බස් රථයක් හෝ අශ්ව රථයක් වෙන්කරවා ගන්නත් පුළුවන් . දහවල් ළමුන් සහ වැඩිහිටියන් සමග බස් සංචාරයක් කල අප ඉන් සෑහීමකට නොවූ අපේ තරුණ පිරිස කලේ වැඩිහිටියන් සහ ළමුන් නවාතැනේ නවතා රාත්රියේදී වීදී සංචාරය කිරීමයි .වරාය ආශ්රිත ප්රදේශය බොහෝ දැකුම්කළුයි එම  ඉසව්ව  ඔබේ කැමරාවලට , ජංගම දුරකථනයකට නොනවතින සේයාරූ මවාවි . එනිසා  වැඩි  ඉඩක් ඇති මතක පතක් (Memory Card/ SD card) රැගෙන යන්නට මතක තබාගන්න .



බොහෝ දෙනෙකු කරන්නේ කඩිමුඩියේ පැරණි කුවිබෙක් නගරය නැරබීමත්,  ඉන් කිලෝමීටර 12 ක් දුරින් පිහිටි මොන්ට්මොරෙන්සි (Montmorency Falls) දියඇල්ල බැලීමත් පමණයි . අඩි 276 ක් උස මේ දියඇල්ල ප්රධාන මාර්ගය අසලම පිහිටා තිබෙනවා . මොන්ට්මොරෙන්සි ගඟ ශාන්ත ලෝරන්ස් ගඟට වැටෙනන්නට ඔන්න  මෙන්න තිබියදී උස ගිරිකුලකින් පහලට වැටීමෙනුයි මෙය නිමැවී තිබෙන්නේ . එහෙත් ඊට අමතරව බොහෝ දර්ශනීය ඉසව් කුවිබෙක් ප්රාන්තයේ පිහිටා තිබෙනවා



ශාන්ත ආනා අගාධය ( Canyon Sainte-Anne )





ශාන්ත ආනා ගඟ කළු ගල් පර්වත මැද්දෙන් ගලනා මේ ආගාධය පිහිටා තිබෙන්නේ පැරණි කුවිබෙක් නගරයට විනාඩි   35 ක් පමණ  දුරින් උතුරට වන්නට . අඩි 243 ක් උස දිය ඇල්ලක් ඇති මේ පරිශ්රය ක්රියාකාරකම් රැසක් ඇති මුල් පෙලේ සංචාරක ඉසව්වක්. ඇවිදින මංපෙත් වලට අමතරව ගල්වල එල්ලී  කඳු නගින්නට ( Rock Climbing) , කදු අතර  එල්ලුනු කේබල් වල එල්ලී රූටා යන්නට (Zip Lining) පෝලිම් ගැසී  පිරිස්  එක්වන  තැනක්. 2000 දී බොක්ස් ඔෆිස් වාර්තා තැබූ විද්යා ප්රබන්ධ චිත්රපටයක් වූ පෘතුවියේ යුධබිම  (Battlefield Earth) රූගත කෙරුනේ මෙහිදී . මෙහි ඇති රුක් කැටයම් ඉතාමත් අගනා බව කිවයුතුයි .





 කප්ටුමෙන්ටේ තෙත් බිම් රක්ෂිතය  (Cap Tourmente National Wildlife Area)





වඩදිය  බාදිය ක්රියාවලිය නිසා ශාන්ත ලෝරන්ස් ගගේ ජල මට්ටම දවසේ එක් එක් වේලාවන්හිදී වෙනස්  වෙනවා . වැඩි  වතුර නිසා යටවන තෙත් බිම් ජලය බැසගිය පසුව මඩ සහිත කුඹුරක් ලෙසින් දිස්වෙනවා . මේ  පරිශ්රයේදී මඩ සපත්තු ( Boots) ලාගෙන පරිසර සංචාරයක යෙදෙන්නත් පුළුවන්. ක්විබෙක් නගරයට කිලෝමීටර 50 ක් දුරින් පිහිටි මේ රක්ෂිතය තුල කිලෝමීටර 20 ක් ඇවිදින මංපෙත්  ඉදිකර  තිබෙනවා . මනරම්  පරිසර  පද්ධතියක්  වන මෙම පරිශ්‍රය  පක්ෂි නිරීක්ෂණය , මල් සහ විවිධ පැලෑටි නිරීක්ෂණ කටයුතු සදහා බොහෝ සම්පත් ඇති මනාව නඩත්තු කල පරිසර කෞතුකාගාරයක් සහිත තැනක්. ඔබ පරිසර සේයාරූ ලෝලියෙකු නම් දිනක්ම මෙහි රැදෙනු නිසැකයි .

Image result for Cap Tourmente National Wildlife Area

ටඩෙව් සක් තල්මස් නිරීක්ෂණය  (Tadoussac Whale Watching)






සගුයිනේ අතු  ගඟ ශාන්ත ලෝරන්ස් ගඟ හමුවන ප්‍රදේශය සගුයිනේ ජාතික ජල සංරක්ෂක ප්‍රදේශය(Saguenay–St. Lawrence Marine Park) ලෙස නම්කෙරුනේ 1998 . ලොව  දස අතින් මිලියනයකට අධික ජනතාවක් තල්මසුන් නැරබීම සදහා  මෙහි පැමිණ  තිබෙනවා . වර්ග  කිලෝමීටර 1200 කට  වැඩි මේ ජල තලයේ පැය 3ක චාරිකාවක් සදහා  අප  මෙහි පැමිණියේ අපේ නවාතැනේ  සිට  පැය 3 ක තරම් රථ ධාවනයකින් පසුවයි. මනරම්  ගම් බිම්  පසුකරමින් පැමිණි මගේ විඩාව නිවන්නට  නවතින්නට තැන් රැසක්ම තිබුණා . මගීන් 300-400 පමණ  ගෙනයන සුවිසල් යාත්‍රා  මෙන්ම මගීන් 10-15 ගෙනයන කුඩා බෝට්ටුද අතරින් තමන් කැමති එකක් තෝරාගෙන  තමන් ලගින්ම  වතුර මලකින්  මෙන්  වතුර  විදිමින් , පිනුම්  ගසන  තල්මසුන් මෙහිදී  දකින්නට  පුළුවන්. නිල් තල්මසුන් මෙන් අති විශාල  නොවුවත් නිව් ෆවුන්ඩ් ලන්තය , නෝවා .ස්කොෂියා , වැන්කුවර් සේම  මෙහිදීද හොදින් මේ සුවිසල් ක්ෂීරපායි සතුන් බලන්නට පුළුවන් .



Car Hire Montreal | Avis UK 

මොන්ට්‍රියල්

කුවිබෙක් පළාතේ වෙළද අගනුවර වන මෙයත් ඔන්ටරියෝවේ ටොරොන්ටෝ නගරය මෙන්ම ජනාකීර්නයි . එනිසා ඔබට මෙහිදී දකින්නට ලැබෙන අංග හාත්පසින්ම වෙනස් නාගරික පන්නයේ ඒවා .




Image result for montreal

ඔල්ය්ම්පික් ක්‍රීඩාංගණය, ජිව විවිධත්ව මධ්‍යස්ථානය (Bio Dome) උද්හිද උද්‍යානය





 1976 ගිම්හාන ඔලිම්පික් තරගාවලිය පැවැත්වුනේ මොන්ට්‍රියල් නගරයේදී . ඒ සදහා ඉදිකළ ක්‍රීඩා පරිශ්‍රය අද කාහට වුවත් නරබන්නට පුළුවන් . එම සංකීර්ණයේ ඇති සුවිශේෂ අටල්ල මුදුනට විදුලි සෝපානයෙන් ගියවිට මුළු මොන්ට්‍රියල් නගරයම , ශාන්ත ලෝරන්ස් ගඟ මැනවින් දැකගන්නට පුළුවන් .
කැනඩාවේ වෙනස්  පරිසර කලාප පිළිබදවත් , ලෝකයේ විවිධ පරිසර පද්ධතීන් ප්‍රතිනිර්මාණය කල වටිනා පරිශ්‍රයක් ලෙස මෙය හදුන්වා දෙන්නට පුළුවන්.විශේෂයෙන්ම පාසැල් දූ දරුවන්ට විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යන කටයුතු සදහා ජිව විවිධත්ව මධ්‍යස්ථානය (Bio Dome)  මහත් සම්පතක්.

File:Biodome de Montreal.jpg - Wikimedia Commons



අක්කර 190 ක් බිමක් වසා සිටින 1931 දී ඇරබුණු මොන්ට්‍රියල් උද්හිද උද්‍යානය ලෝකයේ නම දිනු එකක් . මලින්  පිරි මනරම් තුරු වදුලු ඇති මේ  ඉසව්ව ඔබට ඇති  පදම් සේයාරූ ගන්නට දහස් ගණනක් පසුතල මවන බව කිවයුතුයි .
මේ පරිශ්‍ර  තුනම එක ළඟ  ඇති නිසා ඔබට මේවා එකවර සංචාරය කරන්නට පුළුවන්.ගැටලුව වන්නේ හරිහැටි සංචාරය කරන්නට නම් දිනක් ප්‍රමාණවත් නොවීමයි .




මොන්ට්රේ බ්ලොන්ට්  ( Mont Tremblant )







මොන්ට්‍රියල් නගරයේ සිට කිලෝමීටර 130 ක් පමණ  දුරින් පිහිටි මේ කඳුකර ප්‍රදේශය බලන්නට ඔබට කාලය සහ  මුදල මත තීරණය කරන්නට පුළුවන්. ඒ සදහා පැය එක  හමාරක  පමණ රථ ධාවනයක යෙදෙන්නට වෙනවා . ශීත කාලයට හිම ක්‍රීඩා සදහා මහත් ප්‍රසිද්ධියක් උසුලන මේ ඉසව්ව ගිම්හාන කාලයේ වුවත් සංචාරය සදහා කදිමයි. සමහර කාලවලදී මේ ප්‍රදේශය කරා ටොරොන්ටෝවේ සිට අඩු මුදලට ගුවන් ටිකට් පත් අලෙවි වන අවස්ථාත් තිබෙනවා .

Image result for mont tremblant


ඔබේ ඉල්ලීම් සහ තොරතුරු සදහා අළුත් විද්‍යුත් ලිපිනයක් පටන් ගත්තා . dasatha.sancharayakamathakaya@gmail.com විස්තර සදහා ලියන්න . ඉඩ ලැබෙන පරිදි පිළිතුරු ලියන්නම් .

සටහන අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ -  හෙසදී වැලිගමගේ  සහ * අන්තර්ජාලයෙන්

කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2017 සැප්තැම්බර්    කලාපයේ පලවිය .

විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට

Canadian Minority Media Database | Dasatha

http://dasatha.com/

Image result for mont tremblant

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව


 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.




Image result for montreal