මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Wednesday, July 31, 2019

ප්‍රේමකීර්ති මතක ..... දයා ද අල්විස් .......රේඩියෝ කෙටිකතා....

Premakeerthi De Alwis ::

ප්‍රේමකීර්ති ද අල්විස් නම් අපූරු නිර්මාණ ශිල්පියා අප අතරින් වෙන්ව ගොස් 2019 ජුලි 31 වැනිදාට අවුරුදු 30 ක් ගතවෙලා .

ඒත් ඔහු අපට දායාද කොට ගිය නිර්මාණ අදත් හිතන්නට යමක් තබා ගොස් තිබෙනවා .

කලක් ඔහුගේ ජීවන සහකාරියව සිටි ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදිනී දයා ද අල්විස් තම පෞද්ගලික ජීවිතයේ දුටු ප්‍රේම් ගැන කල මතක කිහිපයක් ඔබට වෙනස් අත්දැකීමක් ලෙසින් මේ රේඩියෝ කෙටිකතාවේ තිබෙනවා .


Image result for premakeerthi de alwis

Image result for daya de alwis





Image result for ekomath eka

ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදිනී දයා ද අල්විස් මහත්මිය සිය එකෝමත් එක දවසක පොතේ සටහන් කල මතක සටහන් 4 ක් ඇසුරින් කල මේ කතාවේ ප්‍රේමකීර්ති ද අල්විස් ලියු ජනප්‍රිය ගීත 4 ක නිදාන කථා ගැන විස්තර කෙරෙනවා .

1. නැවුම් සුවදක් 

නැවුම් සුවදින් ඔබේ මුව දුටු - ආචාර්ය වික්ටර් රත්නායක 




2. තාත්තාට දුකක් 

සුරංගීට දුක හිතුණා - ආචාර්ය නන්දා මාලනී 




3. දේදුන්නක් 

සුන්දරත්වයෙන් පිරි - මිල්ටන් මල්ලවාරච්චි 






4. ගිම්හාන මණ්ඩපය 

ආදර ගගුලේ ඉවුරෙ රැදී -  ආචාර්ය වික්ටර් රත්නායක සමග ශ්‍රීමතී තිලකරත්න 







කලක් ලක්බිම ඉරිදා සංග්‍රහයේ පලවූ එකෝමත් එක දවසක තීරු ලිපි පෙල එකෝමත් එක දවසක සහ එකෝමත් එක දවසකට පස්සේ නමින් පොත් දෙකක් ලෙස මුද්‍රණද්වාරයෙන් පිටවුනා .

ඒ ඇසුරින් රේඩියෝ කෙටිකතා කරන්නට දයා ද අල්විස් මහත්මියගෙන් ලැබුණු අවසරය කථාව අවසානයට එක් කර තිබෙනවා .

වාණිජමය නොවන නිර්මාණ කාර්යයක් සදහා දයා ද අල්විස් මහත්මිය හරහා අපට අවසර දුන් පොත ප්‍රකාශයට පත් කල ගුණසේන සමාගමටත් කැනඩාවේ සවන  අන්තර්ජාල ගුවන්විදුලියේ ප්‍රණාමය හිමි වෙනවා 

Image result for ekomath eka dawasakata passe


Image result for m d gunasena

ප්‍රවීණ මාධ්‍යවේදිනී දයා ද අල්විස් මහත්මිය එකෝමත් එක දවසක පොතේ ........... අබේවර්ධන බාලසුරිය , රුක්මණී දේවි සහ කේ ඩි කේ ධර්මවර්ධන ගැන ලියු මතක



Image result for sawana radioImage result for sawana radio


කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .

 දයා ද අල්විස් මහත්මිය ගේ සම්පුර්ණ කතා එකතුව සදහා  එකෝමත් එක දවසක සහ එකෝමත් එක දවසකට පස්සේ පොත් කියවන්න.
විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්රවීණ ගුවන් විදුලි මාධ්යවේදී වසන්ත ලංකාතිලකයන්ට


සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
             
සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි ,




Saturday, July 27, 2019

තරු එළිය දුර දුවනවා……..කවි...අනුරුද්ධ වැලිගමගේ...


Image result for moon and couple

තරු එළිය දුර දුවනවා
මල් සුවඳ නෙතු අරිනවා
සඳ සුමුදු රෑ මවනවා
සොදුරු ඔබ මට පෙනෙනවා……

හද ගැසුම් හඬ දැනෙනා
සුව මතකයන් මවනා
පැතුම් බර හිතමිතුරු සුළගේ
 හාදු වැස්සක් වහිනවා……

නව යොවුන් විය ලබනා
අපේ උරුමය දුන් අතරේ
ඔබේ තුරුණුම තුරුණු මතකය
මගෙ හිතේ ඇදෙනවා……….

අනුරුද්ධ වැලිගමගේ

Image result for moon and couple



සේයාරූ


 අන්තර්ජාලයෙන්  Google Images,  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

Saturday, July 20, 2019

Friends කථා මාලාවේ සෝපාවත් , එලන්ගේ වැඩසටහන රූගත කෙරෙන මැදිරියත් බලන්නට ගිය ගමනක් ......

Image result for friends tv show

Image result for friends tv show



1994 න් පටන්ගෙන 2004 දක්වා පුරා වසර 10 ක් කථාංග 236 ක් විකාශය වුණු උතුරු ඇමෙරිකාවේ තරුණ පරපුර අතර ජනාදරයට පත් කථා මාලාවක් ලෙස Friends හදුන්වා දෙන්නට පුළුවන් . ඔබ කථා නැරබු රසිකයෙක් නම් එහි සෝපාව හොදට මතක ඇති . එතකොට මේ වනවිට අතිශය ජනප්රිය Talk Show එකක් වන Ellen Degeneres show  පටිගත කෙරෙන මැදිරිය . අද අපි ඔබව එක්ක යන්නේ හොලිවුඩයේ බ්ර්බැන්ක් ප්රදේශයේ තිබෙන මතක බලන්න .

අපි තාමත් ඉන්නෙ ලොස් ඇන්ජලීස් නුවර .කැලිපෝනියාවේ සුවබර කාලගුණය අතරෙ අපි තීරණය කලේ උදෙන්ම වර්නර් සහෝදරයන්ගේ චිත්රාගාර චාරිකාවේ (  Warner Bros Studio Tour) යෙදෙන්න . කලින්ම මෙය අන්තර්ජාලයෙන් වෙන්කර ගන්නත් , උදෙන්ම යන්නත් මතක තබා ගැනීම හොද වෙන්නෙ දවල් වෙනකොට චිත්රාගාරයේ සමහර මැදිරි පටිගත කිරීම් සදහා කාර්ය බහුල වුණාම නරබන්නට නොහැකි නිසා .





වෝනර් සහෝදරයන්ගේ චිත්රාගාරය ( Warner Brothers Studio)

Image result for warner bros

Related image

Image result for warner bros founders

1923 දී පෝලන්තයෙන් ඇමෙරිකාවට පැමිණි පවුලක හැරී , ඇල්බට් , සෑම් , ජැක් නම් සහෝදරවරු පටන් ගත් චිත්රාගාරය හොලිවුඩයේ චිත්රාගාර අතර ප්රචලිත වුනේ වාර්තා පිහිටවූ චිත්රපට නිෂ්පාදන නිසා . ඇමෙරිකාව පුරා ඉතා විශාල සිනමා හල් සහ චිත්රපට බෙදාහැරීමේ ජාලයක් තිබු වර්නර් සහෝදර සමාගම මාධ් ක්ෂේත්රයේ දැවැන්තයෙක්. සුප්රකට NBC රූපවාහිනියත් ඔවුනගේ .



අපි කුඩා රථයට නැගුණා . නියාමකවරයා ඇතුළු 15 දෙනක් රථයේ . ඔහු තැනින් තැන ගොඩනැගිලි , විථි පෙන්වමින් එක එක චිත්රපටයේ දර්ශණ විස්තර කරනවා . දන්න අය ප්රශ්ණ අහනවා . සමහර තැනකදී අපි රථයෙන් බහිනවා . ගොඩනැගිලි ඇතුලට යනවා . බොහෝ ගොඩනැගිලි ඇතුලතින් හිස් . පිට බිත්ති නාමපුවරු විතරයි . තැනක රූපගත කිරීම් වලට අවශ් පසුතල හදනවා . අමතර ආලෝකකරණ උපකරණ සවි කරනවා . කැමරා අටවනවා . තණකොළ කපනවා , ගස් කප්පාදු කරනවා .



අපූරු ගැහැණිය ( Wonder Woman), හැරී පොටර් කථා මාලාව ( Harry Potter series) බැට් මෑන් ( Batman) , සුපර් මෑන් ( Superman) ඇතුළු විවිධ චිත්රපට සදහා භාවිතා වුණු ඇදුම් සහ උපාංග එකතුවක් තියෙන තැනකටයි අපි ඊළගට ගියේ . එතැනින් අපි යන්නේ පසුතල හදන විශාල වැඩපොලක් මැද්දෙන් . ඊළගට විවිධ මාදිලියේ ගෘහභාණ්ඩ හදන වැඩපොලක . තව ටික වෙලාවකින් චිත්රපට සදහා යොදාගන්නා වාහන වැඩපොලක් මැද්දෙන් ගිහින් අමුතුම මාදිලියේ වාහන තිබෙන ගරාජයකට යනවා . ඒවා අමුතු හැඩයේ වුණාට ධාවන තත්වයේ තියෙන ඒවා . වාහනයෙන් බැහැලා කට්ටියම   වාහන ඉස්සරහින් , පැත්තෙන් ඉදගෙන සෙල්ෆි ගහන්න ෆොටෝ ගන්න පොරකනවා . ජනප්රිය ලෝකය කොච්චර පුදුමද මට හිතෙනවා .




අප ගිය දවස එලන් වැඩසටහන රූගත නොකෙරෙන දවස් කිහිපයෙන් එකක් . හින්ද අපට පසුතලය තිබෙන මැදිරිය බලන්නට ඉඩ ලැබුණා . අවසානයේ අපි ආවේ Friends හි සෝපාව සහ පසුතලය ඇතුළු තවත් පසුතල රැසක් තියෙන ප්රදර්ශනාගාරයට  La La Land චිත්රපටයේ Mia සේවය කල අවන්හල අදත් මේ පරිශ්රය තුල ක්රියාකාරීව තිබෙනවා . එක් එක් යුගයට වෙනස් වූ පිරිමි සහ ගැහැණු ඇදුම් , චිත්රපට සදහා භාවිතා වූ රූ සටහන් . පියවරෙන් පියවර චිත්රපටයක් හැදෙන හැටි මේ මධ්යස්ථානයේදී ඉගෙන ගන්න පුළුවන්.සිනමා කලාව අධ්යනය කරන කාට වුණත් මෙතැන සරසවියක් වගේ .


Image result for la la land mia cafeImage result for la la land mia cafe


මුහුදු වෙරළ (  Los Angeles Beaches)

Image result for malibu beach

Image result for santa monica pier

ජනප්රිය සංස්කෘතියේ ඉහලම තැනක තිබෙන ලොස් ඇන්ජලීස් නුවර පැසිෆික් සාගරයට මුහුණලා තිබෙන නිසා දර්ශණීය වෙරළ තීරයකින් සමන්විතයි . අතරින් මේ වෙරළ ප්රදේශ 10 අතිශයින්ම ජනප්රියයි . හොද තැනක් අල්ලා ගන්නටත් , වාහනය නවත්වා ගන්නටත් උදෙන්ම යා යුත්තේ නිසා .
El Matador, Malibu, Santa Monica north & south, Manhattan, Hermosa, Dockweiler, Venice, Zuma, Mother’s, Redondo  ඒවායි . අපගේ ගමනේදී අපට යන්නට ඉඩ ලැබුනේ Santa Monica සහ Venice යන වෙරළ තීරයන්ට පමණයි . බොහෝ ඇමෙරිකානු චිත්රපට ,  Beverly Hills 902010                                          Sunset beach වැනි රූපවාහිනී වෘතාන්ත වලින් ඔබ මේ ලස්සන මුහුදු තීරයන් දැක ඇතුවාට කිසිම සැකයක් නැහැ .

Image result for beverly hills 90210 in beach

Image result for sunset beach

මේ ගමනේදී එක්කර ගත හැකි තවත් තැන් .

·         Paramount Studios

Image result for paramount studios
·         Griffith Observatory

Image result for griffith observatory at night
·         Union station
·         Walt Disney Concert hall
·         Disneyland

Image result for disneyland

·         Getty Centre

Image result for getty centre

සංචාරක මතකය

සංචාරක මතකයත් එක්ක අප ඔබව කැදවාගෙන යන්නේ විවිධ තැන්වලට . ඔබේ අදහස්, ප්රතිචාර , ඉල්ලීම් අපට ලියන්න .   අනුව අපේ ලිපි පෙළ පෙලගස්වන්නට පුළුවන්. ඉඩකඩ සීමාසහිත නිසා අප සදහන් කරන්නේ සීමිත තොරතුරු . ඒත් අපේ ඉගි ඔස්සේ අන්තර්ජාලය පීරා ගමනට පෙර තොරතුරු සොයාගන්නත් , අනුව ගමන සැලසුම් කරන්නත් ඔබට පුළුවන් ,
ජනවාරි තුන්වැනි සතියේ ගුවන් ටිකට් පත්, මාස 3 කට පමණ කලින් ඉරිදාට නවාතැන් වෙන්කරවා ගැනීම ලාභ දායකයි . ඔබ කියවන තොරතුරු අනුව සෙනග අඩු වේලාවන් , දවස් වගේම සංචාරක පරිශ්රය බලන්නට සුදුසු වෙලාව හොයා ගැනීමත් , අන්තර්ජාලයෙන් පුර්ව වෙන්කරවා ගැනීමත් කාලයත් ,මුදලුත් ඉතිරි කරන බව කිවයුතුයි .

කාලගුණය , දේශගුණය සහ වාහන තදබදය සදහා අතිරේක වෙලාවක් තබාගැනීමත්, යම් හෙයකින් වෙනස් කරන්නට වුවහොත් අතිරේක සැලැස්මක් හිතේ තබාගෙන ඉන්න එකත් හොදයි .
සමහර භූ කලාපවලදී දුරකථන සහ චන්ද්රිකා සන්නිවේදන ක්රියාත්මක නොවෙන නිසා මුද්රිත සිතියම් , මුදල් සහ ප්රථමාධාර පෙට්ටියක් ඔබේ ගමනට එක්කර ගැනීම ගුණදායකයි .

Image result for getty centre



ඔබේ ඉල්ලීම් සහ තොරතුරු සදහා අළුත් විද්‍යුත් ලිපිනයක් පටන් ගත්තා . dasatha.sancharayakamathakaya@gmail.com විස්තර සදහා ලියන්න . ඉඩ ලැබෙන පරිදි පිළිතුරු ලියන්නම් .

ලබන මාසයේදී කැනඩාවේ පැසිෆික් මනාලිය වැන්කුවර් දූපත බලන්නට යමු.

සටහන අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ - හෙසදී වැලිගමගේ  සහ

 අන්තර්ජාලයෙන්  Google Images,  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

Image result for ellen show

Image result for warner brothers studio tour california

කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2018  දෙසැම්බර්   කලාපයේ පලවිය .
විශේෂ ස්තූතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට


Image result for dasatha