මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, October 26, 2019

අවුරුදු 300ක් පැරණි විසල් ගස් මැද්දෙන් වැන්කුවර් වරායෙන් ඉර බසින දසුනක් .......කැනේඩියානු සංචාරයක මතකය

301 - 2275 Twin Creek Place - West Vancouver Homes and Real Estate ...

Telus-World-of-Science-Vancouver-Panoramic-Panorama-Pictures ...



පැසිෆික් සාගරයේ ඉංග්රීසි බොක්කෙන්( English Bay ) සහ වැන්කුවර් වරායෙන් සම්පුර්ණයෙන්ම වටවුණු අක්කර 1001 බිම් කඩක් කැනඩාවේ තිබෙනවා . 1858 දී සිදුවූ ෆ්රේසර් නිම්නයේ රත්රන් සොයා යෑම ( Fraser Canyon Gold Rush) එක්ක ස්වදේශිකයින් සතුව තිබු මේ ඉඩම් බ්රිතානයන් සතුවුණා . 2014 දී ලෝකයේ හොදම උද්යානය කිරුළ හිමිකරගත් මේ උද්යානය බොහෝ ස්වභාවික ගස්වැල් ඇති තැනක් . මෙහි ඇති සමහර ගස් අඩි 250 ක් තරම් උසයි . නවාතැනෙන් උදෙන්ම පිටත්වෙලා අපි මේ ඇවිත් ඉන්නෙ ස්ටැන්ලි උද්යානයටයි .

Image result for george vancouver

වැන්කුවර් කියන නම හැදිල තියෙන්නේ 1792 දී මේ ප්රදේශය සොයාගත් දේශ ගවේෂක කපිතාන්  George Vancouver සිහිවීම පිණිසයි . ඉතා සෞමය දේශගුණයක් තිබෙන වැන්කුවර් නගරය ලෝකයේ ජීවත්වීමට සුදුසු නගර අතරේ ඉහලින්ම තිබෙන නගරයක් .

Image result for stanley park vancouverImage result for stanley park vancouver


ස්ටැන්ලි උද්යානය ( Stanley Park )

කැනඩාවේ හයවන ආණ්ඩුකාරවරයා වූ ස්ටැන්ලි ආදිපාද වරයා ( Lord Stanley) සිහිවීමට නම් කර ඇති මේ මහජන උද්යානයේ සමහර ගස් අවුරුදු 300 කට වඩා පැරණියි . මේ උද්යානය වටා තිබෙන කිලෝමීටර 8 ක් තරමේ Sea Wall හරිම ජනප්රිය තැනක්

Image result for lord stanley


බොහෝ දෙනෙක් කුලියට ගත් බයිසිකලයක නැගී යන්නත් , මුහුදු හුළං සුවද විදිමින් පයින් ඇවිද යන්නත් මේ ඉසව්වට එනවා . බ්රෝක්ටන් තුඩුව ප්රදේශයේ ඇති Totem poles  සුවිසල් ගස් යොදාගනිමින් කල කැටයම් ආදීවාසීන්ගේ කලා කුසලතාවය මැනැවින් විදහා දක්වනවා . ඔබට මතක නම් සංචාරයක මතකය ඔටාවා නගර සටහනේ ඉතිහාසකෞතුකාගාරයේ  Great Hall   තුල මෙවැනි කැටයම් දකින්නට ලැබුනා . පුරා දවසක්ම වුණත් ගත කරන්නට හැකි මෙහිදී අශ්ව කරත්තයක නැගී රවුමක් යන්නත් , කුඩා දුම්රියක රවුමක් යන්නත් පුළුවන් . ලෝකයේ ප්රකට මත්සයාගාරයක් වන Vancouver Aquarium තිබෙන්නේ මේ උද්යානයයේ එක පැත්තකයි.

Image result for stanley park vancouverImage result for stanley park vancouver

විද්යා ලෝකය ( Science World)

1977 දී  Barbara Brink සතුව තිබූ ජංගම විද්යාගාරය භාවිතයෙන් 1982 දී ආරම්භ වුණු මෙය වඩාත් ජනප්රිය වුයේ 1986 දී පැවති එක්ස්පෝ 86 ප්රදර්ශනය වෙනුවෙන් එහි ඉදිකල සුවිසල් ගෝලාකාර ඉදිකිරීම නිසා .Bruno Freschi  විසින් නිර්මාණය කල එහි ආසන 400 ක් ඇති විශාල Omnimax Theatre එකක්  තිබෙනවා . වර්තමානයේ Telus world of science ලෙසින් නම් කෙරුණු මෙහි විශේෂයෙන්ම පාසැල් යන දු දරුවන්ට වැදගත් බොහෝ ප්රදර්ශණ කුටි සහ ක්රියාකාරකම් තිබෙනවා . එහි ඇති කැනඩාවෙන් ලොවට දායාද වුණු නිර්මාණ ඇතුලත් කුටිය අගනා එකක් .

Image result for barbara brinkImage result for bruno freschi

Related image


Science World  වල ඉදන් පොඩි දුරක් ඇවිද්දා යන්න පුළුවන් අපූරු උද්යානයක් තියෙනවා . නම කියන්න ටිකක් පැටලෙන එය දොස්තර සුන් යට් සෙන් චීන වත්ත නගරයක් මැද්දෙ තියෙන පුදුම තැනක් .


Dr. Sun Yat- Sen Classical Chinese Garden

Image result for dr. sun yat-sen classical chinese gardenImage result for dr. sun yat-sen classical chinese garden
1986 පැවති EXPO 86 ප්රදර්ශනය වෙනුවෙන් ඉදිකළ මෙය චීනයෙන් පිටතදී ඉදිකළ මෙවැනි පළමු උද්යානය වෙනවා . චීනයත් , බ්රිටිෂ් කොලොම්බියාවත් අතර ඇති සුහදතාවය වර්ධනය කරනු වස් වැන්කුවර් චීන නගර කොටසේ Carall වීදියේ අංක 578 දරණ තැන මෙය ඉදිකර තිබෙනවා  Donald Vaughan සහ Joe Wai. පිටත උද්යානයත් Wang Zu Xin ඇතුලත උද්යානයත් නිර්මාණය කර තිබෙන්නේ චීන සම්ප්රදායික බව සිහි ගන්වමින් . 

Canada Place

Image result for canada placeImage result for canada place

නැවක හැඩය ඇති මේ මධ්යස්ථානය තියෙන්නේ වැන්කුවර් වරාය අසබඩ . හවසකට ගිහින් ඉර බහින දර්ශනය බලන්න වටින තැනක් .
කැනඩාවේ තිබෙන විශාලතම සහ ස්වභාවික වරායක් වන වැන්කුවර් වරාය කැනඩාවේ සිදුවන නැව්ගත කිරීම් වලින් විශාල ප්රතිශතයකට දායක වෙනවා . හෙක්ටෙයාර 16000 ජල තලයක් , හෙක්ටෙයාර 1000 බිමක් සහ කිලෝමීටර 350 මුහුදු තීරයක් මීට අයත් . Sea Planes සහ Cruise ships සදහාත් මෙහි පහසුකම් සලසා තිබෙනවා . අපූරු අත්දැකීමක් එක්කර ගන්නට පුළුවන් Flyover Canada තියෙන්නෙත් මෙතැනයි .



Vancouver Canada Place crusie ship terminal | 豪華客船, 客船, 豪華

වැන්කුවර් නගරයේදී යා හැකි තවත් තැන්

·         වැන්කුවර් මත්ස්යාගාරය  ( Vancouver Aquarium )

Seafood champs stir the pot to help Vancouver Aquarium - Sea West News

·         ග්රුස් කන්ද ( Grouse Mountain )

Complete Guide to Grouse Mountain in Vancouver, BC


·         වැන්කුවර් කලාගාරය (Vancouver Art Gallery)

Vancouver Art Gallery North Plaza renamed šxʷƛ̓ənəq Xwtl'e7énḵ ...

·         ග්රැන්විල් දූපත  ( Granville Island )

Vancouver's Granville Island gets new governance model | Vancouver ...


·         වැන්කුවර් නාවික කෞතුකාගාරය  ( Vancouver Maritime Museum)

Vancouver Maritime Museum To Get In The Holiday Spirit On The ...

·         නිටෝබේ ජපන් උද්යානය ( Nitobe Japanese Garden )

Nitobe Memorial Garden | Japanese Gardening



Image result for vancouver art galleryImage result for nitobe japanese garden vancouver

පසුගිය වසර 3 පුරා අප ගිය ගමන්වල ඔබට බලන්නට අතපසු වූ ලිපි දසත වෙබ් අඩවියේ පැරණි විද්යුත් පුවත්පත් හෝ මගේ අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් අඩවිය තුලින් බලන්නට පුළුවන් . මීළග කලාපයෙන් 2010 ශීත ඔලිම්පික් මතක සමග වලාකුළු අතරට යන විස්ලර් නගරයට යමු .


සටහන - අනුරුද්ධ වැලිගමගේ

සේයා රූ - හෙසදි වැලිගමගේ
                සහ අන්තර්ජාලයේ   Google Images,  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි


 කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2019 පෙබරවාරි කලාපයේ පලවිය .

විශේෂ ස්තූතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට


Image result for dasatha

Related imageImage result for stanley park vancouver

Saturday, October 19, 2019

නොමැකෙන ගී රස .... සිංහල ගීතයේ විප්ලවවාදියා .... සුනිල් ආරියරත්න.. ...රූපවාහිනි අත්දැකීම

Legendary Double Doctorate Literary Lion Professor Sunil Ariyaratne

කවි , ගීත , කෙටිකථා රචනයේ දක්ෂ,  නුගේගොඩ ශාන්ත ජෝන් විද්යාලයේ ශිෂ්යයෙක්,  හතේ පන්තියේදී , පොතක්,  මුද්රණය කරනවා . ජාතික පුවත්පත් වලට,  සිය නිර්මාණ සපයන ඔහු , ගුවන් විදුලියේ,  ළමා රගමඩල හරහා,  සිය නිර්මාණ,  වාතලයට මුසු කරනවා .

නුගේගොඩ දී , 1949 ජුලි මස,  28 වැනිදා , උපත ලබන,  සුනිල් ආරියරත්නයන්,  ක්ෂේ ත් ගණනාවක්,  දික් විජය කල,  කට පුරා  කිවහැකි , මහා සාහිත්යධරයෙක් . භාෂා ගණනාවකින් පොහොසත් ඔහු,  විෂය ගණනාවක් ඔස්සේ , පර්යේෂණාත්මක ග්රන්ථ රැසක්,  ලියා තිබෙනවා . සිංහල ගීතය , නුර්ති ගීත , ආදිය පමණක් නොව,  ලංකාවේ භාවිත , වෙනත් ගීත විධි පිළිබදව,  ඔහු , විරුද සහ විරිදු , බයිලා .kapiringgha., කැරොල් පසන් කන්තාරු,  වැනි ග්රන්ථ මගින්,  එළිදක්වා ඇති කරුණු වලට , ජාතියම , ණය ගැතියි .

වුර්තියෙන් සරසවි ආචාර්යවරයෙකු ලෙස,  යාපනය සහ ශ්රී ජයවර්ධනපුර.  සරසවියේ,  සේවය කල ඔහු , ලේඛකත්ව හා ජනසන්නිවේදන පාඨමාලාව හරහා,  පිරිපුන් මාධ්යවේදීන් රැසක්  බිහිකල,  මහාචාර්ය වරයෙකු ලෙස , සරසවියෙන් විශ්රාම ලබා , තවමත්,  සක්රීයව,  නිර්මාණකරණයේ යෙදෙනවා .

ක්ෂේත් රැසක දස්කම් දක්වන ඔහු,  මෑතකදී , ඔබ අප, කැනඩාවේදී නැරබු " පත්තිනි ",  සිංහල චිත්රපට යේ  , අධ්යක්ෂක වරයාද වෙනවා .

සිංහල ගීත සාහිත්යයේ විප්ලව කල,  ඔහු අතින් ලියැවුණු ගීත , විෂය පරාස රැසක් තුල දිවෙනවා . අතර සරල චිත්රපට ගීත , සුගායනීය සුභාවිත ගීත , සේම විරෝධාකල්ප ගීත ද,  රැසක් තිබෙනවා . නන්දා මාලනී -සුනිල් ආරියරත්න සුසංයෝගයෙන්,  බිහිවූ විශිෂ්ට නිර්මාණ,  සදා අමරණීයයි . අතර,  තවත් බොහෝ ගායක ගායිකාවන් ගේ,  ජනප්රියත්වය සදහා,  ඔහු,  සිය නිර්මාණ දායකත්වය,  අරුත්බර පදවැල් වලින් , සරසා තිබෙනවා

සිය නවතම ළමා චිත්රපටය තිරගත කිරීම සදහා,  සුදානම් වන ඔහුට,  රූපණ වෙතින් කෙරෙන,  උපහාරයයි මේ


Sunil Ariyaratne - Alchetron, The Free Social Encyclopedia

කැනඩාවේ රූපණ අන්තර්ජාල රූපවාහිනියේ  මහාචාර්ය  සුනිල් ආරියරත්න ගේ නිර්මාණ ඇගයීම
ටොරොන්ටෝවේ ආචාර්ය ජගත් රූපසිංහ






http://rupane.com/vimeo-video/rupane-episode-99-july-28-2018/




ඉදිරිපත් කිරීම - සුනිමල් බාලසුරිය

 සංකල්පය සහ පිටපත  - අනුරුද්ධ වැලිගමගේ

සංගීත අධ්‍යක්ෂණය - සුනිල් ජයසිරි

නිෂ්පාදනය සහ අධ්යක්ෂණය -දිනේෂ් පීරිස්

විධායක නිෂ්පාදනය -  වීරා ෆොන්සේකා

Image result for rupane tv



කැනඩාවේ රූපණ  අන්තර්ජාල රූපවාහිනියේ  වැඩක් .....

සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images

              සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි ,

Image result for sunil ariyarathnaImage result for sunil ariyarathnaImage result for sunil ariyarathna