මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, March 30, 2019

අවුරුද්දට ගෙදර එන්න පුංචි නංගියේ …මහේෂ් සිරිසේන......අනුරුද්ධ වැලිගමගේ....ගීත..





නිමිත්ත 


මම ගලෙන්බිඳුනුවැව  ප්‍රදේශයේ සේවය කරන කාලයේදී මට හමුවූ එක ගොවි තරුණයෙකුගේ පෙම්වතිය හිටියේ කටුනායක නිදහස් වෙළද කලාපයේ සේවය කරමින් . ගමෙන් පිට වෙන්නට සුදානම් නොවූ ඔහු නගරයත් එක්ක වෙනස් වන පෙම්වතිය ගැන මට කියා තිබුණා . නිතර ගමට නොඑන ඇය අවුරුද්දට ගෙදර එනකම් බලා හිදින විදිහ මට හිතුනේ මේ විදිහටයි .

Image result for sinhala avurudu art


අවුරුද්දට ගෙදර එන්න පුංචි නංගියේ  ……….

ඔංචිලි වාරම් කියන්න
ඔංචිලි කවි පද බදින්න
අවුරුද්දට ගෙදර එන්න පුංචි නංගියේ
ගමින් සෙ යිලමට ගිය සන්නාලි නංගියේ…….

මැසිමට උගසට තබලා
වියපත් වන තුරුණු වියට
සමහරු ඔච්චම් කරාවි පුංචි නංගියේ
නෙතට කඳුළු නගනු එපා දේවතාවියේ  ……..

ඔංචිලි වාරම් කියන්න……..

එරබදු මල් වරුසාවයි
කොහා නදින් ගම පිබිදෙයි
කලියෙන් ඔබ ආවොත් හොඳයි නංගියේ
කඩුල්ල ළඟ නෙත් දෙක ඇත මුරට සාවියේ………

ඔංචිලි වාරම් කියන්න……

රබන් සුරල් හඬ නෑසෙයි
කැවුම් කොකිස් සුවඳ අඩුයි
ගම නම් ඇත වෙනස්වෙලා පුංචි නංගියේ
මා නම් නැත වෙනස්වෙලා තවම ලේනියේ……….

ඔංචිලි වාරම් කියන්න……

අනුරුද්ධ වැලිගමගේ

සංගීතය සහ ගායනය මහේෂ් සිරිසේන 



Image result for sinhala avurudu art

සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images

              සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.



Wednesday, March 27, 2019

මහේෂ් එක්ක.... කැනඩාවට එන්නට මග..........

Image result for canada

Image result for canada

Image result for canada with flag


මහේෂ් මට මුලින්ම හමුවෙන්නෙ මිසිසාගා පන්සලට ගියපු වෙලාවක . ඒ 2011 අවුරුද්දෙ . ඊට පස්සෙ එකම නගරෙ ජීවත් වුණු මහේෂ් ඈත පලාතකට ගියේ තමන්ගෙ පුරුදු සෞඛ්‍ය අංශයේ හොද රැකියාවක් ලැබුණු හින්ද . බෑග් කිහිපයකට ජීවිතේම පොදි බැදගෙන පුංචි දරුවනුත් එක්ක නන්නාදුන රටකට ඇවිත් ජීවිතේ ගැටගහගන්න එක ලේසි පාසු වැඩක් නෙවෙයි . හීන ලෝකය හැබෑ ලෝකයක් කරගන්න එක හරිම දුෂ්කර වැඩක් .

Image result for ottawa canada

Image result for ottawa canada

කැනඩාවට එන්න සිහින මවන ගොඩ දෙනෙක් ඉන්නවා . සමහරු කෙටි මාර්ග හොයනවා . රැවටෙනවා . විවිධ අයට මුදල් ගෙවනවා . ඒ හැමෝම වෙනුවෙන් බ්ලොග් කලාවේ දැවැන්තයෙක් වෙන සොදුරු සුව අසපුව බ්ලොග් අඩවියෙන් ඔබ හමුවන මහේෂ් විශාල සමාජ සත්කාරයක් කරනවා . ඒ කැනඩාවට එන්නට මග හරහා .
http://www.nursinglk.com/

Image may contain: 2 people, tree, hat, outdoor and nature


ඒ ගැන උනන්දුවක් තියෙන අයට මුහුණු පොතේ තියෙන මේ යොමුව දිගේ විස්තර දැනගන්න පුළුවන් .

මේ සටහන මහේෂ් ගේ ඒ සත්කාරයට කෙරෙන උපහාරයක් .

dkY58c-FwbFfScp1OSVuRzUQoARf_tzSs6uoRl2mE1ma2YQBg&_nc_ht=scontent.fybz2-2.fna&oh=5bab46b02bb39c574e59f5cbc7e9af95&oe=5D4D193F

සේයාරූ - අන්තර්ජාලයෙන් - Google images

Image result for canada

Image result for canada

Image result for ottawa canada


Saturday, March 23, 2019

රීඩර්ස් ඩයිජෙස්ට් සගරාවේ මිලියන 8 ක් ගුණ වැයූ බෝට්ටු සවාරියෙන් අයිස් නැව තැනූ ඉසව්වට ...........

I hate doing the ordinary thing' – the unlikely female pioneer who ...

කැනේඩියානු සංචාරයක මතකය ..... රොකී කදුවැටිය වටේ රවුමක් 3

රීඩර්ස් ඩයිජෙස්ට් සගරාව ලෝකයේ දස අත ජනතාව කියවන ප්‍රමුඛ ප්‍රකාශනයක් .
එය ලෝකයේ සංචාරක ඉසව් පිළිබදව කල සමීක්ෂණයකින් මිලියන 8 ක ග්‍රාහක
පිරිසක් කැනඩාවේ හොදම බෝට්ටු සවාරිය ලෙස ගුණ වැයුවේ ආත්මීය දිවයින ( Spirit
Island ) වෙත යන මනස්කාන්ත බෝට්ටු සවාරියයි . ලංකාවේ නුවරඑළිය බදු යුරෝපීය
ගෘහ නිර්මාණ ශිල්පයෙන් සපිරි ඇල්බර්ටා පළාතේ පිහිටි ජැස්පර් නගරයේ
නවාතැනින් අප උදෙන්ම පිටත් වුනේ පැයක පමණ ගමනකින් ලගාවිය හැකි මලිග්නේ
විලේ ( Maligne Lake) බෝට්ටු සවාරියේ රසය විදින්නටයි . ජැස්පර් ඇල්පයින් නගරයෙන්
ඈතක හුදෙකලාව පිහිටි මේ පරිශ්‍රය කැනඩාවේ රොකී කදුවැටියේ රුව ගුණ
දකින්නට කදිම තැනක් . සති කිහිපයකට කලින් අන්තර්ජාලයට ගොස් මේ චාරිකාව
වෙන් කර ගත යුත්තේ බැන්ෆ් බෝට්ටු චාරිකාවල මෙන් නොව මෙහි ඉඩකඩ සීමිත
නිසා.

Maligne Lake | Alberta Canada


මලිග්නේ විලේ ( Maligne Lake)

Image result for maligne lake



අපි ලා නිල්පාට බෝට්ටුවට ගොඩ වුණා . රීඩර්ස් ඩයිජෙස්ට් පාඨකයින් වැරදි නැහැ .
බෝට්ටුවේ නියාමක වරිය කථාව පටන් ගත්තා . බෝට්ටුව කෙමෙන් කෙමෙන් දියබට
ඇදෙනවා . වීඩියෝ කැමරා , කැමරා , ජංගම දුරකථන හිම කදුවල , වන පියසේ රස උරා
බොනවා . හැමෝම මීයට පිම්බා වාගේ නිහඩව ඇගේ විස්තරයට කන් දෙමින් රූප
මතක වලට එකතු කරනවා . තරමක් මිල අධික වුණත් විනාඩි 90 ක ඒ අත්දැකීම ජීවිත
කාලෙටම අමතක නොවන එකක් . කැනඩාව කොච්චර ලස්සන පරිසරයක් තිබෙන
රටක්ද ? . අපි තාමත් දැකල තියෙන්නෙ කොච්චර පොඩි තැන් කිහිපයක් ද මට හිතුණා .




කැනේඩියානු රොකී සංචාරක ව්‍යාපාරයේ විශාල ආධිපත්‍යයක් දරණ බ්රුව්ස්ටර්
ආයතනයේ නිර්මාතෘ ෆ්‍රෙඩ් බ්රුව්ස්ටර් ( Fred Brewster) මුලින්ම මේ ඉසව්වේ සංචාරක
නවාතැනක් ඉදිකර ඇත්තේ 1927 දී . ඔබට කාල වේලාව ඇත්නම් මේ විලට යන
මාර්ගයේ ඇති වෛද්‍ය විල ( Medicine Lake ) බලන්නටත් , මග නැවතී පරිසරය
විදින්නටත් , කදු නැගීම් ,බයිසිකල් පැදීම් කරන්නටත් පුළුවන්

Related image

Fred Brewster

Medicine Lake | Alberta Canada


අයිස් නැව සහ පැට්‍රිෂියා විල ( Lake Patricia)

Image result for project habbakuk 1943

Project Habbakuk

Image result for lake patricia

ජැස්පර් නගරයට නුදුරින් පිහිටි පැට්‍රිෂියා විලට ඒ නම ලැබුනේ වික්ටෝරියා රැජිනගේ
මිණිබිරිය පැට්‍රිෂියා නිසා. කැනඩා ඉතිහාසයේදී පැට්‍රිෂියා විල ඉතා වැදගත්.
දෙවන ලෝක යුද්ධ සමයේදී මිත්‍ර හමුදාවන්ට පැවති ලොකුම ගැටළුව වුණේ ජර්මන්
හමුදා ගුවනින් යුධ නැව් වලට කරන ආක්‍රමණ. ඊට විසදුමක් ලෙස පිටතට මුහුදේ
පාවෙන අයිස් කුට්ටියක් සේ පෙනෙන නැවක් නිර්මාණය කිරීමට මිත්‍ර හමුදා සැලසුම්
කලා . ව්‍යාපෘතියේ රහස් නාමය වුනේ හබ්බාකුක් ( Project Habbakuk )
දේශගුණික සාධක, වන වැස්ම සහ ප්‍රධාන දුම්රිය මාර්ගය අසල පිහිටීම නිසා බැන්ෆ්
ආසන්නයේ පිහිටි ලුයිස් විලේ කල මූලික පර්යේෂණ වලින් පසුව සැබෑ පරිමාවෙන් 3 න්
එකක ප්‍රමාණයට අඩි 60 ක් දිග අයිස් නැව තැනීම ආරම්භ කලේ විලේ ස්වභාවික
අයිස් සහ ඒ නැව තුලම නිපදවන අයිස් භාවිතයෙන් . යුද්ධය නිමාවීමත් සමගම
ව්‍යාපෘතිය අත්හැර දැමුණා . 1985 දී සහ 2011 දී විල පතුලේ තිබූ ඒ නැවේ සුන්බුන් ඉවත්
කෙරුණා . අද ඔබ මෙහි ගියවිට ඒ වෙනුවෙන් ඉදිකළ සමරු ඵලකය දකින්නට පුළුවන්

Image result for lake patricia
.


ජැස්පර් අහස් ට්‍රෑම් රථය ( Jasper sky tram)

Top Things to Do in Jasper Skytram Jasper National Park, Alberta


අපි ඊළගට ගියේ කැනඩාවේ වැඩිම උසකින් ඇති අහස් ට්‍රෑම් රථය මගින් ජැස්ප කදු
මුදුනට . 1964 දී ඉදිකරන ලද මෙය ඔබව අඩි 7470 ක් උසට ගෙන යනවා . ට්‍රෑම් රථය
නවත්වන පර්යන්තයේ සිට කිලෝමීටර 2 ක පමණ කදු නැගීමකින් ඔබට එහි මුදුනටම
යන්නට පුළුවන් . ජැස්පර් කදු මුදුනේ සිට අවට පෙනෙන දසුන අති සුන්දරයි. වලාකුළු
ඇගේ හැපීගෙන යනවා . රොකී කදුවැටියේ උසම තැන වන රොබ්සන් කදු මුදුන ඈතින්
පෙනෙනවා . කදු මුදුනේ සිට විසල් පෙදෙසක් දකින්නට පුළුවන් පහලින් ඇති ජැස්පර්
නගරයේ නවතා තිබෙන දුම්රිය ගැල් පෙනෙන්නේ ඉතාමත් කුඩාවටයි.

Image result for jasper canada




මේ ගමනේදී යා හැකි තවත් තැන්

ඔබේ පවුලේ සහ ගමනේ සාමාජිකයින්ගේ මනාපය පරිදි ජැස්පර් නගරය කේන්ද්‍ර
කරගෙන සංචාරක වැදගත්කම ඇති තැන් රැසක් තිබෙනවා . ඔබට කාලය ඇත්නම්
ඒවාත් ගමනට එක්කරගන්න පුළුවන් .

 ජැස්පර් කෞතුකාගාරය ( Jasper Museum)

Jasper Museum, Alberta Canada

 ඇත්බස්කා ගගේ බෝට්ටු සංචාරය ( Athabasca river rafting)

JASPER RAFTING ADVENTURE ROCKS | Alberta Canada

 පිරමිඩ් විලේ බෝට්ටු පැදීම ( Pyramid lake Canoeing)

Wild Current Canoe Adventure at Pyramid Lake 2020 - Jasper


 මියෙට් උණු වතුර ළිං ( Miette Hot springs)

Miette Hot Springs | Alberta Canada

Image result for miette hot springs


Image result for lake patricia


එදා දවසේ අපේ ගමනාන්තය වුනේ කැම්ලූප්ස් නගරය . ගමනේ දුර නිසා අපි ටිකක්
කලියෙන් පිටත්වුණා . වලසුන් දකින්නට පුල පුලා බලා සිටි අපට ඒ අත්දැකීම විදින්නට
ලැබුනේ ඒ ගමනේදී . එක වලසෙකු දකින්නට පෙරුම් පිරූ අපට තනිව සහ යුගල
වශයෙන් සිටි වලසුන් රැසකගේ ස්වභාවික චර්යා දකින්නට ලැබුණා . ඒ ගමනේ

ගමනාන්තයට එන විට රෑ බෝවී තිබුණු බැවින් අපට වැඩි අසිරියක් විදින්නට ඉඩ
ලැබුනේ නැහැ . එහෙත් ඔබට ඉඩකඩ තිබේනම් නිවී හැනහිල්ලේ දවල් කාලයේ
යන්නට කදිම දර්ශනීය මගක් බව කිවයුතුයි .

Hike of the Week: Clearwater Lake Loop near Seeley Lake | Outdoors ...



ඔබේ ඉල්ලීම් සහ තොරතුරු සදහා අළුත් විද්‍යුත් ලිපිනයක් පටන් ගත්තා .
dasatha.sancharayakamathakaya@gmail.com විස්තර සදහා ලියන්න . ඉඩ ලැබෙන
පරිදි පිළිතුරු ලියන්නම් .

Image result for kamloops bc

මීළග කලාපයෙන් ....අවසන් පස් පිඩැල්ලෙන් කැනඩාව එක්වුණු හැටි සහ
රෙවෙල්ස්ටෝක් ජල විදුලි බලාගාරය බලන්නට යමු .

සටහන අනුරුද්ධ වැලිගමගේ 


සේයාරූ - හෙසදී වැලිගමගේ  සහ
               අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 Banff to Jasper the Icefields Parkway 2020 | Must Do Canada

කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2018  ජුලි   කලාපයේ පලවිය .

විශේෂ ස්තූතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට

Canadian Minority Media Database | Dasatha


මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 




මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි 



 


Wednesday, March 20, 2019

Beyond the Destination Cruiser Travel guide for Landmark travelling.............

Image result for paris


මේක ඉංග්‍රීසි යෙන් තියෙන බ්ලොග් අඩවියක් . මගේ සංචාරක අත්දැකීම් ඇසුරින් සංචාරක ඉසව් කරා යන්නට දෙන අත්වැලක් .

Beyond the Destination Cruiser

Travel guide for Landmark travelling.............
Image result for maligne lake


මගේ අරමුණ  ලැබෙන අදහස් අනුව යාවත් කාලීන කරන්නයි .

Image result for sigiriya


මේ තැන්වලට යන්න හිතනවා නම් මේ අදහස් උදව්වක් වේවි කියල හිතනවා .

ඔබේ අදහස් ලියන්න . ප්‍රශ්න අහන්න . යාළුවන් අතරේ බෙදා ගන්න .

https://beyondthedestinationcruiser.blogspot.com/


සැමට ස්තුතියි .

අනුරුද්ධ

Disclaimer

The above comments are based on my personal travel experiences to this particular location in summer months. Your experience may vary due to weather and traffic.
My trips were not sponsored by any of the authorities and my comments are not biased or representing any views of governing bodies.
History and information extracted from Wikipedia and photos were selected from Google images and all rights reserved with original owners.
This is only for an informational purpose. Not for commercial use.

Note.


Hope you will enjoy your visit. Please make your comments, suggestions & travel questions. I am happy to provide information on my earliest convenience & update the post accordingly.

Image result for nasa kennedy space center florida

Saturday, March 16, 2019

දෙවැට දිගේ වතුසුදු මල් පිපිලා……අනුරුද්ධ වැලිගමගේ....කවි


Related image


දෙවැට දිගේ වතුසුදු මල් පිපිලා
පාර දිගට මල් වරුසා වැහැලා
හිනැහෙන හිරු හා ඔච්චම් කරමින්
 එන ඔබ හට මල් පාවඩයක් එලුවා

සිනා මලක් තොල්පෙති මත රන්දා
නීල නුවන් දෙකොනින් හැඩ ගන්වා
 නගේ නුඹ එදා රහසක් කීවා
මුවින් එකදු වදනක් හෝ නොදොඩා


සිත්තම් පුවරුව මගේ ලෝකයේ
 පාට පාට පැන්සල් රූ මැවුවා
 සිතුවම ඇතුලේ සැගවුණු නංගි
 හිතේ තියෙන හැම දෙයක්ම ඇහුවා



අනුරුද්ධ වැලිගමගේ

Related image

Saturday, March 9, 2019

අද කතා සිරාගේ කාමරේට එබී බලමු .....සිරා කොළුවා ....සිතියමක් සමග පැය 24 ක් සහ බිරිඳ මගේ ඔබ...

Related image


මල්ලි පොඩි විවේකයක් ගන්න. අපි දන්නවා ගොඩාක් මහන්සි ඇති ඔයාට....ඒත් මේ වෙලාවෙ අපිට විකල්පයක් නෑ. ඉන වටේ තිබුන බෙල්ට් එක ගලවලා දාලා සපත්තු දෙකත් ගලවා ඉවත් කලා. හමුදා සෙබලුන් සෑම පැයකට වතාවක්  මට විවේකයක් ගන්නා ලෙස එතැන් සිට දැනුම් දුන්නත් රාජකාරිය එක්ක බොහොම තදින් බද්ධ වෙලා හිටි මට විවේකයකින් පලක් නෑ.

දැන් වෙලාව පාන්දර 5 යි. සිතියම් 3 එක් සිතියමක් විදියට සකස් කරලා අවසන් උනේ ඒ වෙද්දි. පුංචි පුංචි ඇළ මාර්ග, කෙස් ගස් වගේ දිවෙන මහා මාර්ග එකට එක සම්බන්ධ කරන එක පණයන වැඩක්. වටින් ගොඩින් අඳුර පහවෙන ලකුණු වීදුරු ජනෙල් අතරින් මට පේනවා. හිසේ පැත්තක් නෑ වගෙයි දැන් මට දැනෙන්නෙ. හරියට මහා බරක් හිස උඩ තිබ්බා වගේ...නෙත් කෙවෙනි පියවෙන්න වෙර දරනවා. මම මේ අවස්ථාව වෙන තෙක් ඒවා මොනතරම් නම් පීඩාවට පත් කලාද ?

පාන්දර 5න් පස්සෙ එක් එක් අවස්ථා වල වෙන් වෙන්ව ස්කෑන් කොට සම්බන්ධ කල සිතියමේ කොටස් වල වර්ණ ගැලපීම ආරම්භ කලා. ඒ කාරිය අවසන් වන විට මගේ සහෝදර සේවක කැල අලුත් දවසක රාජකාරියට වාර්තා කරලා.

අයියා අද උදේම වැඩට ආවද ? එකියක් මගෙන් අහනවා.... ඒ දැරිවි දන්නෙ නෑ මම මේ වැඩ කරන්නෙ කලින් දා උදේ සිට බව. ඒ බව ඇහුවාම ඒ මුහුණු විශ්මයකින් ඇලලී ගියා.

දැන් වේලාව උදෑසන 10. සිරා කොලුවගෙ හෘදය තවමත් ස්පන්දනය වෙනවා. මේ CD තැටියෙ අපි කලින් කරපු සිතියම තියෙනවා. ඒකත් එක්ක ඔයාගෙ අලුත් සිතියම එකට සම්බන්ධ කරලා තැටියට දාලා දෙන්න. කෝප්‍රල් චරිතයක් මට එහෙම කිව්වා. ඒ කාරියට තවත් පැය භාගයක වගේ කාලයක් ගත වෙන්න ඇති.

ඕන්න දැන් සිතියමේ වැඩේ අහවරයි. අඩි 14 ක් දිග දැවැන්ත සිතියමක් මුද්‍රණයට සූදානම්. මෙහි තියෙන විශාලත්වය නිසා සැබෑ සිතියමේ කුඩාවට පෙනෙන ඇතැම් දේ මෙහි ඉතාම පහසුවෙන් දැකගන්න පුලුවන්.

මේ වෙද්දි සිරා කොලුවට කෙලින් හිටගෙන ඉන්න පණ නෑ. පැය 24 කටත් වැඩි කාලයක් එක දිගට පරිගණකයක් දිහා බලාන ඉදලා...වැඩ කරලා මගේ නෙත් යුග ගොරකා මඳ වගේ රතු වෙලා.

මල්ලි ඔයාගෙ කම්පියුටර් එකෙන් මේ සිතියම් අපි ඉස්සරහම මකලා දාන්න. Shift Delete ගහන්න. (මකා දමන දෑ පරිගණකයේ කුණු බක්කියේ තැන්පත් නොවන සේ)


How to share a Google Map on desktop or mobile - Business Insider

මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...


අද කතා සිරාගේ කාමරේට එබී බලමු     ..........

සිතියමක් සමග පැය 24 ක්  ......

http://siragekamare.blogspot.com/2014/10/24.html

Minimap bigger than map itself or how to... - Dota 2 community ...

බිරිඳ මගේ ඔබ...

http://siragekamare.blogspot.com/2018/07/blog-post.html




ඇසුරෙන් කෙරුණු රේඩියෝ කෙටිකතාව .........



* සේයාරූ - අන්තර්ජාලයෙන් - Google Images

කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .

Image result for sawana radio


සිරා කොළුවාගේ  ගේ සම්පුර්ණ කතා එකතුව සදහා සිරාගේ කාමරේ   බ්ලොග් අඩවියට යන්න .

http://siragekamare.blogspot.com/


විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට

Image result for sawana radio

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 Galaxy Couple Art Print by ahmadillustrations | Society6

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.