මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, June 29, 2019

හුරුළු වැවට පායන සඳ………….අනුරුද්ධ වැලිගමගේ....ගීත....ශ්‍රීලාල් අමරජීව ෆොන්සේකා,රෝහණ ධර්මකීර්ති ,


Image result for sri lankan wewa with moon

නිමිත්ත

අනුරාධපුර ප්‍රදේශයේ  රැකියාව කරන කාලයේදී ගලෙන්බිඳුනුවැව තිබුනේ මගේ සේවා ආවරණය වූ කලාපයේ . මහවැලි දියවරින් පෝෂණය වන හුරුළු වැව බලන්නට හරිම ලස්සන තැනක් .

හරි ලස්සනට හද පායලා තිබුණු රැයක ඒ වැව් ඉවුරේ මිතුරන් සමග ගත කරපු වෙලාවක වැවේ අනික් මායිමේ කැලෙන් මතුවුණු අලි රෑනක් අපිට පෙනුණා .සද රැස් වැටිලා වැව් දිය හරි ලස්සනට පෙනුණා . පස්සෙ ප්‍රදේශය ගැන මගේ තිබුණු අත්දැකීම් එක්ක වචන වලට කැටිවුනේ මෙහෙමයි .

Image result for elephants at night



හුරුළු වැවට පායන සඳ  සෙනෙහෙ වඩනවද 
තුන්පත් රෑනේ ඇතුන්ට සීපද කිව්වද
පුදින නාබර ගොයමට පෙම් කවි ලීව්වද
නුබේ සිතට හිත ඉල්ලන් නෑගම් එනවද

ශිල්ප සැදූ සිප්හල අප දෙදෙන එකලු කල
වියපත්වී දුක හිතිලා කඳුළු සලනවද
දෙදෙනා අද තිදෙනා වී පැතුම් මලින් බර
අප සිත් මල් පුබුදු කලේ හැංගි හොරා මද   

සිදාදියෙන් කරපින්නා පැමිණි නපුරු කල
ගම් දැලේ සොදුරු සිරිය වනසා දැම්මද
කලින් කලට වෙනස් නොවන අල්ප අඳුරු මල
නුබේ සිතට මුවා නොවන් අනේ කිසිම කල

අනුරුද්ධ වැලිගමගේ

Related image




ගීත ගායනය - ශ්‍රීලාල් අමරජීව ෆොන්සේකා 

Image result for srilal fonseka


සංගීතය - රෝහණ ධර්මකීර්ති 


Image result for rohana dharmakeerthi


ආචාර්ය ජගත් රූපසිංහ ගේ අදහස් එක්ක ගීතය අහන්න 

Image result for rupane tv

http://rupane.com/vimeo-video/rupane-episode-97-july-14-2018/

time code    34.10  -37.22


https://vimeo.com/279979305?fbclid=IwAR0O2wm_JHokj2qYCCMzpoU0EEJwz--dJbfag0v_2fYUoXUmz39tP15fbv4#t=14m00s


Image result for sri lankan village drawing

Image result for sri lankan wewa at night

Saturday, June 22, 2019

මැරලින් මොන්රෝ, ජුරාසික් පාර්ක් සිට එලන් ගේ වැඩසටහන තැනෙන බයිස්කෝප් ලෝකයට......

Marilyn Monroe. Facts you may not know and the story behind that ...

ඇමෙරිකානු සංචාරයක මතකය ........ ලොස් ඇන්ජලීස් නුවර මතක 1

Related image

නෝමා ජීන් මොටෙන්සෙන් ( Norma Jeane Mortenson ) නම කිව්වොත් ඔබ ඇයව දන්නේ
නැහැ . ඒත් මැරලින් මොන්රෝ ( Marylyn Monroe) කියන නම නොදන්නා කෙනෙක් නැහැ
. බටහිර රටවල හොලිවුඩ් සිනමාව ඒ තරමටම ජනප්‍රියයි . සමස්ථ ලෝක චලන
චිත්‍රපට කලාවේ මහගෙදර ලෙස සැලකෙන්නේ කැලිපෝනියාවේ ලොස් ඇන්ජලීස්
නුවර පිහිටි හොලිවුඩ් ප්‍රදේශයයි . ජුරාසික් පාක්( Jurasik Park ) , කිංග් කොං ( king Kong)
 ඩිස්නි ( Disney) චිත්‍රපට තැනුණු බයිස්කෝප් ලෝකයට ඔබව ගෙනයන්නට හිතුවෙ
ඒ නිසයි.

Image result for hollywood

කැනඩාවේ ශීතල රොකී කදු වටා ගිය ලිපි පෙල කියවා ගිම්හානයේ ඒ අත්දැකීම
විදගත් අපේ පාඨක ඔබ එවූ ස්තුතිය දසත පිලිගන්නේ මහත් සතුටින් .
ලොව පුරා දස අතින් ජන ගග ගලන සිනමා කර්මාන්තයේ නිරත බොහෝ දෙනා
වෙසෙන ලොස්‌ ඇන්ජලීස් නගරය ඉතා කාර්යබහුල නගරයක් .

Image result for hollywood walk of fame


යුනිවර්සල් චිත්‍රාගාරය ( Universal Studios)


Image result for universal studios hollywood


මිලියන 9 කට අධික පිරිසක් 2017 දී සංචාරය කල යුනිවර්සල් චිත්‍රාගාරය ශත 5 කට
බලන්නට අවස්ථාව තිබුනේ එය ආරම්භ කල 1915 දී . ඔබ දැක ඇති බොහෝ චිත්‍රපට
සදහා යොදා ගැනුණු පසුතල වූ ගම්මාන , නගර ඇතුළු ලෝකයේ තැන තැන නගර මේ
පරිශ්‍රයේදී ඔබට දකින්නට පුළුවන් .




ගැල් කිහිපයකින් යුත් ට්‍රෑම් රථයකට ගොඩවී අප කල චිත්‍රාගාර සංචාරයේදී අප
යුරෝපීය නගර වල ගොඩනැගිලි , නිව්යෝර්ක් සහ තවත් ඇමෙරිකානු නගරවල විථි
පුනරුපණය කල ඉදිකිරීම් දුටුවා . හැබවින්ම ඒවායේ ඇත්තේ පිටත පෙනුම නිරුපණය
කෙරෙන පසුතල . චිත්රපටයට අවශ්‍ය පරිදි නාම පුවරු එල්ලන බවයි නියාමක වරිය
කීවේ . වරෙක අප රථය නැවත් වුවේ මෙක්සිකෝවේ ගම්මානයක් ප්‍රතිනිර්මාණය කල
තැනක . හදිසියේම ගංවතුරක් ආවා . ගම්මානය ඉන් සුණු විසුණු වී ගියා . ගොපළු
ගම්මානයක කඩ මණ්ඩියක් රූපගත කිරීමකට සුදානම් වෙනවා .



 අපි මුහුදු වෙරළබඩගම්මානයක පසුතලයක් අද්දරින් ගියා . එකපාරටම ධීවර බෝට්ටු
වලට තෙල් සපයන මධ්‍යස්ථානය ගිනි ගත්තා . ගිනි දැල්ලේ රස්නය දැනි දැනී අපි
වෙරළබඩ ගම්මානයෙන් ඉවතට යන්නට සුදානම් වෙද්දී විශාල මෝරෙකු මතුවී
 මුහුදේ පීනමින් සිටි අයෙකු ගිල දැම්මා . අපි ඊළගට ගියේ සිව්මාන (4D ) කුටියකට .
 ඇතුළුවීමේ දොරටුව අද්දර ප්‍රහාරයකින් අබලන් වූ අප ගමන් කල අන්දමේ
රථයක් තිබුණා . අප ගිය කුටිය අදුරු එකක් එකපාරටම එය නිවර්තන
වනාන්තරයකට පරිවර්තනය වුණා . සිංහරාජයේ ගද
සුවද තෙතමනය දැනෙන්නට වුණා .දිය සීරාව ඇගට දැනෙන මොහොතේ කිං කොන්ග්
එහෙ මෙහෙ ගියේ අපේ රථය පද්දමින් . අන්තිමේදී කිං කොන්ග් ළගට ආවා අපට
සිහිවුණේ දොරටුව ළග තිබු විනාශ වූ ට්‍රෑම් රථය . මොහොතකින් අපට දැනුණේ අපේ
ට්‍රෑම් රථය කිං කොන් විසිකරනවා වගේ . මම ඇස් දෙක පියාගත්තා . තවත් විස්තර
ලියන්නට පුළුවන් .ඒත් ඉතිරිය ඔබට විදින්නට තබා තව එක් සිදුවීමක් පමණක්
කියන්නම්. අපි තවත් කුටියකට ගියා . අපට දැනුනේ අපි ටොරොන්ටෝවේ ඊටන්
මධ්‍යස්ථානයේ පහතින් යන උමං දුම්රිය නැවතුමට ගියා වාගේ . එකපාරටම
භූමිකම්පාවකින් වගේ වටපිට හෙලවෙන්නට පටන් ගත්තා . වේදිකාවට පැමිණි දුම්රිය
පීලි පැන්නා . අපේ ට්‍රෑම් රථයේ වැදී නොවැදී නතර වුණා . ජල නල පුපුරා වතුර
විසිවෙන්න ගත්තා . විදුලිය විසන්ධි වුණා . තාම ඒ දර්ශන ඇත්තටම චිත්‍රපට වල
වගේ වෙන සිදුවීම් වගේ ඇගට දැනුණා .

Image result for universal studios hollywood


මීට පෙර සංචාරයකදී ඔබව කැදවා ගෙන ගිය ඩිස්නි ලෝකයේ සංචාරයේදී දුටු
චිත්‍රපට දර්ශන ප්‍රතිනිර්මාණය සිහියට ආවේ වෝටර් වර්ල්ඩ් ( Water World) දර්ශන
තලයේදී . එහි ත්‍රාසජනක අත්දැකීම් වචනයෙන් විස්තර කරනවාට වඩා ගිහිල්ලම
බලන එක හොදයි . කැමති නම් ඒ රංගනය අවසානයේ ඔබට රග පෑ නළු නිලියන්
සමග සේයාරුවට පෙනී ඉන්නත් පුළුවන් .


හැරී පොටර් ( Harry Potter) කලාපයේදී "බටර් බියර් "(Butter Bear) බොන්නත් , මැජික්
යෂ්ටියක් (Wands) ගන්නත් පොරකන සෙනග මැද්දේ අප ගියේ හැරී පොටර් මාලිගාවේ
අත්භූත ගමනකට. පැයකට කිට්ටු කාලයක් පෝලිමේ හිද විනාඩි 5 ක ඒ අත්දැකීම
විදගත් අප රාත්‍රියේදී අපහු එතනට ආවේ අදුරු මන්දිරය වර්ණවත් විදුලි රටා මගින්
කල වියමන බලන්නයි .




ඉතා ඉහළ මිලකට මිල නියම වන දිනක ප්‍රවේශ පත්‍රයක් ගන්නට වන මේ පරිශ්‍රයේ
කරන්නට බොහෝ දේ තිබෙනවා . උදැසනින්ම යාමත් , රාත්‍රියේ සංදර්ශනයත් දක්වා
කාලය නිසි ලෙස කළමනාකරණය කරගැනීමත් තුලින් ඔබටත් පහසුවෙන් දිනකින් මේ
පරිශ්‍රය ආවරණය කරන්නට පුළුවන් .




හොලිවුඩ් මාවත ( Hollywood Boulvard)


Image result for hollywood boulevard

හොලිවුඩ් වලට යන හැමෝම අමතක නොකර යන තැනක් තිබෙනවා . ඒ හොලිවුඩ්
මාවතට . ජනප්‍රිය කලාවේ නම් දැරූ පුද්ගලයන්ගේ නම් කෙටූ තරු ඇතිරූ පදික
වේදිකාවක් ඇති මේ මාර්ගය සිනමා රසික රසිකාවියන්ගෙන් කොයි වෙලාවෙත් පිරිලා
තියෙනවා .
1910 දී හොලිවුඩ් නගරය බිහිවෙද්දී අළුතින් නම් කෙරුනු මේ පාරේ මුල් නම Prospect
Avenue ඒත් මේ පාර මේ තරමට ජනප්‍රිය වුනේ 1920 දී මේ පාර දෙපැත්තේ ඉදිකිරීම්
කල හොලිවුඩයේ පියා ලෙස සැලකෙන චාල්ස් ටොබර්මන් ( Charles Toberman) නිසා
.මුලින්ම ඔහු Egyptian, Capitan සහ Chinese නමින් චිත්‍රපට ශාලා 3 ක් සහ හෝටල් 3 ක්
ඉදිකලේ ජනප්‍රිය සිනමා සංස්කෘතියකට පාර කපමින් . ඈත හොලිවුඩ් කදු මුදුනේ
ඇති හොලිවුඩ් සලකුණ බලමින් රැයක් , දවාලක් නොමැතිව විනෝද වන පිරිස් මෙහිදී
දකින්නට පුළුවන් .

Image result for charles toberman

Related image

මේ පාර Hollywood Christmas Parade එකේදී මාධ්‍ය වල විශේෂ අවධානයට
යොමුවෙනවා . අප වොෂින්ටන් වලදී ඔබව ගෙනගිය මැඩම් ටුසාඩ් ඉටි
කෞතුකාගාරයේ ( Madame Tussauds Wax museum) ශාඛාවක් සහ නිව්යෝර්ක්
සංචාරයේදී ගෙන ගිය රිප්ලීස් පුදුම එකතුවේ ( Ripleys Believe it or not) ශාඛාවක් මෙහි
ඇති නිසා ඔබට මේ ගමනේදී ඒවා විදින්නත් පුළුවන් .

Image result for angels flight railway los angeles

ඔබේ සංචාරයට එක් කර ගත හැකි තවත් තැන් .

 Angels flight Railway

LA's historic Angels Flight Railway recommences public service ...

 Kodak Theatre

Image result for kodak theatre los angeles

 Rodeo Drive

Rodeo Drive, Los Angeles, CA - California Beaches

 Sunset boulevard

Sunset Boulevard Images, Stock Photos & Vectors | Shutterstock
 Museum of Jurasic technology

Museum of Jurassic Technology (Culver City, CA) | Culver city ...

 California Science Centre

California Science Center Event Spaces | BizBash



ඔබේ ඉල්ලීම් සහ තොරතුරු සදහා අළුත් විද්‍යුත් ලිපිනයක් පටන් ගත්තා .
dasatha.sancharayakamathakaya@gmail.com විස්තර සදහා ලියන්න . ඉඩ ලැබෙන පරිදි
පිළිතුරු ලියන්නම් .

Image result for universal studios hollywood


ලබන මාසයේදී දශකයක් තරුණ පරපුර රොද බැදි Friends සහ මේ වනවිට ජනප්‍රියත්වයේ
ඉහළම තිබෙන එලන් වැඩසටහන තැනෙන War ner Bros. චිත්‍රාගාරයට යමු

සටහන    අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ - හෙසදී වැලිගමගේ  සහ

 අන්තර්ජාලයෙන්  Google Images, 
 සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

Image result for universal studios hollywood



Image result for dasatha

කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2018  නොවැම්බර්  කලාපයේ පලවිය .
විශේෂ ස්තූතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට



Image result for marilyn monroe famous photos

Saturday, June 15, 2019

පිය ගුණ සැමරුම ... පියවරුන්ගේ දිනය වෙනුවෙන්...රූපවාහිනි අත්දැකීම

Cute and Funny Instagram Captions for Photos With Dad | Travel + ...

සීයා කෙනෙක් , පියෙක් සහ පුතෙක්  පියවරුන්ගේ  දිනය දකින හැටි ....

සයිමන් නවගමුව  සීයා , ප්‍රියන්ත කුමාරවඩු  පියා සහ ලිවිරු අබේගුණවර්ධන පුතණුවන්  සමග රූපවාහිනී 
අත්දැකීම

මිදුලේ වැලි මාලිගාවේ .....
ගීත ගායනය - මෙනුලි රණවීර 

පිතු සෙනෙහේ ......
ගීත ගායනය - චන්දි දහනායක 




http://rupane.com/vimeo-video/rupane-episode-93-june-16-2018/


ඉදිරිපත් කිරීම - සුනිමල් බාලසුරිය

සංකල්පය සහ පිටපත  - අනුරුද්ධ වැලිගමගේ

සංස්කරණය - පුබුදු ප්‍රියංකර

නිෂ්පාදනය සහ අධ්යක්ෂණය -දිනේෂ් පීරිස්

විධායක නිෂ්පාදනය -  වීරා ෆොන්සේකා

Image result for fathers

Image result for rupane tv

කැනඩාවේ රූපණ  අන්තර්ජාල රූපවාහිනියේ  වැඩක් .....

සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
              සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි ,


Saturday, June 8, 2019

තාත්තලා ........රේඩියෝ කෙටිකතා.....අනුරුද්ධ වැලිගමගේ


Dad Son Images, Stock Photos & Vectors | Shutterstock

පියවරුන්ගේ දිනය ගැන සුනිල්ට හිතුනෙ තාත්තලා අම්මලා එක වහල යට නැති කලක තමන්ට ජීවය ලබන්න අවස්ථාව දුන්නු පිරිමියාව මතක් කරන්න දවසකට ගිහින් තෑග්ගක් දෙන දවසක් විදිහටයි. ඒ මේ රටේ සංස්කෘතිය විදිහට . හැබැයි ඉතින් එච්චර අසුබවාදී වෙන්නෙ මොකටද ?. එහෙම හරි ඒ මනුස්සය මතක් කරන එක වටිනවා නේද ? . සුනිල් හිතන්න ගත්තේ සුබවාදීව.  සුනිල්ගේ හිත ඈතට ඇදිල යනවා. කිරිඅත්තල , අප්පච්චිලා , පප්පල ඉන්න ලංකාව දිහාවට.  ....

මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...

Image result for father and daughter

අද කතාව  අනුරුද්ධ වැලිගමගේ   ගේ  තාත්තලා .........


කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .

Image result for sawana radio

Image result for sawana radio

විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්රවීණ ගුවන් විදුලි මාධ්යවේදී වසන්ත ලංකාතිලකයන්ට


Image result for father and son

සේයාරූ
 අන්තර්ජාලයෙන්  Google Images,  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි