මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, March 28, 2020

හිරු උදාවත් එක්ක Antelope Canyon සහ Horseshoe Bend හැඩ බලන්නට ....ඇමෙරිකානු සංචාරයක මතකය ...... Grand Canyon වටේ රවුමක් 2.



Grand Canyon කියල කියන්නේ පොලොවේ තිබෙන විශාල අගාධයක්. එය දිගින් කිලෝමීටර 446 ක් පළලින් කිලෝමීටර 29 ක්. සමහර තැන් මීටර් 1800 ක් තරම් ගැඹුරුයි .වසර මිලියන ගණනක් තිස්සේ කොලරාඩෝ ගග ගලා යද්දී සෝදාගිය බිම් කඩක් .කොලරාඩෝ ගග, කොලරාඩෝ ප්රාන්තයේ රොකී කදුවැටියෙන් පටන්ගෙන මෙක්සිකෝවේ බාජා කැලිෆෝනියා සහ සෙනෝරා අතරින් පැසිපික් සාගරයට එකතු වෙනවා .ඇමෙරිකාවේ ප්රාන්ත 7 ක් සහ මෙක්සිකෝවේ ප්රාන්ත 2 ක් පහුකරගෙන කිලෝමීටර් 2330 ක් දුර යන මේ ගග ජලය සහ විදුලිය සපයමින් විශාල ජනතාවකට සෙත සදනවා.

Image result for grand canyon aerial view"

Grand Canyon වල විශාල ප්රමාණයක් තිබෙන්නේ Arizona ප්රාන්තයේ .කුඩා ප්රමාණයක් Utah සහ Nevada ප්රාන්ත වලත් පිහිටා තිබෙනවා. ඇමෙරිකානු National Park service යටතේ පාලනය වන Grand Canyon national park, සමහර කොටස් Hualapail Tribal nation සහ Havasupai Tribe යටතේ පාලනය වෙනවා. නෙවාඩා ප්රාන්තයේ ලාස් වේගාස් වලින් අපි ගමන පටන් ගත්තා Utah ප්රාන්තය හරහා ගිහින් Kanab නගරය පහුකරලා Page නගරයට අද දවසෙ යන්නයි අපේ බලාපොරොත්තුව.

Image result for cowboys in grand canyon"


  අතරමග භූ විෂමතාවය වෙනස් වෙන්නෙ පුදුම විදිහට. පාට පාට කදු, පස් ගොඩවල් එක එක රටා මවනවා. ඩෑෂ් බෝඩ් කැමරාව රූප එකතු කරනවා. අපි පාර අයිනේ වාහන නවත්වන්න සකස් කල නැවතුමක වාහනය නතර කලා. කව්බෝයි චිත්රපට වල පසුතල මගේ සිහියට එනවා. බොහෝ චිත්රපට Grand canyon වල රූපගත කරලා තියෙනවා. තරමක දිගු රථ ධාවනයකට පස්සෙ ගුලි ගැහිලා තිබ්බ කකුල් දෙකට නිදහසක් දෙන්න මේ වගේ පොඩි විරාමයක් හොදයි. කට්ටියම ආදී වාසීන් සැමරුම් විකුණන තාවකාලික මඩු අද්දරට ගියා. භයානක සිහින සගවා තබන බව කියන Dream Catcher එකක් අපේ සිහිවටන ගොන්නට මිලට ගත්තා. ඔබට පෙන්වන්න සේයාරූ කිහිපයකුත් ගත්තා.

Image result for dream catcher in arizona"

අපි පහුකරන බොහෝ ප්රදේශ කාන්තාර, ලදු කැලා, මිනිස් පුළුටක්වත් පේන්න නැහැ. අත්භූත අත්හදා බැලීම් කරන Area 51 වගේ ප්රදේශ මේ පැත්තෙ තියෙන්නෙ හින්ද වෙන්න ඇති. වතාවක් අපි ලොකු විලක් වගේ එකක් ඈතට දැක්කා. ළගට ගියාමයි දැක්කෙ සුවිසල් සුර්යකෝෂ ගොවිපොලක්. පැය 5-6 ගමනකට පස්සෙ අපි නැවතුනේ Glen Canyon වේල්ල ලග .වෙලාව වැඩිපුර තියෙනවා නම් ඔබට Wahweap Overlook සහ Glen Canyon dam overlook වල නැවතිලා අසිරිය විදින්නත් පුළුවන්.

Image result for wahweap overlook sunset"

Image result for glen canyon dam"

Glen Canyon Dam

Image result for glen canyon dam"

1956-66 කාලයේදී ඉදිවුණු මේ දැවැන්ත කොන්ක්රීට් වේල්ල තිබෙන්නේ Page නගරය පේන දුරින්. අඩි 710 ක් උස මේ වේල්ල අක්කර අඩි මිලියන 27 Lake Powellජලාශය නිර්මාණය කරනවා. කොලරාඩෝ ගගේ විශාල ජල කදක් රදවා ගන්නා මේ ජලාශය නම් වුනේ භූ විද්යාඥ John Wesley Powell නමින්.

Image result for john wesley powell



නියග කාලවලදී පහල නිම්නයේ ජනපදවලට ජලය සුරක්ෂිත කරන මේ ජලාශය වසරකට කිලෝවොට් බිලියන 4 ජල විදුලියක් උත්පාදනය කරනවා. Carl Hayden Visitor Centre එක කුඩා දරුවන්ට හොද අධ්යාපනික වටිනාකමක් තියෙන තැනක්. ඔබට අවශ් නම් විදුලි බලාගාරයේ සංචාරයකට යන්නත් පුළුවන් . අද්දරම තියෙන පාලමත් ලස්සන දසුන් මවන තැනක්. දැඩි සුළග සහ ආරක්ෂාව සදහා පාලම දෙපස දැල් ගසා තිබුණත් කැමරාව හෝ ජංගම දුරකථනය භාවිතා කර සේයාරූ ගන්නට කුඩා කවුළු කීපයක් තබා තිබෙනවා. 



Image result for Carl Hayden Visitor Centre"


ගමන් විඩාවත් එක්ක අපි ගිහින් Page නගරයේ කලින් වෙන්කරවා ගෙන තිබුණු නවාතැනේ නතර වුණා Page කුඩා නගරයක් හින්ද මේ නවාතැන් කලින්ම වෙන්කරවා ගන්න එක හොදයි. පහුවදා උදේ පාන්දරින්ම නැගිටින්න ඕන හින්ද අපි එදා ටිකක් කලින් නිදාගත්තා.

Image result for Carl Hayden Visitor Centre"

Image result for antelope canyon"

Antelope Canyon

Image result for antelope canyon"

අපි උදේ පාන්දරින්ම නැගිට්ටෙ Antelope Canyon එකට යන්න. අපේ චාරිකාව තිබ්බෙ ඉර උදාවත් එක්ක උදේ 6.45 . අපි ගියේ Lower Antelope canyon කියන කොටසටයි. Navajo ගෝත්රික කණ්ඩායම් විසින් මාර්ගෝපදේශක සංචාර සංවිධානය කර ඇති මෙය කොටස් 2 කින් යුක්තයි. Upper Antelope canyon ( The Crack), Lower antelope canyon ( The corkscrew ) විදිහට. Navajo Sandstone වසර මිලියන ගණනක් තිස්සේ ගංවතුර සහ වැහිවතුර නිසා ඛාදනය වීමෙන් තමයි මේ canyon හැදිලා තියෙන්නෙ. බලන්න ලස්සනයි.

Image result for antelope canyon"

ටිකක් අවදානම් ගමනක් වන මෙහිදී පඩිපෙල නගින්න බහින්න, කුඩා ඉඩ අතරින් රිංගා යන්න වෙනවා. ඒත් ඉර එළිය වැටිලා එක එක හැඩතල, පාට මවනකොට අර අමාරුකම් මග ඇරිලා මෙච්චර ලස්සන තැන් ලෝකෙ තියෙනවනෙ කියල හිතනවා. මේ ගමන ඔවුන් යන්නෙ 20 විතර කණ්ඩායමක්. අපව කැදවාගෙන ගිය තරුණයා අළුත් තාක්ෂණය ගැන යාවත් කාලීන වූ කෙනෙක් නිසා හරිම පැහැපත්, දර්ශණීය රූප ගොන්නක් ගන්න ඔහුගෙන් ලැබුණු උදව්ව හරි ඉහලයි. පැයකින් විතර චාරිකාව ඉවර වුණා. වැඩියෙ සෙනග පිරෙන්න කලින් ලගම තියෙන Horseshoe Bend බලන්න ගියේ එතකොට හිතේ හැටියට ෆොටෝ ගන්න පුළුවන් හින්ද.

Image result for horseshoe bend arizona"

Horseshoe Bend

Page නගරයට කිලෝමීටර් 6 ක් තරම් දුරින් තියෙන මේ මනරම් භූ පිහිටීම නම් අත අරින්න එපා .අශ්ව ලාඩමක හැඩයේ දැඩි පර්වත කුට්ටියක් වටේ කොලරාඩෝ ගග ගලා යාමේදී තමයි මෙතැන නිර්මාණය වෙන්නේ. එය බලන්නට ඉදිකර ඇති පරිශ්රය ජීවිතයේ ඔබට මතක හිටින සේයා සිහිවටන ඉතුරු කරනවා සිකුරුයි. සමහරු නම් කියන්නේ හෙවනැලි නොවැටෙන මධ්යහානයට මෙය බලන්න කියලයි. හැබැයි අපි ගිය අගෝස්තු මාසෙ නම් දවල් වෙනකොට දරාගන්න බැරි තරමේ රස්නයක් තියෙන හින්ද අපි උදෙන්ම ගියේ විඩාව අඩුකරන්නත් එක්ක. හැබැයි මට නම් හිතුනෙ ෆොටෝ ගන්න වැඩියෙ හොද උදේ හරි හවස හරි කියලයි.

Image result for horseshoe bend arizona"

අපි ආයෙමත් නවාතැනට ගිහින් කෑම කාලා ගමන පටන්ගත්තා. අපේ බලාපොරොත්තුව Grand Canyon South Rim එකට යන්නයි. ඒත් ඔබ කැමති නම්, වෙලාව තියෙනවා නම් ගොඩ වැදෙන්නට පුළුවන් North Rim එකට යන පාර හමුවන්නේ මේ ගමන අතරෙදි. දින 7 ක් වලංගු Grand canyon park vehicle pass එකක් ගත්තම ඔබට තිබෙන වෙලාව අනුව ගොඩක් දේ බලන්න පුළුවන්.

Image result for grand canyon national park"


ඔබේ ඉල්ලීම් සහ තොරතුරු සදහා අළුත් විද්‍යුත් ලිපිනයක් පටන් ගත්තා. dasatha.sancharayakamathakaya@gmail.com විස්තර සදහා ලියන්න. ඉඩ ලැබෙන පරිදි පිළිතුරු ලියන්නම්


සටහන අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ -  හෙසදී වැලිගමගේ.
                     සහ  අන්තර්ජාලයෙන්  Google Images,  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

Image result for grand canyon national park"


මීළග කලාපයෙන් Dessert View වල ඉදන් Hermits Rest දක්වා Grand Canyon එක දිගේ ගමනක් යමු.


Image result for grand canyon national park"

කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2019 ජුනි  කලාපයේ පලවිය.

Image result for dasatha publications



විශේෂ ස්තූතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට



Saturday, March 21, 2020

සැබෑව සහ මායාව .......චිත්‍රපට තුලින් ලෝකය දකිමු .....4.

Image result for animated films"


චිත්රපට වලදී අපට සැබෑව සහ මායාව හදුනාගන්නට අසීරු තරම්. මේ වනවිට චිත්රපට සදහා ඉතා විශාල ලෙස නවීන ත්රිමාණ තාක්ෂණය යොදාගැනෙනවා. සැබෑ ලෝකයේ නැති සිහින ලෝකවල පමණක් ඇති මේ වෙනස දවසක ඩිස්නි ලෝකයට ගියොත් බලන්නට පුළුවනි. වෝල්ට් ඩිස්නි සේම ඇල්ෆ්රඩ් හිච්කොක් අද මෙන් තාක්ෂණය නොදියුණු එදා කල විප්ලව වලට මූලික වුනේ පරිකල්පනය සහ පසුතල හදන්නට උදව් වුනු නිර්මාණ ශිල්පීන් නිසයි.  නිසා තවමත් සැබැවින් නොගිය අභ්යවකාශයේ විවිධ ඉසව් කරා යන එකත්, මුහුදු පතුලේ කිමිදෙන එකත් චිත්රපට චරිතවලට මහා දෙයක් නෙවෙයි. සුවිසල් මාලිගාවල ඉන්නා භූතයින් මෙන්ම කථා කරන සතුන් චිත්රපට වලදී හමුවිය හැක්කේ නිසා. චිත්රපට වල වර්තමානයෙන් අතීතයටත්, අනාගතයටත් සුළු මොහොතකින් යන්නට පුළුවන් වන්නේ නිසා.  

Image result for animated films"

ෆ්ලොරීඩාවේ තිබෙන ඩිස්නි ලෝකයේ  Disney Hollywood Studios, Indiana Jones adventure  දර්ශන තලයේදී අදත් චිත්රපට වල ත්රාසජනක අත්දැකීමක් ලබන්නට පුළුවන්. සංචාරයක මතකය තුලින් අප කල සංචාරයේ වැඩි විස්තර මේ යොමුව තුලින් කියවන්නට පුළුවන්.


Waterworld  එවැනිම ත්රාසය, භීතිය කැටිකල ක්රියාදාම චිත්රපටයක්. ඇමෙරිකාවේ හොලිවුඩ් නුවර Universal Studios හිදී ඔබට සජීවීව අත්දැකීම විදින්න පුළුවන්. වැඩි විස්තර සදහා සංචාරයක මතකය  මතකය මෙතැනින් කියවන්න



අදට වඩා හෙට දවසේදී ඔබට බොහෝ මායා චිත්රපට දකින්නට ලැබේවි. ඒවා ඔබේ රසාස්වාදනය පුළුල් කරමින් තව තවත් ලෝකයන් වෙත ඔබ ගෙනයනවා සිකුරුයි

Image result for film reel"

Image result for rekhawa movie"


රේඛාව (1956)

Image result for rekhawa movie"

චිත්රාගාරයකින් පිටතදී රූගත කල පළමු සිංහල චිත්රපටය වන රේඛාව ලංකාවේ එදා ගැමි සුන්දරත්වය කැටිකල අපූරු චිත්රපටයක්.
වදුරෙකු සමග ගමට එන රබන් කරුවෙකු මංකොල්ල කෑමට යන හොරුන් දෙදෙනෙකුගෙන් ඔහු බේරා ගන්නේ සේන නම් දරුවා. එයින් හිතවත් වන ඔහු සෙන ගැන අනාවැකියක් කියනවා . ඔහුට මිනිසුන් සුවපත් කිරීමේ අද්භූත බලයක් තිබෙන බව. සරුංගල් යවද්දී හදිසියේම ඇස් අන්ධවන අනුලා නම් දැරිය වෙදදුරන් බේරා ගැනීමට නොහැකි විටදී සුවපත් කරන්නේ සේන. සේනගේ මේ හැකියාවෙන් මුදල් උපයන්නට පියා දරන උත්සාහයත් සමග ඇතිවන අර්බුද මැද්දේ ගලායන මේ චිත්රපටය බලන්න වටිනවා. 

Directed by
Produced by
Lester James Peries
Written by
Lester James Peries
Starring
Music by
Sunil Shantha (songs)
B. S. Perera (music direction and background score)
Sisira Senaratne (songs Olu Nelum Neliya Rangala)
Cinematography
Edited by
Release date
Running time
89 mins
Country
Language

Image result for rekhawa movie"

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..


චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව  ….

Image result for film reel"

Image result for the notebook 2004 poster"


The Notebook (2004)

Image result for the notebook 2004"

මතකය අමතක වන ඩිමෙන්ෂියා රෝගයෙන් පෙලෙන වියපත් කාන්තාවට තවත් වියපත් පිරිමියෙක් දවසින් දවස ඇවිත් පොතක් කියවනවා. ඇයට අමතක වුනත් ඔවුන්ගේ අතීතය මතක් කරවන කථාව කියන්නේ ඇගේ පැරණි පෙම්වතා.  
අතීතයේ දුප්පත් ලී මෝල් සේවකයෙක් වන තරුණයෙක් වන නෝවා ඇලී නම් ප්රභූ තරුණියක් සමග ගිම්හාන නිවාඩු කාලයකදී පෙමින් බැදෙනවා.ඔහුගේ හිතේ ඇති සිහින නිවහන ගැනත් ඇයට කියනවා . පන්ති පරතරය නිසා ඔවුනට එක්වීමට වන බාධා වගේම දෙවන ලෝක යුද්ධයට යාම නිසා වන වෙන්වීමෙන් පස්සෙ තරුණයා තනිවම සිහින නිවහන හදන සහ ඔවුන්ගේ යලි එක්වීම ගැන ඉතා හැගීම්බර කතාවක්.
කථාව අවසන් වන්නේ හදවත් රෝගයකින් අසනීපව ඉන්නා නෝවා හදුනා ගන්නා  ඇලී එකම ඇදකදී එකට අත් අල්ලාගෙන මියගොස් සිටින දසුනකින්.

 Directed by
Produced by
Lynn Harris
Mark Johnson
Screenplay by
Story by
Based on
Starring
Narrated by
James Garner
Music by
Cinematography
Edited by
Production
company
Gran Via
Distributed by
Release date
·         May 20, 2004 (SIFF)
·         June 25, 2004 (United States)
Running time
124 minutes[1]
Country
United States
Canada
Language
English

Image result for the notebook 2004"


වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව 


චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව 


Image result for film reel"

Image result for Qarib Qarib Singalle ( 2017)"

Qarib Qarib Singlle ( 2017)

Image result for Qarib Qarib Singalle ( 2017)"

මේ සම්ප්රදායික හින්දි කථාවලින් වෙනස් වූ අපූරු තේමාවක් ඇති කථාවක්.
රක්ෂණ ආයතනයක ඉහල තනතුරක් දරන තරුණ වැන්දබු කාන්තාවක වන ජයා සමාජ බලපෑම නිසා Dating website එකක් හරහා කවියෙකු ලෙසින් හදුන්වා ගන්නා යෝගී හමුවෙනවා .
ඔවුන් අතර කතාබහේදී යෝගී කියන්නේ ඔහුගේ පැරණි පෙම්වතියන් තිදෙනාම සමග ඔහු හොදින් ඉන්නා බවයි. ජයා කරන අභියෝගයක් බාරගන්නා යෝගී බව ඔප්පු කරන්නට ඇයව ඔවුන් වෙත රට වටා ගෙනයද්දී ඇතිවන අපූරු ක්රියාදාමය මේ කතාවෙන් කියැවෙනවා.
මුලින් වතුර බෝතලය පවා බෙදා නොගන්නා ඇය අවසානයේදී යෝගී සමග එක්වෙනවා.

Directed by
Produced by
·         Zee Studios
·         Sutapa Sikdar
·         Shailja Kejriwal
·         Ajay G. Rai
Screenplay by
Story by
Starring
Music by
Songs
Anu Malik
Rochak Kohli
Vishal Mishra
Background score:
Benedict Taylor
Naren Chandavarkar
Cinematography
Eeshit Narain
Edited by
Production
company
Distributed by
Zee Studios
Release date
·         10 November 2017
Running time
125 minutes
Country
India
Language
 
Image result for Qarib Qarib Singalle ( 2017)"

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව 


චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව 


Image result for film reel"

Image result for il postino 1994"


Il Postino (1994)

Image result for il postino 1994"

එකට නොගැලපෙන දේශපාලනය සහ ආදරය ගැන කියැවෙන කථාවක්. චිලී රටින් පිටුවහල් කෙරෙන පැබ්ලෝ නෙරුඩා නම් කවියාට ඉතාලියේ කුඩා දිවයිනකදී ඔහුගේ ලියුම්කරු ලෙස කටයුතු කරන්නේ ධීවර පවුලක මාරියෝ නම් තරුණයෙක්.
ගමේ ඉන්නා බියට්රිස් නම් තරුණිය සමග කෙරෙන ආදරයට උදව් කරන්නේ නෙරුඩා. ඇය සමග විවාහ වනදා ඔහුගේ තහනම ඉවත්වී ආපසු චිලියට යාමට අවසර ලැබුනා. චිලීයේ ප්රබල දේශපාලකයෙක් ලෙස කාර්ය බහුල වුනු ඔහු තමාගේ බඩු එවන්න කියල ලියුමක් එව්වා. මාරියෝ ඔහුගේ බදු එක්ක යවන්න නෙරුඩාගේ පටිගත කිරීමේ යන්ත්රයෙන් දුපතේ විවිධ ශබ්ද සහ බිරියට ලැබෙන්න ඉන්න දරුවාගේ හඩ පටිගත කරනවා.
පස් වසරකට පස්සෙ නෙරුඩා ආපහු මේ දූපතට එනකොට සටනකට නායකත්වය දෙන්න ගිහින් පොලිස් වෙඩි වැදීමකින් මාරියෝ මැරිලා. බියට්රිස් නෙරුඩා කැසට් පටය දෙනවා.  
     
Directed by
Produced by
Screenplay by
Anna Pavignano
Michael Radford
Furio Scarpelli
Giacomo Scarpelli
Massimo Troisi
Story by
Furio Scarpelli
Giacomo Scarpelli
Based on
Starring
·         Massimo Troisi
·         Philippe Noiret
·         Maria Grazia Cucinotta
Music by
Cinematography
Edited by
Production
company
Cecchi Gori Group
Penta Film
Esterno Mediterraneo Film
Blue Dahlia Productions
K2 Two
Canal+
Distributed by
Cecchi Gori Distribuzione (Italy)
Miramax Films (USA)
Release date
·         1 September 1994 (VFF)
·         22 September 1994 (Italy)
·         16 June 1995 (USA)
Running time
108 minutes
Country
Italy
France
Belgium
Language
Italian
Spanish

Image result for il postino 1994"


වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව 


චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව 




Image result for film reel"

Image result for Lord of the rings Triology  (2001- 2003)"



Lord of the Rings Trilogy  (2001- 2003)

Image result for Lord of the rings Triology  (2001- 2003)"

ඉතා විශාල මුදලක් වියදම් කර නවසීලන්තයේදී විශේෂයෙන්ම සැකසුනු පසුතලයක නිපැයුණු මේ චිත්රපට මාලාව J J R Tolkien ගේ කල්පිත කතාව පාදක කරගෙන නිපැයුණු එකක් .

වාණිජමය වශයෙන් අතිමහත් සාර්ථකත්වයක් ලැබූ මේ චිත්රපට ත්රිත්වය ඉතා විශාල ජාත්යන්තර සිනමා සම්මාන ප්රමාණයක් දිනා තිබෙනවා. චිත්රපට 3 නම්   The fellowship of the ring, The two towers, The return of the king     


Directed by
Produced by
·         Barrie M. Osborne
·         Peter Jackson
·         Fran Walsh
·         Tim SandersFOTR
Screenplay by
·         Fran Walsh
·         Philippa Boyens
·         Peter Jackson
·         Stephen SinclairTT
Based on
Starring
·         Elijah Wood
·         Ian McKellen
·         Liv Tyler
·         Viggo Mortensen
·         Sean Astin
·         Cate Blanchett
·         John Rhys-Davies
·         Christopher Lee
·         Billy Boyd
·         Dominic Monaghan
·         Orlando Bloom
·         Hugo Weaving
·         Andy Serkis
·         Sean Bean
·         (see below)
Music by
Cinematography
Edited by
·         John GilbertFOTR
·         Michael HortonTT
·         Jamie SelkirkROTK
Production
companies
·         New Line Cinema
·         WingNut Films
Distributed by
New Line Cinema
Release date
19 December 2001–17 December 2003
Running time
Total (3 films):
·         558 minutes (theatrical)
·         686 minutes (extended)
Country
·         New Zealand
·         United States
Language
English

Image result for Lord of the rings Triology  (2001- 2003)"


වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව 


චිත්රපටයේ ප්රචාරක පට සදහා යු ටියුබ් දිගු 


Image result for the notebook 2004"

සේයාරූ - අන්තර්ජාලයෙන් -
                Google Images  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

Image result for Lord of the rings Triology  (2001- 2003)"