මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Sunday, November 29, 2020

සවනට මී බිදක් වන සවන අන්තර්ජාල රේඩියෝව ..........සටහන....




කැනඩාවේ ටොරොන්ටෝ නුවරින් වෙබ් ගත වන සවන අන්තර්ජාල රේඩියෝව වෙබ්ගත වීමේ  3  වන සංවත්සරය සමරන්නේ අදයි. ( 2020 නොවැම්බර් වන 29 දිනයි )

ගීත වලට අමතරව වෙනස් විෂය ක්ෂේත්ර සහ තේමාවන් යටතේ නිමැවුණු වැඩසටහන් මෙන්ම කාලීන මාතෘකා යටතේ සකස්වුණු වැඩසටහන් පෙලකින් සැරසුණු සවන රේඩියෝව මව්බිමෙන් පිටත දුර ශීත රටක ජීවත්වන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් ප්‍රබල වේදිකාවක් තනා තිබෙනවා .    

 http://www.sawana.ca/   වෙබ් ලිපිනයෙන් 

ජංගම දුරකථනයේ රේඩියෝ ගාඩන් ඇප් එක

 http://radio.garden/listen/sawana-radio/VAywleA7

සහ Tune in 

https://tunein.com    ඇප් එක හරහා

ලෝකයේ ඕනෑම කොනක ඉදගෙන ඔබට සවනට කන් දෙන්න පුළුවන් .

සවන රේඩියෝවේ සතියේ වැඩසටහන් පෙලගැස්වී තිබෙන්නේ පහත සදහන් විදිහටයි.


කිසිදු වෙළද දැන්වීමක් ප්රචාරය නොවන මෙහි කිසිදු දේශපාලන හෝ ආගමික දර්ශනයකට ගැති නොවූ නිදහස් මාධ්ය භාවිතාවක් තිබෙනවා. මෙම ගුවන් විදුලියේ නඩත්තු වියදම් දරන්නේ ප්‍රවීණ ගුවන් විදුලි මාධ්යවේදී වසන්ත ලංකාතිලකයන්ගේ පෞද්ගලික මුදලින්.   

ඉතිහාසය කෙටියෙන් .......

සවන රේඩියෝව මුලින් ප්රචාරය වුනේ 2006 සැප්තැම්බර් 6 වැනිදා එෆ් එම් 105.5 තරංග මාලාව ඔස්සේ උදෑසන  9 සිට 10 දක්වා ශ්‍රී ලාංකික අනන්‍යතාවය පෙන්වන වැඩසටහනක් ලෙසින්. කැනඩාවේ ටොරොන්ටෝවේ යෝර්ක් විශ්ව විද්යාලය මගින් පවත්වා ගෙන ගිය  CHRY ප්‍රජා   ගුවන් විදුලිය හරහා සෑම බදාදාවකම පැයක ගුවන් කාලයක් එය සදහා වෙන්වුණා. 2015 දී CHRY ප්‍රජා ගුවන් විදුලිය නවතා දමන තුරුම එම සජීවී පැය ක්රියාත්මක කලේ වසන්ත ලංකාතිලක මහතා විසින්.  


වසන්ත රිසි ලංකාතිලක 

 ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වර්ණමය යුගයේ වටිනා නිමැවුමක් වන වසන්ත ලංකාතිලකයන් එහි සේවයට එක්වුණේ 1971 දී සහකාර වැඩසටහන්   සම්පාදක වරයෙකු ලෙසයි . කෘතහස්ත රේඩියෝ මාධ්යවේදීන් වන බ්රිතාන්ය ගුවන් විදුලියේ (BBC  ) Stuwart Wevall , ශ්‍රී  ලංකා ගුවන් විදුලියේ ප්රබල ගුවන්  විදුලි මාධ්යවේදීන් සහ ප්‍රවීණයන්  යටතේ පුහුණුව ලැබූ වසන්ත ලංකාතිලක තරුණයා බොහෝ කලක් ජනප්රිය ගුවන් විදුලි මාධ්යවේදී ප්රේමකීර්ති ද අල්විස්  සමග එකට වැඩකල අයෙක් .

මැලේසියාවේ ආසියා පැසිෆික් ගුවන් විදුලි ආයතනයේ , සිංගප්පුරුවේ ජන සන්නිවේදන සහ පර්යේෂණ සහ තොරතුරු මධ්යස්ථානයේ  රේඩියෝ වැඩසටහන් නිෂ්පාදනය සහ කළමනාකරණය පිළිබද විදේශ පාඨමාලා සහ ශ්රී ලංකා රූපවාහිනී අභ්යාස ආයතනයේ පාඨමාලා රැසක් සම්පුර්ණ කල ඔහු නිෂ්පාදකවරයෙකු  සහ මෙහෙයුම්  පාලකවරයෙකු ලෙස ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විශාල මෙහෙවරක යෙදුනා .

1996 දී ලක්හඩ ගුවන් විදුලිය ආරම්භයේදී එහි කළමනාකරුවෙකු ලෙස මාධ්ය මෙහෙවරක යෙදුණු ඔහු 2005 දී කැනඩාවට පැමිණෙන තුරුම ඒ තනතුරේ කටයුතු කලා. රේඩියෝ මාධ්යයට තිබෙන ඇල්ම නිසාම ප්රජා ගුවන් විදුලිය නැවැත්වීමෙන් කෙටි නිහැඩියාවකට පසු වසන්ත ලංකාතිලකයන් ශ්‍රී ලාංකික රේඩියෝවකට ආදරය කරන තවත් පිරිසක් එකතු කර ගනිමින් 2017 දී සවන අන්තර්ජාල රේඩියෝව ආරම්භ කලා. 




සවන අන්තර්ජාල රේඩියෝ කණ්ඩායම

වත්මන් සවන නිෂ්පාදන කණ්ඩායම සමන්විත වන්නේ පුජ්යපාද උඩුපිහිල්ලේ විමලබුද්ධි හිමියන් , ආචාර්ය ජගත් රූපසිංහ,  ආචාර්ය සරත් චන්ද්‍රසේකර , ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර , පූසති විජේසේකර, සුනිමල් බාලසුරිය, චම්පා ගොඩකන්දආරච්චි, දීපා හෙට්ටිගේ සහ අනුරුද්ධ වැලිගමගේ යන කැනඩාවේ සිටින පිරිසගෙන්. ලංකාවේ සිට ප්රවීණ ගුවන් විදුලි මාධ්යවේදීන් වන පාලිත පෙරේරා, අශෝක තිලකරත්න සහ හේමසිරි කුලරත්න සමබන්ධ වෙනවා. පරිගණක දැනුම බෙදාදෙමින් වැඩසටහන් එක් කරන්නේ සවන වෙබ් රේඩියෝවේ පරිගණක කටයුතු මෙහෙයවන මහින්ද ජයසුන්දරයි. ඕස්ට්රේලියාවේ මෙල්බර්න් නුවර වෛද්‍ය උපදෙස් ලබාදෙන්නේ වෛද්‍ය ඕවිද විපුලගුණ යි . මෙල්බර්න් නුවර සිටශනිදා සාදය රැගෙන සවන එක්ක එකතු වන්නේ ජගත් එදිරිසිංහ සහ තේජා කටුගම්පලයි.         



සෙනසුරාදා
සවන වැඩසටහන් පෙල

මධුරයාමේ - සිංහල සිනමා ගීතය සහ සිනමා ඉතිහාසය ගැන කෙරෙන පර්යේෂණාත්මක ඉදිරිපත් කිරීමක්

( ආචාර්ය ජගත් රූපසිංහ )



ටොරොන්ටෝ ලියුම - කාලීන තොරතුරැ සහ සමාජ දේශපාලන විග්රහයක් ඇසුරින් පිට රටක ඉන්නා පුතෙකු ලංකාවේ නැන්දාට යවන ලියුමක්

( ආචාර්ය සරත් චන්ද්‍රසේකර  )


මියුලැසිය - කාන්තාවන් ගැන කාන්තාවක් විසින් කෙරෙන සාර සංග්රහය

( පූසති විජේසේකර )

මෙල්බර්න් ශනිදා සාදය - ඕස්ට්රේලියාවේ සිට එක්වන සෙනසුරාදා සොදුරු පැය

( ජගත් එදිරිසිංහ සමග තේජා කටුගම්පල )

දම් සභා මණ්ඩපය - ජීවිතය සුවපත් කරන අමා දහම් විමසුම

(පුජයපාද උඩුපිහිල්ලේ විමලබුද්ධි හිමියන්

කවි මිණි ආර - කවිය මග, කවිමුතු නවක කවි නිර්මාණ සමග අන්තර්ජාතික කවි සමග කවියේ රසතැන් සොයා යන හෝරාව

( අනුරුද්ධ වැලිගමගේ )

සිහින සතක් - ජීවිතයේ මතක සමග ආරාධිතයෙකු ගී තෝරන මතක හෝරාව

( විවිධ ක්ෂේත් වල ආරාධිත පිරිස් )

අගනුවරින් පැයක් - කැනඩාවේ අගනුවර වන  ඔටාවා නුවරින් එක්වන සමාජ කතිකාව

( දීපා හෙට්ටිගේ )



ඉරිදා සවන වැඩසටහන් පෙල 

තාක්ෂණයේ හාස්කම් - සරල සිංහලෙන් පරිගණක දෘඩාංග සහ මෘදුකාංග ගැන කෙරෙන තාක්ෂණික වැඩසටහන 

( මහින්ද ජයසුන්දර )

හෝපලු හෙවණ -  ගුවන් විදුලියේ සොදුරු මතක උදාහරණ සමගින් 

( ප්රවීණ ගුවන් විදුලි මාධ්යවේදී අශෝක තිලකරත්න )

වෛද්ය ඔවදන - පොදුවේ සැමගේ සුව සහනය සදහා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට නොමිලයේ ලැබෙන වෛද්ය උපදෙස් 

( වෛද්‍ය ඕවිද විපුලගුණ )

හුරුබුහුටිගේ චාරිකා - ලොව වටා රස පිරුණු තොරතුරු රැගත් අපූරු චාරිකා පෙල  

( චම්පා ගොඩකන්ද ආරච්චි )

 සක්මන් මළුව - මතකයන් දිගේ ආරාධිතයෙකුගේ හිත කියවන හෝරාව 

  ( සුනිමල් බාලසූරිය )*

  විශ්ව කාන්තා සාහිත්යය - ලෝකයේ දස දිගින් හමුවන කාන්තා සාහිත්යය පෙරා මිටකට ගෙනෙන සාර සංග්රහය 

  ( ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර  ) *

* වැඩසටහන් පිටපත් වලින් කොටසක් යු ටියුබ් තුලින් බලන්නට පුළුවන් 

 



මේ වනවිට විකාශය නිම වූ වැඩසටහන් 

දින නැති දිනපොත - ජීවන ගමනේ සිත කියැවෙන තැන් ඇතුලත් රේඩියෝ කෙටිකතාව 
( අනුරුද්ධ වැලිගමගේ ) *  වැඩසටහන් 50 ක් යු ටියුබ් තුලින් බලන්නට පුළුවන් 

රනුක සමග 168 ( 168 with Ranuka )- සතියේ පැය 168 ක් තුල කෙරෙන තරුණ කැලගේ නිර්මාණ හා කුසලතා දොරට වඩින පැය 
(රනුක ප්රභාෂිත )

නුග සෙවණ - පරිසර සහ රේඩියෝ අත්දැකීම් බෙදා ගන්නා මාධ්යවේදියෙකුගේ කථාව 
( හේමසිරි කුලරත්න ) 

සුරගන අරණ - සිගිත්තන් සමග ළමා ලොවේ මිහිර විදින නැන්දා ගේ වැඩසටහන 
( චම්පා ගොඩකන්ද ආරච්චි )  

තඹරවිල -  කැනඩාවේ ජෙඨයින්ගේ දිවියේ දුක සැප ගැන ඇල්බර්ටා ප්‍රාන්තයේ සිට ගෙනා අත්දැකීම් 
               (ඉන්දිකා ප්‍රියංවදා සල්ගාදු )

කැදැල්ල - ගෘහ නිර්මාණ සහ වාස්තු විද්‍යාවේ මූලධර්ම කැනඩාවේදී භාවිතා කරන අයුරු 
               ( මහාචාර්ය හර්ෂ මුණසිංහ )

සුව පහසු දිවිමග - එදිනෙදා ජීවිතය පහසුවෙන් සහ සනීපයෙන් ගත කරන්නට සෞඛ්‍යමය උපදෙස් එකතු කල හෝරාව .

               ( චාන්දනී මුණසිංහ )  


නියම සිංහල මුල් ගීත සමග අර්ථවත් වැඩසටහන් ශ්රාවකයින්ට තිලිණ කරන්නට සවන නියමු වසන්ත ලංකාතිලක නිතරම උත්සාහ ගන්නවා. වගේම ටොරොන්ටෝව සහ අවට සිටින දක්ෂ නිර්මාණ කරුවන්ට තම දක්ෂතා දක්වන්නට සවන හොද වේදිකාවක් වෙනවා .

ඔබත් සවන අහන්න . ඔබේ ප්රතිචාර ලියන්න . සවන අමතන්න. ඔබටම වෙනස වටහා ගන්න පුළුවන් වේවි .

සවන කණ්ඩායමට දිගු ගමනකට පැතුම් එක්කරනවා .  

සේයාරූ - අන්තර්ජාලයෙන් -

                Google Images  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි


Saturday, November 28, 2020

කමලා නැන්දා ගේ පැතුම 3 .......ආචාර්ය සරත් චන්ද්‍රසේකර .....රේඩියෝ කෙටිකතා

 

අනේ ඉතින් මගේ ජීවිතෙත් හැටි. වෙනදාට සිගිතියි , පුතයි එක්ක ගම්පහ යන මම කොහෙද ?


බබාට ඕන  නම් පින්තූර ටිකක් ගන්න පුතාටයි නංගිටයි යවන්න .


මොහොතින් මොහොත රමණිගේ මනස තැම්පත් වූ බවක් ඇයට දැනිණ. 

අනාගතය පිළිබද බලාපොරොත්තුවක් ටිකෙන් ටික සිත තුල ජනනය වන බව 

ඇයට තේරුම් ගියේය .


සුරංජන්  අය්යේ ,.... නෑ රත්තරං .... හරි අමුතු පැත්තකට යනවා කියල දැනෙනවා ..


මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...

අද කතාව  ආචාර්ය සරත් චන්ද්‍රසේකර ගේ    කමලා නැන්දා ගේ පැතුම 3.....


මේ කතාවේ පළමු කොටස සදහා මේ යොමුව බලන්න

http://ahasgawwenehalokaya.blogspot.com/2018/06/blog-post_21.html

මේ කතාවේ දෙවන  කොටස සදහා මේ යොමුව බලන්න

http://ahasgawwenehalokaya.blogspot.com/2020/05/2.html




කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .

http://sawana.ca/

විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට


සේයාරූ - අන්තර්ජාලයෙන් -

                Google Images  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි




මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි



Saturday, November 21, 2020

නයගරා ඇල්ල මගහැර නැව් යන හැටි බලා වරෙන් ...... කැනේඩියානු සංචාරයක මතකය


 කැනඩාවත් , ඇමෙරිකා එක්සත් ජනපදයත් අතර මායිමේ පිහිටි නයගරා දියඇල්ල ලොව වැඩි සංචාරක පිරිසක් නරබන අතිශය ජනප්රිය සංචාරක ඉසව්වක්. ටොරොන්ටෝවට නුදුරින් ජීවත් වන බොහෝ දෙනා සෑම ගිම්හානයකටම දවසක් හෝ මේ ඉසව්වට යන බව රහසක් නොවෙයි . සොබාදහමේ මහගු දායාදයක් වන නයගරා ඇල්ල ආශ්රිත සංචාරක බල ප්රදේශයට යනෙන සංචාරකයින්ට කරන්නට ඇති පදම් දේ තිබෙනවා . එහෙත් ඉසව්වට යන අයගෙන් කීයෙන් කී දෙනෙක් ඇල්ල බලනවා ඇරෙන්නට  අසල ඇති තවත් වැදගත් තැන් මග හරිමින් කාලය නාස්ති කරනවාද ? . මේ මතකයන්ගේ අරමුණ ඊලග වතාවේ ඔබ නයගරා බලන්නට යනවිට තැන් වලටත් යන්නට අවස්ථාව උදා කර දීමයි .

පංච මහා විල් හරහා එකතුවන ජලය කැනඩාවේ ශාන්ත ලෝරන්ස් ගංගාව හරහා කිලෝමීටර 3769 ක් දුර ගෙවා අත්ලාන්තික් සයුරට එක්වෙනවා . අනුපිළිවෙලින් සුපිරියර් , මිචිගන් , හියුරන් , ඊරි විල් කරා එන මහා දියකඳ  නයගරා ඇල්ල හරහා ගොස් ඔන්ටාරියෝ විලට එක්වෙනවා . ශාන්ත ලෝරන්ස් ගඟ ඇරබෙන්නේ ඔන්ටරියෝ විලෙන් . මේ  මාර්ගය ප්රමුඛ නැව් මාර්ගයක් . වාණිජ නැව් මෙන්ම පෞද්ගලික යාත්රා ගමනා ගමනයේදී තිබු ප්රධානතම බාදකය වුයේ නයගරා ඇල්ල තරණය කිරීමයි .

කලක් තිස්සේ මිනිසුන්ට වදදුන් ගැටළුව විසදුණේ ඊරි විලත් ඔන්ටාරියෝ විලත් යාකරමින් තැනුණු කිලෝමීටර 43 ක් දිග වෙලන්ඩ් ඇල (Welland Canal) මගින් . 1824, 1839,1887 දී තැනුණු ඇලමාර්ග වැඩි දියුණු කරමින් අද භාවිතා වන වෙලන්ඩ් ඇල ඉදිකෙරුණේ 1913 දී . මිනිසුන් පඩිපෙලක් බසිනවා මෙන් තටාකයෙන් තටාකයට නැව්  ඇතුල් කරමින් තැන් (Locks) 8 කදී එකී යාත්රා උස් පහත් කිරීම විදුලි සෝපානයක ක්රියාවලියට සමානයි .

වෙලන්ඩ් ඇල මධ්‍යස්ථානය සහ ගේට්ටු අංක 3 (Welland Canal Centre & Lock 3)

එලිසබත් රැජින අධිවේගී මාවත දිගේ ශාන්ත කැතරින් (St. Catherines) නගරය පසුකරද්දී හමුවන අහස් මංපෙත (Garden City Skyway  ) මතදී ඔබ සමහරවිට මේ පරිශ්රය ඈතින් දැක ඇති . අංක 3 දරණ ගේට්ටුව හරහා නැව් ගමන් කරන වෙලාව අන්තර්ජාලයේ ඇති නිසා ඔබට පහසුවෙන් ගමන සැලසුම් කරගන්නට පුළුවන් . ජල තටාකයට නැව් ඇතුළුකරන  පිටකරන අයුරු , අනතුරු වලකන ආරක්ෂක උපක්රම , ළග ඇති පාලම් උස් පහත් කරන අයුරු මෙන්ම මෙහිදී සුවිසල් නැව් ඇලේ උස වෙනස්කම් අනුව විදුලි සෝපානයක මෙන් උස් පහත් කරන අයුරු පියවරෙන් පියවර කැමරාවට නගා ගන්නට හෝ වීඩියෝ ගත කරන්නට මෙහි ඇති නැරබුම් අටල්ල කදිම තැනක් .

ශාන්ත කැතරින් කෞතුකාගාරය ( St. Catherines Museum)

සංචාරය සදහා බොහෝ මුදල් වැයවන බව බහුතරයක් පිරිස සිතන මිත්යා මතයක් . සංචාරයේදී වැදගත් වන්නේ කලබලයෙන් යාම නොව තොරතුරු සොයාගෙන යාමයි . වෙබ් අඩවි කිහිපයකින් තොරතුරු සහ සංචාරක අත්දැකීම් වර්ගීකරණය කර ඇති ආකාරය බැලීමෙන් ඔබට මෙය පහසුවෙන් කල හැකියි . ඉතා වටිනා දැනුම් ගබඩාවක් වන මෙයට ඇතුළුවන්නට කිසිදු මුදලක් අය කරන්නේ නැහැ . නමුත් ඔබට කැමති නම් ඔවුන්ගේ සේවය වෙනුවෙන් ඔබට යම් මුදල් පරිත්යාගයක් කල හැකියි . වෙලන්ඩ් ඇලේ සහ   ප්රදේශයේ ඉතිහාසය , ලාක්රෝස් (lacrosse).  නමැති පාරම්පරික ක්රීඩාව පිළිබද බොහෝ තොරතුරු මෙහිදී දැනගත හැකියි . මෙහි තිරගත වන වෙලන්ඩ් ඇල පිළිබද වාර්තා චිත්රපටය මිල කල නොහැකි අත්දැකීමක් . නොමිලයේ වාහන නවතා තැබිය හැකි සියළු  පහසුකම් පිරි මේ පරිශ්රයේ කුඩා දරුවන්ට විනෝද වන්නට බොහෝ දෑ තිබෙනවා .



වෙලන්ඩ් බිත්ති චිත් ( Weland Murals)

වෙලන්ඩ් ඇල සහ ආශ්රිත සංවර්ධනය විසින් බිහිවූ වෙලන්ඩ් නගරය කැනඩාව පුරා විසිරුණු චිත් ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙන් 1986 දී අරඹා ඇති ව්යාපෘතියක් මගින් නගරයේ තැනින් තැන සුවිශාල බිත්ති චිත් ඇද තිබෙනවා . දැනට එහි ඇති චිත් ගණන 29 ක්. අන්තරජාලයෙන් ඔබට එම චිත් 29 පිහිටා ඇති තැන් පැහැදිලිව දැන ගන්නට පුළුවන් . ඔබ චිත්රවලට ආසා කරන්නෙක් නම් ඔබ මෙයට ලොබ බදිවී . හැබැයි මෙය තරමක් කල්ගත වන තැනින් තැනට යා යුතු වැඩක් . කුඩා දරුවන් සමග පහසු වන දෙයක් නොවෙයි . කලින් කලට අළුතින් චිත් එකතුවන තිබෙන චිත් සංරක්ෂණය වන මේ ව්යාපෘතිය දිනෙන් දින අළුත් වන දෙයක් .

අප වෙලන්ඩ් නගරයේ සිට නයගරා ඇල්ල වෙත යන මග වැටී තිබුණේ  වෙලන්ඩ් ඇල යටින් යන උමගක් ඔස්සේ . වෙලන්ඩ් ඇලේ විශාල නැවක් ගමන් ගන්නා මොහොතක දුම්රිය මාර්ග බාධකයට නැවතී හුන් අප දුටු දසුන ජීවිතයේ තවත් අමතක නොවන අත්දැකීමක් . වාහන ගමන් කරන මාර්ගයට අමතරව අප ඉඩ සලසා දුන් දුම්රිය මාර්ගයද මේ උමග තුලින් දිවෙනවා .

 

නයගරා විල මත ( Niagara On the Lake)

නිසි ජලය , නිසි දේශගුණය නිසා ඉතා සශ්රික ප්රදේශයක් හැදින්වෙන්නේ මේ නමින් . එහි සරු පසේ වැවෙන මිදී , චෙරි , බෙරි වර්ග , මල් වර්ග බලන්නටත් ගිම්හානයේදී ඔබට  පුළුවන්. නිස්කලංක විවේකයක් සදහා නවාතැන් පොල රැසක් මේ ප්රදේශයේ තිබෙනවා .



මිදි සහ වයින් ( Grapes & Wine )

රසයෙන් වැඩි වයින් නිෂ්පාදනය සදහා සුදුසු මිදි මේ ප්රදේශයේ තිබෙනවා . ලෝ පතල කැනේඩියන් අයිස් වයින් ( Canadian Ice Wine) විශේෂ බොහොමයක් මේ ප්රදේශයේදී නිපදවෙනවා . මිදි වත්තක් , මිදි වලින් වයින් නිපදවෙන හැටි , වයින් ගබඩා කර ඇති සැටි මෙන්ම අගනා වයින් බිදක රස බලන්නටත් මේ ඉසව්වේ සරන ඔබට කිසිදු මුදලක් වැය වන්නේ නැහැ .


චෙරි සහ බෙරි නෙලන්නට ( Cherry & Berry Picking)


නයගරාවට නුදුරු ලින්කන් (Lincoln) නගරය චෙරි වගාවට ප්රකටයි . කහට පිරෙන්නට විවිධ ගස්වලින් විවිධ රස චෙරි  ගස්වලට නැග ගෙඩි කඩා කන්නට පුළුවන්. අන්තර්ජාලයෙන් එම ගොවිපොල මහජනතාව සදහා අරඹන දින වකවානු දැනගන්නට පුළුවන් . අපේ අත්දැකීම් වලට අනුව වඩාත් වැදගත් වන්නේ පුළුවන් තරම් උදයෙන් එම ස්ථානවලට යාමයි . එවිට තදබදයෙන් තොරව රිසි සේ හොද අස්වැන්නක් නෙලා ගන්නත් , පවුල් කිහිපයක් එකට එක්වන අවස්ථාවක් කර ගන්නටත් පුළුවන් .

බ්ලු බෙරි , ස්ට්රෝ බෙරි ඇතුළු බෙරි වර්ග රැසක් රස බලන්නට් හැකි ගොවිපොල රැසක්   Lincoln, Grimsby, Pelham, St. Catherines, Welland  වැනි නගරවල තිබෙනවා . ලංකාවෙන් , වෙනත් රටවලින් එන නෑදෑ හිතවතුන් මෙන්ම හිත මිතුරන් සමග දිනක ගමනකට මෙය කදිමයි .

ලැව න් රා  මල් ගොවිපොල  ( Lavendar Farms )

බොහෝ සුවද විලවුන් සදහා ගන්නා ලැව න් රා  මල් වතු මවන්නේ මහත් අසිරියක් . ගිම්හාන කාලයේදී ගොවිපොල පරිශ්රයන්හිදී විවිධ ප්රදර්ශණ පැවැත් වෙනවා . මේ  ගොවිපොල චාරිකා සදහා යම් මුදලක් ගෙවිය යුතු වෙනවා .   ඇතුළුවීමේ ගාස්තු හෝ  යම් අවම ගාස්තුවක් ලෙසින් .


සටහන   - අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2017  මැයි කලාපයේ පලවිය .


විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට 

Canadian Minority Media Database | Dasatha


මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියිසිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයිසමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි