මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, April 27, 2019

හත්පෙති මල් පෙති .......කවි....අනුරුද්ධ වැලිගමගේ


Image result for friends art

Image result for sri lankan flowers

අහස කඩාගෙන වැටුණත්
රෑනේ අපි එක රැහේ
එකම ගහක එකට වහන
මිතුරු කුරුළු රැල වගේ .......

සතුරු සුළග ආවෝතින්
ඉන්නෙ එකට ගුලි වෙවී
පාට හතේ හත්පෙති මල
හයියයි ගිරි කුළු වගේ

මුදු හතක දුර ඉදගෙන
හිටියත් ඇතක රැදී
එක හිත එකටයි හැමගේ
සවිබල දම්වැල වගේ

දුක සැප එනවා යනවා
 හරියට හුළගක් වගේ
ලෝකෙම දිනන්න යමු අපි
 එක පවුලේ අය වගේ


අනුරුද්ධ වැලිගමගේ       

Image result for best flower art


සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images

              සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි ,

Saturday, April 20, 2019

රටම එක්කල අවසන් පස් පිඩැල්ලත් , සුවිසල් රෙවෙල්ස්ටෝක් බලාගාරයත් බලන්නට...........


කැනේඩියානු සංචාරයක මතකය ..... -රොකී කදුවැටිය වටේ රවුමක් 4.

Image result for kamloops bc


Image result for last spike
.
දවස හරියටම 1885 නොවැම්බර් 7 වැනිදා . වෙලාව උදේ 9.22 යි . ශීතල හුළගක් බ්‍රිටිෂ්
කොලොම්බියාවේ Craigallachie ගම්මානයට ආවා .බොහෝ පිරිසක් එකතුවෙලා හිටියෙ
ඒ ඉතිහාසගත මොහොතට එකතු වෙන්න . බාධක මැද්දෙ ඉදිවුණු කැනේඩියන්
පැසිෆික් දුම්රිය මාර්ගය ශ්‍රීමත් ඩොනල්ඩ් ස්මිත් ගේ අවසන් පස් පිඩැල්ලෙන් එකතු
වුනේ මුළු කැනඩාවම එකට සම්බන්ධ කරමින් . ඒ කාලයේ හැටියට සුවිශාල
ජයග්‍රහණයක් වුණු කදු දුර්ග අතරින් සැදුණු දුම්රිය මාර්ගයේ ඒ මතක සිහිවටනය
අදත් ඔබට බලාගන්න පුළුවන් .

Image result for revelstoke railway museum

අපේ රොකී කදු වටා කරන සංචාරයේ සිව්වන පියවර පටන් ගත්තේ කැම්ලුප්ස්
නගරයේ නවාතැනින් . දර්ශනීය තොම්සන් ගගත් කදු වලල්ලේත් විසිතුරු බලමින් අපි
අද යන්නේ The Last Spike බලන්න . විවිධ හැඩතල මවන කදු ට්‍රාන්ස් කැනඩා අධිවේගී
මාර්ගයේ යන අපට ලස්සන චිත්‍ර මවනවා . ඒවා මොහොතින් මොහොත වෙනස් වෙන
ඒවා .

Image result for kamloops bc

තැන තැන දකින්නට ලැබෙන විල් හරිම ලස්සනයි . නැවති නැවතී යන්න කාලය ඉඩ
නොදුන්නත් ඇස්වලට පෙනෙන පරිසර සුන්දරත්වයේ කිසි අඩුවක් නැහැ . කැල්ගරි වල
ඉන්න මගේ මිත්‍රයා මහීතේජ කිව්වෙ මතක ඇතුව Salmon Arm වල පොඩ්ඩක් නතර
වෙලා එන්න කියලා . පළාත ගැන දන්න අය කියන දේත් අහන්න එපායැ . අපි ටික
වෙලාවකට වාහනයටත් , දෑත ටත් විවේකයක් දුන්නා .

Image result for salmon arm bc

Salmon Arm




පුංචි නගරයක් . අපි පොඩි වෙලාවක් නතර වුනේ මිත්‍රයා කියපු Shuswap විලේ නගරය
ඉදිකර තිබූ විවේක පරිශ්‍රයේ . කදු වළල්ලකින් වටවෙච්ච විල නෙතට වගේම
කැමරාවලටත් නිදහසක් නොදෙන තරමට ලස්සනයි . කුලියට ගත් විවිධ මාදිලියේ
බෝට්ටු පදින්න කදිම තැනක් . ඒවගේම ප්‍රදේශ වාසීන් හරිම සුහදයි . අපි ළග පාත
කඩේකින් තේ එකක් එහෙම බීලා ආයෙමත් ගමන පටන්ගත්තා .
අප මුලින් සදහන් කල අවසන් පස් පිඩැල්ල කැපූ The last Spike තිබෙන්නේ ට්‍රාන්ස්
කැනඩා අධිවේගී මාර්ගයේ දකුණු පසින් Craigellachie ගම්මානයේ ප්‍රධාන දුම්රිය
මාර්ගය අද්දරට වන්නටයි .



කොලොම්බියා ගග උතුරු ඇමෙරිකාවේ තිබෙන දිගම ගංගාවලින් එකක් . අප දෙවන
ලිපියේදී ගිය කොලොම්බියා අහස් තලයෙන් පටන්ගෙන ඇමෙරිකාවේ Astoria
නගරයෙන් පැසිපික් සාගරයට එක්වන එහි දිග කිලෝමීටර් 2000 ක් . දුම්රිය මාර්ග
බිහිවන්නට පෙර ස්වදේශික ගෝත්‍රික පිරිස් සහ මුල් කාලීන යටත් විජිත වාදීන්
ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයක් ලෙස භාවිතා කලේ මේ ගගයි . මුහුදෙන් රට ඇතුලට
පීනන සැමන් මාළුන්ට මහත් ප්‍රසිද්ධියක් උසුලන කොලොම්බියා ගග භාවිතා කරමින්
ගංවතුර පාලනයට සහ ජල විදුලි උත්පාදනයට වේලි 14 ක් බැද තිබෙනවා .
රෙවෙල්ස්ටෝක් කැනඩාවේ ඇති එවන් වේල්ලක් .
අපි ට්‍රාන්ස් කැනඩා අධිවේගී මාර්ගයෙන් වමට හැරුණා . කිලෝමීටර් 5 ක් පමණ ගිය
තැන කදු මුදුන අපේ ඊලග නැවතුම්පල .

Image result for columbia river in canada

රෙවෙල්ස්ටෝක් වේල්ල ( Revelstoke Dam)



අඩි 574ක් උස මේ වේල්ල අක්කර අඩි 1,230,000 ජල ධාරිතාවයක් දරමින් බ්‍රිටිෂ්
කොලොම්බියාවේ විදුලි පද්ධතියට මෙගාවොට් 2480 ක විදුලියක් එක් කරනවා . පාසැල්
දරුවන්ට සහ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ බලාගාරයේ සංචාරය ඉතා හොද
ප්‍රායෝගික අත්දැකීමක් වනවාට කිසිදු සැකයක් නැහැ .
එහි පහත මාලයේ තිබෙන කෞතුකාගාරය ඉතිහාසයෙන් ගිලිහුණු මුල්බිම් පදිංචි
කරුවන් ගැන කියනවා . නියාමකවරියක් කරුණු පැහැදිලි කරන බලාගාර චාරිකාවට
අපිත් පෝලිම් ගැහුනා . ඇය විස්තර කරමින් ගමන පටන් ගත්තා .






ටික වෙලාවකින් අප වේල්ල මුදුනේ . වාහනය නැවතූ රථ ගාල වේල්ලේ මැද කොටසේ
පේනවා . පාසැල් බස්රථයක් තරමේ පළල බට 5 කින් ජලාශයේ ජලය වේගයෙන්
පහලට යවමින් බලාගාරයේ ඇති ටර්බයින කරකවනවා . ඉදිරියේදී තවත් බටයක් එක්
කරන්නට වේල්ලේ ඉඩ තබා තිබෙනවා . මොහොතකින් ඇය අපට බලාගාරයේ
ටර්බයින ඇති කොටස පෙන්වමින් විස්තර කලා . අපි දින දෙකකට කලින් දුටු ග්ලැසියර
ජලය කරන විස්මයක මහත . ඔබත් දවසක මේ ගමන ඇවිත් මෙහෙම හිතාවි මට
හිතුනා .








රෙවෙල්ස්ටෝක් දුම්රිය කෞතුකාගාරය

Image result for revelstoke railway museum

Image result for revelstoke railway museum
දුම්රිය ලෝලීන්ට මහත් ප්‍රිය දසුනක් ගෙනෙන මෙහි මනා ලෙස නඩත්තු කෙරුණු
ගල් අගුරු එන්ජිමක් , ව්‍යාපාරික පන්තියේ මැදිරියක් තිබෙනවා . එළිමහනේ
කලින් කල භාවිතා වූ විවිධ මැදිරි , දුම්රිය මාර්ගයේ හිම ඉවත්කළ විශාල
උපකරණ ඇතුළු බොහෝ දෑ තිබෙනවා .

අපි ආයෙමත් අංක 1 දරන ට්‍රාන්ස් කැනඩා අධිවේගී මාර්ගයේ . වටාපිටාවේ තිබෙන
විශාල වනාන්තර කැනඩාව කොපමණ පරිසර සංරක්ෂණය කරන රටක්ද යන්න
කියාපානවා . ඒ වගේම ගිම්හාන කාලයට බ්‍රිටිෂ් කොලොම්බියාවේ ඇතිවන ලැව් ගිනි
ඈතින් දකින්නට ලැබෙනවා . ගුවනින් ඒවා නිවන්නට වෙහෙසෙන හැටිත් අපට
පෙන්නේ යන එන ගුවන් යානා නිසා .
දරුවන්ගේ ඉල්ලීමට අපි Canyon Hot Springs ළග නතර වෙනවා .

Image result for canyon hot springs


ඔබේ ඉල්ලීම් සහ තොරතුරු සදහා අළුත් විද්‍යුත් ලිපිනයක් පටන් ගත්තා .

dasatha.sancharayakamathakaya@gmail.com විස්තර සදහා ලියන්න . ඉඩ ලැබෙන

පරිදි පිළිතුරු ලියන්නම් .

Image result for canadian rockies in revelstoke

මීළග කලාපයෙන් ..ලැව් ගිනි මැද්දේ උණු
දිය උල්පත් වලින් නාන්නට ගිය ගමන සමගින් ලබන කලාපයෙන් හමුවෙමු .


සටහන අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ - හෙසදී වැලිගමගේ  සහ අන්තර්ජාලයෙන්  Google Images



Related image

කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2018  අගෝස්තු  කලාපයේ පලවිය .



විශේෂ ස්තූතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට

Image result for dasatha publications


Image result for canadian rockies in revelstoke



Saturday, April 13, 2019

අවුරුද්දත් කිට්ටු කිට්ටු .......රූපවාහිනි අත්දැකීම....

Image result for sinhala avurudu art

ටොරොන්ටෝවේ මයුර්වී ගායන වෘන්දය සමග රූපණ අන්තර්ජාල රූපවාහිනිය 2018 වසරේදී කල වැඩසටහන





http://rupane.com/vimeo-video/rupane-episode-84-april-14-2018/


අවුරුද්දත් කිට්ටු කිට්ටු .......

ටොරොන්ටෝවේ මයුර්වී ගායන වෘන්දය සමග රූපණ අන්තර්ජාල රූපවාහිනිය 2018 වසරේදී කල වැඩසටහන

බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි  -  ගායනය  සරත් පීරිස්, රොෂානි පීරිස්, අයේෂා චන්ද්‍රරත්න, රුවන් පේබොටුව    

ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා - ගායනය  සරත් පීරිස්, රොෂානි පීරිස්, අයේෂා චන්ද්‍රරත්න, රුවන් පේබොටුව  

කිරි ඉතිරේවා නව වසරේ - ගායනය  සරත් පීරිස්, රොෂානි පීරිස්, අයේෂා චන්ද්‍රරත්න, රුවන් පේබොටුව

ටොරොන්ටෝවේ පැවැත්වුණු 2017 හෙළ මහා අවුරුදු උත්සවයේ වීඩියෝ දර්ශන 

*****************************************************

ඉදිරිපත් කිරීම  සම්පත් පෙත්තාවඩු -  සමග දිනුෂා ජයවර්ධන

සංකල්පය සහ පිටපත-  අනුරුද්ධ වැලිගමගේ

විධායක නිෂ්පාදනය- වීරා ෆොන්සේකා

නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - දිනේෂ් පීරිස්


Image result for rupane tv

Image result for sinhala avurudu art

සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
              සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි ,

Saturday, April 6, 2019

ප්‍රේමයයි වෛරයයි අතරේ සහ වාසගම්........හෙල්මලී ගුණතිලක.....රේඩියෝ කෙටිකතා


Related image

මම නම් කඩේ තරම මනින්නේ පරිප්පු හොද්දෙන්!' ක්‍රිස්ටීන් කි​යන්නේ සද්දෙට හිනාවෙලා. එහෙම කිව්වේ අපි මෙහේ තියෙන ලංකාවේ කෑම කඩ ගැන කතා කර කර හිටිය දවසේ. ඒවායින් කොයි කඩේද හොඳම ඉඳිආප්ප තියෙන්නේ, කොයි කඩේද හවසට උණු උණු වඩේ තියෙන්නේ කියලා ක්‍රිස්ටීන් හරියටම දැනගෙන හිටියා. ඒත් එයා දිහා බැලූ බැල්මට ලංකාවේ කඩවල පරිප්පු හොදි ගැන තියා ලංකාව තියෙන්නේ කොහේද කියලා දන්නවාද කියලාවත් හිතන්න බැහැ.  එයාගේ රත්තරන් පාට කොන්ඩේ කොටට කපලා තිබුණා. කොළ පාට ඇස් දෙක නිතරම හිනාවකින් දිලිසුණා. ඒත් විශ්‍රාම ගන්න වයස කිට්ටු වෙලා තිබුණත් ක්‍රිස්ටීන්ගේ කටහඬේ සද්දේ නම් අඩුවෙලා තිබුණේ නැහැ.

ලංකාව ගැන මේ කතා පටන් ගත්තේ අහම්බෙන්. මම මෙතැනට වැඩට ආවේ ළඟදී. ඒනිසා තාම ​ගතවෙන්නේ මම ​​මෙතැන ​වැඩකරන අනිත් අයගේ නම් මතක තියාගන්න​ උත්සාහ කරන​, විස්තර අහගෙන ඉන්න කාලේ. ඒත් මම ආව අලුත දවසක් ක්‍රිස්ටීන්ම මාව හොයාගෙන ඇවිත් කතාකළා. තේ බිබී හිටිය මගේ ළඟට පුටුවක් ඇදගෙන ඇවිත් ​එයා ​වාඩිවු​ණේ ​'ඔයා ශ්‍රී ලන්කන් නේද?' කියලා අහ​ගෙන.

'ඔව්! ඔයා කොහොමද දැනගත්තේ?' මම ඇහුවේ පුදුමෙන්.

'හිනාවෙනුයි කතාවෙනුයි කිව්වේ!' ක්‍රිස්ටීන් කිව්වේ ලොකු හපන්කමක් කළා වගේ. එදා ඉඳන් නොවැරදීම හැම දවසේම තේ වෙලාවට ලංකාව ගැන කතා කරන්න ක්‍රිස්ටීන් මාව හොයාගෙන ආවා.

'ඔයා ලංකාවට ගිහින් තියෙනවාද?' මේ උනන්දුව දැකලා මම ප​ළ​වෙනි දවසේ​ම ඇහුවා. ඒක අහලා ක්‍රිස්ටීන් හයියෙන් හිනාවුණා. 'ගිහින් නම් නැහැ- ඒක දිග කතාවක්!' කියලා විතරයි එයා කිව්වේ. ඊටපස්සේ හැමදාම අපි ලංකාව ගැන විස්තර කතාකළත් ක්‍රිස්ටීන් ඒ 'දිග කතාව' කියන්න නම් උනන්දු වුණේ නැහැ. ලංකාවේ තේ කොළ ජාති ගැන, ක්‍රිකට් ගැන, බුද්ධාගම ගැන, වෙසක් ගැන, යුද්ධේ ගැන..ක්‍රිස්ටීන් මේ හැමදෙයක්ම ගැන හරියටම දැනගෙන හිටියා. ලංකාවට ගිහිල්ලාවත් නැති මෙයා මේ විදිහට බාගෙට ලංකාවේ වුණේ කොහොමද කියලා කොයිතරම් හිතුවත් මට හිතාගන්න බැරිවුණා. දවසක් කුතුහලය උහුලාගන්න බැරිව  'ශ්‍රී ලන්කන් කෙනෙක් ඉන්නවද ඔයාගේ හොඳ යාලුවෙක්?' කියලා මම ඇහුවේ ඒ නිසායි.

"හොඳ යාලුවෙක්?" ක්‍රිස්ටීන් ඒක අහලා සුපුරුදු විදිහට හයියෙන් හිනාවුණා.

 "නෑ නරක යාලුවෙක්! මගේ හස්බන්ඩ් ශ්‍රී ලන්කන්. හස්බන්ඩ් කිව්වාට එක්ස්-හස්බන්ඩ් - අපි දික්කසාද වෙලා දැන් ගොඩාක් කල්.. ඒත් මම ලංකාව දික්කසාද කළේ නැහැ!' ක්‍රිස්ටීන් හිනාවුණේ හරිම විනෝදෙන්. මට පොළොව පලාගෙන යන තරමේ ලැජ්ජාවක් දැනුණා. ක්‍රිස්ටීන්ගේ මහත්තයා ලංකාවේ කෙනෙක් වෙන්න ඇති කියලා මට කලින් නොහිතුණේ කොහොමද?

"අනේ සොරි ක්‍රිස්ටීන්, මම හිතුවේම නැහැ.." මම සමාව ඉල්ලන්න පටන් ගත්තා.
"පිස්සුද? ඔයා සමාව ඉල්ලන්නේ මොකටද..? මමනේ අගේ කර කර ඔයාට ඇත්ත කතාව නොකිව්වේ! ඉස්සර කාසි ත් ඔයා වගේ තමයි.. පොඩි දෙයක් ඇත්නම් කලබල වෙනවා.. ලංකාවේ ගතියක්ද කොහේද!' ක්‍රිස්ටීන් කියාගෙන ගියා.



මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...


අද කතා හෙල්මලී ගුණතිලක ගේ  ප්‍රේමයයි වෛරයයි අතරේ සහ වාසගම්  ..........


Image result for helmali gunathilake


ප්‍රේමයයි වෛරයයි අතරේ

Image result for two mixed race woman


http://hotchocolatedays.blogspot.com/2018/07/blog-post_11.html

වාසගම්

Image result for faces

http://hotchocolatedays.blogspot.com/2018/09/blog-post_11.html


ඇසුරෙන් කෙරුණු රේඩියෝ කෙටිකතාව .........




කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .

Image result for sawana radio

හෙල්මලී ගුණතිලක ගේ සම්පුර්ණ කතා එකතුව සදහා   බ්ලොග් අඩවියට යන්න .

http://hotchocolatedays.blogspot.com/


විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට

Image result for sawana radio

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.