ඇල බාමා ගඟ පතුලේ ඇති පැතලි ගල් කාලයක් තිස්සේ සකස් වී ඇත්තේ වීශාල බරක් දරන්නට උපන් හපන් කම් දක්වමිනි . සෝවි ය ට් රු සියාව සහ එක්සත් ජනපදය අතර පැව ති අභ යව කාශ තරගයේ දී පලමුව මිනිසෙකු සදට යැවීම සදහා ජෝන් එෆ් කෙන ඩි ජනාධි පති පරිපාලනය නාසා ආයතනයේ ඇපො ලෝ ව්‍යා පෘ තිය කඩිනම් කලේය . සුවිසල් අභ්‍යවකාශ යානා ඒවා ගුවන් ගත කරන අටල්ල වෙත ගෙනයන්නට තනා ඇති කිලෝමීටර හයක ධාවන පථය එබැවින්ම සුවිසල් බරක් දරා යන ජංගම පර්යන්තයකට ඔරො ත්තු දිය යුතුය. ඇමෙරිකාවෙන් පිටසක්වලට යන යානා සඳහා ඇලබාමා ගගේ පැතලි ගල් පාර කැපුවේ ඒ අයුරිනි .
මේ අප ගමන් ගන්නේ ෆ්ලොරීඩාවේ කැන වරල් තුඩුවේ පිහිටි නාසා ආය තනයේ මහජන නැරබූම් සංකීර්ණයට යි . දිනක සතුටක් , ජීවිත කාලයටම අම තක නොවන අත් දැකී මක් යන් න නාසා මහජන නැරභු මේ තේමාව යි .
පිරිස් රැස් කන්නට කලින් පලමුව අප කලේ බස්රථ චා රිකාවට එකතු වීමයි. වි නාඩි කිහිපයක ගමනකි න් පසු අප නත ර වුයේ සුවිසල් යානා තනන පර් ය න්තය අසලයි. රියදුරු මහතා විවිධ දෑ පෙන්වමින්.විස්තර කරයි . ටොන් දහස් ගණනක් බර අභාවකශ යානා ඒවා ගුවන් ගත කරන අංක 39 දරන අටළු වෙත ගෙනයන්නේ ජංගම පර් යන්තය තුල සිටුවා ඉහතින් සඳහන් කල විශේෂ ධාවන පථය මතිනි.
ඉන්ධන නොපිරවූ රොක ට්ටු වලට ඉන්ධන පුරවන්නේ අටළු වෙත ගෙන ගොස් සවිකිරීමෙන් පසුවය. 38 වතාවක් අසාර්ථක වූ අභ්‍යවකාශ ගුවන් පරීක්ෂණ වලින් පසු සාර්ථක වූ 39 වැන්න සිහි කරමින් එම අටළු අංක 39 න් නම් කර තිබේ.
මෙවන් ගුවන් ගත කිරීම් සඳහා මෙතැන තෝරා ගත සැටිත් ප්‍රදේශයේ පිහිටීම ,දේශගුණය ,පරිසරය ගැන විස්තර කරමින් අපව කැඳවා ගෙන ගියේ ඇපොලෝ මධ්‍යස්ථානය වෙතයි . මිනිසුන් සඳ වෙත ගෙනගිය ඇමෙරිකානු මෙහෙයුම් මතක මෙහි එක් රැස් කොට තිබේ. යානාවල කොටස් , අභයවකශගාමින් ප්‍රවාහනය කල ගොඩබිම් රථය , කැප්සියුලය , චන්ද්‍ර යානය පමණක් නොව මෙහෙයුම් මැදිරියද මෙහිදී ඔබට දැකගත හැකිය. එහිදී ඔබ දකින වාර්තා චිත්‍රපට ඔබට ලොව අන් කොතැනකදීවත් දැකිය නොහැකි සුවිශේෂ ඒවාය.
මතභේදයට තුඩු දුන් ඇමෙරිකානු පළමු සඳ මත පා තැබීම කෙසේ වෙතත් ඔවුන් සඳ වෙත ගොස් ඇති වග මේ චාරිකාවට එක් වුවොත් ඔබ පිළිගනු නිසැකය. එලෙසින්ම මෙවන් සුවිසල් මෙහෙයුම් සඳහා කෙතරම් ධනය, ශ්‍රමය සහ කැපකිරීම් කල යුතුද යන්න පැහැදිලිය. සුවිසල් බිම්කඩක ඇති ඇපොලෝ මධ්‍යස්ථානයෙන් ඔබ පිටවන්නේ කුඩා හෝ සිහිවටනයක් අතැතිව බවද කිවයුතුය.
සාර්ථක සඳ ගමන් ව්‍යාපෘතිය නිමාවීමත් සමග ඇරඹුණු අන්තර්ජාතික අභ්‍යවකාශ මධය ස්ථාන ගමන් සඳහා සාම්ප්‍රදා යික කැප්සි යුලය වෙනුවට ෂට ලයක් යොදාගැනීම ඇරඹුණේ කොලොම්බ් යා යානයෙනි. ෂ ටල නැවත නැවතත් භාවිතයට ගත හැකිය. භාවිතයෙන් ඉවත් කල ඇ ට්ලන්ටිස් ෂ ටලයමැදිකරගෙන ඉදිවූ අං ගණය පිහිටුවා ඇත්තේ බ ස් චාරිකාව අවසන් වන ප්‍රධාන ආගන්තුක මධ්‍යස්ථානය තුලය.
සුවිසල් තැඹිලි පැහැති ෂ ටල ප්‍රවා හනය කරන රොකට් පද්ධතිය පිටතත් ෂ ටලය ,නියමු කුටිය ඇතුලතත් පිහිටුවා තිබේ. කැනේ ඩියා නුවන් ලෙස අපට ආඩම්බර විය හැකි කැනඩා අත ( Canada Arm) ද එහිදී දැකගත හැකිය. එහි යන ඔබට අභ්‍යවකාශ යානා අත් දැ කීමක් සිමියුලේටරය මගින් ලබාගත හැකිය.
ජස්ටින් බිබර් වැනි ලෝක ප්‍රකට පුද්ගලයන් ලියාපදිංචි වී ඇති අනාගත වාණිජ අභ්‍යවකාශ චාරිකා මෙන්ම එතෙක් මෙතෙක් ඇමෙරිකා එක්සත් ජනපදය කල මෙහෙයුම් , චැලෙන් ජර් වැනි අභ්‍යවකාශ අනතුරු වල සම්පූර්ණ විස්තර , අනාගත මෙහෙයුම් පිළිබද බොහෝ තොරතුරු එක් කල වටිනා ක්‍රියාශීලි පරිශ්‍රයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. බොහෝ දෙනාගේ අත් සේයාරූ ගැනීමට යුහුසුළු වනු මෙහිදී සුලබව දැකිය හැකිය.
මෙහි ඇති අයි මැක් ස් ත්‍රිමාණ සිනමා හලේදී පමණක් ඔබට දකින්නට ලැබෙන අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වාර්තා සිනමා පටය දකින විට මේ ලෝකය කොතරම් ලස්සනද , කොතරම් කුඩාද මෙන්ම මානවයා කරන අතිමහත් පරිසර විනාශය ද ඒ තොරතුරු එක් රැස් කරන්නට අභ්‍යවකාශගාමීන්
දරන වෙහෙස කොතරම්ද යන්න පෙනේ.
පිවිසුම් දොරටුව අබියස ඇති රොකට් උද්‍යානය ඉතිහාසයේ තවත් පැතිකඩක ජීවමාන සාක්ෂි සිටවූ බිම්කඩක් වැන්න . භාවිතයෙන් ඉවතලූ බොහෝ දෑ එහි මහජන ප්‍රදර්ශනය සඳ හා තබා තිබේ.
අභ්‍යවකාශ ලෝකයේ කල දවසක සංචාරයකින් පසු සැබෑ ලොවට පියමැනීම සඳහා අපි රථගාල වෙත ගියෙමු.
විස්තර අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ - හෙසදී වැලිගමගේ සහ
අන්තර්ජාලයෙන්
Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.
මෙම ලිපිය කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2016 ඔක්තෝබර් කලාපයේ පලවිය .
http://dasatha.com/
අනර්ඝයි. ස්තුතියි
ReplyDeleteබොහොම ස්තුතියි දේශක තුමා . ඔබ වැනි බ්ලොග් ප්‍රවීණයෙක් මගේ බ්ලොග් එකට ගොඩ වුණාට .
Delete