මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, February 23, 2019

දේදුන්නේ පාට පාටින් ආදරේ මල්දම්……අනුරුද්ධ වැලිගමගේ ....කවි......


Related image

දේදුන්නේ පාට පාටින් ආදරේ මල්දම්……


දේදුන්නේ පාට පාටින් ආදරේ මල්දම්
කදුරැල්ලේ සීත මීදුම් තීරයේ හැඩනම්
විසිරීලා හිනැහීලා හීනයක් වාගේ
යව්වනයේ හසරැල්ලේ ප්රේමයේ අන්දම් ......


පිණි ඉහිරෙන රළ අතරේ මහා සාගරේ
තැන තැන මතුවී එනවා සුදු පෙණ දහරේ
පොපියන හිත දගලන හිත හීනයක් වාගේ
ඉපදෙනවා නැතිවෙනවා ප්රාර්ථනා ආලේ ....


පෙම් සිතුවිලි හැඩ කරනා ගගදිය අතරේ
සද රැස් වන්නමක් නටයි නිල් දිය වතුරේ
හැඩ වීලා නැලවීලා හීනයක් වාගේ
යව්වනයේ මල් පුබුදයි ජීවිතේ අපගේ …..


අනුරුද්ධ වැලිගමගේ 

Image result for couple in swiss alps

Saturday, February 16, 2019

නිල් විල් බලමින් ඇතබැස්කා ග්ලැසියරයට යෝධ බසයක නැගී ගිය ගමනක්.........කැනේඩියානු සංචාරයක මතකය ..... රොකී කදුවැටිය වටේ රවුමක් 2.


Related image

Image result for bow lake alberta canada

Related image

David Douglas

භූගෝලීය වශයෙන් ගතහොත් කොලොම්බියා අයිස්තලය පිහිටා තිබෙන්නේ කැනේඩියානු
රොකී කදු අතර ඇල්බර්ටාව සහ බ්‍රිටිෂ් කොලොම්බියාව වෙන්වන මායිමේ බැන්ෆ් සහ
ජැස්පර් ජාතික වනෝද්‍යාන සීමා වලයි . වර්ග කිලෝමීටර 325 ක බිම් කඩක් වසා පැතිර
පවතින එහි අඩි 330 සිට 1200 තරමේ අයිස් කදක් කැටිගැසී තිබෙනවා . ක්‍රිස්තු පුර්ව 238 000
තරමේ ඈත අතීතයකට දිවෙන මේ ග්ලැසියරය සොයාගනු ලැබුවේ ඩේවිඩ් ඩග්ලස් ( David
Douglas) විසින් 1827 දී . එයින් සාමාන්‍ය මහජනතාවට අප්‍රේල් සිට ඔක්තෝබර් මාසය දක්වා
සංචාරයට ඉඩ ලැබෙන්නේ කොලොම්බියා අයිස්තලය ප්‍රදේශයයි . කිලෝමීටර් 6 ක් දිග වර්ග
කිලෝමීටර 6 ක වපසරියක විහිදෙන එය අඩි 300-980 ක ඝනකම අයිස් තට්ටුවකින් වැසී
තිබෙනවා . මේ ප්‍රදේශයේ සංචාරය සදහා යන්නට පුළුවන් වන්නේ විශේෂයෙන්ම තැනු
බස්රථයකින් .

Image result for bow lake alberta canada



අපි රොකී කදුවැටිය වටා යන ගමනේ දෙවැනි දවස බැන්ෆ් වලින් පටන්ගත්තා . දවසේ
ගමනාන්තය වුනේ ජැස්පර නගරය . දුර වශයෙන් කිලෝමීටර 300 ක් තරම් . බැන්ෆ් සහ
ජැස්පර් වනෝද්‍යාන මැදින් යන මාර්ගයේ පහසුකම් සහිත නගර හමුවන්නේ නැහැ . ඒ නිසා
සංචාරක වෙබ් අඩවි තොරතුරුත් , මෙවැනි ගමන් ගිය හිතවතුන්ගේ උපදෙස් පිළිපදිමින්
වාහනයට සම්පුර්ණයෙන් ඉන්ධන පුරවා ගන්නත් , වතුර සහ කෑම මිලදී ගන්නත් අප අමතක
කලේ නැහැ . ඉතා හොද තත්වයේ මාර්ගයක් වුවත් , වංගු සහිත වීමත් , බොහෝ ජංගම
නිවහන් රථ ( Recreational Vehicles ) සහ බයිසිකල් කරුවන් හමුවීමත් නිසා අධිවේගී
මාර්ගයක මෙන් අපේක්ෂිත වෙලාවකින් ගමන යන්න අමාරුයි . ඒ නිසා කලබලයෙන් යන්නේ
නැතුව විවේකීව යන්නට හැකි පරිදි ගමන සැලසුම් කරන එක හොදයි . දකින්නට ලැබෙන
මනරම් දසුන් නිසා ඔබට අතරමගදී බොහෝ තැන්වල නවතින්නට සිතුනත් වාහනය
නවත්වද්දී සහ බහිද්දී කල්පනාකාරී වීම වඩාත් හොදයි .




බෝ විල ( Bow Lake)


Image result for bow lake alberta canada

බෝ විල කියන්නේ මේ ගමනේදී බැන්ෆ් වල සිට යද්දී හමුවන අංක 93 මාර්ගය අද්දරින්ම පිහිටි
මනරම් තැනක් . ග්ලැසියර් ජලයටම ආවේණික සුවිසේෂි නිල් පාට දියෙන් පිරි විලක් .මෙයට
ජලය එන්නේ ..crowfoot ග්ලැසියරයෙන් . දියවී එන ජලය ගෙනෙන බෝ ගගෙන් . වාහනය
පැත්තකට කරලා නවත්වලා විලට බැහැල සීතල වතුර ටිකක් පාගන එකත් , සුන්දර වටපිටාව
එක්ක සෙල්ෆි ගහන අයගෙනුත් මෙතැන නම් අඩුවක් නැහැ .මේ ඉසව්ව කදු නගින්න
ආසකරන , බයිසිකල් පදින්න ආසකරන , කදවුරු බිමක කලක් ගත කරන්න ආස අයට කියාපු
තැනක් .



පේටෝ විල ( Peyto Lake)


Image result for bill peyto

Sunrise @ Peyto Lake, Banff National Park, Alberta, Canada… | Flickr

ඉතා ජනප්‍රිය කඳු නගින්නෙකු වූ බිල් පේටෝ සිහිවන්නට නම් කල පේටෝ විල හමුවන්නේ
තවත් කිලෝමීටර 7 ක් පමණ අංක 93 මාර්ගයේ ගිය විටයි . පේටෝ විල පිහිටා තිබෙන්නේ
ප්‍රධාන මාර්ගයෙන් ටික දුරක් වමට හැරී ගිය විටයි . ඉතාමත් මනරම් දසුනක් මවන පේටෝ
විල බලාගන්නට නම් කිලෝමීටර 2 ක පමණ කදු නැග්මක් කරන්නට වෙනවා . බෝ කදු මුදුනේ
ඉදිකළ විශේෂ වේදිකාව අවට රසවිදින්නටත් , ඇති පදම් සේයා රූ ගන්නටත් ඉඩ සදන බව
කිවයුතුයි .හොදින් අව්ව ඇති දිනක නම් ඔබේ රූප මතක මනරම් වනවාට කිසිදු සැකයක්
නැහැ . පේටෝ විලත් , බෝ විලත් අතර ප්‍රදේශය කදු නගින , ඇවිදින පිරිස් මහ ඉහලින්
වර්ණනා කරන දර්ශණීය ඉස්සව්වක් ලෙසයි සංචාරක වෙබ් අඩවි වල සදහන් වන්නේ .
පේටෝ විල පරිශ්‍රයෙන් නික්මුණු අපි ගමන තවදුරටත් ඉදිරියට ගියේ කැනඩා රොකී පරිසරයේ
අසිරිය විදිමින් . විටෙක කදු එළුවන් මාර්ගය අසලම සිටිනු දකින්නට ලැබුනා . උදෑසනම හෝ
සවස් යාමයට මේ ප්‍රදේශයේ වලසුන්ද ගැවසෙන බව කියැවෙනවා .

Image result for rv s in banff roads

කොලොම්බියා අයිස්තලය ( Colombia Icefield )


Image result for columbia icefields


පැයක පමණ ගමනකින් අපට ජැස්පර් වනෝද්‍යානයේ කොලොම්බියා අයිස්තලය කරා
සංචාරකයින් ගෙනයන මධ්‍යස්ථානයට ලගාවන්නට පුළුවන් වුණා . පහසුකම් සීමිත නිසා
මෙහි කෑම බීම තරමක් මිලෙන් වැඩියි . අපේ බලාපොරොත්තුව විශේෂ බසයෙන් අයිස්තලයට
යාම . ඔබට වෙලාව වෙන්කර ගැනීම නුවණැති වැඩක් . එහෙමත් නැත්නම් දිගු පෝලිමක පැය
ගණනක් රස්තියාදු වෙන්නට වෙනවා . සංචාරයකදී කාලය කා දැමීම ආර්ථික වශයෙන් පාඩු
ගෙන දෙන්නක් සේම මහත් වෙහෙසක් ගෙන දෙන්නක් . ඒ වගේම නියමිත වෙලාවට පැය
භාගයකට කලින් ඒ මධ්‍යස්ථානයට වාර්තා කරන්නත් අවශ්‍යයි .
අපව පෝලිම් ගස්වා සංචාරක බස්රථ වලට ගොඩකලා . විනාඩි 10 ක පමණ ගමනකින් පස්සෙ
අපි ගියේ වැඩබිමක් වැනි බස් පර්යන්තයකට . එතැනදී අපි ගොඩවුණු උස් වාහනය සැප පහසු
නැති දුෂ්කර ගමනකට සුදුසු එකක් .



අද ඔබව කොලොම්බියා අයිස් තලයට ගෙනයන විශේෂ බස් රථ තනා ඇත්තේ කැල්ගරි
නගරයේ Foremost.. ආයතනය විසින් . ආසන 56 ක් ඇති ඒ බසයක් අඩි 13 ක් උසයි . දිග අඩි 49
ක් සුවිසල් රෝද 6 කින් යුත් ඒ බසයක් ටොන් 25 ක් බරයි . වාහනය පැදවූ විශ්ව විද්‍යාල
සිසුවියගේ කථා විලාශයට අප හිතුවේ ඒ ගමන රෝල කොස්ටර චාරිකාවක් වේවි කියලයි . ඒත්
අපට අඩුවෙන් අසීරුතා දැනෙන පරිද්දෙන් ඇය ඒ රථය අයිස්තලය මත පැදවූ බව කිවයුතුයි .
එවන් බස්රථ 22 ක බලඇණියක් මෙහි සේවයේ යොදවා තිබෙනවා .
බසයෙන් අපව ගෙනගොස් බැස්සවුයේ ආරක්ෂිත අයිස් තලයට. එතැන ගත කරන්නට අපට
දුන් පැය භාගයක පමණ කාලය ඉක්මණින් ගෙවී ගියේ අපි හැමෝම එක එක පසුතල
හසුකරමින් ග්ලැසියර දිය අල්ලමින් ගත් සේයාරූ ගොන්න නිසා .වෙලාව පිලිබදව
අවධානයෙන් නොසිටීම නිසා බසය වැරදුණු අපේ මිතුරු කැලකට ඉඩ ඇති බසයක් එනතුරු

පැය කිහිපයක් අයිස්තලයේ ශීතලේ ගෙවන්නට සිදුව තිබුණු නිසා අප කලේ අපේ බසය පිළිබද
හොද අවධානයකින් හිදීමයි . ඒ වගේම ඉතා ඉහල මිලක් ගෙවන මේ චාරිකා අත්දැකීම දුර්ලභ
නිසා අන්තරජාලයෙන් කලින් ප්‍රවේශ පත් වෙන්කර ගැනීම හොදයි

Image result for columbia icefields

ග්ලැසියර් අහස් ගමන ( Glacier Skywalk)


Image result for columbia icefields skywalk


සමහරු එතරම් ප්‍රියතාවක් නොදැක්වුවත් අඩි 916 ක් උසින් පිහිටි ඝනකම වීදුරු තලයක හිද
අයිස් කදු බලන්නට පුළුවන් මෙය සුවිශේෂී තැනක් . ග්ලැසියර් තලයට ගිය බසයෙන් නැවත
මධ්‍යස්ථානයට පැමිණ තවත් බසයක නැගී එන මේ සංචාරය සමහරවිට කාලය නාස්ති වන
දෙයක් ලෙස ඔබට හැගෙන්නට පුළුවන් .

Image result for columbia icefields skywalk


අප ආයෙමත් අපේ ගමනෙ . අංක 93 මාර්ගයේ අසලින් යන ග්ලැසියර් දිය පහර එක එක විදිහෙ
රටා මවන ගගක් මවනවා . සමහරු වාහන පාර අයිනෙ නවත්වලා බලන් ඉන්නවා . අපිත්
අනික් වාහන වලට බාධා නොකර ඉඩ තියෙන විදිහට වේගය අඩුකරලා පරිසරය රසවින්දා .

Image result for icefield parkway


සන්වප්ටා ඇල්ල ( Sunwapta Falls and Canyon)

Sunrise at Sunwapta Falls, Jasper National Park, Alberta. | Flickr

අංක 93 පාරෙන් චුට්ටක් වමට ගියාම හමුවන දුර්ගය අතරින් ග්ලැසියර් වතුර ගලාගෙන යනවා
. එතකොට එතැන දියඇලි දෙකක් මවනවා . බොහෝ දෙනෙක් බලන්න යන්නේ වාහන
නැවතුම අසල තියෙන අඩි 60 ක් උස අඩි 30 පලල උඩහ ඇල්ල ( Upper Falls) . පහල ඇල්ල
බලන්න නම් ටිකක් දුෂ්කර ගමනක් තියෙනවා .Sunwapta කියන්නෙ ස්ටෝනි ( Stoney)
භාෂාවෙන් කැලැබුණු ජලය කියන එකට .
අපි ජැස්පර් නගරයට ගිහින් එදා දවස නිමකලා .

Image result for sunwapta falls


November in Jasper: Where to be for Canada 150 - Blog Viarail
ඔබේ ඉල්ලීම් සහ තොරතුරු සදහා අළුත් විද්‍යුත් ලිපිනයක් පටන් ගත්තා . dasatha.sancharayakamathakaya@gmail.com විස්තර සදහා ලියන්න . ඉඩ ලැබෙන පරිදි පිළිතුරු ලියන්නම් .

සටහන අනුරුද්ධ වැලිගමගේ


සේයාරූ -  හෙසදී වැලිගමගේ  සහ * අන්තර්ජාලයෙන්


කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2018  ජුනි  කලාපයේ පලවිය .

Image result for rv s in banff roads

Image result for columbia icefields

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 Image result for icefield parkway

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.






Saturday, February 9, 2019

අද කතා හැබෑ චිත්‍රපට ජවනිකා සහ අනුරාධපුරයේ ස්වෙච්චා සේවය ....කලණ ආටිගල......

Diane Kruger stars in Sri Lanka-based commercial for Special T ...


ඔය අතර දවසක් ඇය විසින් යෝජනා කරන්නේ 50 First Dates චිත්‍රපටිය බලන්නට යමුද කියා ය .එය සැවෝයි සිනමා හලට පැමිණි බව ඇගේ මිතුරියක විසින් ඇයට පවසා ඇති බව ඇය පැවසුවා ය . පසුව පන්තිය කට් කර උදැසන දර්ශනය සදහා අපි දෙදෙනා සැවෝයි සිනමා හල ඉදිරිපිට පෝලිම ඉස්සරහට  වී සිටියෙමු . ඔය අතර කොහේදෝ දීපන්කරයක සිට මගේ පියානෝ ගේ රාජකාරි ඩබල් කැබ් රථය අප ඉදිරිපිට නවතිනවා ය . චිත්‍රපට ජවනිකාවක් මෙන් එයින් බසින පියා දෙස මම බැලුවේ ඉතාමත් බයන්කාරවය . ඒපසුව සිදුවනේ දේ ආටියා දන්නා නිසා ය .

තාත්තා මා ලගට විත් , මගේ දෙසත් , රශ්මි දෙසත් හොදින් බලා මගෙන් විමසුවේ ,

"බ්‍රිස්ටිෂ් කවුන්සිල්එක දැන් තියෙනේ මෙතනද "

"නෑ ......... තාත්තේ ..මේ ... මේ .... "

කියනවත් සමග , වේගවත් කම්මුල් පාරවල් දෙකක් ලැබුනේ හිතන්නවත් බැරි විදියට ය . ඔය හැමදෙට ම වඩා ගුටි කෑම පට්ට නොන්ඩි ය . වටේ මිනිස්සු කට අරගෙන බලන් ඉන්නවා ය . රශ්මි මගේ අතින් එල්ලී අඩනවා ය .... කියන්නට වචන නැති ය ... මට පට්ට අවුල් ය ...

"දුව නගින්න වාහනේ ට" ..... තාත්තා කරුණාවන්තව කියන්නේ රශ්මිට ය .

"උබත් නැගපන් .... මෙතන මම බෙල්ල මිරිකන්න ඉස්සර" කියා කොලරයෙන් අල්ලා පිටිපස්ස දොර ඇර වාහනය ඇතුලට තල්ලු කරේ අපරාධකාරයකු පොලිසියට ඇදන් යන විදියට ය . 

ඔය අතර සිදුවිම බලාගෙන සිටි පොලිස් නිලධාරියෙක් වාහනයේ රාජ්‍ය ලාංජනය දැක රජයේ වහනයක් නිසා තාත්තා ලගට විත්  ,

"මහත්තයා දුවගේ පස්සෙන් මූ ඇවිල්ලද , දුවට කරදර කරලද ? " එසේ ඇසුවේ ය .

"නෑ  , මේ මගේ පුතා " පොලිස් කාරයා හොල්මන් විය .

ඔය තාත්තා ගේ හැටිය .  පසුව රශ්මි කියන්නේ "මට යන්න බෑ . මම බස් එකේ එන්නම් " කියා ය .රශ්මි නැවත දොර ඇර කැබ් රථයෙන් බහින වා ය . මමද දොර ඇරගෙන බැස්ස අතර , " මගෙන් මැරුම් නොකා නැගපිය ........ " යැයි ගුගුලේ ය . මිනිසුන් වටවී බලනවා ය . ගාලු පාරේ එක තීරුවක් සම්පුර්ණයෙන් බ්ලොක් ය . තාත්තා නනිවම ගේම ඉල්ලනවා ය . බලන් ඉන්න උන් අතල් ගන්නවා ය . බස් වල විදුරු වලින් බෙල්ල දමා හැමෝම කට ඇරැගෙන බලනවා ය .

"ඇයි ... උබ කියන්නේ උබලා දෙන්න එක්ක මෙතන ෆිල්ම් බලන්න කියලද " නගපිය වාහනේ ට ...... අද මම උබට ...... කියා නැවත වරක් මගේ ටීෂට් එකෙන් ඇද පසු පස කොටසට මාව තල්ලු කරා ය . විසි වී ගොස් මගේ ඔලුව දකුණු ඇත පැත්තේ දොරේ වැදුනි . රශ්මි එළියේ ය . .... තාත්තා වහනය පණ ගන්වා ඉදිරියට ඇදුනේ ය .... රශ්මි හඩමින් වහනය දෙස බලා ඉන්නවා පිටුපස වීදුරුවෙන් කළු දුම් අතරින් මට පෙනුනි .

Savoy 3D Cinema : Allceylon.lk


මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...

අද කතා හැබෑ චිත්‍රපට ජවනිකා සහ අනුරාධපුරයේ ස්වෙච්චා සේවය    ..........


Image result for sinhala film shooting

Image result for people working in Sri lankan archaeological site



කලණ ආටිගල මගේ ලෝකයට  ලියූ

මගේ ලෝකය My world

පටිසෝතගාමීව දස වසක්

Image result for kalana attygalle


හැබෑ චිත්‍රපට ජවනිකා  ......

http://magelokaya01.blogspot.com/2018/02/blog-post_15.html


අනුරාධපුරයේ ස්වෙච්චා සේවය.......

http://magelokaya01.blogspot.com/2018/10/blog-post.html


ඇසුරෙන් කෙරුණු රේඩියෝ කෙටිකතාව .........



* සේයාරූ - අන්තර්ජාලයෙන් - Google Images


කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .

Image result for sawana radio



කලණ ආටිගල  ගේ සම්පුර්ණ කතා එකතුව සදහා මගේ ලෝකය  බ්ලොග් අඩවියට යන්න .

http://magelokaya01.blogspot.com/


විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට

Image result for sawana radio

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 Sri Lanka: Archaeological findings open new chapter: Prof. Somadeva

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.