මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, February 27, 2021

සවන කවි මිණි ආර ගැන ඔබේ ප්‍රශ්න වලට පිලිතුරු ...

 

කවිය ගැන උනන්දුවක් ඇතිවෙලා තියෙන මේ කාලෙ මුහුණු පොතේ සහ ලංකාවේ සමහර රූපවාහිනී මාධ්‍යය තුල කවියට විශාල අවධානයක් යොමුවෙලා තියෙනවා. සේයාරුවක් එක්ක කවියක් කියැවීම පුරුදු දෙයක් වුණත් ජනකවි හැරුණාම අනෙක් කවි අහන්න ලැබෙන ඉඩ අඩුයි. සවන කවි මිණි  ආර   පටන් ගත්තෙ ඒ අරමුණ ඇතිව. කැනඩාවෙ වගේම ලංකාවෙත් මේ වැඩසටහන අහන කවියට ලැදි පිරිස වෙනුවෙන් මේ තොරතුරු එකතු කරන්න හිතුවෙ ඒ හින්දයි.

සතිපතා පැයක් පුරා වෙබ්ගත වන කවි මිණි ආරේ කොටස් 3 ක් තිබෙනවා.ඉන් පළමුවැන්න කවිය ආ මග විද්වතුන් සමග කෙරෙන කථා බහක්. දෙවැනි කොටස කවියට ලැදි මුහුණු පොත සහ බ්ලොග් හරහා කවි ලියන නවක නිර්මාණ කරුවන්ගේ කවි 5 ක් හදුන්වාදෙන කවි මුතු. තුන් වැන්න ජාත්‍යන්තර කවියෙකු ගැන කථා කෙරෙන කවියෙන් රටින් රටට.

මේ ඔබ මුහුණු පොත හරහා මට යොමුකල ප්‍රශ්න වලට පිළිතුරු.....


සවන කවි මිණි ආර වෙබ්ගත වන වේලාව ....     

සවන කවි මිණි ආර වෙබ් ගත වන්නේ කැනඩාවේ වේලාවෙන් සෙනසුරාදා හවස 4 ට ( ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඉරිදා පාන්දර 2.30 ට,ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් ඉරිදා උදෑසන 8, එංගලන්තයේ වේලාවෙන් සෙනසුරාදා රාත්‍රී 9 ට  ඉතාලියේ වේලාවෙන් සෙනසුරාදා රාත්‍රී 10 ට  )

නැවත ප්‍රචාරය සදුදා රාත්‍රී 9 ට ( ශ්‍රී ලංකා වේලාවෙන් අගහරුවදා උදෑසන 7.30 ට  )  

කවි මිණි ආරට සවන් දෙන්න පුළුවන් කොහොමද ?

 http://www.sawana.ca/   වෙබ් ලිපිනයෙන් 


ජංගම දුරකථනයේ රේඩියෝ ගාඩන් ඇප් එක



     ජංගම දුරකථනයේ Tune in ඇප් එක

හරහා ලෝකයේ ඕනෑම කොනක ඉදගෙන ඔබට සවනට කන් දෙන්න පුළුවන් .


පහුගිය වැඩසටහන් විස්තර 

      කවිය ආ මග                                                              කවියෙන් රටින් රටට     


1. කවිය යනු කුමක්ද -

 ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර                                             සරෝජිනී නායිදු 

2. ශ්‍රී ලාංකික කවිය සහ අනුරාධපුර යුගයේ කවි

  ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර                                         ඔක්තාවියෝ පාස්  

3. පොලොන්නරුව, දබදෙණිය සහ යාපහුව යුගයේ කවි

  ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර                                         ඩී එච් ලෝරන්ස් 

4. කුරුණෑගල, ගම්පොල සහ නුවර යුගයේ කවි 

  ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර                                        මායා ඇන්ජෙලෝ  

5. කවිය, සදැස් නිසදැස් බෙදුම

  මහාචාර්ය කුසුමා කරුණාරත්න                                      බොරිස් පැස්ටර්නක්  

6. කෝට්ටේ යුගයේ කවිය 

  ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර                                        බයිරන් සාමිවරයා 

7. සැළලිහිණි සංදේශය සහ ගුත්තිලය 

 ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර                                         රිචර්ඩ් ජෝන්ස් 

8. කවිය සහ නූතන කවිය 

 නන්දන වීරසිංහ සහ මාලතී කල්පනා ඇම්බ්‍රෝස්               පී  බී ෂෙලී 

  ( මීමන්දාව හඩ කොටස් )

9. කාව්‍යශේඛරය සහ බුදුගුණ අලංකාරය 

 ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර                                        බැරී ස්පැක්ස් 

10.යශෝදරාවත සහ වෙස්සන්තර දා කව  

 ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර                                       හෑන්ස් ඔස්ට්රම් 

11.වර්තමානයේ ජනප්‍රිය කවි මුසුවක් 

  ලියනගේ අමරකීර්ති\රත්කරව්වේ ජිනරතන හිමි         එඩ්නා ශාන්ත වින්සන්ට් මිලේ 

     පොඩිරත්න අංගමලේ\ ප්‍රභාෂිනි හේරත් \ චාමිකා ප්‍රේමතිලක

    (කවි 10ට ගී 10ක්  හඩ කොටස් )    

12. කවිය සහ භාෂාව 

  මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන                               ඩිලන් තෝමස්   

   ( ලිවිසැරි ප්‍රේමය හඩ කොටස් )     

13. නව කවිය යා යුතු මග 

  මහාචාර්ය කුසුමා කරුණාරත්න                                    නසීම් හික්මෙට්  

14. කවි කොල සාහිත්‍යය -  

 ( ලිවිසැරි ප්‍රේමය හඩ කොටස් )                                  විලියම් බට්ලර් යේට්ස්

15. රුවන් බන්දුජීව සහ විජායි නාලිකා කරුණාරත්න නිර්මාණ                                   

     (කවි 10ට ගී 10ක්  හඩ කොටස් )                              ලගුස්ටස් හේයස්    

16. ජනකවිය ගැන මිශ්‍ර විද්වත් අදහස් 

   ගාමිණී සුමනසේකර \මහින්ද දිසානායක                   රුඩ්යාඩ් කිප්ලින්   

   හංසමාලා රිටිගහපොල\රත්න ශ්‍රී විජේසිංහ \සුනේත්‍රා කංකානම්ගේ

   ( කවි 10ට ගී 10ක්  හඩ කොටස් )  

17. ලක්ශාන්ත අතුකෝරල සහ සුහර්ශිනි ධර්මරත්න නිර්මාණ                                   

     (කවි 10ට ගී 10ක්  හඩ කොටස් )                              පැබ්ලෝ නෙරුදා 

18. කවිය සහ ජනකවිය - සමන් ලෙනින්                       විලියම් බ්ලේක් 

19. ජනකවිය සහ ගීතයේ සබැදියාව 

     කථිකාචර්ය සමන් පනාපිටිය                                   ස්ටැන්ලි කුනිට්ස් 

      (කවි 10ට ගී 10ක්  හඩ කොටස් )

20. ඉලක්ෂ ජයවර්ධන සහ දිනූ රාජගුරු නිර්මාණ විමසුම                                           

      (කවි 10ට ගී 10ක්  හඩ කොටස් )                          විලියම් අර්නස්ට් හෙන්ලි

  ඔබට කවි මිණි ආරට සම්බන්ධ වෙන්න පුළුවන්ද ?

ඔබේ කවි නිර්මාණ කවිමුතු වෙත එවන්න පුළුවන්. අපේ විද්‍යුත් ලිපිනය  ahasgawwa1@gmail.com
ඔබ කවි ගායනයට දක්ෂ කෙනෙක් නම් ඒ සදහා අවස්ථාව දෙන්නත් පුළුවන්. ඔබ කැමති සදැස් කවියක් සහ නිසදැස් කවියක් ගායනා කර   හඩ පටය අපට එවන්න.  
ඒ වගේම ඔබේ ප්‍රතිචාර අහන්නත් බලාගෙන ඉන්නවා .

ඉදිරියේදී පහුගිය වැඩසටහන් අහන්න පුළුවන්ද ?

ඔව්. මේ වැඩසටහන් මාලාව අවසන් වූ විගස යූ ටියුබ් නාලිකාවටත්, විස්තර සහිතව අහස් ගව්වෙන්  එහා ලෝකය බ්ලොග් අඩවියටත් වැඩසටහන් එකතු කරනවා .  


සවන කවි මිණි ආර ගැන මුල් සටහන 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/09/blog-post.html


සවන අන්තර්ජාල රේඩියෝව පිළිබද විස්තර සටහන

http://ahasgawwenehalokaya.blogspot.com/2020/11/blog-post_29.html



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියිසිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයිසමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට 

අපහසු වීම ගැන මගේ කණගාටුව.




මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි


Saturday, February 20, 2021

අපි ගිම්හානයේදී ගැ රඩියා කන්දෙන් අරඹා ශීත කාලයේදී හිම මත ලිස්සා ගියෙමු.....කැනේඩියානු සංචාරයක මතකය...

 



මනරම් නයගරා දියඇල්ල අප නෙතට මවන්නේ මහත් චමත්කාරයක්. ඉතිහාසය දෙස බැලීමේදී නයගරාව බිහිවූ භූගෝලීය වෙනස්වීම් සමග ඇතිවූ කලාපයක් ඔන්ටරියෝ පළාතේ දකින්නට පුළුවන්. සොබාදහම මවා ඇති වෙනස්කම ඔබට, මට සංචාරය කරන්නට අපුරු තැන් රැසක් ඉතිරි කර තිබෙනවා. හොල්ටන් රක්ෂිතය මගින් පාලනය වන උද්යාන කිහිපයකම නිස්කලංක,විචිත් , පහසුකම් සපිරි මේ පරිශ් ගිම්හානයේ දවසක් ගතකරන්නට කදිමයි.ඇවිදින්නට,බයිසිකල් පදින්නට, හිතවත් පවුල් කිහිපයක් සමග බිත්ති වලින් කොටුවූ ගේදොරින් මිදී සිතල මද පවනක සාමීචියකට මේවා නියම වෙනසක් මවනවා. ටොරොන්ටෝවේ සිට පැයකට අඩු දුරකින් පිහිටි මේවා ඉතා සාධාරණ මුදලකට සේවා සපයනවා. අන්තර්ජාලයෙන් මේ වසරේ විශේෂ වැඩසටහන් දිනදසුන පිරික්සන්නට පුළුවන්.

ගැ රඩියා මුදුන ( Rattlesnake Point)

 උස්ව නැගුණු කදු මුදුනක් වන මෙහි සිට ඔබට මේ කලාපයම නිරීක්ෂණය කරන්නට පුළුවන්. බහුලව රාජාලියන් වෙසෙන ඉසව්වක් බැවින් රජාලියෙකු දැකීම ගිම්හානයේදී සුලබ දසුනක්. වනගත බිමක් වන මෙහි නිතර ගැ රඩියන්  වැනි විෂ රහිත සර්ප විශේෂ බහුල වීම නිසා මේ නම ලැබෙන්නට ඇති. කඹවලින් එල්ලී කදු නගින අය සදහා කොකු සහ මංපෙත් පර්වතයේ සකසා තිබෙනවා. මෙහි ඇති උද්යානය විශාල පිරිසකට රැස්වන්නට පහසුකම් සහිතයි. අන්තර්ජාලයෙන් එම පරිශ් වෙන්කරවා ගන්නටත් පුළුවන්. පාරිසරික සේයාරූ සදහා පසුතල බොහොමයක් මෙහිදී දැකිය හැකියි.

ක්රෝෆොර්ඩ් විල ( Crawford Lake )

අතීතයේදී ඉරකුයිස් (Iroquois) )  ජනාවාස මේ ආශ්රිතව පැවති අතර එය ප්රතිනිර්මාණය කර මෙහි තනා ඇති අංග සහ කෞතුකාගාරය මහත් අධ්යාපනික වටිනාකමකින් යුත් බව කිව යුතුය.අතීතයේදී පැවති ගෝත්රික නිවහන සක්රිය කරන්නට සේවකයින් කරන පැහැදිලි කිරීම් සහ නිරුපණ  විශිෂ්ටයි.ගිනි දල්වා ගත් හැටි ආහාර කල්තබා ගත් හැටි මෙන්ම ඔවුනගේ ක්රීඩා අත්හදා බැලීම සදහා මෙහි පහසුකම් සලසා තිබෙනවා. කලක් පවුලේ ගොවිපොලක්ව පැවැති මේ පරිශ්රය 1971 දී රක්ෂිතයක් බවට පත්කර තිබෙනවා. කිලෝමීටර 19 දුරින් යුතු ඇවිදින මංපෙත් වලින් පිරි විලක් මැදිවූ මෙහි විල වෙත යන මාවත දෙපස ඇති රුක් කැටයම් ඉතා අගනා කලා නිර්මාණ බව ඉදිරිපස හෝ ආසන්නයේ සිට සේයාරූ ගන්නට පොරකන පිරිස් නිසා පැහැදිලියි.

 


නෙමෝ කන්ද ( Mount Nemo)


 

පක්ෂීන් පිළිබදව අප නොදන්නා දේ දන්නා දේට වඩා වැඩියි. මෙම පරිශ්රයේදී ඔබට කුඩුවල රැදවුණු විවිධ පක්ෂීන් දකින්නටත් කුරුළු සංදර්ශනයක් ( Birds of Prey) අත්විදින්නටත් පුළුවන්. පිරිසක් සමග විවේකය ගත කරන්නටත් ඇති පදම් ඉඩ පහසුකම් මෙහි තිබෙනවා. ගොවිපොල සතුන් ගැන ඇල්මක් දක්වන යට, විශේෂයෙන් කුඩා දරුවන්ට සදහා මෙහි ඇති ආදර්ශ ගොවිපොලට ගොඩ වැදෙන්නට  පුළුවන්.



 

හිල්ටන් ඇල්ල  ( Hilton Falls)


19 වන සියවසේ ක්රියාත්මක වූ අඩි 40 ක් වටප්රමානයෙන් යුතු ජල රෝද මගින් ක්රියාත්මක වුණු  ලී මෝල් 2ක් සදහා උදව් වුණු සොබාවික දියඇල්ල ක් සහිත මේ  පරිශ්රය ගිම්හානයේදී ඇවිදින්නටත්, බියිසිකල් පදින්නටත්, ශීත කාලයේදී හිම මත ලිස්සා යන්නටත් , චිකඩි (Chickadees)නම් කුඩා කුරුල්ලන් සදහා කෑම කවන්නටත් කදිම තැනක්. මිදුණු දිය ඇල්ලේ සේයාරු ගන්නටත් පුළුවන්. මේ  සදහා මෙහි විවිධ දුරින් යුතු ඇවිදින මංපෙත් කිහිපයක්ම මෙහි තිබෙනවා.මේ පරිශ්රය විශාල පිරිසකට එක් රැස් වන්නටත් පුළුවන් තැනක්.


කෙල්සෝ / ග්ලෙන් ඊඩෙන් ( Kelso/ Glen Eden) 


ගිම්හානයේදී ඔරු පැදිය හැකි, මසුන් ඇල්ලිය හැකි , පිහිනිය හැකි ජලාශයක්  සහිත මෙයත් විශාල පිරිසකට එකට රැස්විය හැකි තැනක්. බයිසිකල් සහ ඇවිදින මංපෙත් සහිත මේ උද්යානය පිහිටා ඇත්තේ 401 අධිවේගී මාර්ගයට සමීපවයි.

1880 ඉදිවූ කම්මලක් සහ ගොවිපොළක් ප්රතිනිර්මාණය කර සකස් කල හොල්ටන් කෞතුකාගාරය මෙහි පිහිටුවා තිබෙනවා. වසර 200 ක් ආපස්සට ගොස් මේ ප්රදේශයේ ඉතිහාසය පිරික්සන්නට මෙය කදිම තැනක්. එහි සැකැස්ම සහ ඉදිරිපත් කිරීම් සිත් ගන්නා සුළුයි.





එකම තැන කදු අන්තයට ගිය විට ඔබට ශිත කාලයේදී ක්රියාත්මක වන ග්ලෙන් ඊඩෙන් හිදී අවශ්‍ය ආම්පන්න කුලියට ගෙන සුවිසල් කන්ද මුදුනට ගොස් හිම මත ලිස්සා යන්නටත්, අවශ්‍ය නම් පුහුණු වන්නටත් පුළුවන්. එසේත් නැත්නම් ටියුබයක බැස ලිස්සා එන්නටත් පුළුවන්. කෘතිමව හිම සකස් කල හැකි මෙහි රථ ගාලේ සිට ඔබව ගෙන යන්නටත් , කදු මුදුනට ඔබව ගෙනයන විදුලි සෝපාන සහ උපකරණ වලින් මේ පරිශ්‍රය සම්පුර්ණයි. හිමෙන් පිරුණු මෙතැන සිට වටපිට බලන විට පෙනෙන දසුන ඇටමිදුළු කාගෙන යන සිතල අමතක කර දමන පැහැබර දසුනක්.

ඔබ එක් උද්‍යානයකට ප්‍රවේශ පතක් ගත්විට එදිනම තවත් පරිශ්‍රයකට යන්නේ නම් නැවත ප්‍රවේශ පත් අවශ්‍ය වන්නේ නැහැ. අත ලගින් පිහිටි මේ පරිශ්‍ර වැඩි සුදානමකින් තොර කෙටි ගමනකට කදිමයි.

 

සටහන   අනුරුද්ධ වැලිගමගේ  

සේයා රූ - හෙසදි වැලිගමගේ සහ අන්තර්ජාලයෙන්




                                                 

         සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියිසිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයිසමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට 

අපහසු වීම ගැන මගේ කණගාටුව

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි