මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, February 25, 2023

කැනඩාවේ බැංකු ගැන ඔබ නොදන්නා දේ

 



කැනඩාව ලෝකයේ ආරක්ෂිතම බැංකු ක්රම ඇති රටවලින් එකක් . ලෝක ආර්ථික විශ්ලේෂණයන් කරන World Economic Forum  පහුගිය වසර 6 පුරා පිට පිට ලෝකයේ හොදම බැංකු ක්රමය ලෙස කැනේඩියානු බැංකු ක්රමය අගය කර තිබෙනවා .

මුදල් හුවමාරු ඒකකය වන රටක ආර්ථික යාන්ත්රණය සදහා බැංකු විශාල සේවයක් කරනවා . ලෝකයේ වැඩිම ඒක පුද්ගල බැංකු කාඩ්පත් ( ATM Per Capita) ඇති රට වන කැනඩාවේ බැංකු ශාඛා 8000 ක් සහ ස්වයංක්රීය බැංකු සේවා යන්ත් 18,000 කට වඩා වැඩි ප්රමාණයක් ජනතා සේවයට කැපවී සිටිනවා .

1817 ජුනි 23 වැනිදා ජෝන් රිචර්ඩ්සන් ( John Richardson ) තවත් වෙළෙන්දන් 8 දෙනෙකු සමග ඇතිකරගත් ගිවිසුමක් මත මොන්ට්රියල් නගරයේ දී 1817 නොවැම්බර් 3 වැනිදා ලියාපදිංචි කල   Bank Of Montreal   කැනඩාවේ පැරණිතම බැංකුවයි . කැනඩා මහ බැංකුව ආරම්භ වන තෙක් මුදල් නිකුත් කිරීම් ඇතුළු ප්රමුඛ කාර්යභාරයක් කලේ අවුරුදු 201 ක් වයසැති මේ බැංකුවයි . නමේ පරිදිම මෙහි ප්රධාන කාර්යාලය පිහිටා ඇත්තේ මොන්ට්රියල් නුවරයි . එය ඔබේ සංචාරයකදී බලන්නට වටිනා තැනක් .   

කැනඩාවේ බැංකු නියාමන කටයුතු සහ මුදල් නිකුත් කිරීමේ කටයුතු කරන්නේ කැනඩා මහ බැංකුවයි . එය 1935 දී ආරම්භ  වුයේ 1934 පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනතකින් . එහි ප්රධාන කාර්යාලය පිහිටා ඇත්තේ කැනඩා අගනුවර වන ඔටාවා නුවරයි .

කැනඩාවේ බැංකු අතර දැවැන්තයින් 5 දෙනෙකු සිටිනවා . 1864 හැලිෆැක්ස් නගරයේ පටන්ගත් රාජකීය කැනඩා බැංකුව ( Royal Bank Of Canada - RBC) 1857 දී ටොරොන්ටෝවේ පටන්ගත් ඩොමීනියන් බැංකුවත් ,1869 ටොරොන්ටෝවේ පටන් ගත් ටොරොන්ටෝ බැංකුවත් එක්ව  1955 දී බිහිවූ TD Canada Trust, 1832 හැලිෆැක්ස් නගරයේ පටන්ගත් නෝවා ස්කොෂියා බැංකුව ( Bank of Nova Scotia) සහ 1867 ටොරොන්ටෝවේ පටන්ගත් Canadian Bank of Commerce  සහ 1875 ටොරොන්ටෝවේ පටන් ගත් Imperial Bank of Canada  එක්ව 1961 දී තැනුණු Canadian Imperial Bank of Commerce- CIBC ඒවායි.


ඊට අමතරව Canadian Western Bank, National Bank of Canada, Laurentian Bank, HSBC Bank of Canada,EQ Bank සහ Tangarine  දෙවන පෙල බැංකු වශයෙන් ඉන්නවා.

2016 සංඛ්යාලේඛන වලට අනුව කැනඩාවේ ලියාපදිංචි දේශීය බැංකු 30 ක් , විදේශීය බැංකු 52 ක් සහ Credit unions විශාල සංඛ්යාවක් තිබෙනවා .2016 කොටස් වෙළදපල දත්ත අනුව ප්රමුඛ බැංකු දැවැන්තයින් අතරින් වැඩිම දේපල ප්රමාණයක් ඇත්තේ    සතුවයි . ( බිලියන 1074 ) . වැඩිම සේවක පිරිසක් සේවය කරන්නේ ස්කොෂියා බැංකුවේ ( 89,000). වැඩිම ආදායමක් ලබා ඇත්තේ   ( බිලියන 38.2) බැංකුවයි .


බැංකු ආයතන බංකොලොත් වීමෙන් ඔබේ තැන්පතු ආරක්ෂා කිරීම පිණිස රජය පිහිටවූ විශේෂ ආයතනයක් තිබෙනවා . CDIC- Canada Deposit Insurance Corporation . වගේම බැංකුවලින් වන අකටයුතුකම් ගැන පැමිණිලි කිරීමට ඔම්බඩ්ස්මන් කාර්යාලයක් සහ බැංකු නියමිත ක්රමවේද සහ Anti Money Laundering   පාලනය සදහා පිහිටවූ රාජ් ආයතන තියෙනවා . කැනඩාවේ බැංකු ක්රමය නිදැල්ලේ නොයා සුරක්ෂිතව ඇත්තේ දැඩි විනය තුලයි .   

මේ ඩිජිටල් ලෝකයේ ජංගම දුරකථන සහ අන්තර්ජාලය එදිනෙදා බැංකු කටයුතු පහසු කර ඇති නිසා ඔබට බැංකුවක් සිහි වන්නේ නිවාස ණය උකස්කරය , මුදල් ආයෝජන වැනි කටයුතු සදහා වුවත් සමස්ථ බැංකු පද්ධතිය කරන කාර්යයන් බොහොමයක් තිබෙනවා . විදේශ මුදල් හුවමාරු , මුදල් ප්රේෂණ , ණයවර ලිපි , ආරක්ෂිත සේප්පු පමණක් නොව මියගිය අයගේ වත්කම් සම්බන්ධ කටයුතු රැසක් අතර වෙනවා . රහස් බව , විශ්වාශනීයත්වය , හොද ගණුදෙනුකාර සේවාවක් ලබාදීම පිණිස බැංකු කරන මෙහෙය පිටින් පෙනෙනා තරගකාරීත්වයට එහා ගිය එකක් .

තොරතුරු සහ සේයාරූ - අන්තර්ජාලයෙන්

අනුරුද්ධ වැලිගමගේ 


කැනඩා උරුමය නමින් කැනඩාවේ පලවන යාත්‍රා පුවත්පතේ තීරුව වෙනුවෙන් එහි සංස්කාරක චන්ද්‍රරත්න බණ්ඩාර මහතාගේ ආරාධනයෙන් 

මේ ලිපි පෙල ලියා තැබුවත් අනුග්‍රහකකත්වයේ ගැටළු නිසා මේ ලිපි පෙල අතරමගදී නතර වුණා.

මම යාත්‍රා වෙනුවෙන් මෙම ලිපි පෙල ඉදිරිපත් කලේ රුවන් හරිස්චන්ද්‍ර යන නමින්.


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නීර්  මාණ  එළිය කරාවි.