මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, March 27, 2021

දෙවන උපත, කුඹුක්ගහ උල්පත සහ 23 ශ්‍රී පාන් බාගේ...... රේඩියෝ කෙටිකථා .... තිලකසිරි ඒකනායක .....

23 ශ්‍රී පාන් බාගේ

1975 අවුරුද්ද විතර වෙනකන් අපේ ගමට බස් එකක් ආවේ නෑ . පළවෙනියට බස් දාපු දවසේ 23 ශ්‍රී නොම්මර තියෙන පාන් බාගේ බස් දෙකක්‌ම ගමට ආවේ පොල්මල් එහෙම ගහල සරසවාගෙන.

එදා අපි උදේ හිට හවස් වෙනකම්ම ගමේ ඉඳන් කිට්ටුම නගරෙට වාර හතරක් විතර බස් එකේ ගියා ආවා . එක පැත්තකට බාගේ ටිකට් එකක් ශත දහයයි. මම එදා ගමන් බිමන් ගියේ කකුල් දෙකට දිග මේස්  දෙකක් දාලා සපත්තු නෙවෙයි සෙරෙප්පු දෙකක් දාලා. වෙනද වගේ නිකම්ම රබර් සෙරෙප්පු දෙක දාගෙන යන එක හරි මදි වගේ හිතුනා.

පළවෙනි දවසෙම හැන්දෑවේ එක බස් එකක් ලොරියක හැප්පිලා පැත්තක් කුඩුපට්ටම් උනා. ඊට  පස්සේ දිගටම ආවේ තනි බස් එකක්. රියදුරු දාවිත් මාමා , කොන්දොස්තර හුදුමාමා. අපේ ගමේ ඉඳන් දෙපැත්තේ ගම් දෙකේ හිටියේ.

කොළඹ නගරේ  වාහනයක් පදවන එක කොයි තරම් මානසික පීඩනයක් දෙන දෙයක්ද. බස් එකකනම් කවුරුත් බහිනකන් පරක්කු උනොත් බස් පලුවන්ට වගේම අනිත් කට්ටියටත් නහුතෙට තද වෙනවා.

ඒ කාලේ හොඳයි දැන් නරකයි කියන්ට යනවා නෙවෙයි හැමදාම. ඒත් ඔය කියන තදියමක්නම් අපේ ගමේ පාන් බාගේ බස් එකට තිබ්බෙම නෑ.

උදේ පාන්දර ට්‍රිප් එක වෙලාව වරද්දන්නෙ නැතිව හරියට  ගියේ ඉස්කෝලේ ළමයිනුයි රස්සාවලට යන කිහිප දෙනෙකුයි පරක්කු කරන්න හොඳ නැති හින්දා.

අනිත් ඒවා බොහොම නිවී සැනසිල්ලේ හෙමින් සැරේ ගිය ගමන්. ගමේ දානේ ගෙදරක් හරි උත්සවයක් හරි තිබ්බොත් එතැනට දාවිත් මාමයි හුදු මාමයි  එක්කරගෙන ගිහිල්ල කෑම වේලක් දෙනවා. එතකන් බස් එක නතර කරගෙන හිටියට කවුරුත් දොස් කියන්න ආවේ නෑ. පෙළක් වෙලාවට බස් එකේ කට්ටියටම රස කැවිලි පාර්සලයක් හම්බ වෙනවා.

බස්එකේ පිටිපස්සේ වහලෙට නගින්න ඉණිමගක්  තිබ්බා. වහලේ තිබ්බ යකඩ රාක්කෙට එළවලු ගෝනි පටවනකන්, බානකන් කවුරුත් ඉවසාගෙන හිටියා.

http://thilakasitha.blogspot.com/2013/12/23.html

දෙවන උපත



ඉස්කෝලේ හාමිනේ මම ඔය ණය පාස් කරලා දෙන්න සෑහෙන්න මහන්සි උනා. මගේ ගෝලයිනුත් මහන්සි උනා.  එහෙම නොවුනානම් මෙහෙ පෝලිමේ තියෙන වැඩ කන්දරාව හැටියට තව සුමාන දෙකක් වත් යනවා ඕක ගන්න  .'


 අම්මා ඔහුට මුව නොසෑහෙන සේ ස්තුති කළාය  . 'අනේ පින් සිද්ද වෙනවා  '.

ටීචර් එහෙම කියලා බෑ  මම තව හතර දෙනෙකුට කීය කීය හරි දෙන්න පොරොන්දු වෙලා ඔය වැඩේ ඉක්මන් කලේ. කොටින්ම මට ඒ මිනිස්සුන්ට රෑට කෑම බීම ටීක අරන් දෙන්නත් රුපියල් දෙසීයක් විතර  වියදම් කරන්න වෙනවා.

අපි දෙදෙනා ඔහු දෙස පුදුමයෙන් බලා සිටියෙමු. මනාව ඔප දමන ලද ඔහුගේ සපත්තු දෙකට එහෙන් මෙහෙන් මඩ  වතුර ඉසී තිබුනේය.අපරාදේ අලුත් සපත්තු කුට්ටම .

ඒ අතරේ ඔහු නොනවත්වා හෑල්ලක් කියවාගෙන ගියේය. මේ ඔහු ඉල්ලන්නේ රුපියල් දෙසීයක පගාවක් බව ඒ වන විට අපට වැටහී තිබුණි.  ඒ කාලෙත් සියයට දහයක්

අම්මාගේ මුහුණ පුදුමයත් කේන්තියත් ශෝකයත් විසින් විපිළිසර වෙද්දී මම අම්මාගේ අතින් ඇදගෙන එතනින් යන්නට පිටත් වුනෙමි.  පාර දෙගේ ගලා යන වැහි වතුර තීරු මග හරිමින් සෙනග බේරමින් අපි ඉදිරියට ඇදෙද්දී බේබදු මහත්තයාද අප පසු පස්සේමය.
අපෙන් ප්‍රතිචාරයක් නොලැබු තැන ඔහුගේ කන්දොස්කිරියාව තීව්ර වුනේය.

'මිනිස්සුන්ට උදවු කරනවට අපිට හොඳ  පාඩම්. අඩු ගානේ රුපියල් සීයක්වත් තිබ්බනම් මගේ ගෝලයෝ දෙන්නට මොනා හරි කන්න බොන්න අරන් දෙන්න තිබ්බා' කියමින්  ඔහු අප දෙදෙනා ඉස්සරහ  ආයිමත් සිට ගත්තේය. 

http://thilakasitha.blogspot.com/2013/11/blog-post_26.html


*************************************************


කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .

තිලකසිරි ඒකනායක ගේ සම්පුර්ණ කතා එකතුව සදහා   තිලක සිත බ්ලොග් අඩවියට යන්න .

http://thilakasitha.blogspot.com/




මේ වනවිට මුද්‍රණය කර තිබෙන තිලකසිත සහ තිලකසිත 2 පොත් 2 එක හුස්මට කියවන්නත් පුළුවන්. 

විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්රවීණ ගුවන් විදුලි මාධ්යවේදී වසන්ත ලංකාතිලකයන්ට



තිලකසිරි ඒකනායකගේ තවත් රේඩියෝ කෙටිකථා අහන්න

කහපාට ආදරය , පොකට් ගහන්නට බැරි ආදරය සහ කොස් නෝක්කාඩුව ....

http://ahasgawwenehalokaya.blogspot.com/2019/11/blog-post.html

හන්තාන පාමුල , අපේ ගෙදර ආ සේකර සහ අපේ බබා බත් කෑ හැටි .......


තිලකසිරි ඒකනායක මහතාගේ අදහසට අනුව .......මේ කතා වැටෙන්නේ ජීවන කතන්දර විදිහටයි .

පොඩි මතක් කිරීමක් කරන්න සතුටුයි මම ලියන බ්ලොග් තීරු ලිපි කෙටි කතා කියන අංශයට වැටෙන්නේ නෑ. ඒවා ජීවන කතන්දර හෝ බ්ලොග්වලට අදාළ සටහන් .


http://ahasgawwenehalokaya.blogspot.com/2018/10/1.html


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි

Saturday, March 20, 2021

එදා ඔබ ආයෙමත් හොයනවා........අනුරුද්ධ වැලිගමගේ......කවි..........




ඉගිමරන තරු රෑන

නුවර වැව කෙලවරක

හැංගිලා හද දිහා බලනවා

හොරෙන් ඇවිදින් හෙමින්

නිදන ඔබ දිහාවේ

හෙමි හිමින් මම ඇවිත් බලනවා ....

 

මතකයන් දිගේ ඇවිද

වැව රවුම වටේටම

හෙමි හෙමින් හිත මගේ දුවනවා

ඔබේ අත අල්ලගෙන

තරුණ පෙම් යුවලක්ව

හේවිසිය අතරෙ හිත දුවනවා ...... 

 

බාලිකාවෙන් ඇවිත්

ඇහැල මල් ගස් යටින්

හිත ඇතුලෙ පෙරහැරක් දුවනවා

පැතුම් මල් පුරෝගෙන

 ඔබ දකින මොහොතකට

 මල් පාරේ මම ඇවිත් ඉන්නවා......

 

ගලහ හන්දියේ ඉදන්

හන්තාන පාමුලට

එක කුඩේ සෙවණ අපි විදිනවා

අහස් ගව්වෙන් ඇවිත්

අත් දෙකෙන් ඇස් වහන

එදා ඔබ ආයෙමත් හොයනවා

 

 අනුරුද්ධ වැලිගමගේ


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images


               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 


මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 


 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි

Saturday, March 13, 2021

චිත්‍රපට තුලින් ලෝකය දකිමු 13 - චරිත තුලින් ජීවිතය විදීම

 

චිත්‍රපට තුල නොස්ටල්ජියානු මතක තිබෙන්නට පුළුවන. කල්පිත මනෝ ලෝක තිබෙන්නට පුළුවන. සොබා දහමේ අපූරුව සේම විද්‍යා ප්‍රබන්ධ තිබෙන්නට පුළුවන. ඒවා අඩු වැඩි වශයෙන් මුසුව තිබෙන්නට පුළුවන. චිත්‍රපට කථා රචකයා සේම රූප අදහස මවන අධ්‍යක්ෂකවරයා ප්‍රමුඛ කණ්ඩායම කතාව ඉදිරියට ගෙනයන මාධ්‍යය වන්නේ චරිතයි . විහිළුවට කීවත් චිත්‍රපට නළු නිලියන්ට බයිසිකලයේ සිට අභ්‍යවකාශ යානා දක්වා සියළු වාහන පැදවිය හැකිය. නිලියට නළුවාට ක්ෂණයකින් කදුළු සලමින් හඩන්නට පුළුවන ඒවාගේම හඩ නගමින් සිනා සෙන්නට පුළුවන. දහසකුත් එකක් දුක් කරදර දින ගණනක් නිරාහාරව විදිය හැකිය. ලෝකයේ ඕනෑ ඉසව්වක කරක් ගැසිය හැකිය . විශාල පරාසයක මිනිස් සිත් සතන් නිරූපණය කරන මාධ්‍යයක් බවට චරිත වලට පත් විය හැක්කේ එලෙසය.    

පුරහද කළුවර (2001) සිංහල 


වන්නිහාමි නම් අන්ධ පියා ශ්‍රී ලංකාවේ සිදුවූ යුද්ධයෙන් මිය ගිය බව සදහන් කර එවන දේහයට අදාල රජයේ ලියකියවිලි වලට අත්සන් කරන්නට කැමති නොවේ. පුර පෝය දිනක එම දේහය නිවස වෙත ගෙනෙතත් වන්නිහාමි විශ්වාස කරන්නේ තම පුතු වූ රජයේ හමුදාවේ සේවය කල සෙබලා මිය නොගිය බවය.

මිනිස් හැගීම් ඉතා විශිෂ්ට ලෙස නිරූපණය වන මෙම චිත්‍රපටයේ නැසීගිය නළු ජෝ අබේවික්‍රමයන්ගේ රංගනය  ප්‍රශංසාවට ලක්විය.  ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා සම්මාන රැසකින් ඇගයීමට ලක්වූවකි.     

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/Pura_Handa_Kaluwara

Directed byPrasanna Vithanage'[1]
Produced byPrasanna Vithanage
Written byPrasanna Vithanage
Screenplay byPrasanna Vithanage
Starring
CinematographyM.D Mahipala
Edited byK. Sekar Prasad
Production
company
Gemini Studios
Release date
[2]
Running time
72 minutes
CountrySri Lanka
LanguageSinhala

Trailer  යු ටියුබ් දිගුව 

මේ සම්පුර්ණ චිත්‍රපටය මේ වනවිට යූ ටියුබ් තුල තිබෙනවා . විවිධ හේතු නිසා මේ අන්තර්ගතයන් කුමන හෝ මොහොතක නැති වන්නට පුළුවන්.  

Anna & the king ( 1999) English

ඇනා නම් වැන්දබු කාන්තාව සියමට යන්නේ රජ පවුලේ දරුවනට ඉංග්‍රීසි උගන්වන්නයි. බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පවතින සියම නවීනත්වය සමග ගලපා සම්ප්‍රදායික ලක්ෂණ ආරක්ෂා කරන්නට රජු ඇනාගේ සහය පතයි.

රජ පවුල සහ ඇනා අතර ඇතිවන විවිධ සංසිද්ධි සහ රට තුල ඇතිවන දේශපාලන සහ සාමාජීය කටයුතු රැසක් මේ චිත්‍රපටය තුලින් නිරූපිතයි.   


වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/Anna_and_the_King

Directed byAndy Tennant
Produced byLawrence Bender
Ed Elbert
Screenplay bySteve Meerson
Peter Krikes
Based onAnna and the King of Siam
by Margaret Landon
Starring
Music byGeorge Fenton
CinematographyCaleb Deschanel
Edited byRoger Bondelli
Production
companies
Distributed by20th Century Fox
Release date
  • December 17, 1999 (United States)
Running time
148 minutes
CountryUnited States
LanguageEnglish
Budget$92 million
Box office$114 million

Trailer  යු ටියුබ් දිගුව 



  The Japanese wife (2010) Bengali   

බෙංගාලයේ වෙසෙන සෙනෙහාමොයි සහ ජපානයේ ඉන්නා මියාගේ කලක පටන් ලිපි හුවමාරු කරගන්නා පෑනේ මිතුරන් දෙදෙනෙක්. දෙදෙනා අතර වන ලිපි හුවමාරු තුලින් විවාහ ගිවිස ගන්නා ඔවුන් දෙදෙනාම තම රටවලට වී අවිවාහකව ඉන්නේ දිනෙක එක්වන බලාපොරොත්තුවෙන්.නැන්දා සමග දිවි ගෙවන  සෙනෙහාමොයි ගේ ගෙදරට වැන්දබු සන්ධ්‍යා සහ අට හැවිරිදි පොල්ටු නම් පුතා එනවා . ඔවුන් දෙදෙනා ගණිත ගුරුවරයෙකු වන ඔහුට ඉතා සමීප වෙනවා. 

ඒ අතර මියාට පිලිකාවක් හැදෙනවා . රැකියාවෙන් නිවාඩු ගන්නා සෙනෙහාමොයි ඇයට බෙහෙත් සොයන්නට රට පුරා වෙද මහත්වරුන් සොයා යනවා. ඔවුන් කියන්නේ ප්‍රතිකාර සදහා ඇය ඉන්දියාවට පැමිණීම අවශ්‍ය බවයි. දුරකථනයෙන් අමතා උපදෙස් දෙන ඔහු තැපෑලෙන් බෙහෙත් යවනවා. බෙහෙත් සොයා යන ගමන්වලදී දැඩි මෝසම් වරුසාවන්ට හසුව සෙනෙහාමොයි මිය යන්නේ නිව්මෝනියාවෙන්. චිත්‍රපටය අවසන් වන්නේ හිස බූ ගා ගත් මියාගේ සුදු සාරියකින් සැරසී බෙංගාලයේ ගෙදරට එනවිට සන්ධ්‍යා පිලිගන්නා දසුනකින්. 

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/The_Japanese_Wife

Directed byAparna Sen
Screenplay byAparna Sen
Story byKunal Basu
Starring
Music bySagar Desai
CinematographyAnay Goswamy
Edited byRaviranjan Maitra
Distributed bySaregama Films
Release date
  • 9 April 2010
[1]
Running time
105 minutes
CountriesIndia
Japan
Languages
  • English
  • Bengali
  • Japanese

Trailer  යු ටියුබ් දිගුව 


මේ සම්පුර්ණ චිත්‍රපටය මේ වනවිට යූ ටියුබ් තුල තිබෙනවා . විවිධ හේතු නිසා මේ අන්තර්ගතයන් කුමන හෝ මොහොතක නැති වන්නට පුළුවන්


3 Idiots (2009) Hindi

ඉන්දියානු ඉංජිනේරු විද්‍යාලයක ඉගෙන ගත මිතුරන් තිදෙනෙකු වටා දිවයන කතාවක්. වනජීවී සේයාරූ වලට ඇළුම් කරන ෆර්හාන් මේ විද්‍යාලයට එන්නේ පියා සතුටු කරන්නයි. රාජු ට අවශ්‍ය වන්නේ පියා සහ පවුල දුප්පත්කමින් මුදවන්නයි. රන්චෝ වෙනස් අදහස් දරන නිතර මහාචාර්යවරුන් සමග වාද කරන දක්ෂ ඉංජිනේරු ශිෂ්‍යයෙක්.ශිෂ්‍ය ජීවිතයේ වන විවිධ හැල හැප්පීම් මධ්‍යයේ ෆර්හාන් සහ රාජු සාර්ථක වන අතරේ රන්චෝ විශ්ව විද්‍යාල මහාචාර්යවරයාගේ දියණිය පියා සමග පෙමින් බැදෙනවා. ඒත් හදිසියේම විශ්ව විද්‍යාල උපාධි ප්‍රදානෝත්සවයේදී රන්චෝව දකින්නට ලැබෙන්නේ නැහැ.     

අවුරුදු 10 කට පස්සෙ ධනවත් ව්‍යාපාරිකයෙකුව සිටින චතුර් පැරණි පන්ති සගයෙකු වන රන්චෝව සොයා එන්නේ ඔහුගේ දස්කම් පෙන්වන්නයි. රාජු , ෆර්හාන් සහ චතුර් රන්චෝව සොයා ශිම්ලා නම් ගමට ගිය විට අහන්නට ලැබෙන්නේ වෙනස් දෙයක් . දෙමාපියන් නොමැති අසරණ දරුවෙකු රන්චෝ නමින් පෙනී සිට තිබෙන්නේ ධනවත් පවුලක පුතකු සදහා උපාධිය ගන්නයි . කෙසේ හෝ ඔවුන්ට හැබෑ පුද්ගලයා ඉන්නා ඉසව්ව ලඩකා නම් ප්‍රදේශය බව දැනගන්නට ලැබෙනවා.

ලඩකා යන ගමනට ඔවුන් මියා වත් එක් කර ගන්නවා. ඉතාමත් දර්ශණීය කදු පරිසරයක දරුවන් වෙනුවෙන් තිබෙන පාසලකදී ඔවුනට මිතුරා මුණ ගැහෙනවා. මියා සහ ඔහු විවාහ වෙනවා . චිත්‍රපටය අවසන් වන්නේ සියල්ලෝම සතුටින් එක්ව සිටින දර්ශන පෙලකින්.      


වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/3_Idiots

Directed byRajkumar Hirani
Produced byVidhu Vinod Chopra
Written byAbhijat Joshi
Rajkumar Hirani
Screenplay byAbhijat Joshi
Rajkumar Hirani
Vidhu Vinod Chopra
Based onFive Point Someone by
Chetan Bhagat
Starring
Narrated byR. Madhavan
Music byScore:
Sanjay Wandrekar
Atul Raninga
Shantanu Moitra
Songs:
Shantanu Moitra
CinematographyC. K. Muraleedharan
Edited byRajkumar Hirani
Production
company
Distributed byReliance BIG Pictures
Release date
  • 25 December 2009 (India)
Running time
171 minutes[1]
CountryIndia
LanguageHindi

Trailer  යු ටියුබ් දිගුව 


Austin powers Triology (1997-2002) English

මේ චිත්‍රපට තුන ගැනෙන්නේ ඇමෙරිකානු රහස් පරීක්ෂක විකට චිත්‍රපට ගණයටයි. මෙම චිත්‍රපට මාලාව තුල ජේම්ස් බොන්ඩ් ඇතුළු කථා මාලා රැසක චරිත හාස්‍යයට ලක් කර තිබෙනවා . ජනප්‍රිය සංස්කෘතිය සහ රහස් පරීක්ෂක අංග එකතු කොට ප්‍රධාන චරිතය විකටයෙකු කර තිබීම මෙහි විශේෂත්වයක්. ජනප්‍රිය ඔත්තු බලන්නෙකු, ද්විමාන චරිත, අතිශ්‍ය සුපිරි රහස් පරීක්ෂකයෙකු මේ තුල මවන්නට උත්සාහ දරා තිබෙනවා.

චිත්‍රපට වල පොදු තේමාව වන්නේ දුෂ්ට චරිතය වන ආචාර්ය එවිල් රජයන් සහ ජාත්‍යන්තරයන් වෙත කරන බලපෑම් හමුවේ ඒවා වෙනුවෙන් සටන් වදින වීරයා විකට පෙනුමැති ඔස්ටින් පවර් ගේ ක්‍රියාදාමයි. විද්‍යාගාර, විද්‍යාව සමග 1960, 1970 දශකවල ජනප්‍රිය සංස්කෘතිය මුසුකල විනෝදාත්මක කථා මාලාවක් ලෙසින් මේ චිත්‍රපට ත්‍රිත්වය හදුන්වා දිය හැකිය.

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/Austin_Powers

Austin Powers
Austin Powers logo.png
Series logo
Directed byJay Roach
Produced by
Written by
Starring
Music byGeorge S. Clinton
Distributed byNew Line Cinema
Release date
1997–2002
Running time
286 minutes
CountryUnited States
LanguageEnglish

Trailer  යු ටියුබ් දිගු 


Austin Powers: International Man of Mystery (1997)










සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියිසිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයිසමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට 

අපහසු වීම ගැන මගේ කණගාටුව





මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි