මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, January 26, 2019

ඔබ එක නුවරක , මං තව නුවරක ඔබ මා ළග අද නෑ ... කවි..... අනුරුද්ධ වැලිගමගේ.......


Image result for lonely man in front of  sydney opera house


මල්වර අහසේ නෙතු පැටලෙනවා හැංගෙන්නට ඉඩ නෑ.
මගේ සිතේ ඔබ ගැන සිතුවිල්ලට සාර සදිසි මල් නෑ
පෑන් තුඩින් කවි ගී ලියැවෙනවා අහන් ඉන්න ඔබ නෑ
සෙනෙහස පුදසුන පැතුම් ලබන්නට මගේ හිතට පිං නෑ


තරු පිරිවර පිරි රෑ නිල් අහසේ සුසුදු සුමුදු සද නෑ
මාසෙ පෝයදා වාගෙයි මගේ හිත එළිය බිදක් එහි නෑ
ලස්සන මල් පිරි උයන් කොනක සිටි මතකය වියැකී නෑ
ලෝකය ඔහොමයි පොත්වල කිව්වත් මගෙ හිත පිළිගනු නෑ


වාසනාව , පෙර කල පින් පව් ඇත්තද මං දන් නෑ
මතකය, තනිකම කදමලු බැදගෙන මග ඔබ නම් නෑ
රගහල අදුරුයි , රැගුම අපුරුයි සතුටක් මා සිත නෑ
ඔබ එක නුවරක,මං තව නුවරක ඔබ මා ළග අද නෑ  

අනුරුද්ධ වැලිගමගේ   


Related image



සේයාරූ - අන්තර්ජාලයෙන් .Google Images

Saturday, January 19, 2019

කොස්මික් කිරණ පර්යේෂණ කල සල්පර් කදු මුදුනේ සිට බැන්ෆ් වන පෙතට හෙලන බැල්මක් .......රොකී කදුවැටිය වටේ රවුමක් 1


කැනේඩියානු සංචාරයක මතකය .....   රොකී කදුවැටිය වටේ රවුමක්  1.

Image result for sulphur mountain


Image result for three sisters mountains

කොස්මික් කිරණ පර්යේෂණ කල සල්පර් කදු මුදුනේ සිට බැන්ෆ් වන පෙතට හෙලන බැල්මක් .......

Banff, Alberta - EC Vancouver Blog



1957 සිට 1978 දක්වා කොස්මික් කිරණ අහසට මුදාහරිමින් පර්යේෂණ කල මධ්යස්ථානයක් කැනඩාවේ රොකී කදුවැටියේ සල්පර් කදු මුදුනේ මීටර් 2283 ක් උසින් පිහිටා තිබුනා . සෞරග්රහ මණ්ඩලයේ ශක්තීන් , තාරකා සහ නොයෙකුත් තොරතුරු මේ හරහා ලෝකය එකතු කරගෙන තිබෙනවා . විද්යාත්මක පර්යේෂණ ක්ෂේත්රයේදී මේ පරිශ්රය කැනඩාවට පමණක් නොව මුළු ලෝකයටම වැදගත් වෙනවා . අප අද සංචාරයක මතකය තුලින් පැමිණ සිටින්නේ බැන්ෆ් නගරයටයි .

St. Mary's Parish Banff

Alaska CruiseExperts


අපි රොකී කදු වටා යන ගමන පටන් ගත්තේ ටොරොන්ටෝවේ සිට කැල්ගරි නගරය දක්වා කල ගුවන් ගමනකින් පසුවයි . කැල්ගරි ගුවන් තොටුපලේ දී කුලියට ගත් අර්ධ උපයෝගීතා වාහනය ( Semi Utility Vehicle) දිනකට අසීමිත දුරක් ධාවනය කල හැකි වීම අපට පහසුවක් වුනා . කැනඩාවේදී අත්විදින්නට වන එක් දිශාවකට පමණක් යාමේදී අයකරන අධික ගාස්තුවෙන් මිදෙන්නට අපට රථය ආපසු කැල්ගරි වලට බාර දිය යුතුව තිබුනා . ( නොඑසේ නම් අපට වැන්කුවර් නගරය දක්වා ගොස් එය භාර දිය හැකිව තිබුනා ) එනිසා අපේ ගමන් මග කැල්ගරි සිට බැන්ෆ් දක්වාත් , බැන්ෆ් සිට ජැස්පර් දක්වාත් , ජැස්පර්  සිට කැම්ලුප්ස් දක්වාත් ,    කැම්ලුප්ස් වලින් ආපසු කැල්ගරි දක්වාත් අදියර කිහිපයකින් කල එකක් වුනා . මුළු ගමනේ දුර ප්රමාණය කිලෝමීටර් 1500 කට වඩා වැඩි එකක් .
ගමනේ ආරම්භය ලෙස අප ගියේ කැල්ගරි නගරයේ සිට කිලෝමීටර් 127 ක් දුරින් පිහිටි බැන්ෆ් නගරයටයි . ලංකාවේ කදුකරය බලන්නට යන බොහෝ දෙනා නුවරඑළියට ගොස් හැරී එන්නා සේ කැනඩාවේ බොහෝ දෙනෙක් රොකී කදු බලනවා කියා කරන්නේ බැන්ෆ් වලට ගොස් ආපසු ඒමයි . සැබැවින්ම බැන්ෆ් මනස්කාන්ත පරිසර පද්ධතියක් . හිමෙන් පිරුණු කදු , හරිත පැහැයෙන් පිරි ඉමක් නොපෙනෙන වනාන්තරය නෙතට රසදුනක් මවන්නේ චිත් දහස් ගණනක් මවමින් . අප කලින් සදහන් කල සල්පර් කදු මුදුන පිහිටියේ බැන්ෆ් නගරය අසලමයි . අප එහි ගිය අගෝස්තු මුල් සතියේ පවා එහි දැඩි උණුසුමක් දැනුණේ නැහැ .

Alberta – Preetlari Radio Entertainment Brampton Toronto Canada


බැන්ෆ්  ( Banff)

Related image


අද වනවිට බැන්ෆ් කැනඩාවේ අනෙකුත් නගර සමග සම්බන්ධ වන්නේ  Trans Canada අධිවේගී මාර්ගය හරහා . එහෙත් අද මෙන් වාහන බහුල නොවූ අතීතයේදී බැන්ෆ් කැනඩාවේ පමණක් නොව යුරෝපීයන්ගේ පවා ජනාදරය දිනු දුම්රියෙන් සම්බන්ධ වූ සංචාරක නගරයක් . එදා කැනේඩියන් පැසිෆික් දුම්රියෙන් පැමිණි බොහෝ දෙනා නවාතැන් ගත්තේ 1887 දී ඇමෙරිකානු ගෘහ නිර්මාණ ශිල්පී Bruce Price විසින් නිර්මාණය කල Banff Springs Hotel. තුල . 1939 දී හයවන ජෝර්ජ් රජතුමා සහ එලිසබෙත් රැජින මෙහි සංචාරය කර තිබෙනවා . බෝ නදිය අසබඩ , බෝ දිය ඇල්ල අසල මේ හෝටලය ඇත්තේ මනරම් පරිසරයක් තුලයි . ඉතා අධික මිල ගණනකට කාමර වෙන්වන මෙහි ආලින්දය බලන්නට වටින තැනක් .
එදා මෙන්ම අදත් රොකී කදුකරයේ අසිරිය සැබැවින්ම විදින්නට නම් භාවිතා කලයුත්තේ දුම්රියයි . බැන්ෆ් සිට වැන්කුවර් දක්වා යන අති සුඛෝපබෝගී දුම්රිය ගමන ඉතා ඉහල ලන්සුවකට අලෙවි වන්නේ නිසා . බැන්ෆ් දුම්රිය ස්ථානයත් , පෞද්ගලික දේපලක් වන බැන්ෆ් ස්ප්රින්ග් හෝටලයත් මේ වනවිට ජාතික වස්තූන් ලෙස නම්කර ඇත්තේ එහි ඇති වටිනාකම නිසා .


Image result for sulphur mountain

සල්පර් කන්ද ( Sulphur Mountain)

අප මේ ලිපිය ආරම්භයේදී සදහන් කල සල්පර් කන්දට නැගුනේ බැන්ෆ් ගොන්ඩෝලාවක නැගී .ගොන්ඩෝලාව ටිකෙන් ටික ඉහලට යද්දී විදි පරිසරයේ අපුර්වත්වය වචනවලින් විස්තර කල නොහැකි එකක් .
ගොන්ඩෝලාව නවත්වන කදු මුදුන් මධ්යස්ථානය ඔබට කෑම බීම සහ සියළු පහසුකම් ඇති තැනක් . එතැන් සිට කිලෝමීටරයක් තරම් දුර ඇවිදින මංපෙත නැරබුම් අට්ටාල සහිතව සකස් කර තිබෙන්නේ ඔබට රොකී කදුවල සුවද, පාට සහ සීතල හොදට දැනෙන විදිහටයි . ඔබේ කැමරා , ජංගම දුරකථන වලට අමතර මතක පතක් (Memory Card) ගෙනයාම සුදුසු වන්නේ ඔබ නිසැකවම වීඩියෝ සහ සේයා රූ එකතු කර ගන්නා නිසා .
දුරක සිට තමන්ගේ සහ කණ්ඩායමේ සංචාරක අත්දැකීම මතකයේ රදවා ගන්නට selfie Stick ගෙනයාම වඩාත් සුදුසුයි.
මේ කදු මුදුනේ සිට බලන විට කැනඩාවේ පළමු සහ ජනප්රියම වනෝද්යානය වන බැන්ෆ් වන පියසේ අසිරිය මැනැවින් විදින්නට පුළුවන් . 






Image result for cave and basin


Cave & Basin. ඓතිහාසික පරිශ්රය

Image result for cave and basin history

1885 දී කැනේඩියන් පැසිෆික් දුම්රිය සේවයේ සේවකයින් තිදෙනෙකුට දකින්නට ලැබුනේ සල්පර් කදු අතර ගුහාවක ඇති උණු දිය ජලාශයක් . 1914 සිට 1994 දක්වා පොදු නාන තටාකයක් ලෙස මහජනතාවට පහසුකම් සැලසූ එය අද දිය නෑම සදහා වසා දමා තිබෙනවා . එහෙත් උමග දිගේ ගොස් අපූරු අත්දැකීමක් ලබන්නටත් , යුනෙස්කෝව විසින් ප්රකාශයට පත්කල ලෝක උරුමය බලන්නටත් ඔබට බාධාවක් නැහැ . බැන්ෆ් හිදී ඔබට උණු දිය උල්පතක පහස ලබන්නට නම් කිලෝමීටර 5 පමණ දුරින් පිහිටි Banff Upper hot springs වෙත  යන්නට පුළුවන් . එහි පාලිත උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 ක් .

Banff Hot Springs | Banff & Lake Louise Tourism






බේ ඉල්ලීම් සහ තොරතුරු සදහා අළුත් විද්‍යුත් ලිපිනයක් පටන් ගත්තා . dasatha.sancharayakamathakaya@gmail.com විස්තර සදහා ලියන්න . ඉඩ ලැබෙන පරිදි පිළිතුරු ලියන්නම් .


සටහන අනුරුද්ධ වැලිගමගේ



Image result for jasper canada

මීළග කලාපයෙන් බැන්ෆ් සිට ජැස්පර් වෙත යන ගමනේ අසිරිය විදින්න  ........


Image result for three sisters mountains



කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2018 මැයි  කලාපයේ පලවිය .

විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට
Dasatha Publications

සේයාරූ -  හෙසදී වැලිගමගේ  සහ

                 අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 Image result for banff town canada

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.