මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, September 12, 2026

පහන් සිල නිවී ගිය සත්‍යයේ ගීතය













ශ්වේත රාත්‍රිය , පවනින් සිත සුවපත් කල 

ඔබේ ගීත ඔසු ගොන්නකි අප හදවත් තුල 

ඇහෙන , අහන්නටම ලැබෙන ගී නද පොදි තුල 

හිතට කතා කරන හඬයි ඇත්තෙම නද තුල 


ආදරයේ වේදනාව, අහස සේම මට 

හද විල කැළඹු දවසේ චන්ද්‍ර මඩුළු යට 

බුදු කරුණා දෙනෝ දහක් කප් සුවහස් යට 

කලා වැවෙන් ගත් දිය ඇත තවමත් හිත් යට 


ගලන ගඟකි ජීවිතේම කියලා කිව්වට 

හඬ නිහඬයි යන්න ගිහින් අරලිය ලන්දට 

දෙනෝ දහක් රසික පිරිස හලන කදුළු කැට 

මැද්දෙත් අද නෙවෙයි හෙටත් ඔබ ඇත හිත යට 


අනුරුද්ධ වැලිගමගේ 


2026 සැප්තැම්බර්  මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.










විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google images 

                    සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

No comments:

Post a Comment