මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, September 1, 2018

යලි මතුවෙයන් හිත අද්දර උදෑසන……කවි....අනුරුද්ධ වැලිගමගේ


 


Image result for facebook

මුතුපර අතර සැඟවී යළි මතුව එන
මුතු කුමරියේ නෙතු අතරින් සිනහ වන
කෙටි පණිවිඩය වී අපගේ සෙනෙහෙබර
යලි මතුවෙයන් හිත අද්දර උදෑසන

පැහැසර අරුණ පිරි සපිරුණු උදෑසන
මුහුණු පොතේ මතුවී එන රිවිකිරණ
වියපත් වුවද සිහිපත් වන තුරුණු විය
හිත අද්දරින් ලංවී යලි වඩිනු මැන

තරු අද්දරින් හිඳ තනි රැක සඳට
මල් පෙත්තකට දී සුසිනිදු සුමුදු හැඩ
සෙනෙහස තරම් සුවිසල් තව යමක් වෙද
මතු මතු යලිත් හිනැහීයන් උදෑසන


අනුරුද්ධ වැලිගමගේ

Image result for girls face drawing step by step

No comments:

Post a Comment