මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, February 17, 2024

ජනසංගීතයේ උරුමය අළුත් පරම්පරාවට ගෙනගිය මකුලොළුව ලකුණ

ශ්‍රී ලංකාවේ ජන සංගීතය ඊළග පරම්පරාවට ගෙන යන්න කටයුතු කල පිරිස අතරින් නැසීගිය ඩබ් බී මකුලොළුව මහතාට හිමිවන්නේ ඉහල තැනක්. මේ වැඩසටහන බලල අවසන් වෙනකොට ඔබට මම ඒ කිව්ව වචනවල බර දැනේවි . පෙබරවාරි 17 වැනිදාට යෙදෙන එතුමන්ගේ ජන්ම දිනය සිහිපත් කරමින් එතුමන් කල මෙහෙවරෙන් බිදක් ඔබට සිහිපත් කරන්නටයි අපේ මේ සුදානම .  

W. B. Makuloluwa
ඩබ්ලිව්. බී. මකුලොලුව
Born17 February 1922
Died8 September 1984 (aged 62)
Sri Lanka
NationalitySri Lankan
EducationSri Rahula College, Kandy
Ananda College
Occupation(s)Musician, author, dancer, director
Years active1946–1984


ඔබට  ඩබ් බී මකුලොළුව මහතාගේ මෙහෙවර ගැන දැනුවත් කරන්නට අප  අප ආරාධනා කලේ ශ්‍රී ලංකාවේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කෝලිත භානු දිසානායක ට . ඔහුගේ ගීත වීශේෂයෙන්ම ගසල් ගීත වලට ඔබ බොහෝ දෙනෙක් ඇළුම් කරන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ . ඒ වගේම ඩබ් බී මකුලොළුව මහතාගේ පෞද්ගලික තොරතුරු ගැන දැනගන්න අපි කථා කලේ ටොරොන්ටෝවේ ඔබ හැම හොදින් දන්නා දක්ෂ රූපවාහිනී අධ්‍යක්ෂක සහ කැමරා ශිල්පී කෝසල මකුලොළුව මහතාට. ඉතින් සංගීතමය අංශයෙන් ප්‍රායෝගික සහ විෂයානුබද්ධ තොරතුරු මහාචාර්ය තුමා කියන අතරේ තාත්තා ගැන පෞද්ගලික තොරතුරු කෝසල අය්යා ගෙන් දැනගන්න බලාගෙන ඉන්නවා .




2024 පෙබරවාරි 17 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි




https://vimeo.com/913975665?mc_cid=5986e28ad5&mc_eid=e941e27557




******************************************************************************************

ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ
සම්පත් දායකත්වය -
මහාචාර්ය කෝලිත භානු දිසානායක. සංගීතවිද්‍යා අධ්‍යයනාංශය,සංගීත පීඨය,සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය කෝසල මකුලොළුව ප්‍රවීණ රූපවාහිනී අධ්‍යක්ෂක , කැමරා ශිල්පී විශේෂ ස්තුතිය උපුල් ප්‍රභාෂණ මහතාට සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.

********************************************************************************************


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.  

9 comments:

  1. වටිනා උත්සාහයක් අනුරුද්ධ . ස්තූතිය ගොඩක්
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. දුමින්ද ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  2. එක දාල යනව. වැඩ සටහන බලන්න ආයේ එන්නම්

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  3. මගේ බ්ලොග් එක බ්ලොග් රෝලේ නැහැනේ

    ReplyDelete
  4. බලලම කමෙන්ටුවක් හලන්නං. එතකං අපි ආවා කියන්නයි මේ කතාව

    ReplyDelete
    Replies
    1. මහේෂ් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔව් බලලම කියන්න.

      Delete
  5. මකුලොළුව මහත්තයගෙන් පස්සේ රන්වල මහත්තයා මේ වැඩේ දිගටම හදවතින් කර ගෙන ගියා...සහන් රන්වල ඒක දිගටම කරගෙන යනවා හදවතින් කෙසේ වෙතත් ව්‍යාපාරයක් ලෙස කියලා තමයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. මය්යා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. වැඩසටනේදී පැහැදිලි වෙන විදිහට අයිවෝ ඩෙනිස්, රෝහණ බැද්දගේ, ලයනල් රන්වල, එඩ්වඩ් ජයකොඩි වගේ ගුරුවරු තමයි මකුලොළුව මහත්තයගේ අදහස් සහ වැඩසටහන් ඉදිරියට ගෙන ගියේ. ඒත් පෙනෙන හැටියට නම් 1977 පස්සෙ වුනු වෙනස්කම් එක්ක සේවාවන් ව්‍යාපාරයන් වුනු නිසා ජනගීයත් මාකට් වුණා තමයි. මට පෙනෙන හැටියට සහන් ඒක විධිමත් විදිහට මාකට් කලා. ශක්ති, සිහශක්ති, භාතිය සන්තුෂ්, රන්වල බලකාය, චරිත් අත්තලගේ, යොහානි ජනගීය මාකට් කලා වගේම එය ජාත්‍යන්තරයට ගෙනගියේ බැද්දගේ මහතාගෙන් පසු පරම්පරා දෙකක් හැටියටයි.

      Delete