මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, September 8, 2018

හැලපයා ගේ ආගිය කතා.....රේඩියෝ කෙටිකතාව .......

The Top Regal Cinema Kandy Now Showing Movies

ටවුමේදී හැමදාම පාහේ හමුවන තවත් චරිතයක් නම් බේත් තෙල් වෙළෙන්දන් ය.   සමහරු බේත් ගුළි විකුණන අතර සමහරු බේත් තෙල් විකුණති.  දවසක් තුන්මං හන්දියේ රාවුතර් ස්ටෝර්ස් ඉස්සරහ කඩල ආච්චිගේ පොට් එකේම ගුළි වෙළෙන්දෙක් දේශනාවක් පවත්වන විට මමත් ආරිත් සෙනග ගොඩේ ඉස්සරහටම වී බලාගෙන සිටියෙමු.  සාමාන්‍යයෙන් මේ වෙළෙන්දන් කවුරුත් පාහේ කට වාචාලයන්ය.  එදා ගුළි වෙළෙන්දා වික්කේ ඉතා දුර්ලභ මහාර්ඝ වාජීකරණ ගුළි රාජයෙකි.  වැඩිහිටියන්ට පමණක් වැදගත් වන මේ දේශනාව පොඩි කොල්ලන් වූ අපි ඉස්සරහට වී කටත් ඇරගෙන අසා සිටීම ඔහුට රිස්සුවේ නැත.  මේ ගුලිය දියකර වැලකට දැම්මත් වැල ගහක් වගේ කෙලින්වී උඩට යන බව කී වෙළෙන්දා ගුළියක් පාවිච්චි කර ගෙදර නෝනාගෙන් ලැබෙන සැළකිලි බලාගන්නට කියා කියමින් වටයක් යමින් ගමන ඉස්සරහ උන්න ඉලන්දාරින්ගෙන්  " බැඳලද? බැඳලද?" කියා අහගෙන ගියේ සවුත්තුවටය.  ගොඩක් දෙනෙක් වෙළෙන්දා ගේ ප්‍රශ්නයෙන් පසු බැස්ස අතර අපේ එක කොල්ලෙක් "ඔව්" කියා කීවේය.  ඒ ගමන වෙළෙන්දා ලෑස්ති වුණේ ඌව මඩවන්නටය.  ඒ උනාට අපේ ආරි ඒකට ඉඩදුන්නේ නැත.  ඌ කෙළින්ම වෙළෙන්දාගෙන් ගේම ඉල්ලුවේය.

" මේ හලෝ, මේක අපේ ටවුම, අපට ඕනැ තැනක අපි ඉන්නවා.  තමුසෙ ගුළි බැරිනං ළඟ තියෙන ගුළි දෙක හරි විකුණ ගත්තට අපට කමක් නෑ.  හැබැයි අපේ කොල්ලන්ට පාට් දාගෙන එන්න එපා, තේරුණාද?"

හැඩිදැඩියෙකු වූ ආරි ඒ ටික කියපු විදියට වෙළෙන්දා පසු බා ගියේය.  ඊට පස්සෙ මිනිහා අනං මනං කතා නොකර ගුළි ටික විකුණා ගන්නට විතරක් උනන්දු විය.  

සමහර දාට එතනට එන්නේ බේත් තෙල් කාරයෙකි.  බේත් තෙල් කාරයා ළඟ අඩුවැඩිය ගොඩකි.  ඉස්සෙල්ලාම බිම කිළුටු රෙද්දක් දිග හැර දමා ඒ මත ඔහුගේ අඩුවැඩිය තබයි.  ඇලුමිනියම් තැටියක ඇති ගාම්භීර අඳුරු පැහැති තෙල් මත තැබූ සත්ව ඇට කටු ගොඩකි,  මොණර පිල් මිටියකි,  අගනා ඖෂධ යැයි කියන වේලුනු ලී කැබලි රැසකි,  මැරිච්ච සර්ප ඔළුවකි, ලොකු හා පොඩි කවච කීපයකි, පිත්තල පහනකි, මොනවාදැයි හරියට කියන්නට බැරි තව තව කෑලි ලීපයකි. මෙකී නොකී හැම දෙයක්ම ඔලොගුවෙන් එළියට  ගෙන තබන බේත් තෙල් කාරයා වටේට ඒ වනවිටත් නොඉවසිල්ලෙන් වටවී බලා සිටින මිනිස්සු පොදියකි.  කිසි කලබලයක් නැතිව තමන්ගේ වෙලාව ගෙන වැඩේට පසුබිම හදා ගන්නා බේත් තෙල් කාරයා ඊළඟට දේශනාව පටන් ගනී


මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...


ලක්ෂ 5 කට වඩා වැඩි පිරිසක් කියැවූ ...ප්‍රවීණ බ්ලොග් රචක හැලපයා ගේ ආගිය කතා කිහිපයක් ...........

Image result for halapa kade blog


* සේයාරූ - අන්තර්ජාලයෙන් - Google Images

කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .

සම්පුර්ණ කතා එකතුව සදහා හැලප කඩේ බ්ලොග් අඩවිය කියවන්න .

http://sawana.ca/

විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට

Image result for sawana radioImage result for sawana radio

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


Rhythm of the Cobra | Aartzy

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.


No comments:

Post a Comment