![301 - 2275 Twin Creek Place - West Vancouver Homes and Real Estate ...](https://www.soprovich.com/i-ce190c43/real-estate/img_9495.waterfront-xs.default.jpg)
![Telus-World-of-Science-Vancouver-Panoramic-Panorama-Pictures ...](https://ssl.c.photoshelter.com/img-get/I0000MXyPzl9VZwQ/s/750/750/Science-World-Vancouver-Panoramic-PA-VAN-0194.jpg)
පැසිෆික්
සාගරයේ ඉංග්රීසි බොක්කෙන්( English Bay ) සහ වැන්කුවර් වරායෙන් සම්පුර්ණයෙන්ම වටවුණු අක්කර 1001 ක බිම් කඩක් කැනඩාවේ තිබෙනවා . 1858 දී සිදුවූ ෆ්රේසර් නිම්නයේ රත්රන් සොයා යෑම ( Fraser Canyon Gold
Rush) එක්ක ස්වදේශිකයින් සතුව තිබු මේ ඉඩම් බ්රිතානයන් සතුවුණා . 2014 දී ලෝකයේ හොදම උද්යානය කිරුළ හිමිකරගත් මේ උද්යානය බොහෝ ස්වභාවික ගස්වැල් ඇති තැනක් . මෙහි ඇති සමහර ගස් අඩි 250 ක් තරම් උසයි . නවාතැනෙන් උදෙන්ම පිටත්වෙලා අපි මේ ඇවිත් ඉන්නෙ ස්ටැන්ලි උද්යානයටයි .
![Image result for george vancouver](https://images-na.ssl-images-amazon.com/images/I/51JCSMTnY3L._AC_UL320_SR210,320_.jpg)
වැන්කුවර්
කියන නම හැදිල තියෙන්නේ 1792 දී මේ ප්රදේශය සොයාගත් දේශ ගවේෂක කපිතාන් George Vancouver සිහිවීම පිණිසයි
. ඉතා සෞමය දේශගුණයක් තිබෙන වැන්කුවර් නගරය ලෝකයේ ජීවත්වීමට සුදුසු නගර අතරේ ඉහලින්ම තිබෙන නගරයක් .
![Image result for stanley park vancouver](https://cache-graphicslib.viator.com/graphicslib/page-images/742x525/100622_Vancouver_Stanley%20Park_d616-114.jpg)
![Image result for stanley park vancouver](https://www.marcieinmommyland.com/wp-content/uploads/2016/08/Kitsilano-English-Bay.jpg)
ස්ටැන්ලි උද්යානය ( Stanley Park )
කැනඩාවේ
හයවන ආණ්ඩුකාරවරයා වූ ස්ටැන්ලි ආදිපාද වරයා ( Lord Stanley) සිහිවීමට නම් කර ඇති මේ මහජන උද්යානයේ සමහර ගස් අවුරුදු 300 කට වඩා පැරණියි . මේ උද්යානය වටා තිබෙන කිලෝමීටර 8 ක් තරමේ Sea Wall හරිම ජනප්රිය තැනක් .
බොහෝ දෙනෙක් කුලියට ගත් බයිසිකලයක නැගී යන්නත් , මුහුදු හුළං සුවද විදිමින් පයින් ඇවිද යන්නත් මේ ඉසව්වට එනවා . බ්රෝක්ටන් තුඩුව ප්රදේශයේ ඇති Totem poles සුවිසල්
ගස් යොදාගනිමින් කල කැටයම් ආදීවාසීන්ගේ කලා කුසලතාවය මැනැවින් විදහා දක්වනවා . ඔබට මතක නම් සංචාරයක මතකය ඔටාවා නගර සටහනේ ඉතිහාසකෞතුකාගාරයේ Great Hall
තුල මෙවැනි කැටයම් දකින්නට ලැබුනා . පුරා දවසක්ම වුණත් ගත කරන්නට හැකි මෙහිදී අශ්ව කරත්තයක නැගී රවුමක් යන්නත් , කුඩා දුම්රියක රවුමක් යන්නත් පුළුවන් . ලෝකයේ ප්රකට මත්සයාගාරයක් වන Vancouver Aquarium තිබෙන්නේ මේ උද්යානයයේ එක පැත්තකයි.
![Image result for stanley park vancouver](https://assets.simpleviewinc.com/simpleview/image/upload/c_fill,h_463,q_50,w_800/v1/clients/vancouverbc/stanley_park_0ebd1667-0939-4138-9d1e-19db73e3171a.jpg)
විද්යා ලෝකය ( Science World)
1977 දී Barbara Brink සතුව
තිබූ ජංගම විද්යාගාරය භාවිතයෙන් 1982 දී ආරම්භ වුණු මෙය වඩාත් ජනප්රිය වුයේ 1986 දී පැවති එක්ස්පෝ 86 ප්රදර්ශනය වෙනුවෙන් එහි ඉදිකල සුවිසල් ගෝලාකාර ඉදිකිරීම නිසා .Bruno Freschi විසින්
නිර්මාණය කල එහි ආසන 400 ක් ඇති විශාල Omnimax Theatre එකක් තිබෙනවා
. වර්තමානයේ Telus
world of science ලෙසින්
නම් කෙරුණු මෙහි විශේෂයෙන්ම පාසැල් යන දු දරුවන්ට වැදගත් බොහෝ ප්රදර්ශණ කුටි සහ ක්රියාකාරකම් තිබෙනවා . එහි ඇති කැනඩාවෙන් ලොවට දායාද වුණු නිර්මාණ ඇතුලත් කුටිය අගනා එකක් .
![Image result for barbara brink](http://www.orderofbc.gov.bc.ca/app/uploads/sites/3/2010/06/2004_Brink1-e1275426455431.jpg)
![Image result for bruno freschi](https://simerg.files.wordpress.com/2009/04/freschi_portrait_vijs_3.jpg?w=560)
![Related image](http://photos.cinematreasures.org/production/photos/153626/1452391394/large.jpg?1452391394)
Science World වල ඉදන් පොඩි දුරක් ඇවිද්දා ම යන්න පුළුවන් අපූරු උද්යානයක් තියෙනවා . නම කියන්න ටිකක් පැටලෙන එය දොස්තර සුන් යට් සෙන් චීන වත්ත නගරයක් මැද්දෙ තියෙන පුදුම තැනක් .
Dr. Sun Yat- Sen
Classical Chinese Garden
![Image result for dr. sun yat-sen classical chinese garden](https://insidevancouver.ca/wp-content/uploads/2016/06/Group-at-Dr-Sun-Yat-Sen-Memorial-Gardens-550x367.jpg)
1986 පැවති
EXPO 86 ප්රදර්ශනය වෙනුවෙන් ඉදිකළ මෙය චීනයෙන් පිටතදී ඉදිකළ මෙවැනි පළමු උද්යානය වෙනවා . චීනයත් , බ්රිටිෂ් කොලොම්බියාවත් අතර ඇති සුහදතාවය වර්ධනය කරනු වස් වැන්කුවර් චීන නගර කොටසේ Carall වීදියේ අංක 578 දරණ තැන මෙය ඉදිකර තිබෙනවා Donald Vaughan සහ
Joe Wai. පිටත උද්යානයත් Wang Zu Xin ඇතුලත උද්යානයත් නිර්මාණය කර තිබෙන්නේ චීන සම්ප්රදායික බව සිහි ගන්වමින් .
Canada
Place
![Image result for canada place](http://d3e1m60ptf1oym.cloudfront.net/ee069162-29ea-11e3-a914-1d5327df9ad0/10-06-15H-0292_xgaplus.jpg)
![Image result for canada place](https://westcoastsightseeing.com/wp-content/uploads/2018/03/canada-place-1.jpg)
නැවක
හැඩය ඇති මේ මධ්යස්ථානය තියෙන්නේ වැන්කුවර් වරාය අසබඩ . හවසකට ගිහින් ඉර බහින දර්ශනය බලන්න වටින තැනක් .
කැනඩාවේ
තිබෙන විශාලතම සහ ස්වභාවික වරායක් වන වැන්කුවර් වරාය කැනඩාවේ සිදුවන නැව්ගත කිරීම් වලින් විශාල ප්රතිශතයකට දායක වෙනවා . හෙක්ටෙයාර 16000 ක ජල තලයක් , හෙක්ටෙයාර 1000 ක බිමක් සහ කිලෝමීටර 350 ක මුහුදු තීරයක් මීට අයත් . Sea Planes සහ Cruise ships සදහාත් මෙහි පහසුකම් සලසා තිබෙනවා . අපූරු අත්දැකීමක් එක්කර ගන්නට පුළුවන් Flyover Canada තියෙන්නෙත් මෙතැනයි .
![Vancouver Canada Place crusie ship terminal | 豪華客船, 客船, 豪華](https://i.pinimg.com/originals/49/eb/bf/49ebbfb1cc58624c1158357ffabf2085.jpg)
වැන්කුවර් නගරයේදී යා හැකි තවත් තැන්
·
වැන්කුවර්
මත්ස්යාගාරය ( Vancouver Aquarium )
![Seafood champs stir the pot to help Vancouver Aquarium - Sea West News](https://i1.wp.com/seawestnews.com/wp-content/uploads/2020/05/Vancouver-Aquarium.jpg?fit=1200%2C800&ssl=1)
·
ග්රුස්
කන්ද ( Grouse
Mountain )
![Complete Guide to Grouse Mountain in Vancouver, BC](https://www.tripsavvy.com/thmb/vQLftaXqr42bO2Q8-NKArES7FQw=/1112x750/filters:fill(auto,1)/Grouse-Mountain-Skyride-Summer-low-5693b89a3df78cafda849e32.jpg)
·
වැන්කුවර්
කලාගාරය (Vancouver
Art Gallery)
![Vancouver Art Gallery North Plaza renamed šxʷƛ̓ənəq Xwtl'e7énḵ ...](https://images.dailyhive.com/20170622134500/vancouver-art-gallery-north-plaza-151.jpg)
·
ග්රැන්විල් දූපත ( Granville Island )
![Vancouver's Granville Island gets new governance model | Vancouver ...](https://images.glaciermedia.ca/polopoly_fs/1.23922319.1566404471!/fileImage/httpImage/image.jpg_gen/derivatives/landscape_804/granville-island-which-is-really-a-peninsula-underneath-granville-bridge-was-created-in-1972-when.jpg)
·
වැන්කුවර්
නාවික කෞතුකාගාරය ( Vancouver Maritime Museum)
![Vancouver Maritime Museum To Get In The Holiday Spirit On The ...](https://farm4.static.flickr.com/3687/19676604324_96b65fc840_b.jpg)
·
නිටෝබේ
ජපන් උද්යානය ( Nitobe Japanese
Garden )
![Nitobe Memorial Garden | Japanese Gardening](https://japanesegardening.org/site/wp-content/uploads/2015/06/nitobe.jpg)
![Image result for vancouver art gallery](https://images.dailyhive.com/20180627120759/vancouver-art-gallery-plaza1.jpg)
![Image result for nitobe japanese garden vancouver](https://www.myuna.ca/wp-content/uploads/2019/03/pond-with-cherry-blossoms-2160x1080.jpg)
පසුගිය
වසර 3 පුරා අප ගිය ගමන්වල ඔබට බලන්නට අතපසු වූ ලිපි දසත වෙබ් අඩවියේ පැරණි විද්යුත් පුවත්පත් හෝ මගේ අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් අඩවිය තුලින් බලන්නට පුළුවන් . මීළග කලාපයෙන් 2010 ශීත ඔලිම්පික් මතක සමග වලාකුළු අතරට යන විස්ලර් නගරයට යමු .
සටහන
- අනුරුද්ධ වැලිගමගේ
සහ අන්තර්ජාලයේ Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2019 පෙබරවාරි කලාපයේ පලවිය .
විශේෂ ස්තූතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට
![Image result for dasatha](http://dasatha.com/wp-content/uploads/2016/07/featured-img.jpg)
![Related image](https://ssl.tzoo-img.com/images/tzoo.hd.53838.1583.855184.stanley-park-vancouver-british-columbia-canada-iStock-1132313923.jpg?width=392&spr=3)
![Image result for stanley park vancouver](https://vancouver.ca/images/cov/feature/Stanley-Park-Seawall-biking-720-250px.jpg)
Thank you so much for your comment
ReplyDelete