මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, September 25, 2021

සිංහල බ්ලොග් ගැන කෙරෙන රූපණ විමසුම........

   

මා සිංහල බ්ලොග් රසිකයෙක් වූයේ බ්ලොග් කලාවේ ස්වර්ණමය 2014 වසරේදී විය යුතුය. විවිධ සිංහල බ්ලොග් අඩවි රැසක් තුල සැගවුණු වටිනා තොරතුරු තුලින් මා කල සංචාරය වෙනමම මගකට යොමුවුණේ 2016 දී   " අහස් ගව්වෙන්  එහා ලෝකය "   බ්ලොග් අඩවිය රචනා කරන්නට ගත් විටය. ආසාව සහ නිරන්තර කියවීම තුලින් යම් තරමකට සිංහලයෙන් ලියන්නට හැකියාවක් මා සතු වුවත් තාක්ෂණික සහ නිර්මාණාත්මක වශයෙන් බ්ලොග් අඩවිය තුල යම් කුසලතාවයක් දක්වන්නට මට කලක් ගතවිය.  

 මගේ සිංහල බ්ලොග් කියැවීමේ ආසාව වැඩිකරන්නට බ්ලොග් රැසක් එකට ඇමිණුම් කල පුවත්පත් වැනි බ්ලොග් සින්ඩිකේටර සේම එකිනෙකට වෙනස් තේමා, හැඩතල, ආකෘති රැගත් බ්ලොග් බෙදාගැනීම් ද හේතුවිය. ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂා අතරේ ඉදහිටක විවිධ භාෂාවන් ඇසෙන මේ ශීත රටේදී සිංහලයෙන් හිතන මට දැනෙන පාඩුව මකා දැමුවේ රාජකාරියට ටොරොන්ටෝ නගරයට යන එන අතරේ දුම්රියේදී කියැවූ සිංහල බ්ලොග් රචනා බව කිව යුතුය.


ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලක " සවන අන්තර්ජාල රේඩියෝව " පටන් ගන්නා විට හදුන්වා දුන් , ජීවන ගමනේ හිත නැවතුණු තැන්  " දින නැති දිනපොත "   රේඩියෝ කෙටිකතාව තුලට සිංහල බ්ලොග් සටහන් රැසක් එකතුවුණේ මගේ බ්ලොග් රසිකත්වය නිසයි.  2020 දී  කවි සිතක මතක සටහන් ගොනුවුණු "කවි මිණි ආර " කවි පැයට සිංහල බ්ලොග් රැසක තිබූ කවි ශ්‍රව්‍ය මාධ්‍යගත වුනේ මා තුල වූ බ්ලොග් රසිකත්වයයි.

සිංහල බ්ලොග් අඩවි රැසක රසවත් තොරතුරු ගබඩාවක් අන්තර් ජාල ගත වුවත් ඒවා නිසි ලෙස සිංහල බස භාවිතා කරන පිරිස අතරට නිසි ලෙස සන්නිවේදනය වේද ? යන්න මට ඇති ගැටළුවකි. රූපණ අනතර්ජාල රූපවාහිනියේ ඩිජිටල් ශ්‍රව්‍ය දෘශ්‍ය අවකාශය තුලට එක්වූ " සිංහල බ්ලොග්  ගැන කෙරෙන රූපණ විමසුම"  යම් කාර්යභාරයක් කරනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි. 

 සිංහල බ්ලොග් අඩවි ගැන ප්‍රවීණ බ්ලොග් රචකයින් දෙදෙනෙකු සමග ගෙවෙන සොදුරු අඩහෝරාව  


https://rupane.com/vimeo-video/rupane-episode-263-september-25-2021/


ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ 

සම්පත් දායකත්වය - ප්‍රවීණ බ්ලොග් රචක අජිත් ධර්මකීර්ති ( කොළඹ ගමයා )

                                ප්‍රවීණ බ්ලොග් රචක තිලකසිරි ඒකනායක (තිලකසිත )

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා 

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි



සම්පත් දායකයින්ගේ සිංහල බ්ලොග් සදහා යොමුව 

ප්‍රවීණ බ්ලොග් රචක අජිත් ධර්මකීර්ති ( කොළඹ ගමයා )

https://kolambagamaya.blogspot.com/

ප්‍රවීණ බ්ලොග් රචක තිලකසිරි ඒකනායක (තිලකසිත )

http://thilakasitha.blogspot.com/

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි

14 comments:

  1. වැඩ සටහන නැරඹුවා. ඉතා හොඳයි. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. රසික ( බ්ලොග් රචක - රසිකොලොජි ) ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.සිසිල මාසික විද්‍යුත් සගරාවට සුබ පතනවා .

      Delete
  2. අනුරුද්ධ හොඳට පටිගත කිරීම වෙලා තිබෙනවා. ඔබගේ සංවාදය හැසිරවීමත් විශිෂ්ඨයි. මගෙත් තිලක සිතගේත් බ්ලොග් අඩවි දෙකේ යොමුවන් මෙතැනට ( කොළඹ ගමයා ) ඇතුලත් කරන්න පුළුවන් නම් හොඳයි

    ReplyDelete
    Replies
    1. අජිත් ( බ්ලොග් රචක - කොළඹ ගමයා ) ඔබේ දායකත්වයට බොහොම ස්තුතියි.කාලවේලාව තිබුණා නම් තවත් බොහෝ දේ කතා කරන්න තිබුණා. අවසානයට කතා කල ප්‍රතිචාර කොටස ධාවන කාලය වැඩි නිසා ඉවත් කලා.ඔබ දෙදෙනාගේම බ්ලොග් යොමු මේ සටහනට එක් කලා.බ්ලොග් කලාවේ දියුණුවට ඔබේ දායකත්වය අගය කරන අතරේම ඔබේ ඉදිරි වැඩ කටයුතු වලට සුබ පතනවා.

      Delete
  3. වැඩ සටහන සම්පූර්ණයෙන් බැලුවා. එය ඉතා හොඳින් සකස් කර තිබුණා. Blogs ලිවිම ගැන තිබුණු උනන්දුව අඩු වී යමින් තිබෙන මේ අවදියේදී ඒ ගැන Blog රචකයින් සහ රසිකයින් නැවත උනන්දු කරවීම සඳහා වැඩ සටහන බොහෝ ප්‍රයෝජනවත් වේ යයි සිතෙනවා.

    ReplyDelete
    Replies
    1. දයාරත්න මහත්මා ( බ්ලොග් රචක - අධ්‍යාපන රසකතා ) ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි. ඔබ වැනි ප්‍රවීණයින්ගේ අදහස් අපට ඉතා වැදගත්. ඉදිරියේදීත් මගේ විවිධ නිර්මාණ තුලින් තව තවත් බ්ලොග් රචකයින් සහ ඔවුන්ගේ දක්ෂතා සදහා වේදිකාවක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා.

      Delete
  4. වැඩසටහන ප්‍රයෝජනවත් උත්තේජයක් ලබා දුන්නා. දැන් ආපහු බ්ලොග් ලියන්නත් , කියවන්නත් කොහම හරි වෙලාව හොයා ගන්නවා කියන අදිටනේ ඉන්නවා . ස්තුතියි අනුරුද්ද හා රූපන

    ReplyDelete
    Replies
    1. තිලක ( බ්ලොග් රචක - තිලකසිත ) ඔබේ දායකත්වයට බොහොම ස්තුතියි.කාලවේලාව තිබුණා නම් තවත් බොහෝ දේ කතා කරන්න තිබුණා.ඉස්සර වගේම ඔබේ තවත් ජීවන කතන්දර සතිපතා එකතුවෙන කාලයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා . වීරා සහ පුබුදු එක්ක ඔබේ ස්තුතිය බෙදා ගන්නම්. බ්ලොග් කලාවේ දියුණුවට ඔබේ දායකත්වය අගය කරන අතරේම ඔබේ ඉදිරි වැඩ කටයුතු වලට සුබ පතනවා.

      Delete
  5. අනුරුද්ධ, මේ වැඩසටහන බෙහෙවින්ම අගය කරනවා. වැඩසටහනට සහභාගී වූ බ්ලොග් රචකයන් දෙපළත් වටිනා අදහස් රැසක් මතු කළා. වසර ගණනාවක් තිස්සේ බ්ලොග් සටහන් ලියන කෙනෙක් හැටියට මෑත කාලයේ සිංහල බ්ලොග් අවකාශයේ පසුබෑම ගැන දැනෙන්නේ දුකක්. මීට වසර කීපයකට පෙර සිංහල බ්ලොග් වල තිබුණු ජීවය නැවතත් මතු වේවි කියා උනන්දුවෙන් බලා සිටිනවා.

    ReplyDelete
    Replies
    1. හෙල්මලී ( බ්ලොග් රචිකාවිය - Hot Chololate days ) ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි. ඔබේ අදහස් වැදගත්. සමහරු මුහුණු පොත බ්ලොග් වලට තර්ජනයක් ලෙස සිතුවත් මම නම් හිතන්නේ අපට මුහුණු පොත එක්ක බ්ලොග් එක සම්බන්ධ කරන්න පුළුවන් කියලයි. මුහුණු පොතේ පලකිරීම් ගිලී යන හින්ද බ්ලොග් සටහන් කලින් කලට මුහුණු පොතේ බෙදා ගත්තා නම් හරි. ඒ වගේම බ්ලොග් එකේ නමින් මුහුණු පොත් පිටුවක් හදා ගත්තා නම් සාමාජිකයින් 5000 ක් දක්වා රසික එකතුවක් තබා ගන්නත් පුළුවන්. ළගදීම ඔබ සමග කල පරිවර්තන කවි වැඩසටහනේ බ්ලොග් සටහන ගොනු කරන්නත් සුදානමින් ඉන්නවා .

      Delete
  6. හොඳ වැඩසටහනක්...

    සිංහළ බ්ලොග් වඩාත් ජනප්‍රිය උනේ ටැබූ සම්ජෙක්ට්ස්ගේ ළිපි රාවයේ පලවුනු නිසා...

    බ්ලොග් කඩා වැටුනේ නම් පිල් බෙදීම් හා කුහක කම් හා සම්මාණ දීම් නිසා.

    ඒ කරුණු ඔය සාකච්ඡාවෙත් මතු උනාට එලියට ආවේ නෑ.

    මේ ගැන ඉදිරි වැඩසටහනක් කරනවා නම් නාලක ගුණවර්ධන සම්බන්ධ කර ගන්න.

    ඔහු සමාජමාධ්‍ය ගැන විශේෂ හැදෑරිමක් සහිත කිසිම පිලකට නැති නිරහංකාර සරළ ජනප්‍රිය පුද්ගලයෙක්.

    ස්තූතියි බ්ලොග් ගැන වැඩ සටහනක් කලාට..

    සුපැතුම් හදවතින්...

    මාතලන්....

    ReplyDelete
    Replies
    1. මාතලන් ඔබේ ප්‍රතිචාරයට බොහොමත්ම ස්තුතියි. ඉඩක් ලැබුණොත් නාලක සම්බන්ධ කරගන්නත්, තවත් වැඩසටහනක් කරන්නත් උත්සාහ ගන්නම්.

      Delete