මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, December 25, 2021

සඳකඩ පහනේ බ්ලොග් පැතිරවීමේ වෑයම ......




සඳකඩ පහන සිංහල බ්ලොග් සින්ඩිකේටර් අතරට පැමිණි අළුත්ම සාමාජිකයා යැයි මට සිතේ. සිංහල බ්ලොග් ජනතාව අතරට ගෙනයාමේ කාර්යයේදී බ්ලොග් සින්ඩිකේටර් කරන්නේ අතිමහත් කාර්යභාරයකි.බ්ලොග් සින්ඩිකේටර සහ පරිගණක මෘදුකාංග පිළිබද මගේ අල්ප දැනුම නිසා මේ සටහන තුල තාක්ෂණික කරුණු පිළිබදව නොලියන්නට පරිස්සම් වෙමි.


කලක් තිස්සේ බොහෝ සිංහල බ්ලොග් අඩවි කියවා තිබූ මා බ්ලොග් අඩවියක් පටන් ගන්නට අත්පොත් තැබුවේ 2018 ජූනි මාසයේදීය. ටිකෙන් ටික අතපත ගාමින් එය වර්ධනය කරනා මම හිතන්නේ බ්ලොග් කලාවට මා තවමත් ආධුනිකයෙකු බවයි. මගේ පටන් ගැන්මේ සිට කිසිදු දැන හැදුනුම්කමකින් තොරව මට දෑත දිගු කරමින් සහයෝගය දුන්නේ අටම්පහිය, සිතුවිලි, සිංහල වියුණු එකතුව,අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය සහ මාතලන්ගේ සින්ඩියයි.මේ මොහොතේදී ඔවුනට මගේ ප්‍රණාමය හිමිවේ. 

විගස, සිත්තම යන සින්ඩිකේටර සදහා වූ සබැදි මගේ බ්ලොගයේ එල්ලා ඇතත් ඒවා මේ වනවිට යාවත්කාලීන වන බවක් නොපෙනේ.කොත්තු, කුරුටු සින්ඩිය රටගිය ඇත්තෝ බ්ලොග් කියවනය,කමත, සංදේශය, අඹගහ යට, උකුස්සා, බ්ලොග් සිතියම, ලංකා, නොහිම් සිතුවිලි, කැරකෝප්පුව, අපි අපිට, අවකාශය යන සින්ඩි වලට මගේ බ්ලොග් ඇමිණුම යවා ඇතත් එය ඇමිණී නැත්තේ ඒවායේ ධාරිතාවය උපරිම මට්ටමකට පැමිණීම නිසා හෝ පාලනාධිකාරියේ කාර්ය බහුලතාව නිසා යැයි සිතමි.

අළුතින් පටන් ගත් සඳකඩ පහන පාලනාධිකාරියට සිංහල බ්ලොග් පැතිරවීමේ සැබෑ උනන්දුවක් තිබෙන බව පෙනෙන්නේ බ්ලොග් අඩවි ඔවුන්ගේ සින්ඩියට එල්ලා ගැනීමෙන් නොනැවතී නිතර අප සමග සම්බන්ධ වෙමින් කරුණු විමසන නිසාය. මා කියවන බ්ලොග් අඩවි රැසක් ඔවුනට යොමු කල විට විගසින් ඔවුන් ඒවා එහි එල්ලූ අතර බ්ලොග් කලාවට පිවිසෙන නවකයින් දිරිමත් කරමින් ප්‍රතිචාර ලියන මෙන් ඉල්ලා සිහි කැඳවීම් පණිවුඩ ද එවන්නට විය. ඉන් මට හැගෙන්නේ ඉංග්‍රීසියෙන් යූ ටියුබ් අවකාශයේ තිබෙන බ්ලොග් අඩවියක් පටන් ගන්නා හැටි වීඩියෝව පැහැදිලි මදි අය වෙනුවෙන් ඩ්‍රැකී කල පියවරෙන් පියවර පැහැදිලි කිරීම සේම නවකයින් දිරි ගැන්වීමට පිටු කියැවීම් සහ ප්‍රතිචාර ද වැදගත් බව ඔවුන් අවබෝධ කරගෙන සිටින සෙයකි.   

https://www.youtube.com/watch?v=5n-ZpBo7cHI&t=3180s

https://drackey.blogspot.com/2021/10/blog-post.html

 සිංහල කලා නිර්මාණ අතර අගතැන්පත් සඳකඩ පහන ඇසුරින් උපුටාගත් නම සිංහල බ්ලොග් සින්ඩිකේටරයට සැබැවින්ම අගනේය. පුරාවිද්‍යාත්මක වටිනාකමින් වැඩි වැදගත් ස්ථාන වල ඇතුළුවන තැනම තිබෙන සඳකඩ පහන බොහෝ දුර ගෙවා එතැනට පැමිණි විවිධ අයවලුන්ගේ දුහුවිලි ඉවත් කරමින් පිරිසිදුව එතැනට ඇතුළු වන්නට ඉඩ සැලසුවේ බොහෝ කලක පටන්ය. විවිධ මතවාද, තොරතුරු සහ පුරුදු අතරින් හොද දේ තෝරා ඉදිරියට ගෙන යන්නට සඳකඩ පහන කණ්ඩායමට වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි. එසේම සඳකඩ පහන තුලින් නිර්මිත ජීවන යථාර්ථය පොදු ජනමාධ්‍ය තුල ඇති වෙළද, ආගමික, දේශපාලන බලපෑම් වලින් තොරව යථාර්ථවාදී ලෙසින් පාඨක පිරිස් කරා ගෙනයන්නට දිරිය ලැබේවායි පැතුම් එක් කරමි.  

සඳකඩ පහනට ගොඩවී බලන්නටත්, කැමති නම් ඔබේ බ්ලොගයට අමුණා ගන්නටත්, යෝජනා අදහස් සහ ප්‍රතිචාර ලියන්නටත් ඔවුන්ගේ යොමුව පහතින් සදහන් කරන්නම්. 

 https://sandhakadapahana.blogspot.com/   

මුලින් සදහන් කල පරිදි මගේ අල්ප තාක්ෂණික දැනුම සහ ලංකාවෙන් බැහැරව ජීවත් වන නිසා පෞද්ගලිකව මට අනෙකුත් බ්ලොග් ජනප්‍රිය කරවීමට දිය හැකි අතහිත අවමය. එහෙත් මා සිතන පරිදි සිංහල බ්ලොග් කලාව ජනප්‍රිය කරවීමට පහතින් සදහන් පියවර අනුගමනය කල හැකිය.

1. සෑම සින්ඩිකේටරයක්ම, බ්ලොග් අඩවියක්ම එනමින් මුහුණු පොත් ගිණුමක් පවත්වා ගෙන යාහැකිය.එවිට අළුත් සහ පැරණි බ්ලොග් රචනා කලින් කලට ජනගත කල හැකිය.

2. එහිම දිගුවක් ලෙස මුහුණු පොතේ පලවන දේ ඉක්මණින් ගිලී යන නිසා තාක්ෂණික ලෙස යම් තෝරාගත් කාල පරාසයකදී ස්වයංක්‍රීයව බ්ලොග් ලිපි පලවන ආකාරයක මෘදුකාංගයක් සකස් කල හැකිය.

3. දැනට අක්‍රියව ඇති බ්ලොග් රචකයින් නැවත බල ගැන්වීමත්, ඔවුනගේ පැරණි අගනා ලිපි යලි පලකිරීමත් කල හැකිය.

4. ප්‍රධාන ධාරාවේ රූපවාහිනිය, ගුවන් විදුලිය, පුවත්පත් වැනි ජනමාධ්‍ය හරහා සිංහල බ්ලොග් ගැන ජනතාව දැනුවත් කල හැකිය. මා දන්නා පරිදි එවැන්නක් වරක් ස්වාධීන රූපවාහිනියේ විකාශය වී තිබේ.

http://rasikalogy.blogspot.com/2017/03/itn-television-program-on-sinhala.html

5. කලින් ලියා අනාගතයේදී පලවන සේ බ්ලොග් රචනා ගබඩා කර තැබීම් වැනි තාක්ෂණික කාරණා සරලව පැහැදිලි කර දීම කාර්ය බහුල බ්ලොග් රචකයින් බ්ලොග් කලාවෙන් ඉවත්වීම වැලැක්වීමට උපයෝගී කර ගත හැකිය.  

6. බ්ලොග් තුල බ්ලොග් ගතවන නිර්මාණ අතුරින් තෝරාගත් ලිපි හා කවි විද්වත් මඩුල්ලක උදව්වෙන් මුද්‍රිත එකතු ලෙස සංස්කරණය කල හැකිය.

7. බ්ලොග් ගතවන නිර්මාණ සොරා ගැනීම් සම්බන්ධ නීතී සහ නිර්මාණ අයිතිය තහවුරු කිරීම් ගැන නීති සම්පාදනය සහ දැනුවත් කිරීම් විද්වත් නීති දැනුම ඇති බ්ලොග් රචකයින් විසින් පැහැදිලි කර දිය හැකිය.

8. සිංහල බ්ලොග් කරුවන් දිරිමත් කිරීම සදහා රාජ්‍ය සහ පෞද්ගලික නිර්මාණ ඇගයුම් ඒකක සහභාගීත්වයෙන් යම් ඇගයීමේ කාර්යය කල හැකිය.එසේම විශ්ව විද්‍යාල ප්‍රජාව සහ විද්වත් පිරිස් විසින් සිංහල බ්ලොග් ගැන කලින් කලට පර්යේෂණ නිබන්ධන, කතිකාවත් සංවිධානය කල හැකිය. 

9. ජනප්‍රිය රූපවාහිනී,රේඩියෝ වැඩසටහන්, යූ ටියුබ් වැඩසටහන් තුලට නිසි අවසර ඇතිව බ්ලොග් අනතර්ගත ගෙනයාමෙන් ඒවා ශ්‍රව්‍ය දෘශ්‍ය ලෙසද රස විදිය හැකිය.

10.සුහද සංවාද ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට හේතු වුවත්, විවිධාකාර අරමුණු උදෙසා පහත්, වෛරී, අශෝභන සහ ද්වේශ සහගත ප්‍රතිචාර දක්වන ඇනොනිමස් ප්‍රතිචාර දක්වන්නන් ගේ පරිගණක සහ දුරකථන හදුනා ගැනීම සම්බන්ධ නීති රීති සහ පැමිණිලි ක්‍රමවේද සකස්කිරීම සම්බන්ධයෙන් නීති සම්පාදකයින්ගේ අවධානය යොමු කිරීමටද කාලය පැමිණ ඇත. 

මේ කාරණා සම්බන්ධයෙන් ඔබේ අදහස්, දැනුම , සම්පත් සහ දැන හැදුනුම්කම් භාවිතා කරන්නේ නම් සිංහල බ්ලොග් කලාව දැනට පවතින තැනින් ජනප්‍රිය තාවයේ ඉහල තැනකට ගෙන යා හැකිය.

මේ කරුණු සුහද සංවාදය පිණිසයි.

සියළු බ්ලොග් සින්ඩිකේටර කරනා මෙහෙය අගයන අතරේ සඳකඩ පහනේ ඉදිරි ගමනට ජය පතමි. 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

10 comments:

  1. ඔන්න මාත් සඳකඩ පහන සින්ඩිය එල්ලගත්ත. ඔවුන් කරන දේ අගේ කිරීම වැදගත්. ඒ වගේම ඔබේ පොස්ටුවත් ඉතා කාලෝචිතයි. fb මගින් බ්ල්ග්කරණ පිලිබඳ යම් පැතිරුණු ප්‍රචාරයක් දෙන්න පුළුවන් නම් අපිට මේක ගොඩදාගන්න ඇහැකි වෙයි කියලයි මට හිතෙන්නෙ

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ සටහනට ස්තුතියි .ඒ වගේම මම ඔබ තුල විශේෂත්වයකුත් දකිනවා. ඒ තමයි ඔබ කියවන හැම සටහනකටම කෙටි හෝ ප්‍රතිචාරයක් දක්වන එක . ඒක බ්ලොග් රචකයින් දිරිගන්වන්නට හරිම වැදගත්. සතියේ දවස්වල මම මුහුණු පොතටත්, පරිගණකය තුලින් බ්ලොග් වලටත් යන්නේ දවසකට වතාවක් රාත්‍රියේදී .බොහෝ වෙලාවට මම අනිත් බ්ලොග් කියවන්නේ දුරකථනයෙන්. දුරකථනයෙන් කියවද්දී සිංහලෙන් ප්‍රතිචාර දැක්වීම ගැන වගේම මගේ නම ඇතුව එය සටහන් කිරීමේ තාක්ෂණික ගැටළුවක් තියෙනවා. මම නමක් නැතුව ප්‍රතිචාර දක්වන්න කැමති නැහැ. ඒ හින්ද මගේ බ්ලොග් මිතුරන් මා එක්ක අමනාප නැහැ කියල හිතනවා. ඔබේ උනන්දුවත් වැදගත්. ඔබේ අදහසුත් ඔවුන්ට කියන්න. ඔවුන් බ්ලොග් රචකයින්ගේ අදහස් හා ප්‍රතිචාර බලාගෙන ඉන්නවා.

      Delete
    2. මේ දවස්වල ගෙදරටම වෙලා ඉන්ට නිසා ඉතීම් බ්ලොග් කියෝගෙන කියෝගෙන යනවා.

      Delete
    3. හොද පුරුදු අත අරින්නට එපා .........

      Delete
  2. අනුරුද්ධ! හැමදා වගේම අදත් අපගේ සින්ඩිය වෙනුවෙන් සහ මුළුමහත් සිංහල බ්ලොග් ලෝකය වෙනුවෙන් ආදරණීය දිරිගැන්වීමක් කරලා! මේ ලියන්නේ කෙටි සටහනක් - ඔබට ස්තූති කරණු වස්! ඔබ ගෙන හැර පා ඇති කරුණු පිළිබඳව අපගේ තාක්ෂණික කණ්ඩායමේ දැනුවත් සාමාජිකයෙකු ඉදිරි දින කිහිපය ඇථුලත පිළිතුරු සපයනවා ඇත! කරමු! හැකි හැමදේම උපරිමයෙන් කරමු මේ වෙනුවෙන්!

    ReplyDelete
    Replies
    1. ඔබේ කෙටි සටහනට ස්තූතියි. දිගු ගමනකට ජය පතනවා.

      Delete
  3. බොහෝ ස්තුතියි !

    ReplyDelete
  4. බ්‍ලොග් පොත් ලෙසා මුද්‍රනය විම ලොව බහුල ව සිදු වන දෙයක් . බ්‍ලුක්ස් නමින් හැදිනවෙනවාඤ සිංහල බ්‍ලුක්ස් ද තිබෙනවා. ඒ ගැනත් සදහන් කිරිම වටි.

    ReplyDelete
    Replies
    1. ඔබගේ බ්ලොග් දෙකම සඳකඩ පහනේ දක්වා ඇත. ඉන් පලමුවැන්න වන "අනිත් කොන" අපගේ සින්ඩියේ "බර කතා" කොලමේත් පැරණි බ්ලොගය "රැජිනගේ කොලම" තුලත්ප්‍රදර්ශණය වේ!

      Delete
    2. සමාවෙන්න "අනිත් කොන" දැනට පවතින "බ්ලොග් සඟරා" යටතේම පවත්වාගෙන යාමට අප කණ්ඩායම තීරණය කලෙමු! ස්තූතියි!

      Delete