මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, December 11, 2021

පොත් පිටු අතරින් ..... සුමනා විජේරත්න ගේ කතා කරන මහවැව සහ බුදුන් දුටු සමාජවාදය සමග එක්වෙමු.

 

පොත් පිටු අතරින් ..........කැනඩාවේ නිර්මාණ කරුවන්ගේ පොත් නිර්මාණ විමසුම .....

මේක ගොතපු කතාවක් එහෙම නෙමෙයි. ඇත්තටම මගෙ මතකයේ තියන කතාවක්. ඇයි තාත්තා මාව එක්කරගෙන ගියේ? අපි දරුවන්ට උගන්වන්න මහන්සි ගන්නවට වඩා හරිම පහසුයි, ඒ වගේම සාර්ථකයි දරුවන්ට ඉගෙන ගන්න ඉඩ හැරපුවාම. තාත්තා මට ඉගැන්නුවේ නෑ. ඉගෙන ගන්න ඉඩ ඇරියා. මම දැන ගත්ත කොහොම ද එක කරන්නේ කියලා. විධිමත් අධ්යාපනය තුළ ඔයවැනි දේවල් කවදාවත් උගන්වන්නෙ නැහැ. ඔය එක සිද්ධිය ඇතුළේ මොන තරම් දේවල් තියෙනවා ද ඉගෙන ගන්න. මෙවැනි අධ්යාපන ක්රම ගැන කැනඩාවේ නම් දැනටමත් පර්යේෂණ කරනවා.
ස්වාභාවය ධර්මයට ආදරෙන් සලකලා ඒකත් එක්ක රමණය කරන්න අපේ උදවිය දැනගෙන හිටියා අනාදිමත් කාලයක ඉදලා. ඒ දැනුම අපේ පැරණි මුතුන් මිත්තන් ඔය විදියට තමයි අපට දායාද කළේ. ඒත් ඒවා බල්ලටම දාලා තමයි අද අපි වැඩ කරන්නේ. අලුත් දේවල් හොඳයි ඒත් පරණ දේවල් වැඩ වසම් කියලා ඔක්කොම අහක දානවද? මේ කතාවේ ගොඩක් මාන තියෙනවා මෙතන ඉඳලා දිගහැරෙන කතා හැම එකකටම සංදර්භය පාදා දෙන.
කොහොම උනත් අපේ තාත්තා මට වීරයෙක්. හැන්දෑවට හැමදාම තාත්තා මට කතන්දර කීවා. ඉස්සර කියලා දුන්නු ඒ කතන්දර වල නරි, කොටි, වලස්සු, කැලෑ, ගල් ගුහාවල් හරියට තිබුණා. තාත්තා හරි දක්ෂයි කතන්දර කියන්න, සිංදු කියන්න, නටන්න, වොලි බෝල් ගහන්න, පොර පොල් ගහන්න. පොර පොල් ගහනවා කියන්නේ උඩුපිල යටිපිල කියලා දෙපිළකට බෙදිලා පොල් ගෙඩි වලින් ගහගන්නවා. එක පිලකින් එවන පොල් අනික් පිල බිඳින්න ඕනෑ පොල් ගෙඩියකින්ම ගහලා. ඒ සෙල්ලමට ගන්න පොල් කට්ට හරිම හයිය තියෙන පොඩි පොල් ගෙඩි. තාත්තා ඒ පොල් ගෙදර ගෙනල්ලා හොඳට සුද්ද කරලා අරං තියෙනවා. ඒ පොල් හීනි උල් පොඩි ගෙඩි. පොර පොල් ගහන්න ගිහින් දිනපුවාම අපේ තාත්තා එයාලගෙ පිලේ කට්ටියගෙ කරේ නැගලා නටනවා. තාත්තා වෙන්නැති ඒ කාලෙ තරඟයේ වීරයා. ඒ අස්සේ අපේ තාත්තා බූරුවා ගහන්නත් දැනගෙන හිටියා. වැඩිය කියන්නේ නැහැ ඒවා ගැන.

කතා කරන මහවැව........



විමුක්තිය සහ දේශපාලනය
සමස්ත ව්යුහයේ සිදුවන වෙනස සැබැවින්ම දැකීම අපහසු වන්නේ එහි ඇති දැවැන්ත ස්වභාවය නිසයි. එහෙත් අපේ සිතුවිලි ක්රියාකරන ව්යුහය අපට ඉතා සමීප නිසා චර්යාවේ වෙනසක් සංජානනය කර ගැනීම පහසුයි. බුදුන් වහන්සේ දුටු සමාජ දර්ශනයේ හරය ඉලක්ක කර ඇත්තේ චර්යාවේ වෙනස සිදු කිරීම 'පුද්ගල විමුක්තියෙන්' (අංශුමය) ආරම්භ කිරීම වෙතයි. සමස්තය තුළ කරනු ළඛන වෙනස තිරසාර පථයක් තුළ ගමන්කරවීමට නම්, ඒ සමස්තය තුළ ඇති අංශු එම වෙනස්කම් උකහා ගැනීම සදහා පන්නරය ලබා තිබිය යුතුයි. ඒ ලබා ගන්නා පන්නරය තුළින් අත්පත් කරගන්නා විමුක්තිය අනෙකුත් ස්ථර ඔස්සේ ඉහළට ගමන් කරවීම පහසුයි. සමස්ත ජන විඤ්ඥාණය පුළුල් පදනමක් මත ශක්තිමත් කිරීමට නම් සාකල්ය ප්රජාසංහිඳියාවක් ස්ථාපනය කිරීමද අත්යවශ්ය කරුණක්.
මනස සහ ලෝකය සම්බන්ධයෙන් බුදුන් වහන්සේ ඉදිරිපත් කර ඇති විමුක්ති මාර්ගය සමාජ අභිවෘද්ධිය සදහා ප්රායෝගිකව යොදා ගැනීම තව දුරටත් ගැඹුරින් විමර්ශනය කිරීම මෙම පරිච්ඡේදයේ අරමුණ වී ඇත්තේ ඒ හේතුව මතයි.

කැනඩාවේ වෙසෙන ලේඛක ලේඛිකාවන්ගේ අළුත් නිර්මාණ ඔබට හදුන්වා දෙන වැඩසටහන 


https://rupane.com/2021/08/28/rupane-episode-259-august-28-2021/

ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ 

සම්පත් දායකත්වය -  සුමනා විජේරත්න

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා 

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි

හදුන්වා දෙන අළුත්ම ගීතය ......

සකි සදේ ......

ගායනය - අනෝජා මකුලොළුව 

ගී පද - බන්දුලසිරි හේවාගමගේ 

සංගීතය - තරිදු ජයතිලක  


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

8 comments:

  1. බුදුන් දැක්කෙ සමාජ යතාර්ථය. සමාජවාදයක් දැක්කද කියලත් හිතෙනවා

    ReplyDelete
    Replies
    1. නමියා. ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔබට ලේඛිකා සුමනා විජේරත්න මහත්මිය සමග සුහද සංවාදයක යෙදෙන්න පුළුවන්. ඇගේ මුහුණු පොත් යොමුවෙන් අමතන්න. https://www.facebook.com/sumanawije

      Delete
    2. මං කිව්වෙ මගේ අදහස අනුරුද්ධ. මොනාඋනත් දහමෙන් මතුවෙලා පේන සමාජවාදී බව ගැන කතාකරන්නත් පුළුවන්නෙ. පොත නොකියවා මතයක් පල කරාට සමාවෙන්න

      Delete
    3. නමියා ඔබට ඕනෑම අදහසක් මගේ ප්‍රතිචාර යටතේ ලියන්න පුළුවන්. කිසිම වාරණයක් නැහැ.මේ පොතේ කියැවෙන මතය හරිම විවාදාත්මකයි. සුමනා විජේරත්න මහත්මියගේ මුහුණු පොතේ කදිම සංවාද තියෙන නිසයි මම එහෙම ලිව්වෙ. ඒ වගේම ඇය මේ අදහස් බලා ඉන්නවා.

      Delete
  2. මහවැව ය කියන්නේ මාරවිල කිට්ටු මහවැව වෙන්න ඇති කියල උපකල්පනය කරනව. ඒ පැතිවල මිනිස්සු පට්ට කට්ටක් කන්නෙ. හැම කෙනාම නෙවී. නමුත් විඳින්න තියන ජීවිතේ නියමෙටම විඳිනව
    ලංකාවෙ ගන්න තියේද

    ReplyDelete
    Replies
    1. මහේෂ් මේ පොතේ කියැවෙන්නේ වාරියපොල ප්‍රදේශයේ වැව් පද්ධතියක් ගැනයි. අපේ වැව් පද්ධතිය ගැන උදුල බණ්ඩාර අවුසදහාමි මහතාගේ පොතට අමතරව මට කියවන්නට ලැබුණු පොතක් විදිහටයි මම මේ පොත දැක්කේ. ඒ වගේම කතුවරිය ඒ තුල ගොනුකල සරල ගැමි සුවදට මම කැමැතියි.

      Delete
    2. හම්, පොත කියවන්න ආසාවක් ඇති වුනා. ස්තූතියි පෙන්වා දීමට..

      Delete
  3. අළුතින් බ්ලොග් ලියන්නන් සඳහා වෙන්වුනු "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමට ගොඩවී දුහුනන්ගේ මැවුම් සඳහා දිරි දෙන්න අමතක කරණ්න එපා!

    අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය මගින් ප්‍රචාරණයක් ලබා දීමට කාරුණික වන්න!

    ReplyDelete