මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, May 7, 2022

යන්නට බැරිද දැන්වත් අපි එක්වී...

 


 සබද අපි හසු නොවෙමු   මෙවරේ

වරින් වර හසු වුනෙමු       මිතුරේ

ජනබලය සවිය මැද       සොදුරේ

සාමයෙන් නගමු ගොස  මෙවරේ

 

පාන් ගෙඩියට , හාල් ඇටයට රැවටී

බලා හුන්නෙමු ගිලින හැටි උන් දැවටී

කා කොටාගෙන පාට පාටට රැවටී

තරු පෙනෙනකම් හිටිය තබමින් හූ මිටී

 

දහඩිය වගුරුවා උගුරත් ලේවී

පෙරමුණ අරන් කෑ ගැසුවාය පේවී

ලේ කදුලැලි මතින් ඉහලට පාවී

ගිය උන් හිදියි නැසු කන් සේවී  

 

ජාතිය ආගමෙන් කුලයෙන් වෙන්වී

හිටියා අපිත් හිතමින් මුළු ගැන්වී

යනවිට එකට අන් රටවල් එක්වී

යන්නට බැරිද දැන්වත් අපි එක්වී

 

සාහිත රසය ඉතිහාසය එලවා

ගුණ නැණ බලය උන් සිද බිද දැමුවා

පරගැති කමට ඔවුනට දත නියවා

දෑ දු පුතුනි එක්වෙමු අපි සැවොමා 

 

අනුරුද්ධ වැලිගමගේ


2022  මැයි  මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.



විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


         මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

3 comments:

  1. අපූරු කවි ටික අනුරුද්ධ.... එක්වන්ට කාලේ හරි තමා

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete