මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, July 14, 2018

පාන් නැත්නම් කේක් කාපල්ලා කී මේරි ඇනටනට් බිසවත් නැපෝලියන් අධිරාජ්‍යයාත් හමුවන්නට අතීතයට ගිය ගමනක්......පැරීසියේ සංචාරයක මතකය 2

Marie Antoinette. Loved this movie! Have seen this movie…maybe 100 ...


Image result for mary antoinette


ජයග්රහණයේ කුළුණ  ( Arc de Triompe )

Experience the "Retour des cendres" in 3-D at the Arc de Triomphe ...


මගේ මතකය දිවයන්නේ නැපෝලියන් රුපවාහිනී කතා මාලාව දිගේ . පසුගිය ලිපියේදී අප ලුවර් කෞතුකාගාරයේ නැපෝලියන් ඉතිහාසය බලා ඇවිද ගියේ සුපිරි විලාසිතා පිරි වීදිය දිගේ .
තම යුධ ජයග්රහණය සදහා දායක වූ වීරෝධාර විරුවන්  සැමරීම සදහා නැපෝලියන් ඉදිකල මේ සුවිසල් ඉදිකිරීමට 1806- 1836 කාලයේදී ෆ්රෑන්ක් මිලියන 9.3 වියදම් වූ බව සදහන් . යුරෝපයේ බොහෝ රටවල් ප්රංශ පාලනයට නතු කර ගත් නැපෝලියන් මේ ඉදිකිරීමට මුලික කරගත්තේ රෝමයේ ඇති  Arch of Titus  නම් ස්මාරකයයි.

Discover the Arc de Triomphe in Paris - French Moments


මීටර් 50 ක් උස මීටර් 45 ක් පළල මේ සුවිසල් ඉදිකිරීම පරිමාණයෙන් රෝමයේ ඇති කුළුණ මෙන් තුන් ගුණයකටත් වැඩියි . මෙහි ඇති මනරම් කැටයම් විස්තර ඇතිව බලන්නට නම් දවසකුත් මදි වේවි . එහි ඇති කැටයම් බොහොමයක් යුධ ජයග්රහණ සම්බන්ධ ඒවායි . යුද්ධ  වලදී මියගිය විරුවන්ගේ නම් , ජයගත් යුද්ධ පිළිබදවත් මෙහි කොටා තිබෙනවා . මේ සදහා දායක වූ නිර්මාණ ශිල්පීන් රැසක් ඉන්නවා . පසුකාලීනව ජනප්රිය වූ නාදුනන සොල්දාදුවන්ගේ ස්මාරක සංකල්පයට අනුව මේ කුළුණ පතුලේත් එවැනි ස්මාරකයක් තිබෙනවා . මෙය වටා වටරවුමක් මෙන් වාහන ගමන් ගන්නා බැවින් පසෙකින් ඇති ඇතුළුවීමේ දොරටුවෙන් මෙය කරා යායුතු වෙනවා . රාත්රියේදී ආලෝකමත් වූ විට මෙය වඩාත් ප්රේමණීය වෙනවා .

Image result for napoleon bonaparte

ඉඩකඩ සීමා සහිත නිසා අප සදහන් කරන්නේ ඉතා අල්ප තොරතුරු නිසා ඔබේ ගමන අර්ථවත් සහ ගෙවන මුදලට වටිනාකමක් දෙන එකක් කර ගන්නට නම්  නම්  ගමනට පෙර විස්තර සොයා දැනගෙන යාම හොදයි . පොදුවේ ගත් විට නොනිදන නගරයක් වන පැරීසිය රාත්රියේදී වඩාත් ලස්සන බැවින් ඔබට ඇති කාලය අනුව දහවල විවේක ගෙන හවස් වරුවේ ගමන් ආරම්භ කලොත් මහන්සියකින් තොරව මධ්යම රාත්රිය වනතුරු එහි සිරි විදින්නට බැරිවෙන එකක් නැහැ .

How to enjoy the River Seine - Discover Walks Paris


සෙයින් නදිය  ( River Seine )

කිලෝමීටර 777 දිග සෙයින් නදිය පැරීසියේ බොහෝ සංචාරක කේන්ද්‍රස්ථාන සම්බන්ධ කෙරෙන ප්‍රධාන මාධ්‍යයක් . තැනින් තැන නැවතුම් ඇති "බටෝබුස්" ( Batobus )  එකක නැගී ලුවර් කෞතුකාගාරයට , අයිපල් කුළුණට සේම නොට්‍රඩාම් මහ පල්ලියටත් යන්නට පුළුවන් . නැපෝලියන් ප්‍රමුඛ විවිධ ප්‍රංශ පාලකයින් ඉදිකළ කැටයම් සහිත පාලම් සහ ඉදිකිරීම් රැසක් මේ ගමනේදී දැකගන්නට පුළුවන් . රාත්‍රියක කරන බෝට්ටු අවන්හලක ගමන බොහොම ප්‍රේමාන්විත එකක් වනවාට කිසිදු සැකයක් නැහැ .


Image result for eiffel tower and seine river


නොට්‍රඩාම් මහ පල්ලිය ( Notre Dame Cathedral )




ප්‍රංශයේ ප්‍රධාන දේවස්ථානය වන මෙහි ඉතිහාසය වර්ෂ 1163 තරම් ඈතට දිව යනවා . නැපෝලියන් විසින් තමාගේම රාජාභිෂේකය සිදු කල පරිශ්‍රය වන්නේත් මෙයයි . මෙහි උස මීටර් 69 ක් වෙනවා . කලින් කලට කොටසින් කොටස එකතු වූ විශාල සංකීර්ණයක් වන මෙය පැය ගණනාවක් ගත කරන්නට කදිම තැනක්.සුවිසල් කුළුණු , ආලින්ද , දේව ප්‍රතිමා , කැටයම් සහිත පාට පාට වීදුරු මැද ඒ තුලත් , පරෙවියන්ට කෑම දෙමින් එහි උද්‍යානයේ සහ පේරාදෙණියේ වල වැනි සැකැස්මක් ඇති එළිමහනේ නගරයේ අසිරිය විදින අයත් මෙහිදී ඔබට දකින්නට පුළුවන් .






  අසලම වීදි ජනාකීර්ණ වී තිබෙන්නේ පැරිසියට ආවේණික වූ රසයන්ගෙන් යුත් අයිස්ක්‍රීම් රස බලන, ප්‍රංශ බේකරි නිෂ්පාදනයක් කමින් කෝපි කෝප්පයක රස බලන පිරිස් වලින් . මේ අද්දරින් ඇති කුඩා පෙට්ටි කඩ වල අතින් ඇදී සිතුවම් වල පටන් බොහෝ සිහිවටන ඔබ එනතුරැ බලා ඉන්නවා . ඔබට අවශ්‍ය නම් ඔබේ රුව විනාඩි කිහිපයකින් ඇද දෙන්නට චිත්‍ර ශිල්පීන් පාර දෙපස පුටු තබාගෙන සිටිනු දකින්නට පුළුවන්.ප්‍රංශයටම ආවේණික විවිධ මිශ්‍රණ වලින් තැනෙන ක්‍රේප් (crepe) එවෙලේම තනා දෙන අවන්හල් නොට්‍රඩාම් මහ පල්ලිය අසබඩ පටු මාවත්වල තිබෙනවා . බීර වීදුරුවක් , වයින් වීදුරුවක් තොල ගාන්නට උවමනා නම් ඒ  සදහා විවිධ මට්ටමේ අවන්හල් රැසක් මේ නුදුරේම තිබෙනවා .



ප්‍රංශ විප්ලවය සදහා පාර කැපෙන්නේ ආර්ථික වශයෙන් පොදු ජනතාව අසරණ වූ කාලයයි . ලුවී රජ පරපුරෙන් ජනතාවට බලය මාරුවන එහිදී අපට පාන් කෑල්ලක්වත් නැහැ කියූ ජනතාවට මේරි ඇන්ටනට් බිසව කීවේ " පාන් නැත්නම් කේක් කාපල්ලා  " කියායි . මේරි ඇන්ටනට් චිත්රපටයට පාදක වන්නේ ඔස්ට්‍රියාවේ සිට පැමිණි නව යොවුන් දැරියක් ප්‍රංශයේ කිරුළ හිමි රජුගේ බිසව වන කතාන්තරයයි . එහි වූ මනරම් වර්සායි මැදුර බලන්නට කාලයක් තිස්සේ බලා සිටි අපට මේ ගමනේදී ඊට ඉඩ වෙන්කර ගත හැකිවුණා .

Palace of Versailles: Tours, Hours & Location in Paris

Visiting Versailles? Tips to see France's famous palace | CNN Travel



වර්සායි මහ මැදුර (The Palace of Versailles )

Famous Palace Versailles with Beautiful Stock Footage Video (100 ...


 කිලෝමීටර 20 ක් පමණ පැරිසියට දුරින් පිහිටි වර්සායි මහා මැදුර පැරිස් ගමනේදී අත් නොහැරිය යුතු එකක් . විනාඩි 20 පමණ දුම්රිය ගමනකින් පසු අපට වර්සායි මහ මැදුර ඇති ඉසව්වට යා හැකි වුණා . ඉතා ජනාකීර්ණ සංචාරක කේන්ද්රස්ථානයක් වන මෙහි ප්රධාන රජ මාළිගාව බලන්නට ඉතා දිගු පෝලිමක් ඇති නිසා හැකිතාක් උදැසනින් යාම හොදයි. පෝලිම දිගු බැවින් අප කලේ සුවිසල් උද්යානය සහ පරිවාර  මන්දිර බලන්නට යාමයි . එම පරිශ්රය ඉතා විශාල බැවින් ඇවිදින්නට අසීරු නම් බයිසිකලයක් කුලියට ගැනීම හෝ ගොල්ෆ් කාරයක සේවය ලබා ගැනීම ගුණදායකයි .




එදා තැනින් තැන සංගීත කණ්ඩායම් රදවා තිබු සිංදු කියන මල්වත්තේ අද වෙනුවට ඇත්තේ තැන තැන සගවා තබා  ඇති ස්ටීරියෝ ශබ්ද පද්ධතියක් . සිත නිවන මියුරු සංගීත නාද අතරින් ඔබට මනස්කාන්ත වතුර මලින් පිරි කැටයම් පිළිම ඇති ජල තටාක දකින්නට පුළුවන් . විවිධ හැඩයට කප්පාදු කල ගස් වැල් සහ කිරිගරුඩ ප්රතිමා එහි ලස්සන තවත් වැඩි කරනවා .

Château de Versailles tickets - Independent tour - Paris Tourist ...


Rouen Shore Excursion to Versailles Palace | Ophorus Tours Official


මේරි ඇන්ටනට් චිත්රපටයේ විස්තර කතා කෙරෙන මේරි ඇන්ටනට් බිසවගේ මාලිගාව , ඔස්ට්රියානු ගමක අසිරිය මවන ගොවිපොළ නිවස මෙහිදී අමතක නොකල යුතු තැන් . ප්රධාන රජ මාලිගාව දවසක් තරම් බලන්නට දේ ඇති තැනක්. නැපෝලියන් කතා මාලාව මට මැවී පෙනෙනවා . තැනින් තැන ඇති දේ විස්තර කෙරෙන කුඩා ශ්රව් විස්තර කථනය ඔබට ඉතිහාසය මවනවා සිකුරුයි . සේයා රූ  කලාව නොදියුණු කාලයේ මාලිගාවේ සිටි විවිධ චරිත සහ පසුබිම් ඇතුලත් චිත් විශාල ඉතිහාස කතාවක් කියා පාන බව කිව යුතුයි. මෙහි තිබු මෝනා ලීසා චිත්රය ඇතුළු බොහෝ දෑ ලුවර් කෞතුකාගාරයට ගෙන ගියත් තවමත් මෙහි ඉතිරිව ඇති දෑ මවන විචිත්රත්වය ඉතා ඉහලයි

Marie Antoinette (2006) for your consideration movie posterImage result for napoleon tv series



පැරිසියේදී දැකිය හැකි තවත් දේ....

කොන්කොර්ඩ් චතුරශ්‍රය ( Concorde Square)

Place de la Concorde - Paris tourist office

බැසිලිකා දේවස්ථානය ( Sacre-Coeur Basilica)

Top 10 fun facts about the Sacre-Coeur - Discover Walks Paris

මොයුලින් නාට්‍ය ශාලාව ( Moulin Rouge)

Image result for mouline rouge

පැරිස් ඔපෙරා ශාලාව ( Palais Garnier)

Image result for mouline rouge

බැස්ටිල් චතුරශ්රය ( Bastille Square )

Colonne de Juillet, Bastille square, Paris, France - Hemisgalerie

ලාෆයෙට් සුපිරි වෙළදසැල ( Galeries Lafayette)

France : Galeries Lafayette in Paris reopen on Saturday - Luxus Plus


පැරීසියේ ඩිස්නිලන්තය ( Disneyland Paris)

Marvel, Star Wars and Frozen, Disneyland Paris' new lands are ...


ඔබේ ඉල්ලීම් සහ තොරතුරු සදහා අළුත් විද්යුත් ලිපිනයක් පටන් ගත්තා . dasatha.sancharayakamathakaya@gmail.com විස්තර සදහා ලියන්න . ඉඩ ලැබෙන පරිදි පිළිතුරු ලියන්නම් .


සටහන
අනුරුද්ධ වැලිගමගේ

තවත් ගමනකින් හමුවෙමු .


Image result for paris opera house

සේයාරූ -  හෙසදී වැලිගමගේ  සහ

                අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.



Image result for concorde square paris


No comments:

Post a Comment