මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, December 10, 2022

බෙල්ජියමේ Bruges වීදි දිගේ.....

 


නෙදර්ලන්තයෙන් උදෙන්ම පිටත්වුණු අපි දැන් ඇවිත් ඉන්නෙ බෙල්ජියමේ Bruges නුවරට. අපිට මේ නගරය බලන්න වරුවක කාලයක් තිබෙනවා. ඊට පස්සෙ ප්රංශයේ Calais වල ඉදන් ඩෝවර් වරාය දක්වා වාහන ගෙනයන විශාල පාරුවෙන් ඉංග්රීසි ඕඩය තරණය කරන්නයි අපේ බලාපොරොත්තුව.

Bruges නගරය හරිම ලස්සන එකක්. වාහන නැවතුමෙන් කුඩා උද්යානයක් හරහා අපේ සංචාරක නියාමකවරයා අපට නගර චතුරශ්රය වෙත කැදවාගෙන ගියා.පැරණි මාදිලියේ පල්ලියක් ගාව තිබුණු පාලමෙන් එගොඩ වෙලා පැරණි වීදියක් දිගේ පැරණි ගොඩනැගිලි පහුකරගෙන අපි ඉදිරියට යනවා. එතැන තියෙන ඇල මාර්ගය හරහා පැරණි පන්නයේ බෝට්ටු, නවීන තාක්ෂණික අංග වලින් යුතු බෝට්ටුවල නැගිලා සංචාරකයින් එහේ මෙහේ යනවා. මේ ඉසව්වට කියන්නේ පුංචි වැනීසිය කියලයි. අපට තිබුණු කාල වෙලාව සීමිත හින්දත්, මේ ගමනෙදි ඇති තරම් බෝට්ටු සංචාර ගිය ගින්දත් අපි තීරණය කලේ නගර චතුරශ්රයට යන්න

         පටු පාරවල ගල් අතුරලා පැරණි පන්නයේ කඩවල සංචාරකයින් වෙනුවෙන් විවිධ වර්ගයේ සිහිවටන විකුණනවා. බෙල්ජියම රසකැවිලි වලට විශේෂයෙන්ම Candy වලට ප්රසිද්ධයි. ලංකාවේ බුල්ටෝ සිහියට නගාගෙන කොකාකෝලා යොදා තනා තිබුණු ටොෆි පාර්සලයක් ගත්තා. නගර චතුරශ්රයේ විවිධ  හැඩයේ ගොඩනැගිලි බෙල්ජියමේ ගෘහ නිර්මාණ ශිල්පයේ වෙනස කියාපානවා. සංචාරකයින් විවිධ තැන්වල විවිධ කෝණවලින් ෆොටෝ ගන්නවා. අළුත් පරම්පරාව නම් වැඩි වැඩියෙන් සෙල්ෆි ගහනවා.සංචාරය සම්පුර්ණ කරන්න බෙල්ජියමේ කෑම ගැන අවබෝධයක් ගන්න අපි කෑමට ගත්තෙ Belgian Waffles සහ Fries .එක් තද ශීත කාලයක මාළු හිග වුණාම අලපෙති දිග අතට කපා ලෝකයට මුලින්ම French Fries හදුන්වා දුන්නේ බෙල්ජියමේ ප්රංශ බස කථාකරන ප්රදේශයේ මිනිසුන් කියලයි කියන්නෙ.  

 








Church of our lady

    13 වන සියවසේ ඉදන් 15 වන සියවස දක්වා කාලවලදී විවිධ එකතුකිරීම් එක්ක ඉදිවුණු මේ පල්ලිය නගරයට එන කවුරුත් වගේ යන තැනක්. ගොතික් සම්ප්රදායට අනුව තැනුණු මේ පල්ලියේ කුළුණ අඩි 379 ක්. එය ලෝකයේ ගඩොලින් තැනුණු තෙවන විශාලතම කුළුනද වෙනවා

අපි ඉතාලි සංචාරයේදී ඔබව කැදවා ගෙන Siena Cathedral එක වෙනුවෙන් ප්රවීණ මුර්ති ශිල්පී මයිකල් ඇන්ජෙලෝ විසින් නිම කරන්නට අදහස් කරගෙන හිටි The Madonna and child  ප්රතිමාව 1504 දී බෙල්ජියන් ව්යාපාරිකයින් දෙපලක් විසින් මිලට අරගෙන මේ පල්ලියට ලබා දී තියෙන හින්ද ඔබට එහි අපූරුව බලන්නත් පුළුවන්.ඒත් එක්කම තවත් අගනා සිතුවම් රැසක්, වර්ණ ගැන්වුණු වීදුරු කැබලිවලින් ඔපවත් වුණු සුවිසල් ජනේල මේ පල්ලියේදී ඔබට දකින්නට පුළුවන්.  



Market Square

  වෙළද චතුරශ්රය නගරයට යන හැමෝම අමතක නොකරන තැනක්. බලධාරීන් එහි පැරණි බව විදිහටම අදත් ආරක්ෂා කරන්නෙ යුනෙස්කෝවේ පැරණි උරුම පරිශ්රයක් විදිහට නම් කරලා තියෙන හින්දයි. අපේ දසත ලිපි පෙලින් වගේ තැන් රැසකටම ඔබව කැදවාගෙන ගියා. හැම දවසකම උදේ 10.30 ටත්, 2 ටත් පිටත්වන Guided Tour එකට එකතුවෙලත් ඔබට මේ නගරය ගැන විස්තරාත්මක සංචාරයක මිහිර විදින්නත් පුළුවන් Neo Gothic සම්ප්රදායට අනුව තනා තිබෙන මේ චතුරශ්රයේ ගොඩනැගිලි 12 වන සියවසේ ඉදන් 18 වන සියවස තරම් කාලයේදී ඉදිකෙරුණු බවයි සදහන් වන්නෙ.









බෙල්ජියම වෙනස් විදිහේ විස්කෝතු වලටත් ප්රසිද්ධයි. අපි කඩවල් කිහිපයකටම ගිහින් විවිධ වර්ගයේ Belgian Cookies රහ බැලුවා. තැන්වල ඉදන් ෆොටෝ ගත්තා. චොකලට් වර්ග කිහිපයකත් රස බලන්න අමතක කලේ නැහැ.

ඔබට ඉඩක් ලැබුණොත් යා හැකි තවත් තැන් ....

·        Beer Museum




·     




   Chocolate Museum

·        Frietmuseum

·        Historium Bruges

අපේ බස්රථ සංචාරයේ මුළු දින ගණන 10ක් යුරෝපා නීති රීති වලට අනුව දින 2 කට පස්සෙ දවසක් රියැදුරු මහතා විවේක ගන්න ඕන. හින්ද අනුව අපට විවිධ රටවලදී අමතර විවේක ගන්න ඕන. හින්ද අනුව අපට විවිධ රටවලදී අමතර විවේක දින කිහිපයක් තිබුණා. ඔබට කැමති නම් මේ පරිශ් කුලියට ගත් රථයකින් තනිවම ගිහින් රසවිදින්න පුළුවන්. අපේ සංචාරය අවසන් වුනේ එංගලන්තයේ ග්රිනිච් නගරයෙන්. අපට ලැබුණු හෝටලයේම තවත් වැඩිපුර දවස් කිහිපයක් වැඩිපුර ගත කරලා අපි එංගලන්තයේ සංචාරක අත්දැකීම් ලැබුවා. ඔබ බෙල්ජියමේ සිට එන විට ඉංග්රීසි ඕඩය තරණය කරන්නට ප්රංශය සහ බ්රිතාන්යය  යා කරන Euro Tunnel හරහා දුම්රියෙන් යන්නත් පුළුවන්.

දේශාංශ 0 තියෙන ග්රිනිච් මධ් රේඛාවේදී ඊළග මාසයේ හමුවෙමු.   

සටහන - අනුරුද්ධ වැලිගමගේ

සේයා රූ - හෙසදි වැලිගමගේ සහ අන්තර්ජාලයෙන්  


  









විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට.


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නීර්  මාණ  එළිය කරාවි.

6 comments:

  1. එංගලනතේ ආවේ කවද්ද ? අපි දන්නේ නැහැනේ. බෘශ් ලස්සන නගරයක්. Zeebrugge කියන නගරය ඒ ළඟම මුහුද ගව තිබෙන්නේ. මගේ මල්ලි කාලයක් එහි සිටි නිසා ගියා. ඒකත් ලස්සනයි.

    ReplyDelete
  2. අජිත් අපි මේ ගමන ගියේ 2019 අවුරුද්දෙ. ඉතාලියෙ රෝම නගරයෙන් පටන් ගත්ත ඒ ගමන අවසන් වුනේ ලන්ඩන් නගරයෙන්. ඉතාලිය, ස්විට්සර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය, බෙල්ජියම, නෙදර්ලන්තය , මහා බ්‍රිතාන්‍ය යන රටවල් 7 තේ යම් යම් ප්‍රදේශවලට යන්නට අපට ඉඩ ලැබුණා. ඇත්තටම Bruges හරි ලස්සන නගරයක්. ඒත් අපට එහි ගත කරන්නට ලැබුණේ පැය කිහිපයක් පමණයි. මම මේ ලිපි පෙල නිර්මාණය කරන්නේ කැනඩාවේ පලවන දසත පුවත්පත වෙනුවෙන් . කොවිඩ් සමය තුල යම් කාලයක් පුවත්පත මුද්‍රණය වුනේ නැහැ . ඒ හින්ද ලිපි පලවීමත් පමාවුණා. ඉදිරියේදී ඉඩ ලැබෙන විදිහට යුරෝපයේ තවත් රටවල් සහ නගරවලට යන්න බලාගෙන ඉන්නවා.

    ReplyDelete
  3. photography වලටම හැදුන නගර වගේ ❤️

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . ඔබ හරි . යුරෝපයේ සංචාරක නගර ජනප්‍රිය වෙන්න ඒක ත් අනිවාර්යයෙන්ම බලපානවා වෙන්න පුළුවන්.

      Delete
    2. හ්ම්.. ඒවායේ කලාත්මක බව උපරිමයෙන් තියෙනව. මෙහෙ ඉතින් සීගිරිය තියෙනව නෙ 😂
      චායාරු අන්තර්ජාලයෙන් ගන්නේ... ඔයා කැමරාවක් ගෙනියන්නෙ නැද්ද අනුරුද්ධ

      Delete
  4. නමියා හොද ප්‍රශ්නයක්. මම කැමරාවක් ගෙනියනවා. පවුලේ හැමෝගෙම ජංගම දුරකථනත් පාවිච්චි කරනවා . ඒත් පත්තරේ ලිපි වලදී මුද්‍රිත මාධ්‍ය අවසර නීති මත මගේ හෝ මගේ ලොකු දුව ගන්නා ෆොටෝ දැම්මත් බ්ලොග් එකේ ආකර්ෂණය වෙනුවෙන් බ්ලොග් සටහනේදී අපේ ෆොටෝ වලට අමතරව අදාල ස්ථානවල හොද ෆොටෝ ඉන්ටනෙට් එකෙන් ගන්නවා. පෞද්ගලිකව මම විශ්වාස කරන්නේ සංචාරක ලිපියක ආකර්ෂණයට ෆොටෝ විශාල මෙහෙයක් කරනවා කියලයි . ඔබ සීගිරිය ගැන කියූ නිසා, ඔබ දන්නා ලංකාවේ බොහෝ සංචාරක ස්ථාන වල අන්තර්ජාලයේ තිබෙන ෆොටෝ සහ ඔබේ මතක සසදා බලන්න. ෆිල්ටර් සහ විවිධ තාක්ෂණික හේතු හින්ද ඒවා එම තැන් වඩාත් ඉස්මතු කරන බව පෙනේවි.

    ReplyDelete