මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, March 4, 2023

අයෝමා …..

 


අයෝමට වැරදුනේ එකම එක   දවසක් 

සමාජය ගැරහුවේ ඉදන් ඒ සවසක් 

වීදියේ කොන ඉදන් වික්ක ඒ පහසක් 

කවදාද හෙලිකලේ ඇය කිසිම රහසක් 


කරුමයට වෙන්කරත් , ඒ නරුම ගතියක් 

ඇයයි හිත හොද එකී තිබ්බ එක පැතුමක් 

ලෝකයට පෙන්නලා පැතුම් මල් සහසක් 

දිනෙන් දින බොද කලේ ඇගෙ හීන දහසක් 


හිරිපොදේ ගුලිවුණත්  ලැයිම් කොන අයිනේ 

හද කොනේ කිසි ඉඩක් තිබුණු අය නැහැනේ 

වැහැරිලා ඇගේ රුව ගිලුණු ඇස් අයිනේ 

ඇයට වින කල අයට කිමද පල දුන්නේ 


අනුරුද්ධ වැලිගමගේ  





2023 මාර්තු   මස ලන්ඩන් කවි කලාපයේ පලවිය. 


විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි 

නිර්මාණ එළිය කරාවි. 

9 comments:

  1. මතක් උනා රන්බණ්ඩා සෙනවිරත්න ලියපු... ළඳුනේ ගීය 🎶💔

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි.

      Delete
  2. Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි

      Delete
  3. අයෝමා කියල පොතක් කියවල තියනව ඒ කාලේ

    ReplyDelete
    Replies
    1. අයෝමා දෙනගම සිරිවර්ධන මහතාගේ නවකතාවක් . මම හිතන්නේ ඒ ඇසුරින් නිමැවුණු චිත්‍රපටයක් තියෙනවා.

      Delete
  4. Replies
    1. නවීන් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි

      Delete
  5. හරිම ලස්සනයි.
    "කවදාද හෙලිකලේ ඇය කිසිම රහසක්" මම කැමතිම පදය. මේ කතාව කොච්චර ඇත්තද කියලා දැනුයි හිතෙන්නේ.

    ReplyDelete