මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Thursday, December 4, 2025

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් අයට ඔබට කළ හැකි දේ - කැනඩාවේ ටොරොන්ටෝ ශ්‍රී ලාංකික එකමුතුවේ උත්සාහය

 

දිට්වා සුළි කුණාටුව කියන්නේ මෑත කාලයේදී ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම ස්වභාවික විපත. ඉන් ලංකාවේ ප්‍රදේශ රැසක මිලියන ගණනාවක පිරිසකට  බලපෑම් සිද්ධ වෙලා තියෙනවා. මේ විශේෂ වැඩසටහන ඒ වෙනුවෙන්.

සාමාන්‍යයෙන් රූපණ කණඩායමේ අපි අපේ සුපුරුදු වැඩසටහන

ගේන්නෙ සතියෙ සෙනසුරාදා උදේ . ඒත් අපි අද  ඒක වෙනස් කලා.

ඒ මේ වගේ වෙලාවක මාධ්‍ය  ජාලයක කාර්යභාරය වෙන්න ඕන

විපතට පත් අපේම ලේ නෑදෑකම් තියෙන ශ්‍රී ලාංකික පිරිසට කැනඩාවේ

ඉන්නා ඔබ අපට කොහොමද උදව් කරන්න පුළුවන් කියල  කතා කරන්න.  

දිට්වා කියල කියන්නෙ මෑත ඉතිහාසයේ ඉන්දියන් සාගර කලාපයේ

වගේම ලෝකයේ සිදුවුණු  දරුණු  සුළි කුණාටුවක්. 2025 නොවැම්බර් 

මාසෙ  26 වැනි බදාදා සවස 6 ට ලංකාවේ නිරිත දිග වෙරළ ප්‍රදේශයෙන්

පටන් ගත්ත මේ සුළි කුණාටුව ඉන්දියන් සාගරයෙන් ඔසවා ගත් විශාල

ජල කදක් දවස් 3 ක් තිස්සේ විශාල වර්ෂාපතනයක් විදිහට ලංකාවේ 

විවිධ ප්‍රදේශ වලට ඇද හලලා 2025 නොවැම්බර් 29 වැනි සෙනසුරාදා

වෙනකොට දිවයිනේ ඊසාන සහ උතුරු දිසාව හරහා බෙංගාල බොක්ක

දිහාවට ගිහින් තියෙනවා. ඒ සමහර අවස්ථාවල සුළගේ වේගය නොට්

75 ක් දක්වා  අගයක් වාර්තා කරමින්. 

ලෝක කාලගුණ සංවිධානය තමයි සුළි කුණාටු  වලට නම් ලබා දෙන්නෙ.

ඒ සන්නිවේදන , වාර්තාකරණ සහ තොරතුරු එක් රැස් කරගැනීමේ පහසුව

නිසා . ඒ අනුව  මේ කුණාටුවට කුණාටු ලැයිස්තුවේ තිබුනු දිට්වා කියන නම

ලැබුනෙ. දිට්වා කියල කියන්නෙ ස්කොට්ලන්තයේ තියෙන කලපුවක්.   

මේ දිට්වා සුළි කුණාටුව ලංකාවට කළ බලපෑම මොන වගේ එකක්ද ?

මේ වනවිට වාර්තා වෙලා තියෙන විපත මොන වගේද ?

ඔබ දන්නා  විදිහට විපතට පත් ජනතාවට සේවා  සැලසීම සදහා  ක්‍රියාත්මක වන මෙහෙයුම් සහ සේවාවන් මොනවාද ?

නිරෝධ කාරියවසම් , සංස්කාරක - ශ්‍රී ලංකැන් නිව්ස් , මතුගම සිට

ලංකාවෙන් පිටත ජීවත්වන අපේ ලේ නෑදෑකම් තියෙන පිටරටවල ජනතාව මේ සිදුවීම් දිහා බලන් ඉන්නෙ බොහොම දුකෙන් වගේම කණගාටුවෙන් . ඔවුන් බොහෝ දෙනෙක් බලා ඉන්නෙ මොනවද ? කොහොමද ? අපි මේ වේලාවේ විපතට පත් අයට උදව් කරන්නෙ කියල

විජිත හේරත් , ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය 

ශ්‍රී  ලංකාවට මේ වෙනුවෙන් ලැබෙන විදේශාධාර සම්බන්ධීකරණ කටයුතු කරන තුෂාර රොඩ්රිගෝ මහතාට. හිටපු ටොරොන්ටෝ කොන්සල් වරයා නිසා බොහෝ දෙනෙක් ඔහුව දන්නවා.

තුෂාර රොද්‍රිගෝ, අධ්‍යක්ෂක ජනරාල්, විදේශ අමාත්‍යංශයේ හදිසි ආපදා කළමනාකරණ ඒකකය. 

විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කල විශේෂ නිවේදනය ....

මව්බිමෙන් බැහැර විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකික පිරිස් වලට ඔබේ ආධාර මුදල් භාණ්ඩාගාරයේ තිබෙන විශේෂ අරමුදල වෙත ලබා දෙන්නට පුළුවන් . ඔබ ලබා දෙන සියළු ආධාර වෙනුවෙන් ඔබට ඔවුන් රිසිට් පතක් නිකුත් කරනවා.  

ටොරොන්ටෝ කොන්සල් කාර්යාලය 

01, Eglinton Avenue East, Suite No 501, Toronto, Ontario, M4P 3A1

Tel: 416 323 9133, Fax: 416 323 3205, Email:  srilanka@bellnet.ca

Office Hours: 9:00am – 4:45pm

ඔටාවා නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය 

333 Laurier Ave W #1204, Ottawa, ON K1P 1C1

Tel: 613 233 8449 / 613 233 7821 Fax 613 238 8448  Email:  slhcit@rogers.com

Office Hours: 9:00am – 4:45pm

මිසිසාගා වෙස්ට් එන්ඩ් බෞද්ධ විහාරය මේ විපතට පත් අය වෙනුවෙන් කරන ආධාර වැඩසටහන

 A relief effort by Mississauga Buddhist Temple / Halton Peel Buddhist Cultural Society  / West End Buddhist Temple and Meditation Centre

https://old.westendbuddhist.com/standby4/index.php/activities/231-cyclone-victims2025

Please click here to donate: https://www.canadahelps.org/en/dn/141132

ආචාර්ය බංගලිදේශයේ සරණපාල හිමි,  මිසිසාගා වෙස්ට් එන්ඩ් බෞද්ධ විහාරය

මේ සිදුවීම ගැන දැනගත්ත සැනින් කැනඩාවේ ක්‍රියාත්මක වූ පිරිස් කිහිපයක් හිටියා. ඒ එක පිරිසකට නායකත්වය දෙන්නේ ප්‍රකට සමාජ සේවිකාවක වන චමිලා ජයතිලක මහත්මිය

පසු සටහන - ඇගේ බලාපොරාත්තුව වී තිබුනේ වියලි ආහාර ද්‍රව්‍ය කිලෝ 1000 ක් ගුවනින් ලංකාවට යැවීම. බදාදා දිනය  ( 2025 දෙසැම්බර් 3 වනවිට කිලෝ 6000 කට වඩා වැඩි ආහාර ද්‍රව්‍ය එකතුවී තිබුනු බවත් ඉන් කිලෝ 1000 ක් ගුවනින් යැවූ බවත් ඉතිරිය ඉදිරියේදී නැව් බහාලුම් තුල ලංකාවට යැවෙන බව ඇගේ මුහුණු පොතේ තිබුනා. ( අධික වියදම නිසා සහ ඒවා ඉදිරියේදීත් භාවිතා කළ හැකි නිසා )

අප මේ අවස්ථාවේදී විපතට පත් ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ආධාර ව්‍යාපෘති මෙහෙයවන කණ්ඩායම් ගැන ජාති , ආගම් , දේශපාලන  බේදයකින් තොරව දැනුවත් කිරීමක් කරන මෙහෙවරයි කරන්නේ . 

මේ ජාතික ජන බලවේගය කැනඩා ශාඛාවේ ආධාර ව්‍යාපෘතිය වෙනුවෙන් ආචාර්ය උදේනි අලවත්තගේ

Donation link

Sri Lanka Flood Disaster Relief Appeal

https://gofund.me/a8b862e29

අපි Brothers කියන්නේ ටොරොන්ටෝ අවට සිටින ආදී ආනන්ද සහ නාලන්දා විද්‍යාලීය සිසුන්ගේ එකමුතුවක්.

ඔවුන් පානීය ජලය ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා. ඔවුන්ගේ අපේක්ෂාවෙන් කොටසක් මේ වනවිටත් යවා තිබෙනවා.

https://gofund.me/376b9005a

සේන මුණසිංහ,  අපි Brothers

ටොරොන්ටෝ සිංහල සංගමය , දෙරණ ආයතනයේ මනුසත් දෙරණ සමග එකතුවී ප්‍රජා සත්කාරයට දායක වෙනවා

චමින්ද යාපා, සභාපති, කැනඩා සිංහල සංගමය

ටොරොන්ටෝ මහමෙව්නා අසපුව තුල ක්‍රියාත්මක We care for Youඑකමුතුව මගින් මේ සමාජ සත්කාරයට දායක වන ආකාරය 

ශාසනසරණ ස්වාමීන් වහන්සේ , We care for You, ටොරොන්ටෝ මහමෙව්නා අසපුව

Pls donate via e-transfer to donations@wecareforyou.ca

Web sites : wecareforyou.ca, Meditationgta.org

රූපණ මාධ්‍ය ජාලය වෙනුවෙන් අප මේ අවස්ථාවේ දක්වන සමාජ සත්කාරය ගැන අපි විමසුවා අපේ කල්ප සමරතුංග සොයුරාගෙන්.

කල්ප සමරතුංග,  ප්‍රධාන විධායක නිලධාරී - Srilancan Events

ශ්‍රී ලංකාවේත් තවමත් ආධාර අවශ්‍ය කාටද? , ඒවා  කුමන මට්ටමකින් ඒ ඒ ප්‍රදේශවලට අවශ්‍යද , අවතැන් වූ ජනතාවගේ අවශ්‍යතා, නැවත පදිංචි කිරීම් සහ ලැබෙන ආධාර කළමනාකරණය වෙනුවෙන් තොරතුරු එක් රැස් කිරීම් සහ යාන්ත්‍රණ සකස් කෙරෙමින් පවතිනවා . ඒ වගේම කැනඩාවේත් විවිධ ප්‍රදේශවල විවිධ කණ්ඩායම් මෙවන් සමාජ සත්කාර සදහා පෙල ගැසෙනවා. අපි අද මේ වැඩසටහන කලේ ඒ වෙනුවෙන් පෙරගමනක් ලෙසයි. මේ සත්කාර වල තවත් විස්තර සහ පසු විපරමක් ඉදිරි දිනක කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.


2025 දෙසැම්බර් 3 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි

මේ දිගුවෙන් රූපණ වෙබ් අඩවියට පිවිසෙන්න

https://rupane.com/2025/12/03/rupane-episode-481-december-03-2025/


ඉදිරිපත් කිරීම  - අනුරුද්ධ වැලිගමගේ

සංකල්පය සහ  නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

අධ්‍යක්ෂණය - ගොයුම් එරංග 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.