ලෝකයේ ගල් අඟුරු බලශක්ති ප්‍රභවයක් ලෙස භාවිතා කළ කාලයේදී පතල් කර්මාන්තය ප්‍රමුඛ ව්‍යාපාරයක් වූ බව ඉතිහාසයේ සඳහන්. නෝවා ස්කොෂියා පළාත කැනඩාවේ ගල් අඟුරු බහුල කලාපයක්. එහි වසා දැමුණු ගල් අඟුරු පතල් රැසක් තිබෙනවා. ඒවා අතුරින් ස්ප්‍රින්හිල් සුවිශේෂයි.
නිව් බ්රුන්ස්වික් පලාතට නුදුරින් පිහිටා තිබෙන මේ පතල් මේ වන විට වසා දමා තිබුණත් සංචාරක වශයෙන් වැදගත් වන කෞතුකාගාරයක් සහ පතල් චාරිකාවක් ගිම්හාන කාලයේදී මෙහි යන අයට ලබාගන්න පුළුවන්.
18 වන සියවසේ දුම්රිය සහ කර්මාන්තවලට බල ශක්තිය සැපයූ ගල් අඟුරු පතල් සංකීර්ණයක් ස්ප්‍රින්හිල් වල තිබුනා. ඩොමීනියන් ගල් අඟුරු සමාගම වාණිජමය වශයෙන් No.1, No. 2, and No. 4 ලෙස පතල් 3 ක් සංවර්ධනය කර තිබුණු නිසා ස්ප්‍රින්හිල් ප්‍රදේශයේ සම්පුර්න ආර්ථිකයම රැදී තිබුනේ ගල් අඟුරු කර්මාන්තය මතයි. ඒ අතුරින් අඩි 14,300 ක් ගැඹුරු අංක දෙක දරන පතල ලෝකයෙක් ගැඹුරුම පතල් අතර තිබුනු එකක් . බම්ප් ( ) කියා හැඳින්වෙන පතල් කඩා වැටීමෙන් වන අනතුරු රැසක් 1891, 1956 සහ 1958 වසර වලදී මෙහි සිදුවී තිබෙනවා.ඒවායින් දළ වශයෙන් 250 කගේ ජීවිත හානි සිදුව තිබෙනවා. ගල් අඟුරු වලට තිබුනු ඉල්ලුම අඩුවීම නිසා ව්‍යාපාරික වශයෙන් පාඩු ලැබූ මේ පතල් සංකීරණය 1970 දී වසා දැමුණා. අතහැර තිබෙන අංක දෙක (2) පතල භාවිතයෙන් නගරයේ ව්‍යාපාර උද්‍යානයට අවශ්‍ය බල ශක්තිය Geothermal Heating ලෙස සැපයෙනවා.

1998 දී National historic site එකක් ලෙස ප්‍රකාශයට පත් කළ ස්ප්‍රින්හිල් පතලේ කොටසක් මේ වන විට කෞතුකාගාරයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ගල් අඟුරු පතල් කර්මාන්තය ගැන හොඳ අවබෝධයක් ලබාගන්නටත් 19 වන සියවසේ සහ විසිවන සියවසේ පතල්කරුවන් භාවිතා කළ උපකරණ සහ සේයාරූ මතක රැසක් ඔබට මෙහිදී දකින්නට පුළුවන්.
වඩාත් විශේෂිත කාරණය වන්නේ මේ පතලේ සංරක්ෂිත කොටසක් පතල් චාරිකාවක් සඳහා සකස් කර තිබීමයි. විශ්‍රාමික පතල් සේවකයින් හෝ ඔවුන්ගෙන් පැවත එන්නන් මේ චාරිකාවලදී නියාමකවරුන් ලෙස කටයුතු කරන නිසා බොහෝ ප්‍රායෝගික තොරතුරු ඔබට දැනගන්නට පුළුවන්.
මේ මීට පෙර ඔන්ටාරියෝ පළාතේ නිකල් පතලකට ගිය ගමනේ මතකයේ දිගුව
අපි බිග් නිකල් කාසිය බලා පතලකට ගියෙමු
https://ahasgawwenehalokaya.blogspot.com/2024/08/blog-post.html
ආරක්ෂිත කබායක්, ආරක්ෂිත හිස්වැසුමක් ලාගෙන අංක දෙක පතලේ පිවිසුම් දොරටුවෙන් ඇතුළුවෙලා පහළට යද්දී ඔබට දැනෙන හැඟීම නම් වෙනස්ම එකක්. පොළොව මතුපිට කබා , හිස්වැසුම් තිබූ මඩුව, ඒ වගේම අදාල පතල් සමාගම භාවිතා කළ උපකරණ, පතල් කම්කරුවන් පතලට බසින විට ලැබුණු බඩු භාණ්ඩ, ගල්අඟුරු හාරන්නට දුන් උපාංග ඔබට මෙහිදී දකින්නට පුළුවන්.
පතල් කම්කරුවන් විසින් හාරා ගත් ගල් අඟුරු පුරවන කුඩා දුම්රිය ගැල් වැනි Mine Cars වලට පිරවීම සිදු කෙරුනා. ඒවා පොළොව මතුපිට පිහිටුවා තිබුනු ගල් අඟුරු දහනයෙන්ම බලය උපදවා ගත් ( Steam driven Hoist ) වාෂ්ප බලෙන් ක්‍රියාත්මක වන උපාංගය මඟින් කේබල් ආධාරයෙන් ඉහළට ඇද ගැනීම සිදුකර තිබුණා . ඉන් පසුව පොළොව මතුපිට පිහිටුවා තිබුණු පරිශ්‍රයකදී ඒ ගල් අඟුරු පිරිසිදු කර දුම්රිය ගැල්වලට පටවා තිබෙනවා. ගල් අඟුරු මගින් ක්‍රියාත්මක වූ වාෂ්ප දුම්රිය මගින් ඒවා කැනඩාවේ කුවිබෙක් පළාත,නෝවා ස්කොෂියා පළාත, නිව් බ්රුන්ස්වික් පළාත සහ එඩ්වඩ් කුමාර දිවයින පළාත තුල ක්‍රියාත්මක වූ විවිධ කර්මාන්ත ශාලාවල බලය සැපයීම වෙනුවෙන් බෙදා හැර තිබෙනවා. ඒ වගේම ඒ පළාත්වල විදුලි නිෂ්පාදනය සඳහාත් බහුල වශයෙන් ගල් අඟුරු භාවිතා වී ඇති බව සදහන්. අදත් නෝවා ස්කොෂියා පළාතේ විදුලි බලයෙන් කොටසක් නිෂ්පාදනය වන්නේ ගල් අඟුරු වලින්. 2030 දී ඒ පරිශ්‍ර වසා දැමීමට නියමිතයි.
අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න. මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය කරාවි.



.jpg)
.jpg)





.jpg)
.jpg)

.jpg)
.jpeg)

No comments:
Post a Comment