මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, February 9, 2019

අද කතා හැබෑ චිත්‍රපට ජවනිකා සහ අනුරාධපුරයේ ස්වෙච්චා සේවය ....කලණ ආටිගල......

Diane Kruger stars in Sri Lanka-based commercial for Special T ...


ඔය අතර දවසක් ඇය විසින් යෝජනා කරන්නේ 50 First Dates චිත්‍රපටිය බලන්නට යමුද කියා ය .එය සැවෝයි සිනමා හලට පැමිණි බව ඇගේ මිතුරියක විසින් ඇයට පවසා ඇති බව ඇය පැවසුවා ය . පසුව පන්තිය කට් කර උදැසන දර්ශනය සදහා අපි දෙදෙනා සැවෝයි සිනමා හල ඉදිරිපිට පෝලිම ඉස්සරහට  වී සිටියෙමු . ඔය අතර කොහේදෝ දීපන්කරයක සිට මගේ පියානෝ ගේ රාජකාරි ඩබල් කැබ් රථය අප ඉදිරිපිට නවතිනවා ය . චිත්‍රපට ජවනිකාවක් මෙන් එයින් බසින පියා දෙස මම බැලුවේ ඉතාමත් බයන්කාරවය . ඒපසුව සිදුවනේ දේ ආටියා දන්නා නිසා ය .

තාත්තා මා ලගට විත් , මගේ දෙසත් , රශ්මි දෙසත් හොදින් බලා මගෙන් විමසුවේ ,

"බ්‍රිස්ටිෂ් කවුන්සිල්එක දැන් තියෙනේ මෙතනද "

"නෑ ......... තාත්තේ ..මේ ... මේ .... "

කියනවත් සමග , වේගවත් කම්මුල් පාරවල් දෙකක් ලැබුනේ හිතන්නවත් බැරි විදියට ය . ඔය හැමදෙට ම වඩා ගුටි කෑම පට්ට නොන්ඩි ය . වටේ මිනිස්සු කට අරගෙන බලන් ඉන්නවා ය . රශ්මි මගේ අතින් එල්ලී අඩනවා ය .... කියන්නට වචන නැති ය ... මට පට්ට අවුල් ය ...

"දුව නගින්න වාහනේ ට" ..... තාත්තා කරුණාවන්තව කියන්නේ රශ්මිට ය .

"උබත් නැගපන් .... මෙතන මම බෙල්ල මිරිකන්න ඉස්සර" කියා කොලරයෙන් අල්ලා පිටිපස්ස දොර ඇර වාහනය ඇතුලට තල්ලු කරේ අපරාධකාරයකු පොලිසියට ඇදන් යන විදියට ය . 

ඔය අතර සිදුවිම බලාගෙන සිටි පොලිස් නිලධාරියෙක් වාහනයේ රාජ්‍ය ලාංජනය දැක රජයේ වහනයක් නිසා තාත්තා ලගට විත්  ,

"මහත්තයා දුවගේ පස්සෙන් මූ ඇවිල්ලද , දුවට කරදර කරලද ? " එසේ ඇසුවේ ය .

"නෑ  , මේ මගේ පුතා " පොලිස් කාරයා හොල්මන් විය .

ඔය තාත්තා ගේ හැටිය .  පසුව රශ්මි කියන්නේ "මට යන්න බෑ . මම බස් එකේ එන්නම් " කියා ය .රශ්මි නැවත දොර ඇර කැබ් රථයෙන් බහින වා ය . මමද දොර ඇරගෙන බැස්ස අතර , " මගෙන් මැරුම් නොකා නැගපිය ........ " යැයි ගුගුලේ ය . මිනිසුන් වටවී බලනවා ය . ගාලු පාරේ එක තීරුවක් සම්පුර්ණයෙන් බ්ලොක් ය . තාත්තා නනිවම ගේම ඉල්ලනවා ය . බලන් ඉන්න උන් අතල් ගන්නවා ය . බස් වල විදුරු වලින් බෙල්ල දමා හැමෝම කට ඇරැගෙන බලනවා ය .

"ඇයි ... උබ කියන්නේ උබලා දෙන්න එක්ක මෙතන ෆිල්ම් බලන්න කියලද " නගපිය වාහනේ ට ...... අද මම උබට ...... කියා නැවත වරක් මගේ ටීෂට් එකෙන් ඇද පසු පස කොටසට මාව තල්ලු කරා ය . විසි වී ගොස් මගේ ඔලුව දකුණු ඇත පැත්තේ දොරේ වැදුනි . රශ්මි එළියේ ය . .... තාත්තා වහනය පණ ගන්වා ඉදිරියට ඇදුනේ ය .... රශ්මි හඩමින් වහනය දෙස බලා ඉන්නවා පිටුපස වීදුරුවෙන් කළු දුම් අතරින් මට පෙනුනි .

Savoy 3D Cinema : Allceylon.lk


මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...

අද කතා හැබෑ චිත්‍රපට ජවනිකා සහ අනුරාධපුරයේ ස්වෙච්චා සේවය    ..........


Image result for sinhala film shooting

Image result for people working in Sri lankan archaeological site



කලණ ආටිගල මගේ ලෝකයට  ලියූ

මගේ ලෝකය My world

පටිසෝතගාමීව දස වසක්

Image result for kalana attygalle


හැබෑ චිත්‍රපට ජවනිකා  ......

http://magelokaya01.blogspot.com/2018/02/blog-post_15.html


අනුරාධපුරයේ ස්වෙච්චා සේවය.......

http://magelokaya01.blogspot.com/2018/10/blog-post.html


ඇසුරෙන් කෙරුණු රේඩියෝ කෙටිකතාව .........



* සේයාරූ - අන්තර්ජාලයෙන් - Google Images


කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .

Image result for sawana radio



කලණ ආටිගල  ගේ සම්පුර්ණ කතා එකතුව සදහා මගේ ලෝකය  බ්ලොග් අඩවියට යන්න .

http://magelokaya01.blogspot.com/


විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට

Image result for sawana radio

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 Sri Lanka: Archaeological findings open new chapter: Prof. Somadeva

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.



5 comments:

  1. මා හිතවත් අනුරුද්ධ වැලිගමගේ මහත්මා වෙත ,

    ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාද වූවාට පළමුව සමාව ඉල්ලන කැමති .

    අවංකවම මට කියන්නට වචන නැහැ . ඒතරම් තාත්විකව මගේ වචන වලට ඔබතුමන් , නිශ්පාදකතුමන් ඇතුළු කන්ඩායාම පණ දීල තියෙනවා . මට හිතට ලොකු ශක්තියක් දැනුණා හදවතින්ම . මගේලෝකය 01 බ්ලොග් එකට මේ වගේ වටිනා කමක් ලබා දුන්නාට ඔබට ස්තුතී කරමි .

    තවද ඔබට හැකි නම් මගේ හද පිරි ස්තූතිය නිශ්පාදකතුමන් ඇතුළු කන්ඩායාමටද දැනවන්න .

    ඔබතුමන්ගේත් , සවන රේඩියෝ කැනඩා සේවයේත් ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා !

    මෙයට ,
    කලණ ආටිගල ශ්‍රීලංකාවේ සිට, මගේලෝකය01 බ්ලොග් පිටුව වෙනුවෙන් .

    ReplyDelete
    Replies
    1. හිතවත් කලණ,

      පහුගිය සතියේ තිබුණු දැඩි හිම කුණාටුවත් , අයහපත් කාලගුණයත් හින්ද ඔබට පිලිතුරක් ලියන්නට පමාවුණා . ඔබේ කතාවල ප්‍රබල බවයි අපට ඒවා තෝරාගන්න හේතුවුනේ . කාට කාටත් ඔය වගේ අත්දැකීම් තිබුණත් ඒවා හිතට කාවදින විදිහට ලියන එක ලේසි නැහැ . ඒත් ඒ අමාරු වැඩේ ඔබ හරි ලස්සනට කරලා තියෙනවා .

      රේඩියෝ කෙටිකථා කියන්නෙ රේඩියෝ නාට්‍ය නෙමෙයි . අපි කියවන කතාවක් මවන්නයි අපි උත්සාහ කලේ . ඔබේ සතුට අපේ වෑයම තරමක් දුරට සාර්ථක බව පෙන්වනවා . සවන නියමු වසන්ත ලංකාතිලක සහ අපේ ශිල්පීන් එක්ක මම මේ සුබපැතුම බෙදා ගන්නම් .

      ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු සාර්ථක වේවායි පැතුම් එක් කරනවා . ඔබට ජය .

      අනුරුද්ධ

      Delete
    2. බොහොම ස්තුතී අනුරුද්ධ මහතා ඔබට .

      ඔබටත් ජය වේවා !

      Delete