මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Wednesday, October 7, 2020

විශ්ව කාන්තා සාහිත්‍යය - ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර

 

කැනඩාවේ ප්‍රකාශයට පත්වන දසත පුවත්පතේ කලාපයක ළමා සාහිත්‍යය පිළිබද ලිපියක් පලවෙනවා. එහි අන්තර්ගතය තුලින් මට පෙනුණේ එය ලියා තිබෙන්නේ සුවිසල් පර්යේෂණාත්මක වෑයමකින් පසුව බවයි. රූපණ අන්තර්ජාල රූපවාහිනියට අළුත් සංකල්පයක් වෙනුවෙන් සම්පත් දායකයින් සොයමින් සිටි ඒ කාලයේදී මට ඇයව සම්බන්ධ කරගැනීමට ඉඩ ලැබුණා. ඒ නොමැකෙන ගී රස , ගීත රචකයින්ගේ නිර්මාණ කැඩපත් චාරිකාව වෙනුවෙන් කෙරුණු මහගම සේකර සහ ළමා ගී වැඩසටහන සදහා.පසුව ඒ නිර්මාණාත්මක දායකත්වය රූපණ කවි චාරිකාව අමයුරු කවි රස සහ සවන කවි මිණි ආර දක්වා කෙරුණු සම්පත් දායකත්වය සදහා එක්වුනු දිගුවක් වුනා. 

අපේ කථා නායිකාව ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර මහත්මිය ළමා සාහිත්‍යය වෙනුවෙන් වූ 1989 රාජ්‍ය සාහිත්‍යය සම්මානය ලැබුවේ  ඇය විසින් ප්‍රකාශයට පත්කල සිංහල ළමා සාහිත්‍යය නම් කෘතිය වෙනුවෙන් . පේරාදෙණිය විශ්ව විද්යාලයෙන් සිංහල ගෞරව උපාධිය ලැබූ ඇය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ළමා සාහිත්‍යය වෙනුවෙන් ශාස්ත්රපති උපාධියත් යොවුන් සාහිත්‍යය වෙනුවෙන් දර්ශන විශාරද උපාධියත් ඊට අමතරව සම්මාන අධ්යාපන ඩිප්ලෝමාවත් ලැබූ ගුරු අධ්යාපන පීඨ කථිකාචාර්යවරියක්.

පුවත්පතක් සදහා , රූපවාහිනිය සදහා සේම ගුවන් විදුලිය සදහා ඇය දායක වන සෑම නිර්මාණයක් වෙනුවෙන්ම ඇය මහත් වෙහෙසක් ගන්නවා. මව්බිමෙන් බැහැරව කැනඩාවේ ජීවත්වන ඇය සිංහල භාෂාවෙන් ලියැවුණු පොත් සහ පර්යේෂණ නිබන්ධන අවම තත්වයන් යටතේ සැබෑ නිර්මාණයක් කරන්නට කරන්නේ පුදුම කැපවීමක්.



සවන අන්තර්ජාල රේඩියෝවෙන් වෙබ්ගත වන ඇගේ නිර්මාණ සම්පත විශ්ව කාන්තා සාහිත්‍යය අගනා දැනුම් ගබඩාවක් එක්තැන් කෙරෙන ශ්‍රව්‍ය මාධ්‍ය  නිබන්ධනයක් ලෙස හදුන්වා දෙන්නට පුළුවන්. එය සවන අන්තර්ජාල රේඩියෝව තුලින් ඉරිදා රාත්‍රී  8 ට සහ බදාදා රාත්‍රී  8 ට වෙබ්ගත වනවා. විශ්ව කාන්තා සාහිත්‍යය වැඩසටහන තුලින් කාන්තාවන් කේන්ද්‍රගත විෂයයන් සහ කාන්තාවන් විසින් කරන ලද ශ්‍රී ලාංකික මෙන්ම අන්තර්ජාතික කරුණු පිළිබද කතිකාවතක යෙදෙන විට අසන අපට ඒ පැය ගෙවෙන්නේ අපටත්  නොදැනීම.

ඇගේ රේඩියෝ කථා කීමේ කලාව කැමති වෙලාවක දැන් අහන්නට හැකිව තිබෙන්නේ ඇය ඒ වැඩසටහන් යූ ටියුබ් මාධ්යයට එකතු කල නිසා. ඔබේ රස වින්දනය සදහා පහතින් දක්වා තිබෙන්නේ ඇගේ වැඩසටහන් කිහිපයක දිගුවන් . ඉදිරියේදී ඇගේ වැඩසටහන් සියල්ල අන්තර්ජාලයට එක් වේවි.


                                                                        යශෝධරා වත



                                                   The Nine Lives of Charlotte Taylor 


පැදුරු මාලය


නොමසුරුව  සැමට දැනුම බෙදා දෙන ඇගේ නිර්මාණකරණයට සුබ පැතුම් එක් කරනවා. 


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියිසිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයිසමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට

අපහසු වීම ගැන මගේ කණගාටුව

 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි

10 comments:

  1. හරිම අපුරු වැඩ සටහනක්. නොදන්න දේ ගොඩාක් දැනගත්තා.
    බොහොම ස්තුතියි ඔබ තුමියට.
    ඔබටත් ස්තුතියි අනුරුද්ධ මෙවැනි වැඩසටහන් මෙහි පල කිරීම සම්බන්ධයෙන්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලියෝනි ඔබේ වචන වලට. සැබැවින්ම ඇය අපට ඉන්නා අගනා සම්පතක්.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මෙි වැඩ සටහන් වල කවි ගයනා කිරිමට ලැබීම මා ලද හාග්‍යයක් ලෙස සිතමි.බෙහෙවින් ස්තුති🙏🙏🙏

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අනෝජා ඔබේ සටහනට. එතුමියගේ ගුරු හරුකම් තුලින් ඔබේ ගායනය තවත් ප්‍රබෝධවත් වන බව පේනවා.

      Delete
  4. I'm delighted to see this! Thank you ever so much for the appreciation of my work. Anurudhha, Keep up your good creative work! Good Luck!
    Swarna Chandrasekera

    ReplyDelete
    Replies
    1. I am glad to publish this little note for you. I really believe Digitization of your work will be very helpful for the public to expand their knowledge & especially for the students in their research projects

      Delete
  5. An invaluable service to the sinhala folks living abroad. At least now on, we need to feel proud of our own literature and creativity. Thanks Anuruddha for your efforts. Sarath C

    ReplyDelete
    Replies
    1. Thank you Dr. Chandrasekara. Thank you so much for your support in all TV & radio programs and for sharing your knowledge with our generation as well as for future generations.

      Delete