මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, June 5, 2021

සංචාරය සහ චිත්‍රපටය - චිත්‍රපට තුලින් ලෝකය දකිමු 14 .

 

ඔබ ලෝකයේ බොහෝ තැන්වලට යන්නට ආසාවෙන් ඉන්නා කෙනෙකු වන්නට පුළුවන්. ඒත් කාලය සහ මුදල් බොහෝ විට ඊට හරස් වෙනවා. සමහරවිට විවිධ රටවල තිබෙන වීසා සීමාවන් ඊට හේතු වන්නත් පුළුවන්. චිත්‍රපට තුලින් ඒ වෙනුවෙන් භාවිතා වන දර්ශන තල සහ සමාන පරිසර පද්ධති හරහා අපට ලෝකයේ බොහෝ මනරම් ඉසව් වලට පිය නගන්නට පුළුවන්.

ඒවා අතර ආසියා, උතුරු සහ දකුණු ඇමෙරිකා, අප්‍රිකා, යුරෝපා, ඕස්ට්‍රේලියා මහාද්වීප සේම අයිස්ලන්තයේ, ආක්ටික් සහ ඇන්ටාක්ටික් පරිසර වල රූ ගත කෙරුණු දර්ශන තිබෙනවා. සමහර ඒවා පිටසක්වල සේ නිර්මාණය වූ ඒවාත් වන්නට පුළුවන්. මින් පෙර ලිපි වලදී ඔබ කියැවූ හොලිවුඩ් සහ බොලිවුඩ් චිත්‍රාගාර වල මැවූ පරිසර පවා තිබෙනවා. චිත්‍රපට සැබෑ ලොවින් පරිකල්පනයට අපව සංචාරය කරවන්නේ ඒ විදිහටයි. 

Kilometers & Kilometers (2020)- Malayalam

ජෝසේමෝන් කියන්නේ කේරලයේ ගමක ඉන්නා හරි හමන් රැකියාවක්‌ නැති ඒත් දක්ෂ තරුණයෙක්. සිය සහෝදරියගේ අධ්‍යාපන කටයුතු සහ අම්මාව බලා කියා ගන්නා ඔහුට මුදල් හිගකම නිසා මියගිය පියාගෙන් උරුම වුණු බුලට් නම් මෝටර් සයිකලය විකුණන්න වෙනවා. හදිසියේම එදා ගමට එන කැතී නම් ඇමෙරිකානු තරුණියක් ඉන්දියාව පුරා සංචාරයක් සදහා කෙනෙක් හොයනවා. ගමේ හෝටලයේ ඉන්නා ජෝසේමාන් ගේ මිතුරා මේ වැඩේ ඔහුට සුදානම් කර දෙන නිසා බයිසිකලය ආපහු ගන්නා ඔහු කැතී සමග ගමන යනවා.

තමිල්නාඩු, කර්නාටක,ගුජරාට් ප්‍රාන්ත හරහා ඔවුන් යන ගමනේ ජායිපූර් වලදී ඔවුන් දෙදෙනාගේම ගමන් මළු හොරකම් කරනවා. මේ ගැන පැමිණිලි කරන්නට පොලීසියට යද්දී ඔවුනට සනී නම් කෙනෙක් හමු වෙනවා. ඇමෙරිකානු කොන්සියුලර් කාර්යාලය හරහා යලිත් විදේශ ගමන් බලපත්‍රය ලැබෙන තෙක් සනී ගේ නිවසේ ඉන්නා කාලයේදී කැතී අනතුරකට මුහුණ දී රෝහල් ගත කෙරෙනවා. මුදල් නොමැති ජෝසේමාන් ඊට මුදල් හොයා ගන්නේ බුලට් මෝටර් සයිකලය විකුණලයි.   

රෝහලෙන් පැමිණි විට ඒ බව දැනගන්නා කැතී කණගාටු වෙනවා. ඒත් ඔවුනට විකිණු මෝටර් සයිකලය ආපසු හොයාගන්න ලැබෙන්නේ නැහැ. අම්මා එවූ මුදල් සහ ගුවන් ටිකට් පතින් කැතී ඇමෙරිකාවට පිටත් වන්නට පෙර ජෝසේමාන් ඇයට ආදරය පලකරමින් ලියූ ලිපියක් දෙනවා. 

මාස තුනකට පස්සෙ ජෝසේමාන් ගමේ බුලට් මෝටර් සයිකල් හදන වැඩ පොලක ඉන්නවා. ජායිපූර් පොලීසියෙන් නැති වූ බඩු බාර ගන්නට එන ලෙස දන්වන පණිවුඩයත්, ගැබ්බර ව සිටි සනී ගේ අළුත උපන් දරුවා බලන්නට කරන ආරාධනයත් හින්ද ජෝසේමාන් ජායිපූර් බලා යනවා. ජායිපූර් වලදී ඔහුට දකින්නට ලැබෙන්නේ විකිණූ බුලට් මෝටර් සයිකලය සමග සතුටු මුහුණින් ඉන්නා කැතී. 

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/Kilometers_and_Kilometers

Written byJeo Baby
Directed byJeo Baby
Starring
Music byScore:
Sushin Shyam
Songs:
Sooraj S. Kurup
Country of originIndia
Original languageMalayalam
Production
Producers
CinematographySinu Sidharth
Editors
Production companies
  • Anto Joseph Film Company
  • Ramshi Ahamed Productions
Distributor
Release
Original release31 August 2020

Trailer  යු ටියුබ් දිගුව 



සිරිමැදුර (1989) - සිංහල 

ගමක වලව්වක ඉන්නා සිරිල් සේවක අයිතිවාසිකම් සදහා පෙනී ඉන්නා නීතිවේදියෙක්. ඔහුගේ බිරිද නිර්මලා. කලක් විදේශ ගතව සිට අනතුරකින් ආබාධිතව වලව්වට එන්නේ පියානෝ වාදනයට දක්ෂ සම්පත් නම් සිරිල් ගේ සොයුරා. මේ වලව්වේ සේවිකාව වන ලීලා සම්පත් හාමුට පෙම් කරන කෙනෙක්. සිරිල් උත්සාහ කරන්නේ ලීලාව වලව්වේ සේවකයෙක් වන ඇල්බට් ට විවාහ කර දෙන්නයි. සම්පත් ට උපස්ථාන කරන අතරේ ලීලා සහ නිර්මලා අතර ඉරිසියාවක් ගොඩනැගෙනවා. තුන්කොන්    ප්‍රේමයක් එක්ක සිරිමැදුර තුලින් ඔබට ජීවිතය වෙනස් විදිහට බලන්න පුළුවන්.    

වැඩි විස්තර සදහා යොමුව  …..



https://www.imdb.com/title/tt0102935/


Trailer  යු ටියුබ් දිගුව 

The Founder (2016) - English

1954 දී ඇමෙරිකාවේ නගරයෙන් නගරයට ව්‍යාපාර සදහා අයිස්ක්‍රීම් යන්ත්‍ර විකුණමින් යන රේ ට කැලිපෝනියා වේදී අපූරු අවන්හලක් දකින්නට ලැබෙනවා. කඩිනමින් , හොද තත්වයේ බර්ගර් එකක් ඉවත ලිය හැකි ඇසුරුමක ඔතා දෙන ඒ අවන්හල පවත්වා ගෙන යන්නේ මොරිස් සහ රිචඩ් නම් සොයුරන් දෙපලක්. ඔවුන් හා මිතුරු වන රේ ඔවුන්ගෙන් නේ ව්‍යාපාරය Franchise. ලෙස වැඩිදියුණු කරන්නට අවසර ඉල්ලනවා. ව්‍යාපාරික පිරිසක් සමග මැක්ඩොනල්ඩ් සමාගම නමින් මෙය ලියාපදිංචි කෙරෙනවා. 

ව්‍යාපාරය ඉදිරියට යද්දී සිදුවන විවිධ දේ මැද්දේ ඉතාමත්ම අඩු මුදලකට සන්නාමය සහ අවන්හල් නිෂ්පාදන ක්‍රමෝපාය මිලදී ගන්නා රේ තම පළමු බිරිද දික්කසාද කර ව්‍යාපාරයේදී හමුවන භෝජනාගාර හිමිකරුවෙකුගේ බිරිද සමග විවාහ වෙනවා. අද ලෝකයේ ඉතා ප්‍රචලිත අවන්හල් ජාලයක් වන මැක්ඩොනල්ඩ් ව්‍යාපාරයේ කථාව මින් කියැවෙනවා.      

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

The Founder
The Founder poster.png
Theatrical release poster
Directed byJohn Lee Hancock
Produced by
Written byRobert Siegel
Starring
Music byCarter Burwell
CinematographyJohn Schwartzman
Edited byRobert Frazen
Production
companies
Distributed byThe Weinstein Company
Release date
Running time
115 minutes[1]
Countries
  • United States
  • Greece
LanguageEnglish
https://en.wikipedia.org/wiki/The_Founder


Trailer  යු ටියුබ් දිගුව 


2 states (2014) Hindi

  දිල්ලි නුවර විශ්ව විද්‍යාලයක ඉංජිනේරුවරයෙකු වීමට ඉගෙන ගන්නට එන ගුජරාට් ප්‍රාන්තයේ ක්‍රිෂ් ට , තමිල්නාඩුවෙන් එන ආර්ථික විද්‍යාව හදාරන සිසුවියක් වන අනන්‍යා හමුවෙනවා. ඔවුන් දෙදෙනාගේ සිසු හිතවත්කම ප්‍රේම සම්බන්ධයක් දක්වා වර්ධනය වෙනවා. සරසවියේදීම රැකියාවක් ලැබෙන ඔහු ඇයට විවාහ යෝජනාවක් ගේනවා.ප්‍රාන්ත දෙකේ වෙනස් සංස්කෘතික වෙනස්කම් සේම පවුල් දෙකේ ඇති අභ්‍යන්තර ගැටළු මැද්දේ ඔවුන්ගේ විවාහය අනුමත වීම ලෙහෙසි එකක් වන්නේ නැහැ. එහෙත් අවසානයේදී ඒ සියල්ල පරදා ඔවුන් ජය ගන්නවා.

තරුණ චේතාන් බගට් තම ජීවිත කථාව ඇසුරින් ලියූ නවකථාවක් පාදක කර ගනිමින් නිමැවුණු විකට ප්‍රේමාන්විත චිත්‍රපටයක් වන මෙහි තාරුණ්‍යයේ චමත්කාරය කදිමට විවරණය කෙරෙනවා.

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

2 States
2 States poster.jpg
Theatrical release poster
Directed byAbhishek Varman
Produced byKaran Johar
Sajid Nadiadwala
Written byStory:
Chetan Bhagat
Abhishek Varman
Dialogues:
Hussain Dalal
Screenplay byAbhishek Varman
Based on2 States: The Story of My Marriage
by Chetan Bhagat
StarringArjun Kapoor
Alia Bhatt
Music bySongs:
Shankar-Ehsaan-Loy
Background Score:
Tubby-Parik
CinematographyBinod Pradhan
Edited byNamrata Rao
Production
companies
Distributed byUTV Motion Pictures
Release date
  • 18 April 2014
(India)
Running time
150 minutes[1]
CountryIndia
LanguageHindi
https://en.wikipedia.org/wiki/2_States_(2014_film)




Trailer  යු ටියුබ් දිගුව 



Pirates of Caribbean (2003-2017) Film series 

  කැරිබියන් මුහුදේ මුහුදු කොල්ලකරුවන් ගේ ත්‍රාසජනක ක්‍රියා ඇතුලත් , ඩිස්නි සමාගම විසින් නිෂ්පාදනය කෙරුණු මෙම චිත්‍රපට මාලාවේ චිත්‍රපට 5ක් මේ වනවිට නිෂ්පාදනය කොට තිරගත කර තිබෙනවා. ඉදිරියේදී තවත් චිත්‍රපට 2ක් නිෂ්පාදනය කිරීමට නියමිතයි.

ඩිස්නි විනෝද උයන් වලට යන කෙනෙකුට මේ චිත්‍රපට වල එන කොටස් විදීමේ අවස්ථාව තිබෙනවා . මින් පෙර  සංචාරයක මතකය තුලින් ෆ්ලොරීඩාවේ ඩිස්නි ලෝකයට ගිය සටහනේ යොමුව මීට එක් කරන්නේ කැමති කෙනෙකුට තවත් විස්තර දැන ගන්නයි.  

http://ahasgawwenehalokaya.blogspot.com/2018/06/blog-post_23.html

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..


Pirates of the Caribbean
Pirates of the Caribbean logo.svg
Directed byGore Verbinski (1–3)
Rob Marshall (4)
Espen Sandberg (5)
Joachim Rønning (5–6)
Produced byJerry Bruckheimer
Screenplay byTed Elliott (1–4, 6)
Terry Rossio (1–4)
Jeff Nathanson (5)
Craig Mazin (6)
Christina Hodson (7)
Story byTed Elliott
Terry Rossio (1–5)
Jeff Nathanson (5)
Stuart Beattie (1)
Jay Wolpert (1)
Based onPirates of the Caribbean
by Walt Disney
On Stranger Tides
by Tim Powers (4)
StarringJohnny Depp
Geoffrey Rush (1–5)
Kevin McNally
Orlando Bloom (1–3, 5)
Keira Knightley (1–3, 5)
(See below)
Music byKlaus Badelt (1)
Hans Zimmer (2–4)
Geoff Zanelli (5)
Production
companies
Walt Disney Pictures
Jerry Bruckheimer Films
Distributed byWalt Disney Studios Motion Pictures
Running time
726 minutes (1–5)
CountryUnited States
LanguageEnglish
https://en.wikipedia.org/wiki/Pirates_of_the_Caribbean_(film_series)


Trailer  යු ටියුබ් දිගුව 

The Curse of the Black Pearl


Dead Man's Chest


At World's End



On Stranger Tides

Dead Men Tell No Tales






සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියිසිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයිසමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට 

අපහසු වීම ගැන මගේ කණගාටුව




මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි



No comments:

Post a Comment