මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, June 12, 2021

මට නොදැනිම මගේ හිතම දුරු රට යනවා...... අනුරුද්ධ වැලිගමගේ....

 



ඈත මෑත දුටු දසුනේ සිත පැටලෙනවා

නිල් දිය රැලි පෙළ අතරේ පැතුම් මවනවා
නෙතේ කොනේ රැඳුණු බැල්ම දිස්නෙ ගලනවා
මට නොදැනිම මගේ හිතම දුරු රට යනවා


තුරු හෙවනේ සිසිල මතක සුවඳ මවනවා
සිනා තොටක ඒ උණුහුම වචන හදනවා
කෙහෙරැල්ලෙන් නළලත මත හාදු තියනවා
පළිඟු මැණික් පිරි දෑසට හිත රැවටෙනවා


යුග යුග මතකය ගෙවිලා වියපත් වෙනවා
ඔබේ සුවඳ ගුණ යහමින් සිසිල සදනවා
දූ දරුවන් අතරින් ඒ එළිය පේනවා
ඔබේ තුරුලෙ හැංගි ඒ රසය විඳිනවා


අනුරුද්ධ වැලිගමගේ



2021 ජුනි  මස ලන්ඩන් කවි කලාපයේ පලවිය .

https://londonkavi.com/#2598



විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි


6 comments:

  1. Replies
    1. අජිත් ඔබේ ඇගයීමට ස්තූතියි.

      Delete
  2. හරිම අපුරුයි අනුරුද්ධ - සුබ පැතුම් මගෙන්.

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.

      Delete
  3. හරිම ලස්සනයි. මම කවිමුතුමල් බ්ලොග් එක ලියන අසංක ආසිරි...

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.

      Delete