
ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් කියූ සැනින් අපට මතක් වෙන්නෙ දුරකථනය. දුරකථන සන්නිවේදනය, දිය මත යන හයිඩ්‍රොෆයිල් තාක්ෂණය, ගුවන්යානා තාක්ෂණය වෙනුවෙන් විශාල මෙහෙයක් කළ විද්‍යාඥයෙක්, බිහිරි පුද්ගලයන්ට ඉගැන්වූ ගුරුවරයෙක් සහ මහාචාර්යවරයෙක් ලෙස ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ඉතිහාසයේ සඳහන්.
ස්කොට්ලන්තයේ සිට සෞඛ්‍ය තත්ත්වය නිසා සුවදායී දේශගුණයක් තිබෙන කැනඩාවේ ඔන්ටාරියෝ පළාතට ආ බෙල් දුරකථනය සොයාගත්තේ එහිදී. කැනඩාවේ සහ ඇමරිකාවේ දුරකථන,ටෙලිග්‍රාෆ් සමාගම් කිහිපයක් ආරම්භ කිරීමට මුල් වූ ඔහු සහ ඇමරිකාව යන රටවල් දෙකෙහිම ජීවත් ජීවත් වූ අයෙක්.
1885 අවුරුද්දේ දී ගිම්හාන නිවාඩුවකට නෝවා ස්කෝෂියා පළාතේ බෙඩෙක් නගරයට ගිය බෙල් ට Bras d’or Lake. අසබඩ බිම්කඩක් වෙත හිත ගියේ බෝට්ටු පැදවීමට තමන්ට තිබූ ආශාවත් එක්කයි. 1886 දී ඒ ඉඩම මිලට අරගෙන විශාල මන්දිරයක් වගේම විද්‍යාගාරයක් හදලා බෙල් එය නම් කලේ Beinn Bhreagh යන නමින්. එහි ස්කෝට් අදහස " ලස්සන කන්ද" කියන එකයි. එතන ඉදිවුණු බෝට්ටු අංගනයේ සේවකයන් හතළිහක් පමණ සේවය කළ බවත් කැනඩා නාවික හමුදාව වෙනුවෙන් විවිධ වර්ගයේ යාත්‍රා නිෂ්පාදනය සහ පර්යේෂණ කටයුතු සිදුකළ බවත් සඳහන්.
ආලෝක ධාරාවක් මගින් ශ්‍රවන ප්‍රවාහනය කරන ෆොටෝ ෆෝන් (Photophone ) පසුකාලීනව ග්‍රැමපෝනය නමින් ප්‍රචලිත වූ Phonograph ඕඩියෝ මීටර් වගේම අයිස්බර්ග් හඳුනා ගැනීමේ උපකරණ, විවිධ ගුවන් යානා මාදිලි වගේම විවිධ ක්ෂේත්‍රවල නිෂ්පාදන රැසක් වෙනුවෙන් මේ ප්‍රදේශයේදී පර්යේෂණ කළ බව කියවෙනවා.
1952 දී ඇලෙක්සන්ඩර් ග්‍රැහැම් බෙල් මහතාගේ දියණියන් දෙදෙනා එලිසා සහ මේරියන් කෞතුකාගාරයක් සහ විද්‍යාගාරයක් ඇරැඹීමේ පොරොන්දුව මත අක්කර හයසියයක් වූ ඒ ඉඩමින් අක්කර 25ක කොටසක් සහ බොහෝ කෞතුක භාණ්ඩ කැනඩා රජයට පරිත්‍යාග කර තිබෙනවා.
එකල කයිට් හවුස් (Kite House ) නම් අභ්‍යවකාශ තාක්ෂණ පර්යේෂණ සිදුකල ගොඩනැගිල්ලත් ඊට ඇතුළත් . පැයට කිලෝමීටර 112 ක වේගයෙන් ගොස් ලෝක වාර්තා තැබූ HD4 hydrofoil බෝට්ටුවේ කොටස්, බිහිරි අය වෙනුවෙන් බෙල් පර්යේෂණ කල උපකරණ, ශබ්ද ආලෝකය සම්ප්‍රේෂණය වෙනුවෙන් කළ පර්යේෂණ වගේම ගුවන් යානා වෙනුවෙන් කළ පර්යේෂණ උපකරණත් ඔබට මෙහිදී දකින්නට පුළුවන්.
ලස්සන පරිසරයක තිබෙන මේ පරිශ්‍රය රජයේ සැලසුම් ශිල්පී හුවාඩ් ලීකෙස්ටර්ගේ (Huward Leicester ) සැලසුමකට අනුව Wood, Blachford, Ship සමාගම විසින් ඉදිකර තිබෙනවා.
පුද්ගලික බෝට්ටු අoගනයක්, අත්ලාතික සාගරයේ මනරම් දසුන් එක්ක මේ පරිශ්‍රය කැබොට් මං පෙතට යන්නට පෙර කෙටි ගිවන් නිවීමකට වුණත් පාවිච්චි කරන්න පුළුවන් එකක්.
යොවුන්, තරුණ වගේම විද්‍යාත්මක පර්යේෂණ වලට ඇලුම් කරන අයට කරන්නට බොහෝ ක්‍රියාකාරකම් මේ පරිශ්‍රය තුල තිබෙනවා. ඒ හින්දා ඒවාට උනන්දු නම් කලින්ම විස්තර හොයාගෙන ගියොත් ඔබට හොඳින් ඔබේ කාලය කළමනාකරණය කරගන්නට පුළුවන්.
මේ මහා විද්‍යාඥයා පිටුපස සිටි සෙවනැල්ල බඳු ගැහැණිය Mabel Hubbard Bell ගැනත් දැනගන්නට කැමතිනම් වසරේ ජූලි සිට ඔක්තෝබර් දක්වා කාලයේදී දිනපතා එහි ඇය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා.
අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න. මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය කරාවි.








No comments:
Post a Comment