මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, July 2, 2022

මිණි ගංදෑලේ......

 

යුග යුග රැදි රහස් කියන මිණි ගංදෑලේ

සදුට මුවාවී ඉන්නා හෙවනැලි අතරේ

හීතල මීදුම් රැල්ලේ හමනා සුළගේ

ඇහුවද ඔබෙ කතන්දරේ කවුරුත් රාලේ

 

සෙහෙහෙ පිරුණු හිත් මල් වල සුවද හැංගුවේ

කවුරුද කදුළු ගගේ දුර දිග මැන්නේ

පාට පිරුණු ඉර මල ඇයි තාම පමාවේ

අළුත් ලොවක් එළිය කරන් ඇයිද නොආවේ

 

කාසි පනම්, මිණි කැට තුල රැදුණු සංතොසේ

කොච්චර කෙටි කාලයක්ද මිහිර ගෙනාවේ

සතුට දෝරේ ගලා හැළුණු පුංචි කුඩුවේ

හොදහිත ඇයි පෑල දොරින් පිටවෙලා ගියේ

 

අනුරුද්ධ වැලිගමගේ     

සටහන 

මිණි ගං දෑල සිරස රූපවාහිනියේ විකාශය වූ ටෙලිනාට්‍යයකි.  මේ කවිය ලියැවුනේ එම කථා මාලාව අවසානයේදී එහි ප්‍රධාන පිරිමි චරිතය අනුසාරයෙනි. ඔබ ඒ ටෙලි නාට්‍යයේ ප්‍රේක්ෂකයෙකු වී නම් මේ කවිය හොදින් තේරුම් ගන්නට පුළුවන.  


2022  ජුලි  මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.


විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

2 comments:

  1. ටෙලි නාට්‍යනම් බලන්නෙ නෑ.... දැන් කාලෙක ඉඳල. එකක් හොඳ නිර්මාණ අඩුයි. ඒ වගේම කාලෙ යනව වැඩි. මේකටනම් හොඳ ප්‍රතිචාර හම්බුනා...
    මරු කයිය...❤

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි. ඔබේ කතාවට මම එකගයි. හොද ටෙලි නාට්‍යය අඩුයි. මෑතකදි පීතෘ බැලුවා. මේ දවස්වල මානික්කාවත බලනවා.

      Delete