මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, September 17, 2022

බෝට්ටු හෝටලයකින් කාලා බයිසිකලෙන් Amsterdam බලන්න යමුද ?

 

නෙදර්ලන්ත සංචාරයක මතකය 3.

Amsterdam යුරෝපයේ තිබෙන ප්රධාන නගරවලින් එකක් වගේම සංචාරක වශයෙනුත් ඉතා වැදගත් තැනක්. ලන්දේසීන් ලංකාව පාලනය කල වකවානුවේ ප්රවාහන කටයුතු සදහා ඇල මාර්ග භාවිතා කල බව මා කියවා තිබෙනවා. Amsterdam නගරයේ ඇල මාර්ග ප්රවාහන කටයුතු සදහා භාවිතා කෙරෙන නිසා අපේ සංචාරයටත් බෝට්ටුවක තිබෙන අවන්හලක රාත්රී ආහාර වේලක් සදහා ඉඩ වෙන්වුණා. අපි ගැන පසුවට කථා කරමු.

Museum Square ( Museumplein)

ප්රධාන කෞතුකාගාර 3 ක් මැදි කරගෙන වෙන්වුණු මේ ඉඩ Amsterdam නගරයට එන කවුරුත් අතපසු නොකරන පොඩි විවේකයක් ගන්නට කියාපු තැනක්.The Rijks Museum, Van Gogh Museum සහ Stedelijk Museum මේ වටා තිබෙන අගනා කෞතුකාගාර 3 යි. ලෝකයේ ඉතාමත් වැඩි පිරිසක් පාපැදි ප්රවාහන කටයුතු සදහා භාවිතා කරන නගර අතුරින් එකක් ලෙස පරණ ඉංග්රීසි පාඩම් පොතක තිබුණු කථාව ඇත්තමයි කියල අපට තේරුණා.ඉතා අඩු මුදලකට පහසුවෙන් ඔබටත් එක තැනකින් අරගෙන තවත් තැනකින් දමා යාහැකි පාපැදි සේවා රැසක් සේම බයිසිකල් සදහා වෙනම මං තීරු, නැවතීමේ පහසුකම් හින්ද මෙහි තිබෙන පහසුම ප්රවාහන මාධ්යය බයිසිකල් තමයි.

 Van Gogh Museum

ඉතා ජනප්රිය චිත් ශිල්පී  Vincent Van Gogh විසින් කල සිතුවම් රැසක් එක්තැන් වූ මේ පරිශ්රය බිහිවුණේ 1962 දී Stedelijkකෞතුකාගාරයේ ප්රදර්ශනයට තබා තිබුණු චිත් වෙනමම තැනකට ගෙන යාමෙන්. වැන්ගෝ ජීවත්ව සිටියදී අඩුවෙන් කතාවුණු චිත් පසු කාලීනව ජාත්යන්තර අවධානයට යොමුවුණු නිසා මේ පරිශ්රයේ ප්රවේශ පත් කලින්ම වෙන්කරවා ගන්න එක හොදයි.

Sex Museum ( Venustempel)

රාගික සහ ලිංගික කාර්යයන් නිරූපණය වන උපාංග සහ චිත් ඇතුලත් ලොව පළමු සහ පැරණිතම කෞතුකාගාරය වන මෙය වැඩිපුර කතා නොකරන , එහෙත්  මිනිසුන් සහ ගැහැණුන් වැඩිපුර හිතන ක්ෂේත්රයක් ගැන නිදහසේ හිතන රටක් ලෙස නෙදර්ලන්තය ලොවට පෙන්වන ප්රතිරූපය හුවා දක්වන එකක්. වයස අවුරුදු 16 වැඩි පිරිස් සදහා මේ පරිශ්රය තුලට යන්නට අවසර තිබෙනවා. ඉතා ජනප්රිය ලිංගික සේවා සදහා ලොව විවිධ රටවලින් පැමිණි ශ්රමිකයින්ගේ ආශ්වාදය ලැබිය හැකි රතු එළි කලාපය ( Red light District ) පිහිටා තිබෙන්නේත් මේ කිට්ටුවමයි.

Hash Marihuana & Hemp Museum

කංසා සහ ගංජා යන මත්ද්රවය නෙදර්ලන්තයේ නීතිගත කර ඇති නිසා පෞද්ගලික භාවිතය සදහා ඒවා  මිලදී ගත හැකි තැන් Amsterdam නගරයේ බහුලයි.ඒවායේ ඉතිහාසය සහ භාවිතය ගැන නිරූපණය වන කෞතුකාගාරයක් පවා මෙහි තිබෙන්නේ හින්දයි.පොදු පුවත්පත් මාධ්යයක තිබෙන සීමා මායිම් හින්ද ගැන සුළු සටහනක් පමණක් තබන්නට හිතුවේ අවශ් නම් ඔබට ගැන මෙවන් සංචාරයකදී තොරතුරු ලබාගත හැකි හින්දයි.


Heineken Beer Factory Tour

බීර නිෂ්පාදන ක්ෂේත්රයේ ලෝකයේ ප්රමුඛ පෙලේ ආයතනයක් ලෙස Heineken ප්රකටයි. බාර්ලි වලින් බියර් නිපදවෙන ආකාරය පියවරෙන් පියවරට ඔබට මේ සංචාරයේදී දැකගන්නට පුළුවන්. බීර ඉතිහාසය දැනගන්නා අතරේම බීර වීදුරුවක රස බලන්නත් ඔබට පුළුවන්. මෙතැන තිබෙන එක් විශේෂත්වයක් වෙන්නෙ විශේෂ නැරබුම් මැදිරියකදී හැම පැත්තෙන්ම විදුලි රූපවාහිනී තිර වලින් වටවුණු පරිසරයකදී ඔබට ලැබෙන ඩිජිටල් ප්රයෝග අත්දැකීමයි.





Anne Frank House


 

Annelies Marine Frank දැරිය ලියු දිනපොත දෙවන ලෝක සංග්රාමය සමයේ යුදෙව්වන්ට වූ හිරිහැර ගැන ලියැවුණු දුක්බර සටහනක්. 1945 පෙබරවාරි මාසෙ දවසක මියගිය දැරිය වෙනුවෙන් Anne Frank House

 නමින් මධ්යස්ථානයක් Amsterdam වල තිබෙනවා. දෙවන ලෝක යුධ සමයේ නාසි පාලනය හා යුදෙව් සංහාරය ගැන හද කකියවන තොරතුරු රැසක් නිරූපණය වන තැනක් විදිහට මෙතැන ලොව පුරා ජනප්රියයි.

 නෙදර්ලන්තයේ  Pancakes එහෙම කාල අපි මේ තැන් බලල එනකොට හොදටම හවස් වෙලා. අපි නගරයේ පැරණි දුම්රිය පොල ගාව තොටුපලේදී අවන්හල් යාත්රාවකට ගොඩ වුනේ ඇලවල් දිගේ ගිහින් නගරයේ අසිරිය බලන්න.

යාත්රාව නගරයේ විවිධ ප්රමාණයේ ඇල මාර්ග දිගේ හෙමින් යනවා. රෑ කළුවර වටපිට වෙලාගෙන තිබුණත් විදුලි බුබුළු වලින් නගරයම එළිය වෙලා. කෑම මේසවල දැල්වෙන කුඩා ඉටි පන්දම් එළි රතුපාට මේස රෙද්දත් එක්ක රෝමාන්තික පරිසරයක් මවනවා. හීන් සංගීතයක් පසුබිමින් වාදනය වෙනවා. යාත්රාවේ නියාමක වරිය නගරයේ විවිධ තැන් ගැන විස්තර කරනවා. අතරේ නවත්වලා තිබෙන විවිධ බෝට්ටු ගෙවල් ගැන කියනවා. වයින් වීදුරු එක්ක රෑ කෑම මේසවලට ගේනවා. අපි ඇලවල් දිගේ නගරය රස විදින ගමන් නෙදර්ලන්ත කෑම වේලක රහ බැලුවා, ඉඩක් ලැබුණොත් ඔබට මේ අත්දැකීම හැබැහින්ම විදගන්න කියල ආරාධනා කරනවා.

ලබන මාසයේදී බෙල්ජියමේ  Bruges නුවරට යමු .

සටහන - අනුරුද්ධ වැලිගමගේ

සේයා රූ - හෙසදි වැලිගමගේ සහ අන්තර්ජාලයෙන්         








විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට.

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

2 comments:

  1. ලස්සන නගරයක්...

    ReplyDelete
    Replies
    1. ලලිත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. සැබැවින්ම එය ලස්සන ඒ වගේම පරිසර හිතකාමී නගරයක්.

      Delete