මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, September 3, 2022

පනාපුත්‍ර කුහුඹුපැණි

 


නෙයිනගේ සූදුවේ හැඩ වැඩ කවි     කොළුවා

බව දුක තුලින් ජීවිතයේ දුක               කිව්වා

නෙක නෙක රැගුම් තුල තිරයේ රුව  පෙන්වා

හැමදා අපට අළුතින් කවියක්             කිව්වා

 

මහ සිංහලේ ඉතිහාසය ගැන          හොයලා

රට දැය අවදි කර දැනුමින් සරි          කරලා

නීරස විෂය ඇතුලේ අප හිත              හදලා

විස්මන් රැසක් මතකයේ හංගා           තියලා

 

මහවැලි , කළු ගගේ ඉහලට            නැගලා

ගංගා දිගේ ජන හද මන පොබ          කරලා

සලන්හතේ ලෙසතෝ බිම්  කඩ     හොයලා

සිංහල බසින් ගමනක් හැටි               කියලා

 

කර ඇති වැඩ රැසයි, තව එමටයි   කරන්නට

දැනුමින් බරින් පිරි බෑ ඔබ හට      නිදන්නට

කලක පටන් එක්කල පැස          බෙදන්නට

ගිලනින් නැගිට එනු මැන අප      බලන්නට

  

අනුරුද්ධ වැලිගමගේ



2022 සැප්තැම්බර් මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.


විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

8 comments:

  1. ගිලනින් නැගිට එනු මැන අප බලන්නට 🙏

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔබේ සටහන් ආසාවෙන් කියවනවා. ඉඩ ලැබෙන විදිහට ප්‍රතිචාර ලියන්නම්.

      Delete
  2. කලාකරුවෙක් ලෙස ගොඩක් ගරුකටයුතු පුද්ගලයෙක්.. දේශපාලනයට ගිහින් නාස්ති උනා ..

    ReplyDelete
  3. මාත් එකක් දැම්ම.

    ReplyDelete
    Replies
    1. ඔබේ කවියත් දැක්කා. ලස්සනයි . ඔබ වෙනස්ම මතකයක් එකතු කරලා තිබුනා.

      Delete
  4. අගෙයි ඔබේ නිර්මාණය. ඔහු සුපුරුදු පරිදී නැගිට ප්‍රේක්ෂකයින් වෙත එන දවස ඉක්මනින උදා වේවා..

    ReplyDelete
  5. දුල්ෂාන් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . අපේ පැතුම එය තමයි .

    ReplyDelete