මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, December 2, 2023

ඇගේ නම නන්දාය ..... මාලනිය වී ඇතේ හදවතේ






ඇගේ නම නන්දාය, කටු ඔටුණු කිසිදාක හිස නැතී 

මියුරු හඬ අදත් ඇත , නැත අඩුව මිහිර ඉන් වියැකී 

හදවතට තට්ටු කර හීන් කෙදිරිලි නගන මුදු  හඬකී 

පතමි තවකල් බොහෝ කරන්නට අපව තුටු යෙහෙකී 


රුක් අත්තන මල මුදුනින් මුදු පිය ගුණ සැමරූ 

අම්මාවරුනේ තවමත් නැත හැර මව්ගුණ කිරුළු 

සුදු හාමිනේ තුල තනිකම       හැංගු 

සුරංගීට දුක හිතුනද හෙටත් අපිම හොයමූ 


මිහිමඩලේ අදුරු කුසින් අතු පැලටත්   රිංගා 

බමුණෙක් වුණත් යදමින් බැද තබලා 

පවනක් සලා ජනතා දුක කියලා 

වෙනසක් නොවුණු එක පුදුමයි එය අහලා 


අරලිය ලන්ද , කඩමණ්ඩිය ඔස්සේ 

යමුනා ගංතෙරක සුළං කපොල්ලේ දැවටී 

රන් කෙන්දකින් අත්වැල් හිත පැටලී 

ඔබෙ හඬ අහන්නට තාමත් ජන පෙලකී  



අනුරුද්ධ වැලිගමගේ 





















සංගීතවේදිනි ආචාර්ය නන්දා මාලිනියට උපහාර පිණිස ලන්ඩන් කවියේ 
2023 දෙසැම්බර් උපහාර කලාපයට ලියූවකි.  



විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

20 comments:

  1. නන්දා මාලිනියගේ සින්දු වලට මමත් ගොඩක් කැමතියි... යොවුන් වසන්තයේ.... සුළං කපොල්ලේ... කුරුටු ගෑ ගී පොතේ... දෙනොදාහක් නුවන් අතරේ.....වැස්සකට ඉඩ ඇත්ත අහස් කුස හැමතැනම්....කඩමණ්ඩියේ.... මගෙ සිහිනය...තරුද නිදන මහ රෑ.....මේ සින්දු මගේ ඕල් ටයිම් ෆේවර්ට් ගොඩේ තියෙන සින්දු.... - Mayya

    ReplyDelete
  2. මායා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔබ සදහන් කල ගී සියල්ලම අපේ හිත් බැදගත් ඒවා.

    ReplyDelete
    Replies
    1. මායා නෙමේ මයියා. ඔව් මේ ලිස්ට් එක ගොඩක් ජනප්‍රිය යි තමයි

      Delete
    2. මයියා නම වැරදියට ලිව්වාට සමාවෙන්න . ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි .

      Delete
  3. සඳහන් හැම ගීතයක්ම හදවතට කතාකරන ඒවා තමයි.

    ReplyDelete
  4. නන්දා ගේ ගීත
    ඇගේ ම අදහස් නොවේ
    එහි ඇත්තේ සම්මානිත
    මහාචාර්යගෙ සිතයි

    නමුත්, බොහොමයක් ගීතවලට ඇගේ කටහඬින් අමුතු ම මිහිරක් එක් වී තිබේ. "කුරුටු ගෑ ගී පොතේ, එක ගිණි කූරයි, හද විල කළඹන" ආදිය ඊට කදිම උදාහරණ.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී ඔබේ අදහස හරි . ප්‍රතිචාරයට වගේම සින්දු උදාහරණ වලටත් කැමතියි.

      Delete
  5. ආදරණීය කලා චරිතයකට ලියවුණු ලස්සන කවි නිර්මාණයක් .
    අපූරුයි
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. දුමින්ද ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි

      Delete
  6. නන්දා මාලනී ගෝකුළ
    ඒ අපි නන්දාව හඳුනාගත් හැටි.
    පසු කාලෙක ගෝකුළ ඉගිල ගොස් හුළ කපොල්ලේ කූඩු තනද්දී නන්දා සුනිල් සමග ජීවිතය ඇරඹුවාය.
    ගලන ගඟකි ජීවිතේ, සකුරා මල් පිපිලා, බුදු සාදූ, බුද්ධානු භාවේන, රුක් අත්තන මල මුදුනේ, සුරංගීට දුක හිතුනා, වාසනාව ඇගේ නෙතයි, සාරි පොඩිත්තක් ඇඳගෙන, ඇඟිළි තුඩින් ටිකිරි හඬින්, මිරි වැඩි සඟලක්, රන් ගිරි ගිරි ගිගිරි, චන්ඩ්‍ර මඬළු යට,මිහි මඩලේ අඳුරු කුසේ, බුද්ධානු භාවේන වැනි ගීත වලි ඇය සිංහල ගීත සාහිත්‍යය පෝෂනය කලාය.
    සුනිල් සමග "පවන" ගී ප්‍රසංගය සමග ඇය විරෝධකල්ප ගීත වලට යොමුවූ අතර එය එදවස මාකට් කල හැකි හොඳම සාහිත්‍ය වෙළෙඳ භාන්ඪය ලෙස අදද මා විශ්වාස කරමි.
    එම ගීත සමග නැගී ආ තරුණයින් හැට දහසක් දිවි පිදූ අතර ඇය ඉංදියාවට පැන ගොස් ජීවිතය ගලවා ගත්තීය. ඇයට හැටදාස් එක් වැන්නිය වන්නට තිබුනා යැයි මා යෝජනා නොකලද ඇයගේ පලා යෑම සමග ඇය කෙරෙහි මාතුල තිබුනු ආදරණීය බැඳීම පළුදුවන්නට එය හේතුවක් විය.
    කයිවාරුවෙන් වික්ටර් හාරාලා වෙන්නට බොහෝ ගායකයින් වෙතත් එලෙස මැරෙන්නට එකඟ උන් අපරටේ නැති බවට නන්දා අපට කියා දුන්නීය!
    වරක් ඇයගේ "පවන" පිළිබඳව ලියැවුනු ලිපියක හෙඩිම වූයේ "පවන" පවනක් නොව වාතයකි කියාය! ඒ ලිපියේ අන්තර්ගතය පිළිබඳව මාහට මේ ලියන අවස්ථාවේ මතකයේ නැත!
    නන්දාගේ ස්වර පරාසය බෙහෙවින් කුඩා එකකි.
    ඇයට මන්ද්‍ර සප්තකයේ ගීත ගැයීමට නොහැක!
    ඒ නිසාම ඇයට හිමි හඬ අඬහැරයක් සේ අපට ඇසිනි.
    මේ සියළු දේ අතර ඇය විසින් මුල් කාලයේ ගායනා කල ගීත බොහෝ ගණනකට මා බෙහෙවින් කැමතිවේ.
    "මිහි මඬලේ අඳුරු කුසේ" ඒ අතුරින් විශ්ෂ්ඨය!
    "ප්‍රඥා ප්‍රදීප දල්වා" මා බෙහෙවින් ප්‍රිය ගීතයක් ය!

    ඇයගේ විරෝධාකල්ප ගීත අදටත් මේ සමජයට ගැලපේ!

    ReplyDelete
    Replies
    1. මංජුල ඔතැන වැරැද්ද තියෙන්නේ ප්‍රේක්ශකයාගේ නේද? පවනේ ගීත ඇහුවම ඇග රත්වෙලා එනවා. ඒවා අහපු රසිකයොත් හිතුවා මේ ගීත වගේම ගීත ගායනා කල රචනා කල කලාකරුවනුත් අරමුණක් වෙනුවෙන් ජීවීතය පවා පරදුවට තියන්න පුලුවන් අය කියලා.ඒත් හැමෝම අරමුණක් වෙනුවෙන් තමන්ගේ ජීවීතය කැප කරන්න සුදානම් නෑ. නන්දා මාලිනිත් එහෙම නැතුව ඇති. ඒත් එයා තමන්ට යන්න පුලුවන් යම්කිසි දුරක් ගියා කියලා මට හිතෙනවා.


      කොහොමත් කලාකරුවා සහා එයාගේ නිර්මාණ වෙන් වෙන්ව තමයි මම නම් රස විදින්නෙ. සමහර සරල රස වින්දන ගීත නිර්මාන කරන කලාකාරයො ඉන්න්වා ප්‍රබුද්ධ නිර්මාණ කරන අයට වඩා සමාජ අසාධාරණයට විරුද්ධව ඒ වෙනුන්වෙන් වැඩ කරන අය. -Mayya

      Delete
    2. ඔව් ඔබ කියන දේ තුල ඇත්තක් නැත්තෙම නෑ. ඒත් එම ගීත වලින් උද්දීපනය ලැබූ යම් පිරිසක් කැරැල්ලට එකතු උනා! මට හිතෙනවා ඒ පිළිබඳව නන්දා සහ සුනිල් මීට වඩා වගකීමෙන් කටයුතු කරණ්න තිබුනා කියලා. මම කියන්නේ පැනලා ගිහිං අවාට පසුව හෝ ඒ තරුණයිට සාධාරණයක් ඉෂ්ඨ කරණ තැනක ඔවුන්ට හිට ගන්නට තිබුනා!

      Delete
    3. තට්ට මහත්තයාගේ සමහර අදහස් එක්ක මම එකඟ වෙනවා. මහාචාර්ය සුනිල්ට වගේම නන්දා මාලිනියටත් ඒ ගැන වගකීමක් තිබුනා. කලාකරුවන් පෙරගමන් කරුවන් වුණත් අන්තවාදී දේශපාලන න්‍යාය පත්‍ර වලට අහු වුණාම ඔහොම වෙනවා. මා කථා කරන්නට අකමැති 87-89 මතක වගේම ඒ කාලයේ බොහෝ දෙනෙක් අමාරුවේ දමා පසුව හොද අය වගේ පෙනී සිටි සමහර අය ගැන බොහෝ දේ දන්නවා. ඒත් පොදුවේ සංගීත නිර්මාණ කාරිනියක ලෙස ඇය කල අගනා මෙහෙය සුබවාදීව දකින්නට කැමතියි.

      Delete
    4. ඒක නන්දා මාලිනීගේ වැරද්දක් හැටියට මටත් හිතෙනවා. නමුත් ජිවිතේ බේරගන්න පලා ගියේ එයා විතරක් නෙමෙයි. එනිසා එයාට දොස් කියල පලක් නැහැ කියලයි මමත් හිතන්නේ. ඇගේ ගිටැහැ වලට මමත් කැමතියි. ඔබේ නිසදැස ලස්සනයි.

      Delete
    5. අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . මම දකින්නෙත් ඒ විදිහටම තමයි .

      Delete
  7. නන්දා මාලනී ගේ ගීත වලට මම මුලින්ම ආදරය කරන්න ගත්තේ අවුරුදු දොළහක් තරම් වයසේදී. ඒ කාලේ පවන කැසට් පටි ගෙදර තබාගැනීමත් වැරද්දක් හැටියට සලකුණු බව මතකයි. අදටත් ඇගේ ගීත අකාලිකයි, අනන්‍යයි. ස්තූතියි අනුරුද්ධ මේ සටහනට.

    ReplyDelete
    Replies
    1. මලී ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි

      Delete
  8. නන්දා මාලිනිය මගේ හදවතෙත් ඉහලින්ම වැජබෙන ගායිකාවක්. ඇගේ ගීත අතුරින් ඇයම සංගීතවත් කල ගීත වලට මම ඉතා ප්‍රියයි. ගීතය මැද සංගීත කණ්ඩ යොදා තිබීම ඇය සංගීතවත් කල ගී වල විශේෂ ලක්ෂණයක් බව අසා තිබෙනවා. කුඩා දරුවන් උදෙසා ඇය ගායනා කල ගීතද ඉතා මනරම්.

    ReplyDelete
    Replies
    1. සේපාලිකා මල් ඔබේ පැමිණීමටත් , ප්‍රතිචාරයටත් ස්තුතියි.

      Delete