මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, October 29, 2022

සම්මේලන පාලම - Confederation Bridge

 

නිව් බ්රුන්ස්වික් පලාතේ ඉදන් කැනඩාවේ කුඩාම පලාත වන එඩ්වඩ් කුමාර දූපතට ඇති කෙටිම දුර කිලෝමීටර 13 ක් . අත්ලාන්තික් සාගරය හරහා ඇති එම සමුද් සන්ධිය හැදින්වෙන්නේ  Abegweit Passage කියලයි . ලෝකයේ අයිස්වලින් යටවෙන දිය කදක් මතින් දිවෙන දිගම පාලම ඉදිවුණේ මෙතැනයි . යෝජනා වුණු නම් අතරින් තෝරාගත් එක වුනේ Confederation Bridge. සිංහලෙන් සම්මේලන පාලම කියන්නත් පුළුවන් .

  කැනඩාව කියන එක්සත් රට ඇතිවෙන්න මුල්වුණු සම්මේලන පැවැත්වුණේ එඩ්වඩ් කුමාර දිවයිනේ  Charlottetown නගරයේදී නිසා නම මෙයට හොදින්ම ගැලපෙනවා .Cradle on the wave කියන අදහසින් ස්වදේශික භාෂාවලින් කියැවුණු මේ පටු ඉඩකඩ හරහා ගොඩබිම් කඩ 2 යා කරමින් සම්බන්ධතා මාර්ගයක් ගැන කතාවුණේ 1870 පටන් . මිට කලින් කැනඩා උරුමය තුලින් කියැවූ  කැනඩාවේ දෙකොන යාකරන දුම්රිය මගේ දිගුවක් ලෙස . ඉන් පස්සෙ 1950- 1960 කාලේදී  ට්රාන්ස් කැනඩා අධිවේගී මාර්ගයේ දිගුවක් ලෙස . දේශපාලන පොරොන්දු අතර හිරව තිබූ මෙය යථාර්තයක් වුනේ 1992 දී . මීට කලින් මේ හරහා තිබූ ප්රවාහන මාධ්යය වුනේ පාරු සේවාවයි .

OMERS ඔන්ටාරියෝ විශ්රාම අරමුදල , කුවිබෙක් ඉංජිනේරු සමාගමක් වූ Vinci Concessions සහ ඇල්බර්ටා ඉදිකිරීම් සමාගමක් වූ Straight Crossing එක්ව පිහිටුවා ගත් සමාගමක් වුණු  Northern construction & straight crossing Inc  සහ නෙදර්ලන්ත ඉදිකිරීම් සමාගමක් වුණු Ballast Nedam 1993 දී මෙහි ඉදිකිරීම් පටන්ගත්තා .මේ පාලමේ නිර්මාණ ශිල්පියා  Jean M Muller.

කිලෝමීටර් 12.9 ක් දිග මේ පාලම කුළුණු 67 ක් මතින් දිව යනවා . මේ පාලමේ සාමාන් උස මුහුදු මට්ටමේ ඉදන් මීටර් 40ක් . සුවිසල් නැව් ගමනාගමනය සදහා පාලමේ එක් කොටසක් මීටර් 60ක් තරම් උසකට තනා තිබෙනවා . මේ ප්රදේශයේ තිබෙන දැඩි සුළගත් , මාර්ගයේ ගමන්ගන්නා වාහනවල ආරක්ෂාවත් සදහා මේ පාලම කෙලින් අතට තනා නැහැ . එය දිගු පාලම් තැනීමේදී ජාත්යන්තරව පිලිගන්නා සම්ප්රදායක් .මං තීරු 2 මේ පාලමේ පළල මීටර් 11 ක් . උපරිම වේග සීමාව පැයට කිලෝමීටර 80 ක්. වේගයෙන් ගියොත් මේ පාලම තරණය කරන්න යන්නේ විනාඩි 12 කාලයක් . වසර 4 ක් අවසානයේදී 1997 දී ඉදිකර අවසන් වූ මෙය ඉදිකිරීමේදී මේ සදහාම විශේෂයෙන් තැනූ සුවිසල් HLV Svanen නම් Catamaran දොබකරය විශාල මෙහෙයක් කල බව සදහන් . 5000 කට අධික පිරිසකගේ දහඩිය මහන්සියෙන් ඉදිවුණු මෙය ට්රාන්ස් කැනඩා අධිවේගී මාර්ගයේ කොටසක් .

වසර 100 ආයු කාලයකට තැනු මෙය වසර 2032 වනතුරු නඩත්තු කර පාලනය කරන්නේ Straight crossing bridge limited ආයතනයයි . ඉන් පසු මෙය මධ්යම රජයට බාර වෙනවා . එතෙක් වසරකට මිලියන 44 බැගින් රජය සමාගමට ගෙවන්නේ ඉදිකිරීම් වියදම් සහ නඩත්තු වියදම් පියවා ගන්නයි . අවුරුද්දකට ලක්ෂ 9 පමණ සංචාරකයින් පිරිසක් එන එඩ්වඩ් කුමාර දිවයිනට ඇතුළු වීමේදී මේ පාලම සදහා ගාස්තුවක් අය කරන්නේ නැහැ . එහෙත් ඔබ ආපසු යනවිට ගාස්තුවක් ගෙවන්න වෙනවා . එසේම බයිසිකල් සහ මගීන්ට මෙය භාවිතය තහනම් නිසා ඔවුන් වෙනුවෙන් විශේෂ Shuttle එකක් ක්රියාත්මක වෙනවා . ඒත් එක්කම මේ පාලම මතදී  වාහන නවතා තබන්නට අවසර නැහැ .


ඔබ Nova Scotia, New Brunswick වෙත ගියොත් අමතක නොකර යායුතු කැනඩා උරුමයක් ලෙස මෙය හදුන්වන්න පුළුවන් . සමරු සේයාරූ ගන්නට පාලමේ කොටසක් ඇති තැනකුත්,  පාලමේ වැඩි කොටසක් පෙනෙන තැනකුත් පාලම නුදුරේම පිහිටා තිබෙනවා .

තොරතුරු සහ සේයාරූ - අන්තර්ජාලයෙන්

අනුරුද්ධ වැලිගමගේ 





කැනඩා උරුමය නමින් කැනඩාවේ පලවන යාත්‍රා පුවත්පතේ තීරුව වෙනුවෙන් එහි සංස්කාරක චන්ද්‍රරත්න බණ්ඩාර මහතාගේ ආරාධනයෙන් 

මේ ලිපි පෙල ලියා තැබුවත් අනුග්‍රහකකත්වයේ ගැටළු නිසා මේ ලිපි පෙල අතරමගදී නතර වුණා.

මම යාත්‍රා වෙනුවෙන් මෙම ලිපි පෙල ඉදිරිපත් කලේ රුවන් හරිස්චන්ද්‍ර යන නමින්.




සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නීර්  මාණ  එළිය කරාවි.

2 comments:

  1. ඔබ මේ ගමන් ගිහින් නැත්ද> දුම්රියේ මේ පාලමින් යන්න තියෙනවා නම් මරු. කැනඩාව ඇවිත් ඇවිදින්න මාසෙකුත් මදි වෙයි

    ReplyDelete
    Replies
    1. මම මේ පාලමෙන් වාහනය පදවාගෙන ගිහින් ආපහු ඇවිත් තියෙනවා. මෙහි දුම්රිය මගක් නැහැ . මුලින් දුම්රිය මගක් විදිහටත් පසුව ට්‍රාන්ස් කැනඩා අධිවේගී මාර් ගයේ දිගුවක් ලෙසත් මේ පාලම ගැන යෝජනා වුණත් ඉතා අඩු ජනගහණයක් ඉන්නා කැනඩාවේ කුඩාම පලාත හින්ද මේ සදහා විශාල ධනයක් යට කරන්නට කැනඩා රජය සුදානම් වෙලා නැහැ. ඔබ කිව්වා හරි කැනඩාවේ ඇවිදින්න මාසෙකුත් මදිවේවි. ඒ තරමටම බලන්න ලස්සන තැන් තියෙනවා.

      Delete