මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, October 8, 2022

එතනා ......

 


මංකඩ ලග වලිකුකුලන් පේලි සැදීලා 

නුබේ නිතඹ පැද්දෙන හැටි බලාන උන්නා 

කළු කුමාරයත් ඉතින් නාහෙට නාහන හින්දා 

පරිස්සමෙන් ගෙදර යමන් මගේම එතනා 


ඔබේ දෙතොල් පාටට උන් පරදින හන්දා 

ඉදිච්ච මාදන් ගෙඩි ඔක්කොම හැංගිලා උන්නා 

හිතේ තියෙන දේ ඔක්කොම කියන්න හිතලා 

පුර පෝය හදක් පායනකම් බලාන උන්නා 


කැකිරි හිනා හඩ අස්සේ මුණ ගස්සලා 

තොවිල් පලේ විරාමයේ ඔබෙ බහ ලැබුණා 

කරේ තියාගෙන බෙරයක් මං එන හන්දා 

මාමණ්ඩි මට මනාප වේවිද මන්දා 


අනුරුද්ධ  වැලිගමගේ








2022  ඔක්තෝබර් මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.

විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට


සේයාරූ -  අන්තර් ජාලයෙන්  Google Images
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
















මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

6 comments:

  1. හුම්.. ලස්සන කවි ටිකක්. නියමයි✍️👌❤️
    පිංතූර ටිකත් නියමයි

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.

      Delete
  2. Replies
    1. ඔත්තුවට බොහොම ස්තූතියි .කවි කොලය ආසාවෙන් කියෙව්වා.

      Delete
  3. නියමයි. මේක ගීතයක් කරපු එකක්ද?

    ReplyDelete
    Replies
    1. නෑ අජිත් මේක ගීතයක් විදිහට කල එකක් නෙවෙයි . ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete