මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, December 3, 2022

අපල ගුරු , ශනි දෝෂ ......

 


ඉඩක් ලද ඇසිල්ලෙක හිරුත් හිම පියල්ලක

අළුපාට හැන්දෑව මවනවා දුක හිතෙන

පමාවට කාරණා හොය හොයා හිත තවන

සද කුමරී පමාවන අදුරු රැය අප දකින

 

හාවාට, ආවාට විදු නැණින් කිව්වාට

දකින සොමි සදේ නම් මිහිර නෑ තව අඩුව

අටවකින්, පුරවකට බිදෙන් බිද එළිය වන

මවන ඒ අම මිහිර කියන්නේ මං කොහොම

 

තරු රටා මව මවා ජීවිතය එළිය දෙන

සිතුම් පෙල රටාවට පැදුරු මිටි වියනවද

ග්‍රහයින්ගේ ගමන් මග ඉරෙන් අප දුරස් කොට

විටින් විට ගෙනෙනවා අපල, ගුරු,ශනි දෝෂ

 

අනුරුද්ධ වැලිගමගේ  





2022 දෙසැම්බර්  මස ලන්ඩන් කවි කලාපයේ පලවිය. 


විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්  මාණ 
එළිය කරාවි. 

3 comments: