වදනින් කවි ලියන දහසක් දන අතරේ
කැමරාවෙන් ඔබ ලියන කවි සුවිසෙස් මිතුරේ
සම්මානයෙන් පුද ලද කවි පොත් අතරේ
මා මිනිසෙක් ඔබ ගඟක් නම් ඇත වතුරේ
පසළොස්වක සඳ මගේය කියනා ඔබෙ පද
සදුන් අරටුවත් දල්වන ඔබේම හැඩ පද
ගඟ වක්වී ගලනා තැන හිද බලනා සඳ
කවි විතරක් නොවේ ඔබේ රූප ද හැඩ පද
යන අතරේ උරුම අතර ඇති කවි පිය පද
ජීවිත විනිවිද දකිනා කාච ලියන පද
දශක හතක ගමනේදී දැනුමද බෙද බෙද
ගමන් යනෙන ඔබට පතමි සුබ පැතුමන් අද
අනුරුද්ධ වැලිගමගේ ©
විශේෂ ස්තූතිය- ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට
සේයාරූ - අන්තර්ජාලයෙන් Google images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය කරාවි.





No comments:
Post a Comment