මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, December 31, 2022

ලක්සෙට කොඩිය දැම්මට පස්සේ ......



2022 දෙසැම්බර් 14 වැනිදා අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් අඩවියේ පිටු කියැවීම් ගණන 100,000 ( ලක්ෂය ) පසුකරා. ගණනින් නොව ගුණයෙන් යන්න මම තරයේ අදහන දෙයක් වුණත් ඒ දිරිය සිංහල බ්ලොග් කරුවෙක් විදිහට මට තව ඉදිරි ගමනකට පාර කියනවා. 


 බ්ලොග් එකක් ලියන්න හිතුණු හැටි.

සිංහල බ්ලොග් එකක් ලියන්න මට හිතුනෙ අහම්බෙන්. 2017 නොවැම්බර් මාසෙ සවන අන්තර්ජාල රේඩියෝව පටන් ගන්න සුදානම් වෙනකොට ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන් මට වැඩසටහනක් කරන්න ආරාධනා කලා. මගේ අදහස වුනේ රේඩියෝ කෙටිකථා මාලාවක් කරන්න. සිංහල පොත් නැති, සිංහල පත්තර නැති මේ රටේදී වැඩේට කෙටිකථා හොයන එක ලේසි වුනේ නැහැ. බූන්දි වලින් කථා කීපයක් තෝරාගත්තා. නිර්මාණ ශිල්පීන්ගෙන් අවසරය ගත්තා. එහෙම කියවද්දී බස්සීගේ නවාතැන වගේම පරිවර්තන කියන බ්ලොග් අඩවි මගේ ඇස ගැටුණා. ඔවුන්ගේ දිගු හරහා තවත් සිංහල බ්ලොග් අඩවි වලට පිවිසුනු මට බොහෝ සටහන් කියවන්නට ලැබුනා . ඉන් මගේ හිතගත් කථා රේඩියෝ මාධ්‍යයට භාවිතා කිරීමට අවසර ඉල්ලා විද්යුත් තැපෑලෙන් යැවූ අවසරයන්ගෙන් ඔවුන්ගේ කථා භාවිතයට අවසර ලැබුනේ බස්සිගේ නවාතැන, තිලක සිත, හැලප කඩේ , පරිවර්තන, මගේ ලෝකය , කට්ටකාඩුව, සිරා ගේ කාමරේ , සොදුරු සිත , Tansylvania, Hot chocolate days  කියන බ්ලොග් අඩවිවලින් . 

මේ දිගුවෙන් දින නැති දිනපොත රේඩියෝ කෙටිකථා වැඩසටහන් 50 ගැන දැන ගන්න පුළුවන්. http://ahasgawwenehalokaya.blogspot.com/2022/05/blog-post_94.html

හැබැයි ඒ කියැවීම් හරහා මටත් බ්ලොග් එකක් ලියන්න ආසාව ඇතිවුණා. යූ ටියුබ් එකෙන් බලලා, අන්තර්ජාලයෙන් විස්තර කියවලා බ්ලොග් එකක් අටවගෙන හා හා පුරා කියල මුලින්ම සටහනක් ලිව්වෙ 2018 ජුනි 2 වැනිදා. ඊට පස්සෙ බ්ලොග් එක නිර්මාණාත්මක වගේම සංවිධානාත්මක විදිහට ඉදිරිපත් කරන්නේ කොහොමද කියල ඉගෙන ගනිමින් මේ වෙනකොට සටහන් 286 ක් අන්තර්ජාලයට එකතු කරලා තියෙනවා.    

අහස් ගව්වෙන් එහා ලෝකය අන්තර්ගතය ....

දේශපාලන, ආගමික වගේම දෙපැත්ත කැපෙන කථා වලින් තොර මගේ සටහන් ඇතුලෙ කවි, ගීත , ළමා ගීත, රේඩියෝ වැඩසටහන් , රූපවාහිනී වැඩසටහන්, චාරිකා සටහන්, කැනඩාවේ විවිධ තොරතුරු,මා රසවිදි චිත්‍රපට සහ වාර්තා වැඩසටහන් ,  සිතුවිලි වගේම විවිධ තේමාවන් යටතේ ලියැවුණු මගේම සටහන් තියෙනවා. ඒ හින්ද අහස ගව්වෙන් එහා ලෝකය හුදෙක් බ්ලොග් සටහනකට එහා ගිය මුද්‍රිත මාධ්‍ය, ශ්‍රව්‍ය,දෘශ්‍ය මාධ්‍යය එකට කැටිකල වින්දන අවකාශයක් විදිහට හදුන්වන්නයි මම කැමති.  

ලන්ඩන් කවි සඟරාවට මා ලියූ කවි ඇතුළුව නිදහසේ මා ලියූ කවි රැසක් මේ පිටු අතරේ තියෙනවා. මේ වනවිට ශ්‍රව්‍ය මාධ්‍යයෙන් නිෂ්පාදනය වූ යූ ටියුබ් අවකාශයේ තිබෙන මා ලියූ ගීත කිහිපයක් වගේම 1990-1993 කාලයේදී පාසැල් සිසුවෙකුව ජාතික රූපවාහිනියේ ළමා ගී සහ උදාර වැඩසටහන් වලට ලියූ ළමා ගී කිහිපයකුත් මේ පිටු අතරෙ තියෙනවා. 

සිංහල බ්ලොග් රචකයින් කිහිප දෙනෙකුගේ කථා ඇතුලත් "දින නැති දිනපොත" රේඩියෝ කෙටිකථා 50 හේ කථා කොටස් සහ යූ ටියුබ් දිගු මේ අතර තියෙනවා. සිසිල  සඟරාවේ සහ දසත පුවත්පතේ පලවූ මගේ කෙටිකථා කිහිපයක්, යාත්‍රා පුවත්පත වෙනුවෙන් ලියැවුණු කැනඩා උරුම ලිපි වගේම කැනඩාවේ, ඇමෙරිකාවේ, යුරෝපයේ රටවල් කිහිපයක විවිධ ප්‍රදේශවල මා කල සංචාර ඇසුරින් දසත පුවත්පතට ලියන සංචාරයක මතකය ලිපි මාලාවේ ලිපි බ්ලොග් ගත කර තිබෙන්නේ ඔබටත් ඉඩක් ලැබුණොත් ඒ තැන් බලන්න යන්නයි.   

රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් කවිය ගැන කරන අමයුරු කවි රස , ගීත රචනා ගැන කරන නොමැකෙන ගී රස , පොත් ගැන කථා කරන පොත් පිටු අතරින්, කැනඩාවේ චාරිකා ගැන කථා කරන ගමනක මතකය වගේම විවිධ වාර්තා වැඩසටහන් සදහා දිගු අහස් ගව්වෙන් එහා ලෝකයේදී හොයාගන්න පුළුවන්.   

 ස්තුතියි ....

මගේ සටහන් කියැවූ ඔබට , ප්‍රතිචාර ලියූ සැමට , තමන්ගේ බ්ලොග් අඩවිවලට මගේ බ්ලොග් දිගුව අමුණා සහය දැක්වූ සැමට , මාතලන්ගේ සින්ඩිය, අටම්පහිය , විගස, සඳකඩ පහන, සිතුවිලි සිත්තම, රටගිය ඇත්තෝ බ්ලොග් සින්ඩිකේටර් මෙහෙයවන නිර්මාණ ශිල්පීන්ට , අහස් ගව්වෙන් එහා ලෝකය මුහුණු පොතේ සාමාජිකයින්ට , අඩයාලම මුහුණු පොතේ ඇඩ්මින් වරයාට, මගේ නිර්මාණ ජනගත කරන්නට වේදිකාවන් තනා දෙන ලන්ඩන් කවියේ සංස්කාරක අනුර හෑගොඩ, දසත සංස්කාරිකා චමරි අබේසිංහ, සිසිල සංස්කාරක රසික සුරියආරච්චි, රූපණ අන්තර්ජාල රූපවාහිනියේ විධායක නිෂ්පාදක වීරා ෆොන්සේකා, සවන ගුවන් විදුලියේ නියමු වසන්ත ලංකාතිලක යන අයට මගේ අවංක ආදර ස්තුතිය හිමිවෙනවා .    

2023 දී ...

  • තවත් වෙනස් කවි රැසක් 
  • යුරෝපයේ සහ කැනඩාවේ තවත් චාරිකා සටහන් 
  • රේඩියෝ කවි පැය , සවන කවි මිණි ආර යූ ටියුබ් දිගු 
  • වෙනස් තේමාවන්ගෙන් යුත් රූපවාහිනී වැඩසටහන් රැසක් 

එක්ක හැම සෙනසුරාදාවකම වෙනස් දෙයක් අරගෙන එන්නම් .

කියවන ඔබටත් , සියළු සිංහල බ්ලොග් රචක රචිකාවින්ටත් නිරෝගීමත්, වාසනාවන්ත අළුත් අවුරුද්දක් වේවා.   

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.







මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නීර්මාණ  එළිය කරාවි.

8 comments:

  1. සුබ නව වසරක්!!

    ReplyDelete
    Replies
    1. ප්‍රා ජේ ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.ඔබටත් නීරෝගිමත් වාසනාවන්ත නව වසරක් වේවා.

      Delete
  2. ලක්ෂය ගැන සතුටුයි. ඒ වගේ ම, තවත් දිග කාලයක් සාර්ථකව බ්ලොග් ලෝකයේ රැඳී සිටීමට සුභ පතනවා...!

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී ඔබේ සුබ පැතුමට ස්තුතියි. මම එදිනෙදා බ්ලොග් සටහන් එකතු නොකලත් පුළුවන් කාලයක් හැම සෙනසුරාදාවකම මතුවෙන විදිහට සටහනක් බ්ලොග් ගත කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. සිංහල බ්ලොග් කරුවන්ට ඔබ දෙන දිරිය අගය කරනවා. ලබන්නාවූ 2023 අවුරුද්ද ඔබට නීරෝගිමත් වාසනාවන්ත නව වසරක් වේවා.

      Delete
  3. Congratulations, Happy New Year...

    ReplyDelete
  4. මගේ උණුසුම් සුබ පැතුම් ඔබට
    ඔබ සහෘදයෙක් බවයි දැනෙන්නේ
    ඔබේ සටහන් කියවන්නේ ආසාවෙන්
    දිගු කලක් මෙහි රැදෙනට වාසනාව ලැබේවා

    ReplyDelete
    Replies
    1. කුමුදු ඔබේ සුහද සුබපැතුමට සහ දිරි ගැන්වීමට බොහොමත්ම ස්තුතියි . ඉදිරියේදී තවත් හරවත් සහ රසවත් ගොනු රැසක් එකතු කරන්න බලාගෙන ඉන්නවා.

      Delete