මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, January 7, 2023

ලක්බිමට අවුරුදු පැතුමක්


පින්බිමයි , මේ බිමයි අපට අගනා 
වන්දනා කරන අයට ජයම ලැබෙනා 
සිත් තනා , මෙත් වඩා පැතුම් පතනා  
සාදු දී වදිනෙමි  මේ මව්බිම බැතිනා 

දවස ගානෙම හත් අට වටයක් යනෙනා 
සිරි දළදාවේ සුදු බුදු  රැස් බලෙනා 
සමන් ගිරෙන් තවත් අළුත් ඉරක් වඩනා 
හැටි බලන්න අපි රොක්වෙමු තුටිනා 

නමුණුකුල ගිරි හිස අහස් කුසම සිබිනා 
සුදු සේල වලා වැනි දියඇලි මවනා 
ඒ දියවර රටක්ම සරු  කරනා 
කෙත් වතු , නෙක තුරු පල බරිනා  
 
රන් වැලි සෑ මළු පිස එන පවනා 
රන්වන් බෝපත් සෙලවෙන සරිනා
ගුණ දම් දළු ලා දුකදුර දුරුකරනා 
නව වසරේ පතනෙමු ජය බැතිනා 

අනුරුද්ධ වැලිගමගේ


















2023 ජනවාරි  මස ලන්ඩන් කවි කලාපයේ පලවිය. 



විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්  මාණ 
එළිය කරාවි. 

2 comments:

  1. එහෙම වෙනවා නම් හොඳයි මේ අවුරුද්දේ වත්

    ReplyDelete
  2. අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . ඔව් ආකල්ප වෙනස් කරගෙන එකිනෙකා දිරියෙන් නැගිටින්න මහන්සි ගත්තොත් එහෙම වේවි . අපි සුබවාදීව එහෙම බලමු.

    ReplyDelete