මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, February 4, 2023

නිම්සි.....

 



කංචන නැගිට්ටෙ හීනෙන් වගේ. ඒත් නැගිටලා බැලුවාම දුරකථනයේ වට්ස්ඇප් තිරයේ මතුවුණු සටහන නම් ඇත්තම ඇත්ත එකක්. ඒත් කංචනට හිතුණේ මේක කොහොම අදහන්න ?” කියල යි.


කංචනගෙ හිත අතීතයට ගියෙ නොදැනීම.


ඒ නිමාලිකා හසන්ති රාජකරුණා එහෙමත් නැත්නම්  නිම්මි කංචනට හමුවුණු ළමුවෙනි දවස.


“ගලෙන්බිදුණුවැව තියෙන්නෙ කොහෙද?” නිම්මි ඇහුවෙ මුණ ගස්සලා.


“උතුරුමැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ” කංචන කියන්න පටන් ගත්තා.


“නවත්තන්න අනේ, කෝලම් නැතුව කියන්නකො” නිම්මි ආයෙමත් ඇහුවා.


“මහවැලි ව්‍යාපාරයේ හුරුළු වැව ජලාශයෙන් දියවර ලබන අපූරු ගොවි ගම්මානයක්!” කංචන කිව්වා.


“ඔය ඉතින්, ඒ පාර වාර්තා චිත්‍රපටියක වගේ, ඇති ඇති නවත්තන්න.” නිම්මි කිව්වෙ තාලෙට වගේ කියලයි කංචනට හිතුණේ.


විශ්වවිද්‍යාලේ ඉවර වෙච්ච ගමන්ම කංචන බොහොම අමාරුවෙන් පෞද්ගලික රුපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය ආයතනයක රස්සාව හොයා ගන්නකොට නිම්මි කලක ඉන් එතැන වැඩ ක පුරුදු රූපවාහිනී වාර්තාකාරිනියක්.


කංචන ගේ ගම ගලෙන්බිදුණුවැව, දුටුවැව. තාත්තා ඉස්කෝලේ මහත්තයෙක්. බොහොම මහන්සියෙන් ගමේ ඉස්කෝලෙන්, අනුරාධපුර සෙන්ට්‍රල් එකෙන් ඉගෙන ගත්ත කංචන අන්තිමේ දී කැලණිය විශ්ව විද්‍යාලයෙන් ජනමාධ්‍යවේදී විශේෂ උපාධිය ලබා ගත්තා. කැම්පස් කාලේ ඉදන්ම ලේක්හවුස් පත්තරවල වැඩ කරපු එක මේ ජොබ් එක හොයා ගන්න උදව් වුණා. දැන් මේ ආයතනයේ වැඩ කරන පතිරගේ මහත්තයා කරපු රෙකමදාරුව වැඩ ළා කියලයි කංචන හිතන්නෙ.


පිළියන්දල පදිංචි වෙලා හිටපු නිම්මි, නුගේගොඩ ප්‍රධාන පාසැලකින් ඉගෙන ගෙන තිබුණේ ඒ ලෙවෙල් වෙනකම් විතරයි. ඉංග්‍රීසි අංශයේ වැඩකරන මාමා හින්දා මේ ආයතනයට ආපු ඇය එක්ක කංචනට හැරෙන්නවත් බැහැ. ඇගේ ඉංග්‍රීසි දැනුම, සමාජ සම්බන්ධතා, ඕනෙම කෙනෙක් එක්ක ඉක්මනින් මිතුරු වෙන්න ඇයට තිබුණු විශේෂ දක්ෂතා. හ්ම්ම්, ලියන්න ගියොත් ලැයිස්තුව දිගයි.


“ඒයි, මං හෙට පාර්ලිමන්ට් යනවා, සංගීත් අයියා කිව්වා ඔයාව පුරුදු කරන්න කියලා” ඒ නිම්මිගේ පුරුදු කතා විලාය.


“හරියට උදේ අටට මම කෘ (crew) එකත් එක්ක බෝඩිම ගාව. රෑ තිස්සෙ කවි ලිය ලිය ඉන්නෙ නැතුව වෙලාවට රෙඩි වෙලා ඉන්න ඕන හොදේ!” කොහෙද කංචන කථා කරන්නෙ. නිම්මි ඔක්කොම කියල ඉවරයි.



නිවුස් රූම් එකේ අය කියන්නෙ එයා සීයට අසුවක්, අපි සීයට විස්සක් කියලා. ඒ තරමටම කියෝනවා.


නිම්මිට තිබ්බෙ රට යන්න පුදුම උවමනාවක්.


“අපි බැලා කැනඩාවට යමු ද? හරිම ලස්සන රටක්. ඔයාට ස්පෙෂල් (special) එකක් තියෙන හින්ද ලේසියෙන්ම පී ආර් (PR) ගන්න පුළුවන්” නිම්මි අන්තර්ජාලයෙන් කැනඩාවෙ රොකී කදුවැටියේ ලස්සන තැන් පෙන්නනවා.


“මේ බලන්න ලෝකෙ ජීවත්වෙන්න හොදම නගර දහයෙන් දෙකක් කැනඩාවේ. මම කැමති වැන්කුවර් වලට. පැසිෆික් සාගරයට මුහුණලා තියෙන ලස්සන ටවුමක්” නිම්මි කියන්නෙ තුරුලු වෙලා.


“මම එහෙම කරන්නෙ කොහොමද නිම්මි? පොඩි මල්ලි තාම ඒ ලෙවෙල් කරනවා. නංගි කැම්පස් එකේ තුන්වෙනි අවුරුද්දෙ. තාත්තට තනියම ඔය වියදම් දරාගන්න බෑනේ!


කංචන එහෙම කියනකොට නිම්මි කියන්නෙ. “ඔය ඔක්කොම සසරින් එතෙර කරවලා එනකොට අපි නාකි වෙලා ඉඳීවි” කියල.


විදෙස් පුවත් ගැන විශේෂ දක්ෂතාවයක් තිබුණු හින්ද වෙනත් ටීවී චැනල් එකක ජොබ් එකක් හම්බ වෙලා නිම්මි එතනට ගියේ ඔය අතරේ.


මුලින් මුලින් ටික ටික කතාබහ කත්, ඊට පස්සේ නිම්මි කංචන එක්ක වැඩි ගනුදෙනුවක් තිබ්බෙ නැහැ.


මෙන්න ඊට මාස හයකට විතර පස්සෙ කංචනට ආරංචි වෙනව නිම්මි වැන්කුවර්වල කියලා!


“ඒජන්සි එකකින් කැම්පස් එකක කෝස් එකක් කරන්න ගිහින්” ඔත්තුව දුන්නෙ අපර්ණා.

“තව, තව,” කංචන ඇහුවෙ උනන්දුවෙන්.


“අපියැ තුරුලු කරගෙන හිටියේ. කෝල් එකක් දාල බලන්නකො. හැබැයි පැය දහයක් වෙනස්!” අපර්ණා කිව්වෙ ඉරිසියාවෙන් වගේ.



කංචන ගේ ඇමතුම් වලට නිම්මිගෙන් උත්තරයක් නැහැ. කංචනට මතක් වුණේ චාරු.

චාරුණි, කංචන ගේ බැච් මේට්. බැලා හිටියේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්. ජීවත් වුණේ වැන්කුවර් කිට්ටුව සරේ නගරේ.


කංචන දැන් මාස ගණනක් ඇහුවත් නිම්මි ගැන කිසිම හෝඩුවාවක් ලැබුණේ නැහැ.


“යකෝ, බැපු මිනිහ වගේ නේ. උට ඔච්චර කැක්කුමක් තිබ්බ නම් බැලා එන්න තිබ්බනෙ” චාරු ගේ කථාවට කංචනට උත්තරයක් නැහැ.


“ඒකත් ඇත්ත තමයි. ඒත් මට තියෙන ප්‍රශ්න චාරුට තේරෙන්නෙ නැහැ නේ!


“කැනඩාව කියන්නෙ පොඩි රටක් යැ? බ්‍රිටිෂ් කොලොම්බියාව විතරක් පැය පහක් හයක් දුරයි. චාරු දුර ප්‍රමාණය කියන්නෙ අධිවේගී මාර්ගයේ වාහනයක් ධාවනය කරන්න ගතවෙන කාලයෙන්.


රෑට දාඩිය දැනුණු හින්ද ඇරලා තිබුණු බෝඩිමේ ජනේලය එකපාරටම වැහුණේ “දඩස්” ගාල. ජනේලේ ගාවට ගියාම වැහි වලාකුළුවලින් මුළු අහසම වැහිලා තිබුණා.


චාරු එවපු වට්ස්ඇප් සටහනේ තිබුණේ වැන්කුවර් නගරයේ පළවෙන ඉංග්‍රීසි පුවත්පතක වාර්තාවක්.


“නිම්සි” මාස හතරක් තිස්සේ ලිංගික අපයෝජනය සදහා “MATS” කල්ලිය භාවිතා කල සංක්‍රමණික කාන්තාවක්.


කැම්ලූප්ස්, කෙලොව්නා නගරවල විවිධ හෝටල් සහ තැබෑරුම් ආශ්‍රිතව ලිංගික ශ්‍රමික (Escort) සේවය සැපයූ කාන්තාවන් පහළොස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක කෙනෙක්.


අවුරුදු දහසය සහ තිහ වයස් කාණ්ඩවල විවිධ ජාතීන්ට අයත් කාන්තාවන් රැසක් මේ කණඩායමේ ඉන්නවා. ප්‍රමුඛ පෙළේ කැනේඩියානු වාණිජ බැංකුවකින් ලැබුණු තොරතුරු වලට අනුව කරුණු සොයමින් සිටි කැනේඩියානු රාජකීය මිලිටරි පොලිසියට ඇගේ ම සිරුර හමුවී තිබුණේ කැම්ලූප්ස් නගරයේ කුඩා හෝටලයක කාමරයකින්.


කංචන ආයෙමත් වට්සැප් පණිවුඩය දිහා බැලුවා.


“මේ විස්තරෙන් ඔයා පුදුම වේවි!” චාරු වට්ස්ඇප් එකේ වෙබ් දිගුව අමුලා ලියල තිබුණෙ එහෙම.


“නෑ චාරු, මට කලින්ම හිතුණා නිම්මි යන වේගෙ වැඩියි කියලා. මම කී වතාවක් ඔය ටික නිම්මිට තේරුම් කරන්න උත්සාහ කළා ?


පිළිතුර ටයිප් කළ කංචන ෆෝන් එක පැත්තක තියලා දිග හුස්මක් ගත්තා.


- අනුරුද්ධ වැලිගමගේ [anuruddhawe@yahoo.com]






මේ කතාව මා ලද අත්දැකීම් රැසක  නොස්ටැල්ජියානු මතකයන් ඇසුරින් නිමැවුණු පරිකල්පනයකි. 

මගේ කතාව සංස්කරණය කොට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පලවන සිසිල   2023 පෙබරවාරි  මස කලාපයට එක් කලේ එහි සංස්කාරක රසික සුරියආරච්චි විසිනි.
 ( බ්ලොග් රචක - රසිකොලොජි ) 


හරබර විවිධ අංග ඇතුලත් සම්පුර්ණ කලාප ලබාගැනීම සදහා 
sisila.sangarawa@gmail.com ලිපිනයට
ඊ-මේලයක් යවන්න. 





සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න.ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්  මාණ  එළිය කරාවි.


12 comments:

  1. Replies
    1. ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . ආයෙමත් ලස්සන කවි දකින්න බලාගෙන ඉන්නවා.

      Delete
  2. හොඳ කතාවක්. අපට වැඩිපුරම ඕවගේ දේ ඇහෙන්නේ මොල්දෝව පැත්තෙන්

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . ඔබේ අත්දැකීම් අනුව ඒ ගැනත් සටහනක් හෝ නිර්මාණයක් කරන්න .

      Delete
  3. අපූරු කතාවක්.....කියවන්න ටිකක් පහුවුනා

    ReplyDelete
    Replies
    1. කුමුදු ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි .

      Delete
  4. Replies
    1. අරූ ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි .

      Delete
  5. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6ක් ගත වූ අතර එය ඉතා භයානක වූයේ මගේ ස්වාමිපුරුෂයා ඇත්තටම මාව රවටා දික්කසාද වීමට උත්සාහ කරමින් සිටි නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට උදව් කර ඇති ආකාරය සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කරන්න. සහ ඔවුන්ගේ සම්බන්ධතාවය තුළ මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ මගේ නඩුවට ඔහු මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද, දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +2349037545183  ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් ගෙන දේ. සහ පරිපූර්ණ වේ
    1 ආදර අක්ෂර වින්‍යාසය
    2 නැවත ජය
    3 ගර්භාෂයේ ඵල
    4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
    5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
    6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
    7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
    8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය

    ReplyDelete