මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, July 13, 2024

යූ ටියුබය හරහා සිංහලෙන් මා බලන වැඩසටහන් කිහිපයක්





මීට පෙර youtube  හරහා මා බලන වැඩසටහන් ගැන  ලියූ සටහනට ඇතුළත් කර තිබුණේ ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රචාරය වන වැඩසටහන් කිහිපයක්. ඒ නිසා  මෙවර සිංහල බසින් youtube අවකාශය තුල තිබෙන වැඩසටහන් හෝ නාලිකා කිහිපයක් ගැන ලියන්නට සිතුනා. මෙහි සඳහන් කරන යොමු හරහා මම ඒ වැඩසටහන් බලන බව සඳහන් වෙතත් , ඒවායේ හිමිකරුවන්ගේ දර්ශනය හෝ මතවාදය ප්‍රචලිත කිරීමට මා පෞද්ගලිකව දායකත්වය නොදක්වන බව සඳහන් කරන්නේ ඒවා වෙනුවෙන් අනවශ්‍ය වාද විවාද වලට පැටලීමට අවශ්‍ය නොවන බව සඳහන් කරමින් . තම තමන්ගේ අරමුණු සහ අවධානය කෙසේ වෙතත් එම නිර්මාණ හරහා සමාජය සහ පුද්ගල චින්තන පරාසය සුබවාදී කිරීම වෙනුවෙන් එම නිර්මාණකරුවන් කරන කැපවීම සහ ප්‍රේක්ෂක දැනුවත් කිරීම් , සිංහල මාධ්‍යයෙන්  තම තමන්ගේ දැනුම් වපසිරිය වඩවා ගන්නට මහත්  රුකුලක් වන බව කියන්නට කැමතියි.



උපුල් ශාන්ත සන්නස්ගලගේ විවිධ වැඩසටහන් 



ඉතා ආකර්ශනීය ඉදිරිපත් කිරීමක් සහ බස හැසිරවීමක් කරන උපුල් සර්ගේ නිර්මාණ ගැන ඔහුගේ සිසුවෙක් නොවූවත් මා තුළ ඒ කාලයේ පටන් තිබුණේ මහත් ඇල්මක්. අපූර්වත්වයෙන් සහ බියෙන් සැකෙන් තොරව , රාමුගත නොවී යමක් ඉදිරිපත් කරන ඔහුගේ වැඩසටහන් මහත්  ආසාවෙන් බලන්නේ ඒ නිසා.  ඒ වැඩසටහනට තුළදී ඔහු කරන සමහර ප්‍රකාශ හෝ අදහස් වලට මා සියයට සියයක්ම එකඟ නැතත් ඒවා තුළින් සමාජයේ විවිධ පැතිකඩ නිරූපණය වන බව මට හිතෙනවා. youtube චැනලයන් පටන් ගත් දා  පටන් ඔහු කළ නිර්මාණ තුළින් කාලීන වැදගත් අංශ , නව සමාජ විපර්යාස මෙන්ම ඉතිහාසය සංචාරය සහ විප්‍රවාසී සමාජය දෙස බැලෙන කෝණය හරි පුළුල් එකක් බව මගේ අදහසයි.



යූ ටියුබයෙන් හොයන්න පාවිච්චි කරන්න පුළුවන් නම සහ වැඩසටහනක දිගුවක්.









 කාරිගෙ  චැනල් එක




ධර්ම ශ්‍රී කාරියවසම්ගේ කාරිගෙ චැනල් එක ලංකාවේ දේශපාලනය පිළිබඳව පාට පක්ෂ කණ්ණාඩිවලින් තොරව බැලිය හැකි සාක්‍ෂි ඇතිව මහත්  වෙහෙසකින් යුතුව කෙරෙන විශ්වසනීයත්වය ඇති වැඩසටහන් පෙලක් ලෙස මට හිතෙනවා. මා දන්නා ඉතිහාසයේ පැහැදිලි සටහන් නොමැති සිදුවීම් සහිත කරුණු පිළිබඳව තහවුරු කරන ලද සාක්ෂි සටහන් සහිතව ඔහු ඉදිරිපත් කරන කාරණා බොහෝ තාර්කිකයි. ඒ වගේම අප නොහිතන පරිද්දෙන් අතීතයේ ලංකාවේ සිදුවූ භූ දේශපාලනික කාරණා අද පවතින තත්වයට රට පත්වීමට පාර කැපූ ආකාරය ඒ වැඩසටහන් සියල්ලම බැලුවා නම් ඔබට පැහැදිලි වේවි. 



යූ ටියුබයෙන් හොයන්න පාවිච්චි කරන්න පුළුවන් නම සහ වැඩසටහනක දිගුවක්.






විශ්ම ලෝකය



අන්තර්ජාලය  අසීමිතව පාවිච්චියට පහසුකම් තිබුණත් ඒ තුළ තිබෙන අනන්ත තොරතුරු අතරින් වැදගත් දේ පෙරා ඉදිරිපත් කරන වැඩසටහන් පෙලක් විදියට මම විශ්ම  ලෝකය දකිනවා. ඉංග්‍රීසියෙන් ලෝකයේ විවිධ ප්‍රමුඛ පෙළේ වාර්තා වැඩසටහන් නිපදවන ආයතනවලින් කරන ලද වැඩසටහන් විශාල ගණනක් රස විඳ තිබුණත් පොදුවේ සිංහල බස හසුරවන අයට ලෝකය විවර කර දෙන්නට විශ්ම ලෝකය  කණ්ඩායම දරන මහන්සිය අගය කරන්නට කැමතියි.  



යූ ටියුබයෙන් හොයන්න පාවිච්චි කරන්න පුළුවන් නම සහ වැඩසටහනක දිගුවක්.







 විදුසර science Watch



 වර්තමාන විදුසර  ප්‍රධාන කතෘ සුනන්ද කරුණාරත්න ඉදිරිපත් කරන අපූරු වැඩසටහන් පෙළක් ලෙස මා මහත් කුතුහලයෙන් මේ වැඩසටහන් බලනවා. අපූරු විද්‍යාත්මක තොරතුරු රැසක් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ වෙනස් හැඩතල ඇතිව  මැනැවින් තෝරා බේරා ඉදිරිපත් කරන මේ වැඩසටහන් සිංහල ප්‍රේක්ෂක ප්‍රජාව තුළින් තවත් අවධානයට ලක්වෙනවා නම් හොඳයි. සුනන්ද ගේ ඉදිරිපත් කිරීමේ ශෛලිය තුල ප්‍රේක්ෂකයා මුල සිට අග දක්වාම අවධානයෙන් ඒ වැඩසටහනට ඇද බැද තබා ගන්නවා. 



යූ ටියුබයෙන් හොයන්න පාවිච්චි කරන්න පුළුවන් නම සහ වැඩසටහනක දිගුවක්. 







Aviocrat



ගුවන් යානා ගැන මම මහත් උනන්දුවෙන් කටයුතු කරන කෙනෙක්. ගුවන් අනතුරු විශ්ලේෂණ තුළින් ගුවන් යානා පිළිබඳ අපේ දැනුම් පරිමාව වැඩිදියුණු වෙනවා. ඉංග්‍රීසි බසින් ඒ ගැන කළ වැඩසටහන් සිය ගණනක් මා නරඹා තිබෙනවා අහම්බෙන් මෑතකදී දකින්නට ලැබුණු මේ චැනලය සිංහල බසින් ගුවන්යානා අනතුරු ගැන පියවරෙන් පියවර කරන කදිම විග්‍රහයක්. ඒ තුළින් තාක්ෂණික තොරතුරු සරල අන්දමින් හිටපු ගුවන් හමුදා ඉංජිනේරු ධනංජය කරුණාරත්න ඉදිරිපත් කරන්නට දරන උත්සාහය අගය කරනවා.  



යූ ටියුබයෙන් හොයන්න පාවිච්චි කරන්න පුළුවන් නම සහ වැඩසටහනක දිගුවක්.







අනුරුද්ධ වැලිගමගේ


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.



9 comments:

  1. මම නම් ගොඩක්ම ආස ඩාවුඩ් අකුන්සදාඩ් ගේ ට්‍රැවල් චැනල් එකට
    ඊට අමතරව සමබිම පක්ශයේ චැනල් එකෙන් ගොඩක් දේශපාලනික කරුනු ඉගෙන ගන්නව

    ReplyDelete
    Replies
    1. ජෝන් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඒ වගේම මේ පැත්තට ගොඩ වුණාටත් ස්තූතියි. ඔබ කියූ චැනල් දෙකම බලලා නැහැ. ඩාවුඩ් අකුන්සදාඩ් ගේ ට්‍රැවල් චැනල් එකේ ලින්ක් එක එවන්න පුළුවන්ද . සමබිම පක්ෂයේ චැනලය නම් හොයා ගත්තා. දීප්ති 90 ගණන් වල කල පත්තරේ නම් බැලුවා. ඒත් ලගදි බැලූ සමහර සංවාද ටිකක් තේරුම් ගන්න අමාරුයි . බලමු.

      Delete
    2. https://www.youtube.com/@Davud_Akh

      දිප්තිලගේ ගොඩක් අදහස්වලට පදනම ව්‍යුහවාදය
      ඒ ගැන ටිකක් අද්‍යයනය කරල හිටියනම් ඒ අදහස් තේරුම්ගන්න පහසුය ි
      ඔය උඩින් තියෙන් ඩාවුඩ්ගේ චැනල් එක

      Delete
    3. මමත් බලන්නේ සමබිම හා දීප්තිගේ චැනල් එක විතරයි. පරණ යාලුවෙකුත් වගේම ඒ අධ්‍යන වලට කැමතියි. ස්තුතියි ඉන්ක් වලට. හෙමිට බලන්න ඕනේ

      Delete
    4. ජෝන් බොහොම ස්තුතියි ලින්ක් එක එව්වාට . බලන්නම් ....

      Delete
  2. යූ ටියුබ් ප්‍රිමියම් දාගත්තට පස්සෙ සිංදුවක් වත් ඇහෙන්නෑ.
    මොන මඟුලක් වෙලාද මංද.

    අර ප්ලේන් චැනල් එක ඇර අනික්ව නං ෆලෝ කරල තියේ. ලොකුවට නෙවී.

    මම පොඩ්කාස්ට් වලට කැමතී. වීඩියෝ දිහ බලං ඉන්න එක එපා වෙනව

    සංවාද.තියන එව්ව නං ඔහෙ පැත්තකිං තියල අහං ඉන්න පුලුවන් නෙ

    ReplyDelete
    Replies
    1. මහේෂ් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. පොඩ් කාස්ට් තමයි අළුත් ට්‍රෙන්ඩ් එක . සන්නා, කාරි චැනල් ගොඩක් වෙලාවට අහන එක තමයි කරන්නෙ.

      Delete
  3. https://www.youtube.com/@thalaya_com
    මේක වෙනම ආතල් එකක්

    ReplyDelete
    Replies
    1. විසුල ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. හොද තොරතුරක් .... බලන්නම්

      Delete