මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, July 6, 2024

සිනාසී දිව එන්න දෝණි ......













සරසවිය ළග ළගයි   දෝණි 

සැරසෙන්න එහි යන්න දෝණි 

වැටකඩුළු නිමක් නැහැ දෝණි 

නොබියවම ජයගන්න දෝණි 


දිරි එඩිය වැඩි වැඩිය    ඕනි 

ඉවසන්න හුරුවෙන්න වේවි 

බර දරන්නත් ඔබට  වේවි 

සැකක් නැහැ ඔබ දිනයි දෝණි 


රට දැයට සම්පතක්   දෝණි 

අපට නුඹ මහමෙරක්  දෝණි

සිනාසී දිව එන්න දෝණි 

සුබපැතුම් , සුබගමන්  දෝණි 


අනුරුද්ධ වැලිගමගේ 


















2024 ජුලි   මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.


විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.





















මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.  

10 comments:

  1. මගේ දෝනි ලාගෙන් එක්කෙනෙක් ඉවරයි දැන් යුනි එක. අනික් කෙනා ඊලඟ අවුරුද්දේ. ඒ කාලයත් නිම වුනා

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඒක නේන්නම් . මේ අවුරුදු දෙකේ දෙන්නම .... තව අවුරුදු කීපයක් ඉන්න වෙනවා

      Delete
  2. කඳුලු ගෑස්, ජල පහර ගැනත් කියලා දෙන්න

    ReplyDelete
    Replies
    1. ලිට්සීකර් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. හොද වෙලාවට මෙහෙ ඒ ප්‍රශ්න නැහැ. අනික සල්ලි දීල ඉගෙන ගන්න හින්ද යම් විරෝධනා වුණත් හරිම සුළු වෙලාවකින් ඉවර වෙනවා.

      Delete
  3. හරිම ලස්සනයි අනුරුද්ධ
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. දුමින්ද ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි

      Delete
  4. ඒත් 'වැට කඩුලු නිමක් නැහැ ' කියනකොට නිතැනින්ම මතක් වෙන්නෙ ශ්‍රී ලංකාවත් එහි අධ්‍යාපනයත්.

    ReplyDelete
    Replies
    1. සරත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . ඔබ හරි. සමහරවිට එහෙම ලියැවෙන්නත් ඇත්තෙ ඒ හින්ද වෙන්න ඇති.

      Delete
  5. සුබ පැතුම්... ඇයට. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි .

      Delete